IMG-LOGO

2024 නොවැම්බර් මස 15 වන සිකුරාදා


නිමල් සිරිපාල සම්බන්ධයෙන් අල්ලස් විමර්ශනයක්

(සුජිත් හේවාජුලිගේ )

අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාට එරෙහිව  එල්ලවූ අල්ලස් චෝදනාව සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව අද (15) විමර්ශනයක් ආරම්භ කළේය.

කොමිසම මේ  විමර්ශනය අරඹා ඇත්තේ  දූෂණ විරෝධී පෙරමුණ විසින් කරන ලද පැමිණිල්ලක් අනුවය.

මේ අනුව මේ සම්බන්ධයෙන් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගෙන්ද  ඉදිරියේදී ප්‍රකාශයක් සටහන් කර ගැනීමට නියමිතව ඇතැයි එම කොමිසමේ ප්‍රකාශකයෙක්  ලංකාදීපයට පැවැසීය.

කටුනායක ගුවන්තොටුපොළ  ඉදිකිරීම් කටයුතු සිදු කරන ජපානයේ  තායිසේ  සමාගමෙන්  අල්ලස් මුදලක් ඉල්ලා ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් එම  චෝදනාව එල්ලවී  තිබුණේය.

මේ සම්බන්ධයෙන් එම සමාගමේ නියෝජිතයන්ගෙන් මෙන්ම  ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කාර්යාලයේ  නිලධාරීන්ගෙන්ද ඉදිරියේදී කරුණු විමසීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව බලාපොරොත්තු
වෙයි.

මේ පිළිබඳ  චෝදනාව එල්ල වූ අවස්ථාවේදී  ඒ සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් පැවැත්වීමට ඉඩකඩ ලබාදීමේ පියවරක් ලෙස  අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා එම  අමාත්‍යධූරයෙන්   ඉල්ලා අස්විය.

ඉන් අනතුරුව ඒ චෝදනාව සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් විශ්‍රාමික මහාධිකරණ විනිසුරු කුසලා සරෝජනී වීරවර්ධන  මහත්මියගේ ප්‍රධානත්වයෙන් යුත් ත්‍රිපුද්ගල කමිටුවක් පත්කෙරුණු අතර  නිමල් සිරිපාල සිල්වා මහතා එම අල්ලස් චෝදනා චෝදනාවෙන් නිදහස් කරමින්  ඒ කමිටු වාර්තාව පසුගියදා නිකුත් කෙරිණ.

ඒ අනුව නිමල් සිරිපාල ද සිල්වා මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් වරාය නාවික සහ ගුවන් සේවා අමාත්‍ය ධූරයට පසුගියදා  නැවතත් පත් කරනු ලැබීය.



අදහස් (25)

නිමල් සිරිපාල සම්බන්ධයෙන් අල්ලස් විමර්ශනයක්

nandana Tuesday, 16 August 2022 12:21 AM

මොහුගේ වත්කම් සියල්ල සොයාගත් ආකාරය සොයා බලන්න​.

:       0       9

Perera Tuesday, 16 August 2022 12:25 AM

ඔය විමර්ශනයට කාලය මුදල් නාස්ති කරන්න එපා. රටම දන්නව ඔකෙ අවසාන ප්‍රතිපලේ

:       0       0

Bamunuarachchi Tuesday, 16 August 2022 05:23 AM

1957පසුව කිසිම දේශපාලකයෙක් අල්ලස් දුෂනවලට වරදකරුවෙලා නැත. ඒකාලේ ඇඳුම් මහන මැෂිමක් තෑගී වශයෙන් ලබපු ඇම්තියෙකුට දඬුවම් ලැබුවා කියලා අසාතිබෙන්වා අපිනම් දැනටමත් දන්නවා ලැබෙන තීන්දුව. ඒ නිසා රජයේ මුදල් නිකරුනේ වියදම් කරන්න එපා.

:       3       7

sharm warnTuesday, 16 August 2022 01:40 PM

ඒ කියන්නේ හොරුන්ට හොරකම් කරන්න දීලා අපි පස්සට දත නියවන්න ඕන අනේ ඔය වගේ එක්කෙනෙක් නැති එක ගැන විතරක් මම සතුටු වෙනවා. මෙහෙමත් අමන අදහස් ආවේ ඉස්කෝලෙකට ගියේම නැද්ද ජීවිතේට?

:       1       0

BamunuarachchiWednesday, 17 August 2022 10:07 PM

ඉස්කෝලේ විතරක් ගිය කෙනාට හිතෙන විදිහ තමයි ඔහේ ඔය කිව්වේ... මම ඉස්කෝලෙත් ගියා යුග ගණනාවක දේශපාලන අත්දැකීමත් ලැබුවා. දැන් තේරෙනවද ඔබෙයි මගෙයි වෙනස...?

:       0       0

දාස Tuesday, 16 August 2022 05:34 AM

දැන් අලුත් ක්‍රමය අනුව ආන්ඩුවෙ හොරුන්ට උසාවි ඔනෙ නෑ. කොමිටි දානව හොරෙක් කොමිටියට දානව සුදු හුනු ගානව නැවත හොරාට හොරකම් කරන්න දෙනව.

:       0       8

Podiralahamy Tuesday, 16 August 2022 05:38 AM

There's no smoke without fire —used to say that if people are saying that someone has done something wrong there is usually a good reason for what they are saying there's no smoke without fire.

:       1       13

nak Tuesday, 16 August 2022 08:02 AM

අර ජනාධිපති කොමිසමට පත‍්කරන්න ඕන කවිද කියල කිව්වා වගේ අල්ලස් කොමිසමටත‍් කියපං කාවද පත්කරන්න ඕන කියලා

:       0       24

අර්ජුන මහේන්ද්‍රන් Tuesday, 16 August 2022 08:24 AM

කමිටුවේ නියෝජිතයන් නම් කලෙත් එතුමාමයි. නිදොස්කොට නිදහස්

:       0       28

Keppetipola Tuesday, 16 August 2022 09:02 AM

This man lives with commission and women and hasn't done anything good to the country. He is one of the most corrupted educated politicians in Sri Lanka

:       0       12

sharm warn Tuesday, 16 August 2022 09:29 AM

දැන්වත් මතක් වෙනවද ඇයි මිනිස්සු පාරට බැස්සෙ කියල? දැන්වත් ඔය ගිලිලා ඉන්න වහල් බවින් මිදිලා එලියට එන්න.. මෙරට විනශ කරන්නෙ දියවන්නවෙ ඉන්න සක්කිලි. . ජනතාව පිලිකෙව් කරපු එකෙක් ජනපති වෙච්ච රට මෙ ලෝකෙ කොහෙවත් තිබුනද? එහෙම රටක් දියුනු වෙච්ච තැනක් අහල වත් තියෙනවද? රනිල් නැත්නම් සජිත් ද අනුරද කවුරුවත් නත්නම් කවුරු හරි කරන්න එපයි වගෙ ගොන් තර්ක දාන්නෙ නතුව නිවැරදි පුද්ලගලයන්ට ඉදිරියට එන්න ඉඩ දෙමු.. එන එකාගෙ තෝම්බුව හොය හොය කකුලෙන් අදින්නෙ නැතුව..

:       1       7

podi mole Tuesday, 16 August 2022 09:43 AM

මේ ක්‍රමේ නම් හරිම ශෝක් අප්පා

:       0       5

කිරි පුතා Tuesday, 16 August 2022 09:44 AM

මොනවා කළත් වැඩක් නෑ. අන්තිමට නිදොස් කොට නිදහස්. ඒක තමයි අපේ රටේ යාන්ත්‍රණය. ඔවුන් විතරද හොරකම් කරන්නෙ ? ඉන්ධන ටික , ගෑස් ටික හොරකම් කළා. බැලුවම හොරකම කියන එක අපේ රටේ පුලුවන් හැම එකාම කරනවා. සාධාරණ ජීවිත ගත කරන ධාර්මික මිනිසුන් ට හිස නමමි.

:       0       5

නිමල් Tuesday, 16 August 2022 09:57 AM

නිමල් සිරිපාල කවදාකවත් පගාව ගන්න කෙනෙක් නෙවෙයි. කාලෙකට කලින්, මේ අහිංසකයට මඩ ගැහුවා කාන්තාවක් සම්බන්ධ කරලා. කරුණාකරලා මේ අහිංසකයට මඩ ගහන්න එපා. මිනිහට ජපානෙන් බලෙන් සල්ලි දෙන්න ගිහින්. මනුස්සය අරන් නෑ. ජපානේ සමාව ගන්න ඕනේ. අනික මේ මනුස්සය, ජනාධිපති තුමා කරපු පරීක්ෂණයෙන් නිදහස් උනානේ. තවත් මොනවා ඔප්පු කරන්නද?

:       11       11

senaTuesday, 16 August 2022 11:25 AM

එහෙම නම් රනිල් මහත්තයා මොකද අල්ලස් විමර්ශනයට හිටපු විනිශ්චකාරයො පත් කරේ? විනිශ්ච කරුවරුන්ගෙ දක්ෂතාවය තියෙන්නෙ ඉදිරිපත් කරනලද සාක්ශි විමසිමට මිසක් සාක්ශි සොයා හබායෑමට නොවෙයි. ඒකට වෙනම දෙපාර්තමේන්තුවක් තියෙනවා.

:       0       6

sam Tuesday, 16 August 2022 10:31 AM

මේයා රාජපක්සල වගේම තමයි ගිය ගිය තැන හොර කරනව, කොමිස් ගහනව,

:       0       5

ranjith Tuesday, 16 August 2022 10:54 AM

හොරකම, දුෂණය ඡන්ද කාලේ ඡන්ද පොරොන්දුවක් පමණයි. හොරකම් කරන්න දේශපාලුවන්ට ගැටළුවක් නැහැ.

:       0       6

de silva Tuesday, 16 August 2022 11:05 AM

අපට අවශ්‍ය සිස්ටම් චේන්ජ් එකක්.

:       0       6

SL Tuesday, 16 August 2022 11:07 AM

සල්ලි කෑදර නාකියා ,රට නෙවෙයි අම්ම උනත් විකුණයි. මුන්ගේ ලැජ්ජා නහර කැපිල තියෙන්නේ හිරිකිතයි.

:       0       5

de silva Tuesday, 16 August 2022 11:12 AM

සිරිපාල ඔයා පොඩි පොඩි අල්ලස් ගන්නෙ නැත. ගන්නේ ලොකු කොමිස් පමනි.

:       0       10

fairoos Tuesday, 16 August 2022 12:43 PM

දැන් ආපහු පටන්ගනියි රනිල්ගෙ ගුන කියවන්න.. ඊලග චන්දෙ එනකම් තමයි මේ සෙල්ලම.

:       0       6

lakvidu Tuesday, 16 August 2022 02:00 PM

බබා

:       0       1

dasun Tuesday, 16 August 2022 02:57 PM

අර කමිටුවේ සාමජිකයන්ගේ පෙර වැරදි ගැන වහාම පරික්ෂණයක් ඕන

:       0       0

පුරවැසියා.... Tuesday, 16 August 2022 04:59 PM

මේ වෙනුවෙන් කියන්නට ඇත්තේ මාවරලේ භද්දිය හිමියන් විසින් කරන ලද අනුශාසනාවකි. ( ස්වභාවධර්මය විසින් දඬුවම් ලබා දීම සිදු කරන විට අධිකරණ නොමැත. නීතිඥයින් නොමැත. දඩුවම් පමණි. )

:       0       1

Nihal Harischandra Wednesday, 17 August 2022 08:12 AM

කලින් පත්කල කොමිටිය ජපන් සමාගමෙන් කට උත්තර ගත්තේ නැද්ද ?? මේ හොරා නිදොස් කොට නිදහස් කිරීම ගැන ජපන් සමාගම හොල්මන් වෙලා ඇති. ජපන් සමාගමට නරක නාමයක් උනේ කියල, දැන් එම සමාගමත් රජය ගැන කලකිරිලයි ඇත්තේ

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ලොරිය දුම්රියේ ගැටී රියදුරු මරුට - 6 ක් රෝහලේ
2024 නොවැම්බර් මස 15 206 0

වැලිගම, පොල්අත්ත දෙණිපිටිය ප්‍රද්ශයේදී කුඩා ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් අද (15) පස්වරුවේ එම රථයේ රියදුරු මරණයට පත් වූ බවත් එම අනතුරෙන් තුවාල ලැබූ දරුවන


කෝටි 165 ක හෙරොයින් සමඟ 6 ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 15 359 0

රුපියල් කෝටි 165 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 66 යි ග්‍රෑම් 840 ක් සමග නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන් 6 දෙනෙ


මහින්දගේ වාර්තාව විජිත බිදියි
2024 නොවැම්බර් මස 15 3057 0

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී දිවයිනේ වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාව ලබා ගැනීමට ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රථමයා ලෙස පත් වූ ජාතික ජන බලවේගයේ විජිත හේරත්


අකුරණ නගරය ජලයෙන් යටවෙයි
2024 නොවැම්බර් මස 15 482 0

මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට අද( 15 ) සවස් කාලයේ ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් අකුරණ නගරයේ අදත් ගංවතුර තත්වයක් ඇතිව තිබිණි.


කාන්තාවෝ 20ක් දියවන්නාවට යති
2024 නොවැම්බර් මස 15 2250 1

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් කාන්තාවන් විස්සකට වැඩි පිරිසක් තේරී පත්ව සිටීම විශේෂත්වයකි.මින් කාන්තාවන් වැඩි පිරිසක් තේරී පත්ව සිටින්නේ ජාති


’ජනතාව තැබූ විශ්වාසය කිසි දිනෙක පළුදු කරන්නේ නෑ’
2024 නොවැම්බර් මස 15 493 0

ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ ආසන 159 ක් ලබා දෙමින් ජනතාව තැබූ විශ්වාසය කිසිදිනක පළුදු නොකරන බවත් එම බලය ශ්‍රී ලංකාව ගොඩ ගැනීම සඳහා යොදා ගන්නා බවත් ජන


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 290 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 594 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1715 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site