මෛත්‍රිපාල සිරිසේන ජනපතිගේ දින සියයේ වැඩසටහනේ පොරොන්දුවක් පරිදි රටපුරා නොමිලේ වයිෆයි කලාප ඇති කිරීම අරඹමින් අද (30) කොළඹ කොටුව දුම්රිය ස්ථානයේදී අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් වයිෆයි නිදහස් කලාපයක් ආරම්භ කෙරිණි.
විදේශ කටයුතු ඇමැති මංගල සමරවීර, අභ්‍යන්තර ප්‍රවාහන අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර හා විදේශ කටයුතු නියෝජ්‍ය ඇමැති අජිත් පී.පෙරේරා යන මහත්වරුන්ද උත්සවයට එක්වූහ.
කොළඹට අමතරව යාපනය, ගාල්ල, මාතර, පොළොන්නරුව හා රත්නපුර නගරවලද තවත් ස්ථාන විස්සක පමණද නිදහස් වයි ෆයි කලාප ආරම්භ වීමට නියමිතය. පළමු වටයේදී කොළඹ හා යාපනයට නිදහස් වයි ෆයි කලාප ලබාදීම අද ඇරඹුණු අතර රට පුරා සියලු දිස්ත්‍රික්කවල ජනානුපාතය අනුව ඉදිරියේදී මෙම කලාප ඇතිකරන බව රජය කියයි.
ආරම්භයක් ලෙස තත්පරයට කිලෝ බයිට් 512 ක වේගයකින් යුතුව මෙගා බයිට් 100ක සීමාවකට යටත්ව ස්ථාන දහසකදී නිදහස් වයි ෆයි පහසුකම් සැපයේ.
ඉන්දීය හිටපු අගමැති මන්මෝහන් සිං මෙන්ම වත්මන් අගමැති නරේන්ද්‍ර මෝදි ද නව තාක්ෂණය සම්බන්ධයෙන් දැඩි ප්‍රායෝගික උනන්දුවක් දක්වති.
ඡායාරූප - ශාන්ත රත්නායක
අද (29) සිට පෘථිවියට නව සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වෙනු ඇති බවට තාරකා විද්‍යාඥයෝ පැහැදිලි කරති. මෙම නව සඳ කුඩා ග්‍රහකයකි.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස සනත් ජයසූරිය මහතා වසර කාලයක් සඳහා පත්කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.
මුහුණු ආවරණය කරගෙන යතුරුපැදි දෙකකින් පැමිණි හතර දෙනකුගෙන් යුත් කඩු කල්ලියක් යාපනය, මනියම්තෝට්ටේ ප්‍රදේශයේදී බස් හිමියකු කඩුවලින් කපා කොටා පලාගොස් ඇ
ජනපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දුන් සියලු බලවේග ඒකරාශී කර ගනිමින් ඒකාබද්ධ පුළුල් සන්ධානයක් හදා මහ මැතිවරණයේදී ප්‍රබල විපක්ෂයක් ගොඩනඟන බ
ප්‍රභූ ආරක්ෂාව සදහා යොදවා සිටි පොලිස් නිලධාරීන් 1000 කට වැඩි පිරිසක් දිවයිනපුරා පිහිටි පොලිස් ස්ථානවලට තව දින දෙක තුනක් ඇතුළත අනුයුක්ත කරන බව පොලිස් මූල
පෙර පාසල් යාම ප්‍රතික්ෂේප කළ බව කියන පස් හැවිරිදි දැරියකට හැන්දක් රත්කොට ශරීරයේ හතර පොලක් පිලිස්සු බව කියන මවක මහනුවර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්යංශය ම
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
නොමිලේ වයිෆයි කොළඹ කොටුවෙන්
නිලන්ත අබේසිංහ Tuesday, 31 March 2015 03:28 AM
ඉතිහාසය වෙනස් කල යෝධ පියවරක් , තොරතුරු තාක්ෂණ යටිතල පහසුකම් වල සංවර්ධනය මෙසේ සිදුවනවා වගේම එහි භාවිතය පිළිබද මානව සම්පත් ජාලගත කිරීම හා ඔවුනගේ ආකල්පමය වෙනසක් ඇති කල යුතුය. (ස)