IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


‘නිමල් සිරිපාල කාඩ්බෝඩ් සැන්ඩෝ කෙනෙක් වෙන්න හදනවා‘

මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළේ ගබඩා කර ඇති වී තොග ඉවත් කර ගැනිමට ගබඩා පහසුකම් සොයමින් සිටින බව වී අලවි මණ්ඩලයේ ප්‍රාදේශීය කළමනාකරු ඩබ්.ඕ තිලකරත්න මහතා පවසයි.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ වී මිලදි ගැනිම සඳහා රජය තවත් රුපියල් මිලියන 200 ක් ලබා දී ඇති අතර ගුවන් භාණ්ඩ ගබඩාවේ ගබඩා කර ඇති වි මෙට්‍රික් ටොන් 4053 කි. 

හම්බන්තොට දිස්ත්‍රික්යෙන් වී මෙට්‍රික් ටොන් 13236 ක් යල් කන්න ගොවීන් 7802 දෙනකුගෙන් මිලදි ගෙන ඇති බවද ඔහු කියයි.

මේ අතර පසුගියදා නිමල් සිරිපාල ද සිල්වා ප්‍රවාහන ඇමැති මත්තල ගුවන්තොටුපළ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් මත්තල වී ගබඩා කිරීමෙන් පාඩු සිදුව ඇතැයි කියන ප්‍රකාශයට පිළිතුරු දෙමින් වී අලෙවි මණ්ඩලය සඳහන් කළේ එහි වී ගබඩා කළේ තම මණ්ඩලය හා මත්තල ගුවන්තොටුපළ බලධාරීන් සමග ඇතිවූ අවබෝධතා ගිවිසුමක් අනුව බවයි. 

මේ අතර රාජ්‍ය ඇමැති පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසුවේ නිමල් සිරිපාල ඇමැතිවරයාට ඔහු සිටි තැන අමතක වී ඇති බවයි. ඇමැති මණ්ඩල තීරණයක් අනුව මත්තගල වී ගබඩා කළ බවත් දැන් ඔහු කාඩ්බෝඩ් සැන්ඩෝ කෙනකු වීමට උත්සාහ දරන බවත් රංගේ බණ්ඩාර මහතා කීවේය.



අදහස් (0)

‘නිමල් සිරිපාල කාඩ්බෝඩ් සැන්ඩෝ කෙනෙක් වෙන්න හදනවා‘

රුචිර Wednesday, 21 October 2015 07:51 AM

අපි ඉපදුනේ මත්තල. හැදුනේ වැඩුනේ මත්තල. ජීවත්වෙන්නේ මත්තල. අපේ මතය නම් මත්තල ගුවන්තොටුපළ අපේ ගම දියුණු කරගන්න ලැබුණු වාසනාවක්. මෙමඟින් සතුන්ට වෙන හානියක් නම් නැහැ. හිතට අමාරු මත්තල සුළඟක්වත් නොවැදුණු, කිසිත් නොදන්නා අය මත්තල ගුවන් තොටුපළට ඍණ ප්‍රතිචාර දැක්වීමයි. තිලක් ඩුබායි අවසන් වරට මත්තල ආවේ කවදාද? (නි)

:       0       0

සම්පත් පතිරණ Wednesday, 21 October 2015 07:52 AM

තිලක් , ලංකාව තාමත් හරිත රටක්..ලංකාවේ කොහේ ගියත් කුරුල්ලෝ ඉන්නවා. නිකන් පිටරට ඉඳන් බතල හිටවන්නේ නැතුව ලංකාවට ඇවිල්ලා චුට්ටක් සැනසෙන්නකෝ. මහින්ද මහත්තයාට වෛර කර කර ලෙඩ හදාගන්නේ මොකටද? (නි)

:       0       0

සාලිය Wednesday, 21 October 2015 07:55 AM

කැබිනට් රැස්වීමේදී හිටිය විදිය අපිට හිතාගන්න පුලුවන් (නි)

:       0       0

දුමින්ද Wednesday, 21 October 2015 07:54 AM

මත්තලට පමණක් දොස්-පරොස් කීම නැත වැදගත් (නි)

:       0       0

රසිත කාලිංග Wednesday, 21 October 2015 08:01 AM

රණ්ඩු නොකර වැඩ කරන්න බලන්න (නි)

:       0       0

ඉමාෂි Wednesday, 21 October 2015 08:09 AM

රංගේ බණ්ඩාර ඇමතිතුමා මාර කතානේ කියන්නේ බලනකොට (නි)

:       0       0

තිලක්-ඩුබායි Wednesday, 21 October 2015 08:45 AM

රුචිර, ගිය මාසේ දවසක මම ලංකාවට ආවා. මගේ වාසනාවට, ධාවන පතයේදී අලියෙක් එහෙම වැදුනේ නැහැ. (ර)

:       0       0

රණතුංග Wednesday, 21 October 2015 08:46 AM

ඵලදායි කටයුත්තක් සදහා මෙය භාවිතා කරන්න. (ර)

:       0       0

රණවීර Wednesday, 21 October 2015 08:49 AM

කොහොමහරි මේක ලාබ ලබන තැනක් කරන්න. (ර)

:       0       0

තිලක්-ඩුබායි Wednesday, 21 October 2015 08:49 AM

එක මොණරෙක් වැදුන කියල මොණරු 180 දෙනෙක් මරල තියෙනවා.මොණරු ඉන්නේ වුන්ට අයිති බුමියේ.මෝඩයෙක් එකේ ගුවන් තොටුපොළක් ගහ ගත්තම ඒ සත්තු පලිද?..(රේ)

:       0       0

තිලක්-ඩුබායි Wednesday, 21 October 2015 08:52 AM

මට පුදුම අපි පෙන්වලා දීලත් තේරුම් ගන්න බැරි එක ගැනයි. (ර)

:       0       0

අමාලි Wednesday, 21 October 2015 08:51 AM

මෙවැනි ගුවන් තොටුපොළවල් රටට අදායම් උපයන තත්වයට ගෙන එන්න ඕන. (ර)

:       0       0

තිලක්-ඩුබායි Wednesday, 21 October 2015 08:55 AM

රණවීර.ලාබ ලබන තැනක් කරන්න ඕනේ නිසා තමයි වී ගබඩාවක් කරලා තිබෙන්නේ .වෙන මොනවා කරන්න කියලද කියන්නේ.අපිවනම් නැවත ප්‍රාණ ඇපයට තියන්න හිතුව මදි.(රේ)

:       0       0

ගජබා Wednesday, 21 October 2015 08:58 AM

තිලක් ඩුබායි රටේ ඉන්න නතිනම් නොදන්නා දේ කතා නොකර ඉන්න (රේ)

:       0       0

පිවිතුරු යහපාල Wednesday, 21 October 2015 08:57 AM

අපි බලාගෙන ඉන්නේ අපිට ලැබෙන පළමු අවස්තාව මොකක්ද කියලා. (ර)

:       0       0

දිලිප් Wednesday, 21 October 2015 09:05 AM

වී නැත්නම් සහල් කියන්නේ මේ රටේ ජනතාවගේ ප්‍රධාන ආහාරය.සහල් ප්‍රශ්නයෙන් දේශපාලන පෙරලිත් ඇතිවිය. කටවරද්ද ගන්න එපා.(අ)

:       0       0

විපුල Wednesday, 21 October 2015 09:07 AM

මෙච්චර වී තිබිලත් ඇයි තාම මේවා ගණන්. ඇයි අඩුකරන්නේ නැත්තේ. (ර)

:       0       0

රසංක Wednesday, 21 October 2015 09:12 AM

වරදක් වී නම් නිවැරදි කර ගැනීම හොදයි. (ර)

:       0       0

තිලක්-ඩුබායි Wednesday, 21 October 2015 09:13 AM

විපුල.තණකොළ තියෙන්නේ. (අ)

:       0       0

රණවීර Wednesday, 21 October 2015 09:32 AM

තීරණ ගන්නාවිට හරි තීරණ ගන්න ඕන. (ර)

:       0       0

මොහාන් Wednesday, 21 October 2015 09:36 AM

තිලක්-ඩුබායි, ඔයානම්.... (ර)

:       0       0

විජිත් Wednesday, 21 October 2015 09:39 AM

තිලක් ඩුබායි මල්ලි, ඔයා කියන ඒවා බොහොම හරි. (ර)

:       0       0

තිලක්-ඩුබායි Wednesday, 21 October 2015 09:51 AM

සමාවෙන්න, මම කියන කතා ඔයාල ගණන් ගන්න එපා හොඳේ. (ර)

:       0       0

කරුණාපාල Wednesday, 21 October 2015 10:08 AM

ඔය මත්තල එයාගේ පෝට් එක සැන්ඩෝ ලාට මිසක්, අපිටනම් පලක් නොවන බව තමයි අපි එදා ඉඳලම කිව්වේ. වන සතුන් ඔය භුමිය ආක්‍රමණය කරන්න කලින් ඕක වී බැරිනම් කුරක්කන් ගබඩාවක් ලෙස හෝ යොදාගෙන ප්‍රයෝජනයක් ගන්න ඕන. නැත්නම් අපරාදේ ජනතාවගේ සල්ලි?? (රේ)

:       0       0

ප්‍රිියාල් රංජිිත් වීරතුංග Wednesday, 21 October 2015 10:41 AM

එතකොට රංගේ බණ්ඩාර (රේ)

:       0       0

පද්මේන් Wednesday, 21 October 2015 05:25 AM

ඇමති මණ්ඩලය තීරණය ගත් වෙලාවේ මොකද දන්නෙ නැහැ සද්ද නැතුව හිටියේ? (නි)

:       0       0

ප්‍රගීත් Wednesday, 21 October 2015 05:33 AM

නිමල් මහත්තයා විතරක් නෙමෙයි, අර ඉන්දියාවේ ධීවරයින්ගෙ දැල් කපනවා කියපු මහත්තයා ගැනත් අපිට කියන්න තියෙන්නෙ ඕකම තමයි. (නි)

:       0       0

ඉඳුනිල් Wednesday, 21 October 2015 05:37 AM

කාඩ්බෝඩ් සැ‍න්ඩෝ? නියම නමක්නේ.... (නි)

:       0       0

චමල් Wednesday, 21 October 2015 05:38 AM

ඇමති මණ්ඩල රැස්වීමේදී මොකද වුණේ? (නි)

:       0       0

විජිත Wednesday, 21 October 2015 05:40 AM

එයාලා එයාලම එයාලට අපහාස කරගන්නවා (නි)

:       0       0

ඔලිවර් Wednesday, 21 October 2015 05:45 AM

අනේ මන්දා මෙයාලගේ කතා? (නි)

:       0       0

බුද්ධික Wednesday, 21 October 2015 05:51 AM

මේ වගේ කතා පොඩි ළමයිනුත් අහනවා කියලා මෙයාලා හිතන්නේ නැහැනේ (නි)

:       0       0

කුමාර් (ගල්ෆ්) Wednesday, 21 October 2015 05:58 AM

සුදුස්සන් පමණක් පත්කරලා රටේ ඇමති මණ්ඩලය හැදුවා නම් කොච්චර අගේද? ලංකාවේ කොච්චර උගතුන් ඉන්නවාද? (නි)

:       0       0

ලුම්බිණි Wednesday, 21 October 2015 06:02 AM

මේ ගබඩා නිකම් තිබෙනවා නම් වී ගබඩා කළාම මොකද්ද තියෙන ප්‍රශ්නය? (බ)

:       0       0

මොහාන් Wednesday, 21 October 2015 06:09 AM

ලංකා ඉතිහාසයේ රජයක් විසින් මිලදීගත් ලොකුම වී තොගය ගත්තේ මෙවර . රජය විසින් නිසි මිලක් ගෙවන නිසා සහ ඕන තරමක් මිලදී ගන්න නිසා 2014 යල කන්නයේ අස්වැන්න දැන් තමා එලියට ආවේ. එක නිසා තමා මේ තද බදයක් ඇති වුණේ.(ම)

:       0       0

ධර්ම ජයවික්‍රම Wednesday, 21 October 2015 06:14 AM

ලිච්ඡවී ඇමති මණ්ඩලය තුළ සාමයෙන් රැස්වී, සාමයෙන් කථිකා කර, සාමයෙන් විසිරයාම නේද හොඳ? (නි)

:       0       0

ආසිරි Wednesday, 21 October 2015 06:26 AM

කැබිනට් රැස්වීමේදී මොකද දන්නෙ නැහැ වුණේ? (නි)

:       0       0

තිලක්-ඩුබායි Wednesday, 21 October 2015 06:37 AM

කුරුළු විමානෙක "පට්ට කැලේ" හදපු මත්තල ගුවන් තොටුපොළේ වී ගබඩා කරනවා හැරෙන්න වෙන මොනවා කරන්නද? (බ)

:       0       0

තිලක්-ඩුබායි Wednesday, 21 October 2015 06:40 AM

කුරුළු වීමානෙක, කැලේ මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළක් හදපු අයගෙන් ප්‍රශ්න කරන්නේ නැද්ද?අනාගත දරු පරම්පරා 100 ක් ණයකරලා කළ මෙවැනි ව්‍යාපෘති වලට දැඩි දඩුවම් දෙන්න.මේවා ජාතික අපරාධ! (නි)

:       0       0

ද සිල්වා Wednesday, 21 October 2015 06:46 AM

ඔය දැල් කපනවා කියපු මහත්මය කළේ ප්‍රාදේශීය සභාවට පත් වෙන්න කලින් ගමේ කෝපි කඩයට වෙලා , පච දොඩවමින් ඕමි ගහපු එක , හරි හමන් අධ්‍යාපනයක් වත් මොහුට නැත (බ)

:       0       0

අෂාන් Wednesday, 21 October 2015 06:49 AM

මට හිතෙන්නේ නිමල් ඇමතිතුමා කැබිනට් රැස්වීමේදී නිදාගන්ඩ ඇති. (බ)

:       0       0

ටෙහාන් Wednesday, 21 October 2015 07:03 AM

තිලක්,කාලයත් එක්ක ඔය පළාත ජනාකීර්ණ වුණාම, කටුනායක වගේ කර්මාන්ත හැදුනහම සියල්ලන්ටම තේරෙයි (නි)

:       0       0

පාලිත Wednesday, 21 October 2015 07:09 AM

තිලක්, ඩුබායි වල ඉදලත් රටක සංවර්ධනය කියන්නේ මොකක්ද කියලා දන්නේ නැති එක පුදුමයි ඔයා දන්න තරම බොහොම මදි. මත්තල හදපු කෙනා නෙමේ වැදගත්, එකත් වැදගත් ඒත් ගුවන් යනා රෙපයාර් තෙල් ගැහිම් වගේ දෙවල් සදහා මත්තල දියුණු කරන්න තමයි සැලසුම. (ර)

:       0       0

ඔෂාන් Wednesday, 21 October 2015 07:11 AM

දැන් ඉතින් ඕවා කතාකළා කියලා වැඩක් වෙයිද? (නි)

:       0       0

ඩයස් Wednesday, 21 October 2015 07:15 AM

2022 අපේ ජනාධිපති තුමා නිමල් මහතා ස්ථිරයි.(ම)

:       0       0

ද සිල්වා - බර්ලින් Wednesday, 21 October 2015 07:16 AM

ටෙහාන්, ඔය අලි ඉන්න කැලේ ජනාකීර්ණ වෙනකම් ඉන්නේ නැතුව ජනාකීර්ණ ප්‍රදේශයක් ආසන්නයේ ඕක හැදුවා නම් හොඳ නැද්ද.? (ර)

:       0       0

අැන්ටන් Wednesday, 21 October 2015 07:20 AM

තිලක්, ඩුබායි හිටියට මදි, පොඩ්ඩක් එළිපහලියට ගිහිල්ල වෙන්නේ මොනවද කියල බලන්න. තිලක් මත්තල ගැන මොනවද දන්නේ. (බ)

:       0       0

බුද්ධි Wednesday, 21 October 2015 07:26 AM

සත්ත්ව අභය භූමියක ගුවන් තොටුපොළක් හැදීම කොතරම් හරසුන් වැඩක්ද? (නි)

:       0       0

ඩේවිඩ් Wednesday, 21 October 2015 07:26 AM

නියම උපමාවක්නේ අරගෙන තියෙන්නේ (නි)

:       0       0

තිලක්-ඩුබායි Wednesday, 21 October 2015 07:37 AM

අැන්ටන්,මත්තල් ගුවන් තොටුපොළට ගිහින් තියෙනවද? හාවා හඳ දකිනවා වගේ දවසට එක ගුවන් යානයක් ,ඒකත් අඩු මුදලට ගුවන් පතක් දීලා. රුපියල් කෝටි ප්‍රකෝටි ගණනින් වියදම් කරලා,අනාගත දරු පරම්පරාවන් ණය කරලා ගුවන් තොටුපොළවල් හදන්නේ මේකටද? (නි)

:       0       0

තිලක්-ඩුබායි Wednesday, 21 October 2015 07:37 AM

නීතියක් තිබෙන රටක නම් මේ වෙනකොට මේ වගේ කුරුළු විමානෙක ගුවන් තොටුපොළවල් හදපු එකට දැඩි දඩුවම් දීලා.ඒකට ලංකාවේ? (නි)

:       0       0

තිලක්-ඩුබායි Wednesday, 21 October 2015 07:41 AM

මෙවැනි ජාතික අපරාධ කළ අයට දැඩි දඩුවම් දෙන්න. (නි)

:       0       0

සිල්වි Wednesday, 21 October 2015 01:32 PM

තිලක් ඩුබායි විකාරයෙන් දොඩවනවාද කොහෙද? (නි)

:       0       0

තිලක්-ඩුබායි Wednesday, 21 October 2015 07:43 AM

පාලිත,බම්බලපිටියේ පැත්තේ රෑට මීටර් 100 යෙන් 100 යට නිවි නිවී පත්තුවෙන සිග්නල් ටික සවිකරලා ඒවා පත්තු වෙනකොට ලංකාවේ මිනිස්සු හිතන්නේ මේක තමයි රටේ සංවර්ධනය කියලා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 927 0

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


අම්බලන්ගොඩ අනුරට
2024 සැප්තැම්බර් මස 22 230 0

අම්බලන්ගොඩ මැතිවරණ කොට්ඨාසයේ ජය ජාතික ජනබලවේග නායක අනුර කුමාර දිසානයක මහතා දිනාගත්තේය.


මාතර අනුරට
2024 සැප්තැම්බර් මස 22 835 0

මාතර මැතිවරණ කොට්ඨාසයේ ජය / ජාතික ජනබලවේගයේ ජනපති අපෙක්ෂක අනුර කුමාර දිසානයක මහතා දිනා ගත්තේය.


දිගාමඩුල්ල තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 395 0

දිගාමඩුල්ල දිස්ත්‍රික් තැපැල් ඡන්ද 11120 ක් අනුරකුමාර දිසානායක මහතා දිනාගත්තේය .


කෑගල්ල තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 367 0

කෑගල්ල දිස්ත්‍රික් තැපැල් ඡන්ද 20062 ක් අනුරකුමාර දිසානායක මහතා දිනාගත්තේය .


අනුරාධපුර තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 409 0

අනුරාධපුර දිස්ත්‍රික් තැපැල් ඡන්ද 32750ක් අනුරකුමාර දිසානායක මහතා දිනාගත්තේය .


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14637 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 44 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 217 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 118 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site