IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


නාම යෝජනා කැඳවන දිනය මේ මස අග

(විමුක්ති එස් රුද්‍රිගු)

ජනාධිපතිවරණයට නාම යෝජනා කැඳවන දිනය මෙම මස අගදී මැතිවරණ කොමිසම ප්‍රකාශයට පත් කරනු ඇතැයි එම කොමිසමේ සභාපති එන්.එම්.ආර්.එල්. රත්නායක මහතා ප්‍රකාශ කළේය.

ආණ්ඩුක්‍රම ව්‍යස්ථානුකූලව ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා කැඳවීමේ දිනය ප්‍රකාශයට පත් කිරීමේ බලය අනිද්දා (17) මැතිවරණ කොමිසමට ලැබෙන බව රත්නායක මහතා පැවැසුවේය. නාම යෝජනා කැඳවන දිනය මෙම මස අගදී ප්‍රකාශයට පත් කිරීම තුළින් ජනාධිපතිවරණයට සූදානම් වීම සඳහා මැතිවරණ කොමිසමට ප්‍රමාණවත් කාලයක් ලැබෙන බවද ඒ මහතා ප්‍රකාශ කළේය.

විපක්ෂයේ දේශපාලන පක්ෂ සහ මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායම මැතිවරණ කොමිසමෙන් ඉල්ලා ඇත්තේ හැකි ඉක්මනින් ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා කැඳවීමේ දිනය ප්‍රකාශයට පත් කරන ලෙසය. ජනධිපතිවරණය සඳහා නාම යෝජනා කැඳවීමේ දිනය හැකි ඉක්මනින් ප්‍රකාශයට පත් කරන ලෙස සමගි ජන බලවේගයේ ප්‍රධාන ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර පසුගිය සිකුරාදා මැතිවරණ කොමිසමට පැමිණ ඉල්ලීමක්ද කර ඇත.

එළඹෙන ජනාධිපතිවරණයේදී භාවිත කරනු ලබන ඡන්ද හිමි නාමලේඛනය මැතිවරණ කොමිසම ඉදිරි දිනවලදී සහතික කරගනු ඇති අතර මෙම වසරේ පළමු කාර්තුවේදී යාවත්කාලීන කළ ඡන්ද හිමි නාමලේඛනයට අනුව මිලියන 17 ක පිරිසක් එළඹෙන ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබීමට නියමිතය.

 



අදහස් (4)

නාම යෝජනා කැඳවන දිනය මේ මස අග

චන්දිම Sunday, 14 July 2024 11:28 PM

මැතිවරණ කොමිසමට මැතිවරණය ඇත්තටම තියන්න ඕනි නම් පුළුවන් ඉක්මනට දිනය ප්‍රකාශ කරන ඒක තමයි නුවණට හුරු. මොකද ඒක පරක්කු කරන්න කරන්න අනිත් පැත්තෙන් මොන උප්පරවට්ටි දාවිද කියලා කියන්න බැහැ...

:       1       3

විජිත් Monday, 15 July 2024 12:26 AM

මැතිවරණ දිනය ප්‍රකාශයට පත්කිරීමට තමන්ට බලය ලැබෙන පළමු දිනයේදීම (ජුලි 17 වෙනිදා) එය නොකර මාසේ අන්තිම වෙනකම් සිටින්නේ ඇයි? මෙය මහා ප්‍රහේලිකාවක්. සමහරවිට මැතිවරණ ලොක්කොත්, පාලක මිනීමරු හොරුන්ට බයේ ඔවුන් කියන කියන දේ කරනවද? නීති ගරුක, අවංක මැතිවරණ නිලධාරීන් කරන්නේ තමන්ට නීතියෙන් ලැබෙන පළමු අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනය ගැනීමයි. ඔය දිනය තීන්දු කරන්නේ කවුද ශ්‍රී ලංකාවේ? මම හිතන්නේ මැතිවරණ කොමසාරිස් වරයා කියලයි.17 වෙනිදාට ලැබෙන අවස්ථාව මගහැරලා මාසේ අන්තිම වෙනකම් බලාගෙන ඉන්නේ ඇයි? ජනාධිපති කිව්වද?කෙසේවෙතත් 18 වෙනිදායින් පසු ආණ්ඩුව ඡන්දය නොපවත්වා සිටින්නට තවත් මරාලයක් කලොත්... අනිවාර්යයෙන්ම ඒ දුෂිත ක්‍රියාවට මැතිවරණ කොමිසමත් සම්බන්ධයි.

:       1       4

shantha Monday, 15 July 2024 12:30 AM

කවුද මේ රත්නායක කියන්නේ? ආණ්ඩුවේ හෙන්චයියෙක්වගේ පෙනෙන්නේ... නැත්නම් 17 වෙනිදාට පුළුවනිනේ මැතිවරණ දිනය ප්‍රකාශයට පත්කරන්න. අවුරුදු 4 ක් කිසිවක් නොකර පිනට කමින් සිටින මැතිවරණ කාරයින්ට ඕකවත් කරන්න බැරිද නියම දවසට...?

:       1       5

අරවින්ද මොනරවිල Monday, 15 July 2024 09:39 AM

වසර හතරකට පසුවයි මැතිවරණ කොමිසමට තමන්ගේ රාජකාරිය කරන්න අවස්ථාවක් ලැබෙන්නේ. ඒකටත් තවම සූදානම් නැති බවක් තමයි කොමිසමේ සභාපතිවරයා මාධ්‍යට කියන්නේ. ස්වාධීන යයි කියන කොමිෂන් වලට පත්වෙන්නේ රජයට හිතවත් හා රජයේ දේශපාලකයන් සමග ගනුදෙනු කරන පුද්ගලයින් නිසා ඔවුන් රජයේ අවශ්‍යතායට අනුව කටයුතු කරන බවක් තමයි පෙනෙන්නට තියෙන්නේ. විශේෂයෙන් රනිල් රාජපක්ෂ ජනාධිපතිවරණයට බියෙන් පසුවන නිසා ඔහුට ව්‍යවස්ථා ගැටයක් හරහා ජනාධිපතිවරණය කඩුල්ල පැන ගන්න අවස්ථාවක් ලබා දෙන්න කොමිෂන් සභාවේ සාමාජික ගැත්තන් කල්යල් බලන්න සූදානම් වන බවක් තමයි පෙනෙන්නට තියෙන්නේ. ඒ නිසා වහා වහා මැතිවරණය පවත්වන්න සුදානම් කරන ලෙස සමස්ත ඡන්ද දායකයන් ඔවුනට බලකර සිටිය යුතුය.

:       1       16

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අදත් වැසිවාර කිහිපයක්
2024 සැප්තැම්බර් මස 25 19 0

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ජනපති -මහ බැංකු අධිපති විශේෂ සාකච්ඡාවක්
2024 සැප්තැම්බර් මස 24 10889 0

ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස


පාර්ලිමේන්තුව විසුරුවයි
2024 සැප්තැම්බර් මස 24 5380 0

පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.


ෆොන්සේකා රට ගොඩනගන්න සිහිනයක් දකී
2024 සැප්තැම්බර් මස 24 7630 0

රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ


අනුරට රට කරගෙන යන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 24 5072 0

අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


පහේ පේපරේ ප්‍රශ්න තුනක් පිට කළ ගුරුවරයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 24 1275 0

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36529 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24210 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 176 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 532 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 228 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site