IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


‘නුඹ අපේ මිනිහෙක් අපේ නොවේ‘

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා එම ධූරයට පත්ව වසරක් සැමරීම නිමිත්තෙන් නිල ගීතයක් හඳුන්වා නොදුන් බව ජනාධිපති ලේකම් පී.බී.අබේකෝන් මහතා කියයි.

ඇතැම් යූ ටියුබ් ඇතුළු වෙබ් අඩවි හා සමාජ ජාල මගින් එවැනි අදහසක් දීමට උත්සාහ ගෙන ඇතැයි නිවේදනයක් මගින් අබේකෝන් මහතා පවසයි.

‘නුඹ අපේ මිනිහෙක්‘ යනුවෙන් අමිල තේනුවර රචනා කළ ගීතය දර්ශන රුවන් දිසානායකගේ සංගීතයෙන් සමූහ ගායනයක් ලෙස අන්තර්ජාලයෙන් අසන්නට ලැබේ. නුඹ අපේ මිනිහෙක් යන ගීතය ජනපති ගේ හෝ ජනපති කාර්යාලයේ හෝ අනුදැනුමකින් තොරව ප්‍රචාරය වෙතියි ජනපති ලේකම් කියයි.



අදහස් (0)

‘නුඹ අපේ මිනිහෙක් අපේ නොවේ‘

නිෂා Tuesday, 12 January 2016 12:26 PM

යූ ටියුබ් එකේ නෝන්ඩි වුන එකම සින්දුව,,(කෞ)

:       0       0

රත්න Wednesday, 13 January 2016 05:39 AM

තමං කොළා නම් ඒක බාර ගන්න කොන්දක් තියෙන්න ඕන.ඕක තමයි වග වීම කියන්නේ. ඒක යහපාලනයේ මූලික ධර්මයක්. බලන කොට මෙයාට ඇමති කාලේ තිබිල තියෙන්නෙ බාධක විතරයි. ඒ නිසාලු වැඩක් කරල නැත්තෙ. දැන් කරන්නෙත් ඒක මයි. ඒකාලෙ අගමැති නොලැබෙන්න හේතුව දැන් තේරෙනවා නේද? (බ)

:       0       0

යොහාන් Tuesday, 12 January 2016 07:54 PM

බලනකොට මේ රටේ වෙන මොකුත් එයාලා දන්නේ නැහැනේ. (නි)

:       0       0

අනුරාධා Tuesday, 12 January 2016 01:06 PM

නුඹ අපේම මිනිසෙක්.(හේ)

:       0       0

අබය Tuesday, 12 January 2016 08:42 PM

කවුරු වුණත් තම තමන් පුප්පවා ගන්න කරන වැඩ වලින් වෙන්නේ මහජන අප්‍රසාදය වැඩිවෙන එක තමයි. නිශ්ශබ්දව රටට වැඩක් කරන්න. (නි)

:       0       0

අශෝක Wednesday, 13 January 2016 05:59 AM

අපේ රටේ මිනිස්සු දරුවන්ට නම් දැමීම හැමදාම කරන්නේ වැරදි විදිහට . ගුණපාල කියල දැම්මොත් උගේ කිසිම ගුණයක් නැහැ. ධනපාල කිව්වොත් ඒ මිනිහ ළඟ සතයක්වත් නැහැ . අනිත් ප්‍රසිද්ද නම් වලත් තත්වය එහෙමම තමයි. (බ)

:       0       0

ලලිත් Tuesday, 12 January 2016 09:23 PM

අනේ ඉතින් සින්දුවක් නැතුව ඔය සැමරුමේ කිසි ගතියක් නැහැනේ. (නි)

:       0       0

දහම් Tuesday, 12 January 2016 01:21 PM

මහින්දගේ කාලේ මේ වගේ දේවල් ඔක්කොම එතුමා නොදැන සිදුවුනේ නැහැ. මම දන්නේ නැහැ කියලා කිව්වෙත් නැහැ. (ර)

:       0       0

ප්‍රේමරත්න Tuesday, 12 January 2016 10:38 PM

මේකට වියදම් වුණේ පුද්ගලික මුදල් නෙමෙයිනේ. ජනාධිපතිතුමාගේ අනුදැනුමක් නැත්නම් කව්රුහරි වන්දිබට්ටෙක් ලකුණු දාගන්න මහජන මුදලින් කළ දෙයක්නේ. මේ වගේ ගීතයක විෂුවල් එකත් එක්ක කරන්න කෝටි ගණනක් යනවා. මේක කරපු කෙනා හොයලා නඩු දාලා එම මුදල් අයකරගන්න (නි)

:       0       0

කුමාර Wednesday, 13 January 2016 05:35 PM

මේ තරම් ජනප්‍රිය නායකයෙක් ලෝකයේ නැත. ඉහත සියලු අදහස් කියවා බලන්න.... (නි)

:       0       0

නිකිණි Tuesday, 12 January 2016 01:42 PM

මං තාම අහලා නෑ ඒ සිංදුව. (ර)

:       0       0

මනෝජ් Tuesday, 12 January 2016 01:45 PM

මොකුත්ම දන්නේ නැනේ. (ර)

:       0       0

සොපි Wednesday, 13 January 2016 06:25 AM

අපි නොදන්න සින්දු .....(ම)

:       0       0

ඇන්ජලෝ Tuesday, 12 January 2016 11:09 PM

කවුරුත් පරණ සින්දුවම තමයි කරන්නේ. මේ වගේ ප්‍රශස්ති ගී ගයා පාලකයන් රවටනවා. (නි)

:       0       0

කෝසල Wednesday, 13 January 2016 12:08 AM

මම නම් අපේ කියලා පිළිගන්නේ නැහැ. මේක මගේ පුද්ගලික අදහස (නි)

:       0       0

සංජීව Tuesday, 12 January 2016 02:16 PM

ඔය සින්දුවට වඩා අප්පච්චි සින්දුව දහස් ගුණයක් හොදයි. (ර)

:       0       0

රමණි Wednesday, 13 January 2016 12:19 AM

හැමදාම කිව්වේ ඔච්චරයි. “මම දන්නේ නැහැ...“ (නි)

:       0       0

රත්නසිරි Wednesday, 13 January 2016 01:45 AM

ඉතින් ඇයි මීට විරුද්ධව ක්‍රියාමාර්ගයක් නොගන්නේ? (නි)

:       0       0

ගමගේ Tuesday, 12 January 2016 02:47 PM

ඔයා නම් අපේ මිනිහෙක් නෙමේ කියල අපි දැන ගෙන හුගක් කල් (බ)

:       0       0

සෑම් Wednesday, 13 January 2016 02:04 AM

මම නම් මේ ගැන කිසිම දෙයක් දන්නෙ නැහැ (නි)

:       0       0

ගුණසිරි Wednesday, 13 January 2016 02:24 AM

මේක හදපු කෙනාට විරුද්ධව නඩු දාලා ඒ මුදල් අයකර ගන්න. ලොකු දඩයකුත් ගහන්න. මේක කරන්නේ ඇත්තේ කවුරුහරි ලකුණු ටිකක් දාගන්න. ලොකු දඩයක් ගහලා වියදම් වුණ මුදලුත් අයකර ගත්තා නම් කිසිම කෙනෙක් මිනිසුන්ගේ සල්ලි වලින් ලකුණු දාගන්න යන එකක් නැහැ. අනාගතයටත් එක්ක හොඳ පාඩමක් වේවි. (නි)

:       0       0

සේනක Wednesday, 13 January 2016 02:28 AM

මේ මහජන මුදල් නාස්තිය කළ අය තාමත් නිදැල්ලේ ඇති. වහාම ඔහුව අත්අඩංගුවට ගන්න. ඔහු මේ සින්දුව කළේ ඔහුගේ පුද්ගලික මුදලින් නම් ප්‍රචාරණය කළේ පුද්ගලික මුදලින් නම්, එහෙනම් ඉතින් අපිට ප්‍රශ්නයක් නැහැ. (නි)

:       0       0

දුමින්ද Wednesday, 13 January 2016 02:23 AM

වගකීමෙන් ආරක්ෂාවීම! (නි)

:       0       0

විදාන Wednesday, 13 January 2016 03:19 AM

ඉස්සර රජයේ රූපවාහිනී වල මහින්දවම පෙන්වනවා කියලා ලොකුවට කෑගැහුවා. දැන් දවසම පෙන්වන්නේ මොනවද දන්නේ නැහැ (නි)

:       0       0

බමුණු ආරච්චි Tuesday, 12 January 2016 04:07 PM

ඔබ ගැන අපි දනිමු (නි)

:       0       0

කැප්පෙටිපොළ Wednesday, 13 January 2016 03:20 AM

මමත් දන්නේ නැහැ කිසිම දෙයක් (නි)

:       0       0

සෙනරත් Wednesday, 13 January 2016 03:25 AM

මේ කරන වැඩවලින් අපේ මිනිහෙක් නෙමෙයි කියල හිතෙනවා. අද සංවර්ධනය 5% . ලබන අවුරුද්දෙදි 3% විතර වේවි. (බ)

:       0       0

සේන Wednesday, 13 January 2016 03:26 AM

රටකට ඇති වූ අපමණ අගයක්. (බ)

:       0       0

රාජා Thursday, 14 January 2016 01:42 AM

අශෝකගේ නම් වල තේරුම් කතාව නම් නියමයි. (නි)

:       0       0

ඩිල්ෂාන් Wednesday, 13 January 2016 03:34 AM

බඩු මිල ඉහළ ගියාට මොකද? අපි සින්දු අහමු. එතකොට අපේ බඩත් පිරෙයි, අපේ පොඩි දරුවන්ගේ බඩවලුත් පිරෙයි නේද? (බ)

:       0       0

රණසිංහ Wednesday, 13 January 2016 03:37 AM

මඩු වලිගෙන් තලන එකනේ ඇත්තේ (බ)

:       0       0

දසුන් Thursday, 14 January 2016 02:07 AM

අපි තේරුම් අරගෙන ඉවරයි ගොඩක් දේවල් (නි)

:       0       0

නිමල් Thursday, 14 January 2016 02:47 AM

මේ තියෙන අදහස් දැක්කහම බුදු හාමුදුරුවෝ මාගන්දිය කතාවේ මාගන්දිය ගැන කියූ දෙය මතක් වෙනවා. අදටත් ගැළපෙන කතාවක්. (නි)

:       0       0

සංජීව - හොරණ Wednesday, 13 January 2016 04:32 AM

දෙවියන් විසින් ගයනා කරනු ලබන නුඹ අපේ මිනිසෙක් ගීතය අසා සියතැන මෛත්‍රීපාල ජනපතිට දී පරාක්‍රම සමුද්‍රය අසල වැඩ උන් පරාක්‍රමබාහු නිරිදුන් පලා යයි..(ම)

:       0       0

වෙල්ගම Wednesday, 13 January 2016 04:36 AM

හැමදාම මන් දන්නේ නෑ මන් දැනන් හිටියේ නෑ හිටන් කියන්නේ නැතුව ඕවට මුකුත්ම නොකියා හිටියා නම් මිට වඩා හොඳයි (ම)

:       0       0

රොක්සි Tuesday, 12 January 2016 05:16 PM

අනේ මන්දා! අපි ඕවට නැහැ ඔන්න (නි)

:       0       0

උපුල් Tuesday, 12 January 2016 05:38 PM

මේවට මොනවා කියලා කියන්නද අපි? (නි)

:       0       0

පිටිගල මිලානෝ Tuesday, 12 January 2016 11:49 AM

අර ගෑනු ළමයෙක් නට නටා කියන අයිබෝන් මහරජා සින්දුවම කිව්වනම් තමයි ලස්සන. (කෞ)

:       0       0

ජනහිත Tuesday, 12 January 2016 05:40 PM

අමුතුවෙන් සින්දු ඕනෑ නැහැ, අපි දන්නවා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති -මහ බැංකු අධිපති විශේෂ සාකච්ඡාවක්
2024 සැප්තැම්බර් මස 24 9160 0

ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස


පාර්ලිමේන්තුව විසුරුවයි
2024 සැප්තැම්බර් මස 24 4806 0

පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.


ෆොන්සේකා රට ගොඩනගන්න සිහිනයක් දකී
2024 සැප්තැම්බර් මස 24 6651 0

රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ


අනුරට රට කරගෙන යන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 24 4521 0

අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


පහේ පේපරේ ප්‍රශ්න තුනක් පිට කළ ගුරුවරයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 24 1117 0

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර


කුඩා දැරියක පැහැර ගත් 17 හැවිරිදි අයෙක් සැකපිට
2024 සැප්තැම්බර් මස 24 1928 0

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36468 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24186 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 173 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 527 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 227 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site