IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


නිමල් ලන්සා මහ පිරිසක් සමඟ කටුනායක

හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ පිළි ගැනීම සඳහා බස්නාහිර පළාත් සභා ඇමැති නිමල් ලන්සා දෙදහසකට ආසන්න පිරිසක් සමඟ කටුනායක ගුවන් තොටට පැමිණි සිටී.

ගුවන්තොපොළේ මගීන් පැමිණෙන පැත්තට යෑමට තමාට අවසර නුදුන්නැයි ඔහු කියයි.

මහජන නියෝජිතයකුට ගුවන් තොටුපොළට ඇතුළු වීමට ඉඩ නොදීම ගැන මානව හිමිකම් නඩුවක් පවරන බව ද ඔහු සඳහන් කරයි.

ගුවන් තොටුපොළ ලොබියට ඇතුළු වන ප්‍රධාන දොරටුව වසා ඇත.

 DSCF4458 DSCF4464 DSCF4465 DSCF4469 DSCF4473 DSCF4476 DSCF4477 DSCF4483 DSCF4487 DSCF4489 DSCF4490 DSCF4492 DSCF4493

 



අදහස් (0)

නිමල් ලන්සා මහ පිරිසක් සමඟ කටුනායක

අතුල Tuesday, 21 April 2015 08:04 AM

නිමල් ලංසා හා බැසිල් ගැන කවර කතා ද ? (ස)

:       0       0

ඉන්දික Tuesday, 21 April 2015 08:12 AM

අනේ මෙහෙමත් මිනිස්සු මෙයාලව පිලිගන්නත් යනවා (ස)

:       0       0

ජා Thursday, 23 April 2015 10:46 AM

කටිටිය බතල ටිකක් ඉන්දුවනම් හොඳයි (ස)

:       0       0

නීල් Tuesday, 21 April 2015 08:36 AM

හිතාගන්න බෑ මොනවද වෙන්නේ කියල. මේ මිනිස්සුන්ට අැයි කවුරුත් මොනවත් කරන නැත්තේ මෙච්චර කොල්ලකලත්. (අ)

:       0       0

සෑම් Tuesday, 21 April 2015 08:38 AM

මැටිපහන, ඔබ කියනදේ හරියටම හරි . රටේ යුද්ධය අවසාන කරපු එකේ ගෞරවය හිටපු ජනපතිතුමා, ආරක්ෂක ලේකම්, ත්‍රිවිධ හමුදා සහ පොලිසියට හිමිවිය යුතුයි. ඒකේ තර්කයක් නැහැ. ඒ ගෞරවය හැමදාම තියාගන්න ඒගොල්ලෝ දැනගන්න ඕනෑ. ඔක්කොම "හොඳ" එක්කෙනුකේ ගිනුමටත්, "නරක" එයා වටේ ඉන්න අයටත් බෙදලා හැමදාම බොරුවෙන් රජකරන්න බැහැ (අ)

:       0       0

බටංගල Tuesday, 21 April 2015 08:41 AM

මහින්ද කියනවා ඉස්සර ගෙදර අවාම බිම වාඩිවෙන මන්ත්‍රීලා වැරදි කරපුවාම බේරපු එක එයා කරපු වැරද්දක් කියල. එතකොට මේ පිළිගන්න බලාගෙන ඉන්න මහත්තයව කුඩු පලහිලව්වකට ගෙදර වටලපු වෙලාවේ එයාව බේරගන්න හිටපු ජනාධිපති ගෙදර ගිහින් බදාගත්තා තාම මතකයි. ඉතින් විමල් කොහොමද කියන්නේ සහෝදර ප්‍රේමය ඉස්මතු වෙන්නේ නැහැ කියල. (බ)

:       0       0

ප්‍රදීප් Tuesday, 21 April 2015 08:44 AM

දැන් ඔක්කොම ගිණුම් ටික හොයන්න බැරිවෙන්න හදල එන්න ඇති (බ)

:       0       0

වසන්ත Tuesday, 21 April 2015 08:50 PM

මහජන නියෝජිත යකුට ගුවන් තොටට ඇතුල්වීමට නොදුන්නයි කියා ඔහු නඩු පවරන්නේ නම් ඒ දවස්වල ඔහුගේ නිවසේ මොනවාද තිබුන කේස් එක නැවත ක්‍රියාත්මක කලයුතුයි. (ස)

:       0       0

දමිත් Tuesday, 21 April 2015 09:13 AM

මෙතුමා නැතුව ලංකාවේ සංවර්ධනය නැවතිලා. අපිට සතුටක් ඔබ තුමා නැවත ආපු එක. (බ)

:       0       0

සමන් Tuesday, 21 April 2015 09:16 AM

එකට වැඩ කරපු අය යන්නම ඕනෙ පිළිගන්න. (බ)

:       0       0

දිනේෂ් Tuesday, 21 April 2015 09:16 AM

ඡන්දෙ පැරදුන ගමන් රට පැන්න අයගෙ මොනවා පිළිගන්නද? (බ)

:       0       0

කපිල Tuesday, 21 April 2015 09:17 AM

එක ජාතියෙ කුරුල්ලෝ එකට ලගී. (බ)

:       0       0

සුමුදු හේවා Tuesday, 21 April 2015 09:18 AM

ජනක ඔයා ඔය ලොකුවට කියවන්නේ සදාචාරයක් නැති හොරු මගේ නමින් තොග පිටින් දමපු ව්‍යාජ අදහස් ගොන්නක් මගෙයි කියලා හිතාගෙනයි. කරුණාකරලා ඒවා ගැන ඔයාගේ ප්‍රතිචාරත් ඒ හොරුන්ට ම භාර දෙන්න. මම ඒවා භාර ගන්නේ නැහැ. (බ)

:       0       0

දසනායක Tuesday, 21 April 2015 09:18 AM

ඇයි මිනිස්සු මෙච්චර නිවට? (බ)

:       0       0

දිල්හානි Tuesday, 21 April 2015 09:19 AM

සෙනග අරගෙන ගියාට කමක් නැහැ සාමාන්‍ය ගුවන් මගීන්ට කරදර නොකර. (බ)

:       0       0

දුලිප් මහානාම Tuesday, 21 April 2015 09:22 AM

යනකොට යන්නේ පැදුරටත් නොකියා. අපේ සමහරු එනකොට යනවා සෙනගත් අරගෙන පිළිගන්න. අනේ මේවා කාටද කියන්නේ? (බ)

:       0       0

සොපී Tuesday, 21 April 2015 09:26 AM

රාජාණ්ඩු කාලේ මානසිකත්වය තාම මෙයාට තියෙන්නේ. ඒකනේ පිරිවර සේනාව රැගෙන පිළිගන්න යන්නේ. (බ)

:       0       0

අබේසිංහ Tuesday, 21 April 2015 09:26 AM

කෝ මේ යහපාලනය? අල්ලස් කොමිසම ඔතනින්ම අල්ල ගත්තනම් නේද හොද? අඩු ගානේ එකෙක් වත් ඉන්නවා කියන්න. ලෝකෙන් කොහෙන් හරි අල්ල ගන්නවා කීවේ . ඔය අාවේ දැන් මොකද සද්ද නැත්තේ? (බ)

:       0       0

ගයාන් පෙරේරා Tuesday, 21 April 2015 09:33 AM

මැටි පහන... ඔබේ නම හා අදහස් සැම අතින්ම ගැලපේ (ම)

:       0       0

දුමින්ද Tuesday, 21 April 2015 10:32 AM

දේශපාලනය යනු සාන්තුවර රංගනයක් නොවේ (ම)

:       0       0

වගීෂ Tuesday, 21 April 2015 10:54 AM

කුඩු පලහිලව්වකට ගෙදර වටලපු කෙනාද මේ? දැන්නේ තේරෙන්නේ මොකාටද එන්න හදන්නෙ කියලා.(බ)

:       0       0

නන්දා Tuesday, 21 April 2015 10:56 AM

ප්‍රදීප්, මම හිතන්නෙත් ඔබට හිතන දේම තමයි (බ)

:       0       0

ලක්ෂාන් Tuesday, 21 April 2015 10:56 AM

ලකුණු දාගන්න ගිහින්ද කොහේද? අනේ කාට කියන්නද? (බ)

:       0       0

කාංචන පෙරේරා Tuesday, 21 April 2015 11:02 AM

මැටිපහන, ඔබ කී දෙය හා මම 100% ක් එකඟයි. මහින්ද බබා වෙනකොට නලවන්න හදන අය, කුඩු රජවරු සාන්තුවරයින් කරන්න හදන අය ආදී රාජපක්ෂලාට තවදුරටත් කඩේ යන හැමෝම පහුගිය දුර්දාන්ත පාලකයින්ගේ බත් ගොට්ටන් ලෙස කිසියම් හෝ වරදානයක් ලබාගත් දීන මිනිසුන් බව කනගාටුවෙන් වුවද පැවසිය යුතුයි. (බ)

:       0       0

ප්‍රදීප් Tuesday, 21 April 2015 11:15 AM

බුදුඅම්මෝ ආයිත් සංවර්ධනය පටන් ගන්න වගේ යන්නේ. (ස)

:       0       0

සුරවීර Tuesday, 21 April 2015 11:19 AM

“මහින්ද රාජපක්ෂ රජයේ ප්‍රභලයකු වූ ඔහු පිළිගැනීමට එම රජයේ සිටි පුද්ගලයන් කිසිවෙක් පැමිණ සිටියේ නැත.“ කියලා මම දැක්කා තව නිවුස් එකක්. (ස)

:       0       0

රසික නුවන් Tuesday, 21 April 2015 11:22 AM

ඔව් ඔව් ඒ පලහිලව්ව තිබුනු කෙනා තමයි මෙයා. (ස)

:       0       0

පාලිත Tuesday, 21 April 2015 11:22 AM

සුමුදු හේවා එකත් එකටම මල් මාලේ දාන්න ගිහින් ඇති. නැති නම් මෙලහකට මෙතන ලියන 10 ක් 15 ක් එක්ක හොට පටලවා ගෙන . (ස)

:       0       0

ගිහාන් Tuesday, 21 April 2015 11:25 AM

අබේසිංහ , නඩු අහන ක්‍රමයක් නීතියක් තිබෙනවා. ඔයගොල්ලන්ගේ ආණ්ඩුවෙන් වගේ කුදලාගෙන ඇදගෙන ගිහින් වැඩ පටන් ගන්න බැහැනේ. (ස)

:       0       0

උමේෂ් Tuesday, 21 April 2015 11:29 AM

සුමුදු හේවායි පිවිතුරු යහපාලයි දෙන්න ළමා සාරි ඇඳගෙන පිළිගැනීමේ ගීතය ගයන්න ගිහිල්ල වෙන්න ඇති . (ස)

:       0       0

කෙවින් Tuesday, 21 April 2015 11:40 AM

උමේෂ්ගෙ කටට සිනි ටිකක් දාන්න හිතෙනවා. මට මේ හිනාව නවත්ත ගන්න බැරුව ඉන්නේ.(ස)

:       0       0

ලසන්ත Tuesday, 21 April 2015 11:42 AM

මහජන නියෝජිත කම පාවිච්චි කරන්නේ එක එක තැන් වලට රිංගන්න විතරයි වගේ මටනම් පේන්නේ. සෙනඟ 2000 ක් අරන් එතනට ගියාම අනික් මිනිසුන්ට මොන තරම් වදයක්ද? සුද්දෝ බලනවා ඇති මේ මොකක්ද මේ විකාරේ කියලා. පස්ස පැත්තෙන් හිනා වෙනවා ඇති. (අ)

:       0       0

කමල් Tuesday, 21 April 2015 11:46 AM

පොඩි පොඩ් ප්‍රශ්න තියෙන අය තමයි මේ වගේ පිලිගැනිම් වලට යන්නේ. එහෙම ගියා කියලා පාඩු නැහැ කියලා අතිත අද්දැකිමි වලින්ම දන්නවා ඇතිනේ. (අ)

:       0       0

මහානාම - කඳාන Tuesday, 21 April 2015 12:39 PM

මෙතුමා ගැන නම් මා අදහස් දක්වන්න යන්නේ නැත . (අ)

:       0       0

මරා Tuesday, 21 April 2015 01:07 PM

අයියෝ මහානාම! අදහස් ටිකක් දාන්නකෝ. මම ඒවා බලන්නමයි ආවේ. (අ)

:       0       0

සොයිසා Tuesday, 21 April 2015 01:23 PM

බැසිල් බලයට අවොත් සමහර අයටනම් පරණ ව්‍යාපාරම ගෙනියන්න පුළුවන් (බ)

:       0       0

සමන්ති Tuesday, 21 April 2015 01:26 PM

ප්‍රවේශපත්‍ර අරන්ද ගියේ ? (ත)

:       0       0

තරංග Wednesday, 22 April 2015 05:20 AM

ආ ඔය ඉන්නේ සෙනඟ! (නි)

:       0       0

සුදත් ලන්ඩන් Tuesday, 21 April 2015 07:36 AM

මහජන නියෝජිතයො පොදු මහජනතාවට කරදර හිරිහැර නොවෙන විධියට වැඩ කරන්න එපැයි. සෙනඟ අරගෙන එයාර්පෝට් ගියාම එතන ඉන්න සාමාන්‍ය ජනයාට මොනතරම් කරදරයක් වෙනවද? පුදුම ජනතා සේවකයෝ තමයි (ස)

:       0       0

දිනාල් Tuesday, 21 April 2015 07:40 AM

මානව හිමිකම් යන්න වෙන දේවල් නැත්නම් හොඳයි. (ස)

:       0       0

ජනක Tuesday, 21 April 2015 07:42 AM

කෝ කෝ කෝ අපේ සුමුදු හේවා ? ඔන්න ගොඩ එන්න නියම චාන්ස් එක. බැසිල් මහතා වැනි ධන කුවේරයෙක් ගැන ආඩම්බරයි කියල සුමුදු මෙතන ලියලා අත ගත්ත විතරයි. මල් මාලයක් අරගෙන ගියා නම් පරම්පරා හතක් ගොඩ ! (ස)

:       0       0

මැටිපහන Tuesday, 21 April 2015 07:43 AM

හොරු ටික තමයි ඉතින් හොරු පිළිගන්න යන්නේ. හොරකම් කිරීමේ ක්‍රියාදාමය කොයි තරම් ගැඹුරට ගිහිල්ලද කියල තේරුම් ගන්න පුළුවන් මේ අය දඟලන විදියට. මට නම් හිතාගන්න බෑ ඇයි තවමත් සමහරුන්ට මේක තේරෙන්නේ නැත්තේ කියල. මේ ආණ්ඩුවට දැවැන්ත ලෙස විරෝදය දක්වන කට්ටිය ගැන කොහොමටත් මහජනයාට ඇති ආකල්පය තමයි ඒ අය හොරුන්ගෙත් හොරු බව. මහින්ද යටතේ හිටපු දැවැන්තයෝ ඔක්කොම හොරකම් කල බව මිනිස්සු දන්නවා. පවුලේ කට්ටියත් හොරකම් කලා කියල මිනිස්සු දන්නවා. හැබැයි කොච්චර වුනත් මහින්ද හොරකම් කලේ නැතිලු. පුදුමාකාර තර්කයක් නේද මේක. මහින්ද පැරදුනේ එයාගේ වටේ හිටපු අය නිසාලු. මෙවැනි බොලඳ, වටේ ඉන්න කට්ටියව පාලනය කරන්න බැරි කෙනෙකුටද ආපහු රට බාරදෙන්න කියන්නේ. (ස)

:       0       0

ඩග්ලස් Tuesday, 21 April 2015 07:50 AM

රටේ තිබෙන නිදහසින් උපරිම ප්‍රයෝජන ගන්න හැටි. අපේ මිනිස්සුන්ට පහුගිය දේවල් ඉතා ඉක්මනින් අමතක වෙලා. ඒ බව දන්නා නිසා ටික කාලයකට මාරුවෙලා දැන් එනවා. අපේ මෝඩයොත් හුරේ දාලා පිළිගන්නවා. ටික දවසකින් මුකුත් වුනේ නැහැ වගේ පාරේ යාවි. අයියෝ අපේ සල්ලි.....!!! (බ)

:       0       0

සිරි Tuesday, 21 April 2015 07:53 AM

අනේ මන්ද කාටද පිස්සු? (බ)

:       0       0

අමිත Tuesday, 21 April 2015 07:59 AM

අනේ මේ පිළිගන්න දඟලන තරමක්. (ස)

:       0       0

අතුල Tuesday, 21 April 2015 08:01 AM

හොරකම් කළ හැමෝටම දඩුවම් කළ යුතුයි. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පහල යාගොඩ අමුතු ඝාතනයක්
2024 සැප්තැම්බර් මස 28 364 0

ගණේමුල්ල පොලිස් වසමට අයත් පහළ යාගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියක පිටුපස ගමන් ගත් අයෙකු පැදි කරුගේ ගෙල කපා අනතුරුව බියට පත්ව ඔහුගේද ගෙල කපාගෙන ජීවිතක්ෂයට


රනිල් නායකත්වයේ සිටිය යුතුයි:ගාල්ල යෝජනා සම්මතයි
2024 සැප්තැම්බර් මස 28 426 0

එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ යුතු බවට වන යෝජනාවක් ගාල්ලේ විශේෂිත එ


ඩඩ්ලිගෙන් පාලන මිලට සහල්
2024 සැප්තැම්බර් මස 28 701 0

බලයට පත් ආණ්ඩුවට සහයෝගයක් වශයෙන් තමා 28 වෙනිද සිට සියලුම සහල් පාලන මිලට ලබාදීමට කටයුතු කරන බව අරලිය සහල් ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.


අපේ පත් කිරීම්වලට අපි වග කියනවා
2024 සැප්තැම්බර් මස 28 547 0

ජාතික ජන බලවේග රජය කරන සියලු පත්කිරීම් සඳහා රජය වග කියන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය මහනුවර දී අද (28) පැවසුවාය.


බෝවතැන්න හිස් කරයි
2024 සැප්තැම්බර් මස 28 384 0

අලුත් වැඩියා කටයුත්තක් සහ නිරීක්‍ෂණ කටයුත්තක් සඳහා බෝතැන්න ජලාශයේ ජලය ඉවත් කරන නිසා අබන් ගඟ දෙපස ජනතාව දැඩි විමසිලිමත් වන ලෙස බෝතැන්න ජලාශ භාර ඉංජිනේ


ප්‍රධාන පක්ෂ බීලි කොකු සෙල්ලමක
2024 සැප්තැම්බර් මස 28 721 0

ඉදිරි මහ මැතිවරණයේදී බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් දිනා ගැනීම සඳහා පොදු සන්ධාන පිහිටුවා ගැනීමට දේශපාලන පක්ෂ නම්මා ගැනීමේ විශේෂ මෙහෙයුමක් එක්සත් ජාතික ප


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37941 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25009 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 237 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 776 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 275 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site