IMG-LOGO

2024 ඔක්තෝබර් මස 08 වන අඟහරුවාදා


නාමල් රජපක්‍ක්‍ෂ වැට් බද්දට විරුද්ධයි

(යොහාන් භාසුර)

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති වැට් බදු පනතට විරුද්ධ නිසා ඒ සඳහා ඡන්ද විමසන අවස්ථාවට සහභාගි නොවන බවත් බැට් බද්ද පැහැදිලිවම ජනතාවට දරාගත නොහැකි තරම් ඉහළ බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහතා අද (11) පැවසීය.

ඡන්දය විමසන අවස්ථාවට සහභාගි නොවන බව පක්‍ෂය දැනුවත් කළ බව කී රාජපක්‍ෂ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වැට් බදු පනතට ඡන්දය දෙනවාද නැද්ද යන්න අද පස්වරුවේ තීරණය කරනු ඇති බව ද ඒ මහතා කීය.

රටේ බදු ක්‍රමය සරළ වියයුතු යැයි විශ්වාස කරන බවත් බදු කියන කාරණය දේශපාලන වාසියට යොදානොගත යුතු බවත් රාජපක්‍ෂ මහතා පැවසීය.

ජනතාවට දරාගත හැකි බදු ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක විය යුතු යැයි විශ්වාස කරන බවත් බදු කොතරම් වැඩි කළත් බදු ගෙවන ප්‍රමාණය එසේ නැත්නම් බදු ජාලය වැඩිනොකරන්නේ නම් එහි ප්‍රතිලාභය ආණ්ඩුවටත් ජනතාවටවත් නොලැබෙන බවත් ඒ මහතා සඳහන් කළේය.

ජනතාව තාක්‍ෂණයට යොමු නොකර අයි.එම්.එෆ්. එකට ඕන විදියට බදු වැඩි කළත් රටේ ජනතාවගේ ආදායම අඩු වී ජීවත් වෙන්න අපහසු වෙනවා මිස වැඩි කරන බද්දෙන් කිසිඳු සහනයක් නොලැබෙන බව කී රාජපක්‍ෂ මහතා පැවසුවේ මහින්ද රාජපක්‍ෂ සහ ගෝඨාභය රාජපක්‍ෂ ආණ්ඩුවෙන් වැට් එක අඩු කළා යැයි ප්‍රජා අයිතිය අහෝසි කරන තැනට තල්ලු කර ඇති බවත්ය.

බදු අඩු කළ ජනාධිපතිගේ ප්‍රජාඅයිතිය අහෝසි කරන්න ඕන කියලා පෙත්සන් අත්සන් කරන අය බදු වැඩි කළා කියලා පාර්ලිමේන්තුවේ කෑ ගහන බවත් එවැනි තත්වයක් තුළ වැට් බද්දට ඡන්දයට දීමට හැකියාවක් නොමැති බවත් ඒ මහතා වැඩි දුරටත් සඳහන් කළේය. 



අදහස් (23)

නාමල් රජපක්‍ක්‍ෂ වැට් බද්දට විරුද්ධයි

Lal Monday, 11 December 2023 05:11 PM

ඔබලා හොරා කාපුවා අල්ලා ගත්ත නම් බදු ඕනේ නෑ...!

:       1       74

Nimal Monday, 11 December 2023 05:44 PM

මෙයා ඒ ගමන්ම අමුතු තාලෙකට නටනවා...!

:       0       54

achini Monday, 11 December 2023 05:45 PM

විරුද්ධ නම් මගහරින එක නෙවෙයි තියෙන්නේ. විරුද්ධව ඡන්දෙ දෙන එකයි... කවදා මේ මෝඩයා රවටන්න හදන්නේ...!

:       0       74

Sethuhami Monday, 11 December 2023 05:59 PM

නාමල් මහත්තයා විපක්ෂයට ගිහිල්ලාද?

:       1       15

chandima Monday, 11 December 2023 06:09 PM

බද්දට විරුද්ධ නම් විරුද්ධව ඡන්දෙ දෙනවා මිසක් ගෙදර ගිහින් බුදියගෙන ඉඳලා වැඩක් තියෙනවද?

:       0       56

Chamila Fernando Monday, 11 December 2023 06:25 PM

තාත්තාට වඩා හොඳ නළුවෙක් තමයි පුතා... සියලුම ශ්‍රී ලාංකිකයින් හරක් කියලා තමයි මෙයාලා හිතන් ඉන්නේ...!

:       0       146

ගමේ එකාලා Monday, 11 December 2023 06:42 PM

හොර පෙරකදෝරුවා ජනතාව අන්දවන්න හිතුවා මදි. බලයේ හිටපු කාලේ කරපු දේවල් අපි නොදන්නවා නෙවෙයි. ඒ කාලේ බලු කෑම වල මිල අඩුකරලා ජනතාව කනබොන දේටත් බදු අය කෙරුවා...!

:       0       129

චතුර Monday, 11 December 2023 06:45 PM

කපටි රජා... අපි බත්කන හරක් වෙන්න ඕනෑ.. මොවුන්ට රැවටෙන්න.. ලැජ්ජා නැති මිනිස්සු...!

:       0       129

lalindra Monday, 11 December 2023 07:16 PM

දැන් අපි එකට රැවටෙන්න ඕනෑද? තාත්තාගෙයි, බාප්පාගෙයි පක්ශේ වෙන්න නායක විදිහට මෙතුමාට තිබ්බනේ මුළු පක්ශෙම මන්ත්‍රිලා විරුද්ධව ඡන්දෙ දෙන තැනට ගේන්න. ඇඟ බේරාගෙන මිනිස්සු තවත් මෝඩ කරන්න උත්සාහ කරනවා වගේ... මම හිතන්නේ නෑ ඔය ටෙලි නාට්ටි වලට කීප දෙනෙක් ඇරුණුකොට රැවටෙයි කියලා...

:       0       0

අරවින්ද මොනරවිල Monday, 11 December 2023 07:25 PM

විරුද්ධ නම් ඒක ඡන්දයදී ප්‍රකාශ කරන්න ඕනෑ කියලා දන්නේ නැද්ද? එහෙම නොකර එළියට ඇවිල්ලා බොරු බයිලා ගහලා අපිව රවටන්න හිතුවාද? ඔයා ඒකට පක්ෂව ඡන්දය දුන්නු අයටත් වඩා හොරෙක්, තක්කඩියෙක් කියලා අපි දන්නවා.

:       0       0

මහින්ද Monday, 11 December 2023 08:06 PM

නාමල් පුතේ, ඔයා අවංක මිනිහෙක් නම් කළ යුත්තේ විරුද්ධව ඡන්දෙ දීම මිස පැනලා යාම නෙවෙයි. ඔයාගේ කියමනින් පේන්නේ නුඹලාට චන්දෙ දුන්නු අයට කොකා පෙන්වන බවයි. ඒනිසා ඔබට හොඳ ⁣අනාගතයක් තියෙයි... දේශපාලනයේ. කොහොමටත් හොරාකාපු ඒවත් මිනිසුන්ට අමතක නෑනේ... බුදුසරණයි...!

:       0       0

පිටිගල මිලානෝ Monday, 11 December 2023 08:22 PM

මට පේන විදියට මෙයා මාලිමාවත් එයාගේ කියලා ඒකෙනුත් ඡන්දෙ ඉල්ලයි වගේ… මොවුන්ට හොරාකෑම ඒ තරම්ම සාමාන්‍යයි. අධ්‍යාපනෙත් හොරා කෑවා...!

:       0       0

ranjith Monday, 11 December 2023 08:49 PM

මුන් රටක් පාලනය කරන්න දන්නේ නැහැ .දන්නේ පවුල ගොඩගන්න පමණයි

:       0       0

gamini basnayaka Monday, 11 December 2023 08:49 PM

නාමල් නිකන් මිනිස්සු රවට්ටන්න එපා. උඹ විරුද්ද නම් එකතුවෙලා විරුද්දව චන්දේ දිපන්කෝ

:       0       0

Rata Perata Monday, 11 December 2023 09:53 PM

අනේ යනවා ඕයි යන්න සංදර්ශන දාන්නේ නැතුව .හොරකම් කරපු සල්ලි දීලා හිටපන් ඔක්කොටම ඉස්සර වෙලා.උඹලා කරපු වැඩ වලා විපාක තමයි දැන් මේ විඳින්නේ

:       0       0

ඉන්දික Monday, 11 December 2023 10:16 PM

අප්පා චන්දෙ දුන්න පක්ෂව පුතා මොකෝ විරුද්දව. මුන්ගේ ඔක්කොම රගපෑම්

:       0       0

Kirihami Monday, 11 December 2023 10:51 PM

වෙස් මුහුණු බැඳන් ආවට අපි නෑ රැවටෙන්නේ

:       0       0

Perera Monday, 11 December 2023 11:35 PM

මූ සුදනා වෙන්න හදනවා .කොන්දක් තියනවානම් විරුද්ධව චන්දෙ දෙන්න තිබුනා .පොහොට්ටුවේ එවුන්ගේ වැඩි චන්දෙන්නේ සම්මත වෙලා තියෙන්නේ .

:       0       0

විපරමා Tuesday, 12 December 2023 03:03 AM

මහාපරිමාණ හොරකම් වන්චා දූෂණ නාස්තිය කරලා රටම විනාශ කරලා ,නූපන් දරුවන් පවා ලෝකෙටම ණයකාරයෝ කරලා,හොන්දට තිබුනු අපේ රට ලෝකෙටම හිගාකන ජාතියක් බවට පත්කරපු කාලකන්නි දුශිත පවුල් පාලනේ එකෙක් ජනතාව ගොනාට අන්ද්වන්ට හදනවා ?.

:       0       0

නානමල් Tuesday, 12 December 2023 05:45 AM

අයි සීනි බද්ද විතරද ඕනෙ ?

:       0       0

සල්ලි Tuesday, 12 December 2023 08:28 AM

ඔයාට ඉතින් අප්පුච්චාගෙ සල්ලි තියනවා නේ. දැන් ලමයි හදන එකත් නතර කරලා තියෙන්නේ . සල්ලි නෑනේ වියදම වැඩී.

:       0       1

පිටරැටියා Tuesday, 12 December 2023 12:35 PM

මෙයාට තියෙන්නේ වැට් බද්ද ගැන ප්‍රශ්නයක් නෙවෙයි ..ආර්තික ගාතකයා ගේ ප්‍රජා අයිතිය අහෝසිකරන්ඩ කියන එක?

:       0       1

ranjan Tuesday, 12 December 2023 05:56 PM

මෙයා වැට් කියනදේ ගැන දන්නෙත් නැහැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මන්ත්‍රී මුද්දරත් කැන්සල්
2024 ඔක්තෝබර් මස 07 123 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නොමිලේ නිකුත් කර ඇති මුද්දර පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමඟම පාවිච්චි කිරීම තහනම් හෙයින් ඒවා ළඟම තැපැල් කාර්යාලයට


වැඩ බලන පොලිස්පති තනතුර අනුමත කරනවාද? තීරණය හෙට
2024 ඔක්තෝබර් මස 07 522 0

වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත් කෙරුණු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ එම වැඩ බැලීමේ තනතුර අනුමත කිරීමට ජනාධිපතිවරයා එවා ඇති නි


කෝටි 4 මත් සමග ජර්මන් පුරවැසියා නිදොස් කර නිදහස්
2024 ඔක්තෝබර් මස 07 969 0

රුපියල් කෝටි 04ක් වටිනා මනෝවර්ධක පෙති සහ කොකේන් ලඟ තබා ගත් බවට චෝදනා ලැබු ජර්මන් පුරවැසිභාවය හිමි ශ්‍රි ලංකිකයකු විත්තියේ සාක්කි නොකැඳවාම නිදොස් කොට න


මහ මැතිවරණයේදී සමාජ මාධ්‍ය ගැන සොයන්නැයි පැෆරල් ඉල්ලයි
2024 ඔක්තෝබර් මස 07 145 0

මහ මැතිවරණයේදී සමාජ මාධ්‍ය නිසියාකාරව පාවිච්චි කරන්නේදැයි වහාම විපරමක් කරන ලෙස පැෆරල් සංවිධානය මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කරයි.


කොස්තාපල්වරයකුගේ මළසිරුර කාණුවක
2024 ඔක්තෝබර් මස 07 635 0

අධිවේගී මාර්ග සංචාරක රථවාහන කොට්ඨාසයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයෙකුගේ මල සිරුරක් කාණුවක තිබී අද (7) හමු වූ බව පමුණුගම පොලිසිය කියයි


පාස්කු ප්‍රහාරයට සම්බන්ධ අයට ඉක්මනින් දඬුවම් දෙන්න
2024 ඔක්තෝබර් මස 07 740 0

පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධ පිරිස් නීතියේ රැහැනට හසුකරගෙන හැකි ඉක්මනින් එහි වින්දිතයන්ට සාධාරණයක් ඉටු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව ගම්පහ දිස්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39349 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25651 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 341 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1130 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 389 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site