IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


නාමල් සමාගමකින් කොටස් අරන් : වත්කම් ප්‍රකාශයේ ඒ ගැන නෑ

අයථා ලෙස ඉපැයූ මුදල් වලින් මන්ත්‍රී නාමල් රාජපක්ෂ සමාගමක කොටස් ගත්තැයි  දූෂණ විරෝධී හඬ සංවිධානය කොළඹ මූල්‍ය අපරාධ කොට්ඨාසයට කළ පැමිණිල්ලක් සම්බන්ධයෙන් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා හමුවේ කොළඹ මූල්‍ය අපරාධ කොට්ඨාසය අද තවත් වාර්තාවක් ගොනු කළේය.

නාමල් රාජපක්ෂ එම සමාගමේ ප්‍රධානියා වී යැයිද හෙලෝ කෝප් සමාගමේ රුපියල් කෝටි 12.5 ක කොටස් මිලදී ගත්තැයිද එම පැමිණිල්ලේ දැක්වේ.

එෆ්සීඅයිඩිය අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරමින් කියා සිටියේ එම සමාගමේ සේවකයන් හත් දෙනකුට එතෙර ගමන් තහනම් කරන ලෙසයි.

එෆ්සීඅයිඩිය ඉල්ලා සිටි පරිදි බැංකු කිහිපයක ගිණුම් 4ක් තහනම් කළ අතිරේක මහේස්ත්‍රාත්වරයා එම සමාගමේ සැකකරුවන් 7 දෙනාගේ එතෙර ගමන්ද තහනම් කළේය.

ඔවුන් එතෙර යෑමට උත්සාහ කළහොත් අත්අඩංගුවට ගන්නා ලෙසද මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

එන්.ආර් කන්සල්ටන්සි ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය විකිණීමෙන් ලද මුදල් වලින් හෙලෝ කෝප් සමාගමේ කොටස් මිලට ගත්බව නාමල් රාජපක්ෂ එෆ්සීඅයිඩියට ලබාදුන් කටඋත්තරයේ සඳහන්වේ.

තම වත්කම් බැරකම් ප්‍රකාශයේ මේ ගැන සඳහන් කර නැතැයි ද නාමල් රාජපක්ෂ එෆ්සීඅයිඩියට කියා ඇත.



අදහස් (0)

නාමල් සමාගමකින් කොටස් අරන් : වත්කම් ප්‍රකාශයේ ඒ ගැන නෑ

අසාද් Wednesday, 09 March 2016 08:45 AM

සුමිත්‍ර බස්නායකට ගොඩක් රිදිලා වගෙයි.ආණ්ඩුවට වැඩබැරිද පුලුවන්ද කියල බහුතර ජනතාවක් තීරණය කරයි.ඒ කාලේ ඔක්කොම වහගෙන හැංගිලා හිටිය අය අද නිදහස අපුරුවට පාවිච්චි කරනවා.ගොඩක් අයට මතක නැහැ හේතු නැතුව හිරේ දාල අතුරුදහන් කරලා පළිගත්ත හැටි.මහා ජනතාවගේ මුදල් ගසා කාපු අයට දඩුවම් දෙන්න ඕනේ දැන් බලයේ ඉන්න අය හොරකම් කරන්න බය වෙන්න.වරදක් කරලා නැත්තම් නිදහස් වෙයි.ලංකාවේ 99% ලකුණු අරන් නීති විබාගේ පාස් වුණු එකම කෙනා.නිතිය හොදට දන්නවනේ. (බ)

:       0       0

ප්‍රසාද් Wednesday, 09 March 2016 08:38 AM

සකල දේශවාසී සියලු දුශිතයිනි, අවදිවවූ.සිරගතවීමට පෙර ආණ්ඩුව පෙරලමු.අද නාමල්ට, හෙට අපිට. (බ)

:       0       0

අසාද් Wednesday, 09 March 2016 08:39 AM

ඉන්දිකට පහුගිය ආණ්ඩුවේ පළි ගැනීම් අමතක වෙලාද? නැත්තම් නිදාගෙන ඉදල අැහැරිලද? (බ)

:       0       0

රුක්ෂාන් Wednesday, 09 March 2016 08:45 AM

පරිගණක දෙකක් බෙදාදීමට කොළඹ ඉදන් බදුල්ලට හෙලිකොප්ටරකින් බදුල්ලට නාමල් ආපු කාලයකුත් තිබුණා!(ම)

:       0       0

වසන්ත Wednesday, 09 March 2016 08:47 AM

නිතිය කාටත් පොදු විය යුතුය.වරදක් කර ඇත්නම් අනිවාර්යෙන්ම දඩුවම් ලැබිය යුතුමය. (ම)

:       0       0

කීර්ති ශ්‍රී Friday, 11 March 2016 04:32 AM

පළිගන්නවා කියලා කෑගහන්නේ වරද කළ නිසානේ. නැත්නම් නිවැරදි බව ඔප්පු කරන්නනේ කෑගහන්න ඕනෑ. "සියලු වරදකරුවන්ට ඉක්මනින්ම නීතියෙන් උපරිම දඬුවම් ලබා දෙනු. ජනතාව අවදියෙන්. (නි)

:       0       0

දර්ශන Wednesday, 09 March 2016 08:57 AM

රුපියල් කෝටි දොළහ හමාරක් විතරද ? අය්යෝ සුළු ගානක්නේ ..එයාගේ අැස්ටෝන් මාර්ටින් කාර් එකම විතරක් කෝටි විස්සක් නේ .(බ)

:       0       0

උදාර Wednesday, 09 March 2016 08:57 AM

ඔන්න හිරේ දාලා අපේ බදු මුදලින් තව තවත් කන්න දෙනවා එහෙම නෙමෙයි. නඩුව ඉක්මනට අහලා හොරකම් කරලා තියෙනවා නම් ඒ මුදල් ආපසු අය කර ගන්න එකයි කරන්න ඕනේ. ඒ එක්කම යවටේ හිටපු හිනි නුලු හොරු ටිකත් අල්ලා ගන්න. තව තවත් ආන්ඩුවෙ තැන් වලට වෙලා වැජඹෙන්න්න ඉඩ තියන්න එපා. (බ)

:       0       0

සුසන්ත Wednesday, 09 March 2016 09:06 AM

පොඩිකාලේ ඉදලා අමාරුවෙන් එකතු කරපු කැටේ කඩලා එකේ තිබ්බ සල්ලි වලින් අනේ මේක ගත්තේ (බ)

:       0       0

ඉෂාර Wednesday, 09 March 2016 09:07 AM

අද නාමල්ට, හෙට අපිට. කියලා හිතෙන්නේ තවත් දූෂිතයෙක්ටම විතරයි. අපිට නම් එහෙම හිතෙන්නෙ නැහැ. (බ)

:       0       0

ජගත් Wednesday, 09 March 2016 09:00 AM

මෙතන රාජපක්ෂලාට එරෙහිව කොටන අයගේ පොකට් එකට කොටලා ජොබ් එකටත් හෙට අනිද්දා කොටනකොට වැඩේ නියමෙටම තේරෙයි. (බ)

:       0       0

සරත් සෞදි Wednesday, 09 March 2016 09:27 AM

හිරුනිකාට ,රණවකට , දත් දොස්තරට වෙන නීතියක්ද (බ)

:       0       0

උපුල් Wednesday, 09 March 2016 09:36 AM

සරත් සෞදි, ඔයාට අද නිවාඩු දවසක්ද? මේකෙම ඉන්නේ. හරිම ද්වේශයෙන්නෙ ඔයා ලියන්නේ. ඕක ශරීර සෞඛ්‍යට හොඳම නැහැ. (නි)

:       0       0

නාමලී Wednesday, 09 March 2016 09:28 AM

උදාර අයියගෙ කටට සිනි ටිකක් දාන්න වටිනවා.(බ)

:       0       0

එන්.ඩි හෙට්ටිආරච්චි - ලන්ඩන් Wednesday, 09 March 2016 09:29 AM

මේ අයට බලය ඕනි වෙන්නේ සංවර්ධනේ මුවාවෙන් රටම උගස් කර ලබා ගත් ණය කන්දරාවෙන් සොරා කැ ජනතාවගේ මුදල් ආරක්ෂා කර ගැනීමට මිසක් වෙන කෙන්ගෙඩියකට නොවෙයි. (බ)

:       0       0

බණ්ඩාර Wednesday, 09 March 2016 09:35 AM

මේ කොට් 12 යි, එක්තරා කාර්යංශයක ස්ටාර් තරඟයට ගියයි කියන කෝටි 12යි හැර තවත් කෝට 12 ගනුදෙනු තිබේද?. (කෞ)

:       0       0

සෞදි සරත් Wednesday, 09 March 2016 09:45 AM

උපුල්, ස්තුතියි. කමක් නැහැ නේද? (නි)

:       0       0

දේවානන්ද Wednesday, 09 March 2016 09:48 AM

හොඳයි අපි බලමුකෝ (නි)

:       0       0

පියුම් Wednesday, 09 March 2016 10:05 AM

මට හිතාගන්න බැරි රාජපක්ෂ මන්තරෙන් මත්වෙන අය තාමත් මේ රටේ ඉන්න එක. (නි)

:       0       0

මුදලිගේ Wednesday, 09 March 2016 09:57 AM

නීතිය ක්‍රියාත්මක වනවිට පළිගන්නවෝ කියන අයත් අපේ සිරි ලංකාවේ ඉන්නවා (නි)

:       0       0

බන්දුල පෙරේරා Wednesday, 09 March 2016 10:09 AM

අපේ ගම්වල කොල්ලෝ කෙල්ලෝ ලැම්බෝගිනි කාර් රේස් කලින් දැකල තිබුනේ රූපවාහිනියෙන් විතරයි. ගමේ අයට මේකට අවස්ථාව උදා කරලා දුන්නේ ගරු නාමල් මහත්තය.(බ)

:       0       0

ඇන්ඩි Wednesday, 09 March 2016 10:03 AM

වරදට දඩුවම් දිය යුතුය... අනිවාර්යෙන්ම ..හැබැයි යහපාලන හොරුන්ට දෙන දඩුවන් සගවන්නේ කිමද ? මහබැංකු වංචාවේ අතුරු පලය ජනතාවගෙන් බදු ගැසීම නම් .... මේවත් නොසොයා සිටීම මැනවි ..අපේ ජරාජීර්ණ දේශපාලකයන් මොන පක්ෂයකින් ආවද ජනතා මුදල් හොරකම් කිරීම නොනවතින බවට හොදම නිදසුන යහපාලන හොරකම් ටිකය ..(බ)

:       0       0

සරත් සෞදි Wednesday, 09 March 2016 07:07 AM

‍වෛරය.... ඔබ ඉවසන්න (නි)

:       0       0

චතුර Wednesday, 09 March 2016 07:08 AM

එළකිරි (බ)

:       0       0

ලෙස්ලි Wednesday, 09 March 2016 10:21 AM

පොල් ගහන්න මගේ පුතෝ.(හේ)

:       0       0

නිල්හාන් ජයවර්ධන Wednesday, 09 March 2016 07:19 AM

සැමටම නිතිය සමාන විය යුතුයි, ඇයි මේ පවුලට විශේෂත්වයක්. පිටරට හංගල තියෙන මුදල් ගැනීමට උදව් කරනවාද. සාමාන්‍ය වැසියෙකුට මේ අවසරය කිසිසේත්ම ලැබෙන්නේ නැත. (බ)

:       0       0

සුමිත්‍රා බස්නායක Wednesday, 09 March 2016 07:14 AM

මේ දේවල් වලින් වෙන්නේ තවතවත් රජය හෑල්ලුවට ලක්වීම සහ වැඩ බැරිකම මහජනයාට එත්තුගන්වීමයි. (බ)

:       0       0

ඇලෙක්ස් Wednesday, 09 March 2016 07:24 AM

සරත්, මේක අලුත් රටක් මිසක් රාජධානියක් නොවේ එහි මුදල් වල වගකීම පැවරුවට ඒවායේ අයිතිය ජනතාවටයි. ඒවා හොරකම් කළොත් ඉවරයි. සෞදියේ නම් තවත් පරිස්සමින් ධාර්මිකව බුදු වදනේ පරිදි ජිවත් වන්න (බ)

:       0       0

සුපුන් Wednesday, 09 March 2016 07:25 AM

මේන්න හාමුදුරුවනේ අපෙන් පළිගන්නවෝ පා.ම මහින්ද (බ)

:       0       0

නිහාල් Wednesday, 09 March 2016 07:29 AM

මෙයා ජනාදිපති වුනානම්, පියාගේ පුරුද්දත් එක්ක බාන්ධගාරය හිස්කරයි නේද? (කෞ).

:       0       0

සමන් Wednesday, 09 March 2016 07:32 AM

වැරදි කළ අයට නිසි දඬුවම් ලබා දෙන්න.... (කෞ)

:       0       0

සෙබස්තියන් Wednesday, 09 March 2016 10:24 AM

පුත් කුමාරවරු හිතාගෙන හිටියේ පිය මහරජතුමා සදාකාලිකවම සිංහාසනාරූඩ වෙලා ඉඳීවි කියලා ... දිට්ට ධම්ම වේදනීය කර්මය පල දෙන බවක් හිතන්නෙවත් නැතුව ඉන්න ඇති. (බ)

:       0       0

ඉන්දික Wednesday, 09 March 2016 10:33 AM

පියුම්, මට හිතා ගන්න බැරි රාජපක්ෂ මන්තරේ කිව්වම රටේ ඔක්කොම ප්‍රශ්න අමතක වෙන කොටසකුත් ඉන්න එකයි. දැන් රට කේතුමතී පුරේ වගේ! (බ)

:       0       0

මිලානෝ Wednesday, 09 March 2016 07:32 AM

රටට මේ අය මොන තරම් ආදරේද කියන්නේ රටේම දේපල තමන්ගේ කරගන්න දැඟලුවා බාප්පලා පුතාලා ඔක්කොම.(කෞ)

:       0       0

කමනි Wednesday, 09 March 2016 07:45 AM

තාත්තා වගේම දක්ෂ පෙරකදොරුවෙක්ලුනේ. අත උඩින් නඩුව දිනයි. (ම)

:       0       0

ඉන්දික Wednesday, 09 March 2016 07:40 AM

වැරදි කළා නම් දඬුවම් දෙන්න ඕනෑ. එ්ත් මේවා දේශපාලන පළිගැනීම් විතරයි. යූඑන්පී ආණ්ඩුවක් ආ හැම වෙලාවකම කළේ විරුද්ධ පක්ෂය මර්දනය කරන එක. 77 මැතිනිගේ ප්‍රජා අයිතිය නැති කළා. ජවිපෙ තහනම් කළා. මේ පාරත් කරන්නේ ඒකම තමයි. (නි)

:       0       0

තිලක් Thursday, 10 March 2016 04:09 AM

පුහුල් හොරා කරෙන් දැනේ කියන්න වාගේ.....(හේ)

:       0       0

අයේෂ් Wednesday, 09 March 2016 07:50 AM

කවුරු කළත් වැරදි දෙයක් නම් වැරදියි. නැතුව මෙන්න වෛරය, පළිගන්නවා කියලා කෑගහන එක නෙමෙයි. (නි)

:       0       0

සෞදි සරත් Wednesday, 09 March 2016 07:43 AM

ඇලෙක්ස් මහත්තයෝ, අධිකරණ තීන්දුවකින් තමා කෙනෙක් වැරදිකාරයෙක් කරන්නේ. එතකන් සැකකාරයෙක් පමණයි. අපි බලමු. ඉවසන්න (නි)

:       0       0

ද සිල්වා බර්ලින් Wednesday, 09 March 2016 07:44 AM

ඔය දැන් ටික ටික එළියට එන්නේ. තවදුරටත් මොවුන්ට ගරු කර කර පස්සෙන් යන එකේ තේරුමක් තිබෙනවද? දේශප්‍රේමී පිරුවටයට මුවාවෙලා කරලා තිබෙන්නේ පවුල පිටින් එකතුවෙලා රට හූරා කාපු එක (නි)

:       0       0

යසන්ත Wednesday, 09 March 2016 07:45 AM

රුපියල් කෝටි දොළහ හමාරක්ද? ඕක මොකක්ද ඒ කාලේ බලනකොට? (නි)

:       0       0

සුපුන් Wednesday, 09 March 2016 07:46 AM

නාමල් හැර අනෙක් අයට විතරක් රටින් පිටවීම තහනම් කළේ ඇයි? (නි)

:       0       0

රසාල් Wednesday, 09 March 2016 07:55 AM

ඉන්දික, එතකොට මේවා හොයන්න එපාද? ඔයාගෙ බූදලේද? රටේ ජාතික ධනය නේද මේ? (නි)

:       0       0

තාරක කස්තුරිආරච්චි Thursday, 10 March 2016 04:37 AM

තාම වහල්ලු වගේ අය ඉන්න බව පේනවා. හිතන් හිටියේ මේක බූදලයක් කියලා හාල් මිටියට පාන් කෑල්ලට ඉඩම් හොරට ලියවාගත්ත එකෙන් ධනය බලය ගොඩනගා ගත්ත වලව් ටිකෙන් තමා රට නිදහස් කරගන්න බැරි වෙලා තියෙන්නේ මේ වගේ අය නිසා (බ)

:       0       0

දුමින්ද Wednesday, 09 March 2016 07:47 AM

අර මහ බැංකුවේ මහ මංකොල්ලයට මොනවද වුණේ? (නි)

:       0       0

නිශාදි Wednesday, 09 March 2016 07:51 AM

මම හිතන්නේ ඉන්දික හීනෙන් ඇහැරිලා. දේශපාලනය කරන කෙනෙක් වැරැද්දක් කරලා දඬුවම් දුන්නොත් එය දේශපාලන පළිගැනීමක් වෙන්නත් අපි වගේ සාමාන්‍ය ජනතාව වැරැද්දක් කළොත් ඒක වැරැද්දක්ම වෙන්නෙත් කොහොමද කියලා කිව්වා නම් වටිනවා. අනේ මගේ කට. (නි)

:       0       0

තිලක් - නුවර Wednesday, 09 March 2016 11:04 AM

අද කාටදෝ නිදහස හම්බ වෙලාලු... අනේ හොඳයි, (ම)

:       0       0

අතුල Wednesday, 09 March 2016 07:51 AM

මෙන්න පළිගන්නවෝ!!! දැන් කරන්න තියෙන්නේ වහාම මා‍ධ්‍ය සංදර්ශනයක් කැඳවන එකයි (නි)

:       0       0

ට්‍රිෂාන් Wednesday, 09 March 2016 07:52 AM

ඇලෙක්ස්, කොතැනකදිවත් ලියලා නැහැ නේද “වැරදිකාරයෙක්“ කියලා. සෞදි සරත් එයාගෙ හිතේ තියෙන ඒවටයි උත්තර ලියන්නේ (නි)

:       0       0

සිල්වා Wednesday, 09 March 2016 07:53 AM

මේවා අහනකොට මට මොනවද මොනවද වෙනවා (නි)

:       0       0

ප්‍රනාන්දු Wednesday, 09 March 2016 08:03 AM

මැති ඇමතිවරුන් පමණක් නොව ඒ අය වටේ සිටි සොක්කන්ද අල්ලා ගතයුතුයි. වැඩිපුරම වාසි ගත්තේ, තනතුරු ගත්තේ, ගෙම්බර් දැම්මේ වටේ හිටපු කට්ටිය. ඒ අය ගැන විශේෂයෙන් සොයා බලන්න. (නි)

:       0       0

සුදේෂ් Wednesday, 09 March 2016 08:04 AM

මේ ඔක්කොම පළිගැනීම් තමයි. ආණ්ඩුවට විරුද්ධ අයට විතරනේ. කෝ අණ්ඩු පක්ෂයේ අය වැරදි කළාම මොකුත් නැහැනේ (නි)

:       0       0

ලියනගේ Wednesday, 09 March 2016 08:04 AM

ඉන්දික, ඔයාගේ පුද්ගලික ගිණුමෙන් ඔන්න ඕක ගෙවලා දාලා මෙයාව මේකෙන් නිදහස් කරලා දාන්න. (නි)

:       0       0

වින්සන්ට් Wednesday, 09 March 2016 11:07 AM

ගරු නාමල් මන්ත්‍රීතුමාව බේරා ගැනීමටවත්, යහපාලනයට ලකුණු ලබා දීමටවත් ජනතාව සුදානම් වියයුතු නැත. එම දේශපාලනයෙන් ජනතාව ඉවත් විය යුතුය. නීතිය නීතියක් හැටියට ඉටුකර ගැනීමේ තැන ජනතාව සිටීම රටේ අනාගතය විය හැකිය. මෙහි අදහස් දක්වා ඇති තරුණ පරපුරවත් සිටිය යුත්තේ එතන නොවේද?(අ)

:       0       0

කුරේ Wednesday, 09 March 2016 08:10 AM

රටේ සල්ලි වලට වුණ දේ හොයන එකනම් හොඳයි. (නි)

:       0       0

සෞදි සරත් Wednesday, 09 March 2016 08:13 AM

ට්‍රිෂන්, කෙළින් නොලිව්වට, නොකිව්වට අදහස පැහැදිලියි නේද? මෙවැනි දේ උසාවි වලත් පිළිගන්නවා (නි)

:       0       0

සුනිල් Wednesday, 09 March 2016 08:08 AM

සෞදි සරත්, ඔබ හරියටම හරි (නි)

:       0       0

විජේ Wednesday, 09 March 2016 08:19 AM

මම නම් මේ වැඩපිළිවෙලට කැමතියි. ඉදිරියට ප්‍රාදේශීය සභා, පළාත් සභා, මහ ආණ්ඩුවට ජනතාවට වැඩ කරන්න එන කට්ටියට මේක පාඩමක් වෙයි කියලා හිතාගෙන, කවදාහරි මිනිසුන්ගේ මුදල් ගහන එක නතර වෙන්න පොයැ. බුද්ධ ධර්මයට අනුව නම් කළ කළ දේ පල පල දේ. ගොඩක් ඇත්තෝ මෙය දන්නවා. එ්ත් අාශාව ඊට ඉදිරියෙන් ඉන්නවා (නි)

:       0       0

කපිල Wednesday, 09 March 2016 08:20 AM

ඉන්දික, ඔබ හරි. මේ වගේ දේවල් වලින් යුක්තිය ඉටුවෙනවා කියලා හිතා ඉන්නේ පක්ෂග්‍රාහී පාක්ෂිකයෝ මිස සැබෑ ලෙස රටට ආදරය කරන ජනතාව නෙමෙයි. මේවගේ දේවල් වලින් වෙන්නේ පළිගැනීමේ සංස්කෘතිය ඉදිරියට යාමයි. (නි)

:       0       0

වීරවර්ධන Wednesday, 09 March 2016 08:23 AM

බලය තිබෙනකොට දිගට හරහට මහජන දේපොළ නාස්තිකළා. හිතුවේ නැහැ කවදාකවත් මේ වගේ දෙයක් වෙයි කියලා. දැන් බලා ඉඳිමු වෙන දේ. (නි)

:       0       0

පිටබැද්දර ජයා Wednesday, 09 March 2016 08:25 AM

බලය තිබුන කාලේ අර බලකා මේ බලකා දාගෙන කොරපු ඒවාට හරියන්න දැන් ඉතින් වින්දවමු නේද ?(කෞ)

:       0       0

ප්‍රසා Wednesday, 09 March 2016 11:12 AM

බඩුම තමයි (අ)

:       0       0

සාලිය Wednesday, 09 March 2016 08:19 AM

බදු වැඩි කරපුව වහන්න. හරිම පැහැදිලි(කෞ)

:       0       0

ලීලානන්ද Wednesday, 09 March 2016 08:19 AM

ප්‍රනාන්දු,විජේ කියන කතාවල ලොකු ඇත්තක් තියෙනවා. ඔය ලොකු ලොක්කෝ පෙරලුන පැත්තට හේත්තුවෙලා පරණ වැරදි වහගන්නවා. වසා ගනිමින් සිටිනවා. මේ අය ගැනත් හොයන්න. හොඳ හොඳ දේවල් අනිවාර්යයෙන්ම එලියට එනවා එනවාමයි(කෞ).

:       0       0

රොහාන් Wednesday, 09 March 2016 08:19 AM

ඕනෑ අයෙක් යමක් කලාද සාක්ෂි ඉතිරි වේ එය නීතියට බාරයි .(කෞ)

:       0       0

ප්‍රියා Wednesday, 09 March 2016 08:20 AM

කරන කලට පව් මිහිරිය මිසේ.... විිදන කලට දුක් දැඩිවෙයි ගිනිසේ..........(කෞ)

:       0       0

අමරසිරි Wednesday, 09 March 2016 08:30 AM

නීතියට ඉඩ දෙන්න. ලෝක සම්මතය එයයි (නි)

:       0       0

තරංග Wednesday, 09 March 2016 11:17 AM

බදු වැඩිකර අවදානය වෙන පැත්තකට . (ම)

:       0       0

වින්සන්ට් Wednesday, 09 March 2016 11:23 AM

බන්දුල පෙරේරා මහතාගේ අදහස නම් කදිමයි ලක්ෂ ගණනක් මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන් සිටින ඉන්දියන් සාගරයේ මතු ඇටයට. මේ දරුවන් ඇවිත් කාර් රේස් එක නරඹන විට බන්දුල පෙරේරා මහතාටත් මොනතරම් නම්බුවක්ද?(කෞ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හිස්බුල්ලා නායකයා මරා දැමේ: මහ යුද්ධයක් අත ළඟ
2024 සැප්තැම්බර් මස 28 2431 0

ඊශ්‍රායල හමුදාව, වසර 30 ක් තිස්සේ ලෙබනන් හිස්බුල්ලා සංවිධානයේ නායක හසන් නසරැල්ලා ඝාතනය කර ඇත.


මල්වතුඔයෙන් ටී 56 පතුරම් 120ක් සොයා ගනියි
2024 සැප්තැම්බර් මස 28 428 0

ඇලයාපත්තුව පොලිස් වසමේ අංක 304,ගල්කඩවල,මල්වතු ඔය,ඇනිකට් එක යට තිබු ටී 56 වර්ගයේ ජීව පතුරම් 120 ක් සහිත මැගසින් හතරක් ඇලයාපත්තුව පොලිසිය විසින් අද(28) සිය බාරයට


ජනපති කොළඹ පොත් ප්‍රදර්ශනයට යයි
2024 සැප්තැම්බර් මස 28 1710 7

කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ 25 වන වරටත් පැවැත්වෙන ’’කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය’’ සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක


පැන්ෂන් ජනපතිලා නඩත්තුවට වසර 3ට කෝටි 27ක් පුදලා
2024 සැප්තැම්බර් මස 28 5061 11

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, මෛත්‍රිපාල සිරිසේන යන හිටපු ජනාධිපතිවරුන් සිවුදෙනා සහ ජනාධිපති රණසිංහ ප්‍රේමදාස ම


ඇමතිවරුන් තිදෙනාට අයිති ආයතන මෙන්න
2024 සැප්තැම්බර් මස 28 3401 2

අමාත්‍යවරුන්ට පැවරෙන ආයතන විෂයන් සහ කාර්යයන් ඇතුළත් ගැසට් නිවේදනය අද නිකුත් කරනු ලැබීය.


හිඟ ආදායම් බදු ගෙවන්න සඳුදා තෙක් කල් දෙයි
2024 සැප්තැම්බර් මස 28 3750 5

2023/ 2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු ගෙවිය යුතු සෑම තැනැත්තෙක්ම එම තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලුම ආදායම් බදු සැප්තැම්බර් 30 දිනට හෝ එදිනට පෙර ගෙවා අ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37910 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24988 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 233 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 766 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 272 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site