IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


නොමිලේ වයි ෆයි ජනප්‍රියවේ

නොමිලේ අන්තර්ජාල පහසුකම් සපයන ‘වයිෆයි‘ කලාප සක්‍රිය කළ මාර්තු 30 වැනිදා සිට දින පහකදී ග්‍රාහකයින් 1693 දෙනකු එහි ප්‍රතිලාබ හිමිකර ගත් බවට දත්ත ලැබී ඇතැයි තොරතුරු තාක්ෂණ සන්නිවේදන නියෝජිතායතනයේ වැඩසටහන් කළමනාකාර ගවෂ්කාර් සුබ්‍රමනියම් මහතා පැවසීය.

රටපුරා සක්‍රිය කළ වයිෆයි කලාප විසිහයෙන් මෙම දත්ත ලැබී ඇත. මේ අය මෙගා බයිට් 41,701 ක් පරිහරණය කර ඇත.

යාපනය පුස්තකාල පරිශ්‍රයේදී පනස්දෙනකු වයිෆයි ප්‍රතිලාභය ලබා ඇත. වයිෆයි කලාප වැඩිම සංඛ්‍යාවකින් ප්‍රතිලාභ ලබාගෙන ඇත්තේ කොළඹ ප්‍රදේශයේ ජනතාව බවටත් හෙළිදරව් වී ඇත.

මාර්තු 30 දා කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී ප්‍රථම වයිෆයි කලාපය සක්‍රිය කළේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාය.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ දින සියයේ වැඩසටහනේ පොරොන්දුවක් ඉටු කිරීමක් ලෙස වයිෆයි කලාප සක්‍රිය කෙරුණි. තවත් වයිෆයි කලාප දහසක් අගෝස්තු මාසය තුළදී සක්‍රිය කිරීමට ක්‍රියාකරගෙන යයි. 



අදහස් (0)

නොමිලේ වයි ෆයි ජනප්‍රියවේ

පිවිතුරු යහපාල Thursday, 09 April 2015 09:11 AM

නිකන් හම්බ වෙන අශ්වයාගේ දත් ගනින්න එපා කියලා කතාවක් තියෙනවානේ (දිල්)

:       0       0

ගයාන් Sunday, 19 April 2015 02:38 PM

මම ඉන්නේ කුරුණෑගල මෙහෙටත් වයි.ෆයි තියෙනවද? (බ)

:       0       0

දයාල් Thursday, 09 April 2015 05:49 PM

ලාබය රුපියල් පහයි කියලා ගණන් හදපු අයට වයිෆයි වලින් අන්තර්ජාලයේ යනකොට බැටරි බලය ඉතුරු වෙනවා කියලා ගණන් හදන්න අමතකවෙලා (නි)

:       0       0

සජී Thursday, 09 April 2015 10:12 AM

විනාඩි 15ක් 20ක් යනකොට මාසෙටම දීපු 100 mb ඉවරවෙනවා.. මේ හම්බවෙන ප්‍රමාණය මාසෙන් බෙදුවහම දවසට 3.5 mb එකෙන් කරන්න පුළුවන් මොනවාද කියලා හිතලා බලන්න.. (ම)

:       0       0

ලොකුගේ Friday, 10 April 2015 11:41 AM

මෙගාබයිට් 40000 ක් කියන්නේ ගිගාබයිට් 40ක් විතර. ගිගාබයිට් 1කට රු.100ක් දැම්මොත් රු 4000ක් ආණ්ඩුවේ වියදම? (නි)

:       0       0

වජිර Thursday, 09 April 2015 10:20 PM

හොඳදේට හොඳයි කියන්න පුරුදුවෙමු. (නි)

:       0       0

ළදරුවා Thursday, 09 April 2015 11:23 AM

ගිගාබයිට් 40ද තාම පාවිච්චි කරල තියෙන්නෙ? අනේ දෙයියනේ (ස)

:       0       0

උපුල් Thursday, 09 April 2015 11:53 PM

වයි ෆයි කියන්නේ මට නම් මහ ලොකු දෙයක් නෙමෙයි. මෙගාබයිට් 100කින් මොනවා කරන්නද? (නි)

:       0       0

දිසානායක Thursday, 09 April 2015 05:11 AM

මෙව්වා තමයි යහපාලනේ කියන්නෙ...(බ)

:       0       0

ඈන් Thursday, 09 April 2015 05:25 AM

දැන් ඉතින් දෙමව්පියන්ට ලමයින්ව රට වටේ හොයන්න යන්න ඔින වෙන්නේ නෑ. ඉන්න තැන දන්නවා. ගෙදරට වැඩි ගාණක් ගෙවලා ඉන්ටනෙට් ගන්න ඔීනත් නෑ.(දිල්)

:       0       0

චිරාන් Thursday, 09 April 2015 05:31 AM

එක් අයෙකු සාමාන්‍ය පාවිච් කරන්නේ MB 25ක් විතර. ලංකාවෙ MB එකක් සත 20 යි.ඒ අනුව ඒක පුද්ගල ප්‍රතිලාභය රුපියල් 5 යි.(දිල්)

:       0       0

අසංක Thursday, 09 April 2015 05:41 AM

චිරාන් ඒ ජීපීආර්එස් තියෙන කාලේ මෙගා බයිට් 100 ත් මදි (බ)

:       0       0

වීකී Thursday, 09 April 2015 05:47 AM

වයි ෆයි භාවිතය පිළිබද දැනුවත් කිරීමකුත් අවශ්‍ය වෙයි. බ්ලොග් කියවන, පොතපත හැදෑරීම, නිර්මාණකරණය, ගවේෂණය වගේ දේවල් ගැන දැනුවත් කරන එකෙන් ලොකු වැඩක් වෙයි රටටම. (නි)

:       0       0

නවාංජන Thursday, 09 April 2015 05:52 AM

දියුණුවෙමින් යන ලෝකයක මෙවන් දේවල් අත්‍යවශ්‍යයි (නි)

:       0       0

ගිහාන් Thursday, 09 April 2015 05:52 AM

දැන් බැරියැ පිවිතුරු යහපාලට සහ සුමුදු හේවාට ආණ්ඩුවට පලුයන්න බනින වැඩේ ආණ්ඩුවේ උදව්වෙන්ම කොටුවේ ස්ටේෂන් එකේ දවසම නැවතිලා හරි ලේසියෙන්ම කරන්න. (නි)

:       0       0

නාමල් Thursday, 09 April 2015 06:02 AM

වේගයෙන් ඉදිරියට යන තාක්ෂණයත් සමඟ අපද ඉදිරියට යායුතුයි (නි)

:       0       0

ජයකුමාර් Thursday, 09 April 2015 06:02 AM

21 වන ශතවර්ෂයට අප රැගෙන ගියාට පළමුව අපි අපේ රජයට ස්තූතිවන්ත වියයුතුයි (නි)

:       0       0

මොහොමඩ් Thursday, 09 April 2015 06:39 AM

උද්ඝෝෂණ කරන කට්ටියට වාසි ජනතා විමුක්ති පෙරමුණට කොටුව ඉස්ටෂ්න් හෙකේ නතර වෙන්න පුළුවන් දැන්..(ම)

:       0       0

ජූඩ් මෙන්ඩිස් Thursday, 09 April 2015 06:45 AM

වයි ෆයි බලාගෙනම ඉඳපල්ලා (බ)

:       0       0

සමීර Thursday, 09 April 2015 06:49 AM

ඉන්ටර්නෙට්,වයිෆයි මේ පහසුකම් කොයි තරම් තිබුනත් මේවා භාවිතා කිරිමෙදී ආකල්පමය වශයෙන් දියුණුවක් හා දැනුවත් වීමක් තිබිය යුතුයි.(බ)

:       0       0

සුනිල් ගිකියන්ගේ Thursday, 09 April 2015 07:01 AM

මට නොමිලේ එපා. සල්ලිවලට ADSL හරි 4 G සම්බන්ධතාවක් හරි දෙන්න. මම ඉන්නේ අනුරාධපුර පූජා නගරේ.මට සල්ලි දීලවත් මේ සම්බන්ධතාවක් ගන්න බැහැ. ඒ පහසුකම් නැති නිසා. මේ නිසයි මේවා සංවර්ධනය කළ යුත්තේ. මිනිස්සු නොමිලේ ඉන්ටර්නෙට් ඉල්ලුවෙ නැහැ. නොමිලේ දිය යුතුත් නැහැ. (බ)

:       0       0

ටානියා Thursday, 09 April 2015 07:05 AM

යහපත්දේට යොදාගන්නවා නම් කවදාවත් අවැඩක් වෙන්නෙ නැහැ (නි)

:       0       0

සමිර Thursday, 09 April 2015 07:12 AM

අද සමාජයේ යහපත් දේ අයහපත් දේ හඳුනාගන්න බැරි කට්ටියකුත් ඉන්නවා. (නි)

:       0       0

නිරෝෂ් Thursday, 09 April 2015 07:31 AM

නොමිලේ දෙනවා නම් ඉතින් අපේ අයට මොනවා වුණත් කමක් නැහැනේ! (නි)

:       0       0

විජයබාහු Thursday, 09 April 2015 07:39 AM

මම හිතන්නේ නැහැ ඕක කළ කිසිකෙනෙක් 'හැකර්ලා' ගැන කල්පනා කරන්න ඇති කියලා (නි)

:       0       0

තුෂාර් Thursday, 09 April 2015 03:21 PM

100 මදි දවසට මෙච්චරයි වියදම මෙච්චරයි කියන එක නෙමෙයි වැදගත් ආරම්භය තමයි වැදගත් කිසිම කෙනෙක් ඉපදුන ගමන් ඇවිද්දේ නැහැ නේද ටිකෙන් ටික දියුණු වෙයි ලංකාවටම විදුලි බලය එක පාර දුන්නේ නැහැනේ වසර ගානක් ගිය‍ෙනේද ඒ වගේ කාලයක් යාවි.(ස)

:       0       0

සමිර Thursday, 09 April 2015 07:57 AM

නොමිලේ......... එකනම් සහතික ඇත්ත.(ම)

:       0       0

නිෂාද් Thursday, 09 April 2015 08:19 AM

නිකන් දෙනවනම් ඔලුව කැක්කුම හරි කමක් නැහැ ගන්ටයි කියලා තියෙනවනේ. (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉරානයේ දින 5 ක ශෝක කාලයක්
2024 සැප්තැම්බර් මස 29 10 0

ලෙබනන් හිස්බුල්ලා නායක නසරැල්ලාගේ අභාවය හේතුවෙන් දින පහක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කිරීමට ඉරාන උත්තරීතර නායක අල් කමේනී කටයුතු කර ඇත.


ඊශ්‍රායලයට සමාව දෙන්න බෑ - ඉරාන ජනපති
2024 සැප්තැම්බර් මස 29 44 0

ලෙබනන් හිස්බුල්ලා නායක හසන් නසරැල්ලා ඝාතනය ඉරානයට එල්ල වූ අතුල් පහරක් බවත්, නසරැල්ලා ඝාතනය සම්බන්ධයෙන් ඊශ්‍රායලයට වන්දි ගෙවීමට සිදුවනු ඇති බවත් ඉරාන


හිස්බුල්ලා නව නායකයා කවුද?
2024 සැප්තැම්බර් මස 29 81 0

ලෙබනන් හිස්බුල්ලා නායක නසරැල්ලා ඊශ්‍රායල හමුදාව විසින් ඝාතනය වීමෙන් පසු, හිස්බුල්ලා සංවිධානයට නව නායකයකු පත් කර ගැනීම සම්බන්ධයෙන් මේ වනවිට සාකච්ඡා ප


ඊශ්‍රායලය කළ දේ හරි - බයිඩන්
2024 සැප්තැම්බර් මස 29 202 0

ඊශ්‍රායලයේ මිතුරා මෙන්ම ලෝක බලවතා ද වන ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, නසරැල්ලා ඝතනය සම්බන්ධයෙන් ප්‍රසාදය පළ කරමින්, ඊශ්‍රායලයට සහාය දක්වමින් අදහස් පළ කර


උහන වන සංහාරයක්
2024 සැප්තැම්බර් මස 29 159 0

අම්පාර උහන සමන්ගල සහ බංඩාරදුව ආසන්නයේ වනසංරක්ෂණ දෙපාර්තතමේන්තුවේ රක්ෂිත වනාන්තරය මහා පරිමාණයෙන් විනාශ කරන බව ප්‍රදේවාසිහු පවසති.


නසරැල්ලා මරන්න අණ දුන්නේ මම
2024 සැප්තැම්බර් මස 29 457 0

දරුණු ත්‍රස්තවාදියකු වූ නසරැල්ලා ඝාතනය කිරීම, ලැබූ විශිෂ්ට ජයග්‍රහණය බවත්, ඊශ්‍රායලය ලෙබනනයෙන් පළිගත් බවත් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යා


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38002 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25027 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 242 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 780 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 281 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site