IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


නායකත්ව පුහුණුව නවතී

විශ්ව විද්‍යාල සිසුනට නායකත්ව පුහුණුව වෙනුවට වඩාත් ඵලදායි වැඩසටහනක් හඳුන්වා දෙන බව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය රාජීව විජේසිංහ කියයි.

නායකත්ව පුහුණුවට ගොස් උඩ පැනීම ආදියෙන් දරුවන්ට වූ සෙතක් නැතැයි කීය.  අමාත්‍යවරයා විශ්ව විද්‍යාල සිසුන්ට ලබාදිය යුත්තේ ඔවුන්ට අවශ්‍ය දෙය මිස  රජයට අවශ්‍ය දෙය නොවන බව ද සඳහන් කළේය.

එමෙන්ම මෙම වැඩ සටහන රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශයට පවරා තිබීම වරදක් බව කී මහාචාර්ය විජේසිංහ මහතා උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ කටයුතු සඳහා වෙනත් අමාත්‍යාංශයක සහාය ලැබ ගැනීම වරදක් නොවුවත්, වෙනත් අමාත්‍යංශයකට පවරාදීම වරදක් බව කීවේය.

අමාත්‍යවරයා මේ බව පැවැසුවේ එම අමාත්‍යංශ ශ්‍රවණාගාරයේ දී අද (21) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.



අදහස් (0)

නායකත්ව පුහුණුව නවතී

ජෙහාන් Wednesday, 21 January 2015 09:34 AM

මම නම් කියන්නේ හිටපු ඇමති තුමාවත් ඔය වැඩසටහනකට යොදවලා හොඳ පුහුණුවක් දෙන්න. නායකයෙකු වශයෙන් කට රැක ගැනීමේ වැදගත්කම විශේෂයෙන්ම පුහුණුවට ඇතුලත් කරන්න. (දිල්)

:       0       0

සරසි Wednesday, 21 January 2015 09:44 AM

ඔය එක්කම නායකත්ව පුහුණුවට ගොස් නොයෙකුත් කරදර වලට මුහුණ දුන්න සිසු සිසුවියන්ගේ දැන් තත්වය සොයා බැලුවොත් හොඳයි නේද ? කොන්ද ආබාධ වුන දෙතුන් දෙනෙක් සිටියා කියලා පසු ගිය කාලයේ වාර්තා වුනා නේද ? මේවා සෙල්ලම් නෙවෙයි. දුරදිග යන අසනීප තත්ත්ව බවට පත් වෙන්න පුළුවන්. (ර)

:       0       0

රංග Wednesday, 21 January 2015 09:55 AM

සිසුන්ට නායකත්ව පුහුණුවක් අවශ්‍යනම් එය විශ්ව විද්‍යාල තුලම ලබා දිය හැකිය. හමුදා කඳවුරු වලට යැවිය යුතු නැත. (ර)

:       0       0

ජයත් Wednesday, 21 January 2015 10:10 AM

ඇති යාන්තම්.(හේ)

:       0       0

සෑම් Wednesday, 21 January 2015 10:11 AM

සරසවි ශිෂ්‍යයන්ට ආමන්ත්‍රණය කරන්නවත් දන්නේ නැති උඩඟු මෝඩ කෙනෙකුගෙන් මේ ඇමතිකම ඉවත් වෙච්ච එක හැමෝගෙම වාසනාවක්. (නදී)

:       0       0

රොනල් Wednesday, 21 January 2015 10:13 AM

ගොන් කතා කියන්න එපා. නායකත්ව පුහුණුව නම් වැඩක් නැති ද මන්දන්නේ නැහැ. එ්ත් උඩ පනිනවා කියන්නේ උඩ පනිනවා නෙවෙයි. අපේ ආයතනයෙන් ලීඩර් සිප් වැඩ සටහන්වලට ගිහින් ගිහින් ඕන තරම් උඩ පැනල තියනවා. ලක්ෂ ගණන් කම්පැනි එකෙන් වියදම් කරන්නේ වටිනාකම නොදැන නෙවෙයි (නදී)

:       0       0

ලහිරු Thursday, 22 January 2015 07:52 AM

අපගේ විශ්ව විද්‍යාලවල ඉගෙනුම ලබන බහුතරයක් සමාජය‍ට නිරාවරණය නොවුණු කොටසක්.පොත පතේ දැනුම පමණක් සහිත කොට තනිව ඉලක්ක හඳුනා ගැනීම. ඉලක්ක ගතව වැඩ කිරීමට ක්‍රමවේදයක් පිළියෙල කර ගැනීම. විනයක් සහිතව හඹා යෑම යන අංග ඔවුන් දියුණු කර ගත යුතුයි. (දිල්)

:       0       0

සත්‍යපාල Wednesday, 21 January 2015 10:25 AM

මෙච්චර කල් ඔය අමාත්‍යාංශය පාලනය කළ අයගේ කටවල් විතරයි තිබුනේ. එ් නිසා තමයි හැම දෙයක්ම නොපිටට පෙරලුනේ. දැන් වත් උසස් අධ්‍යාපන අමාත්‍යාංශය හරිමග යයි කියලා අපි හිතනවා. (නදී)

:       0       0

බිමල් Wednesday, 21 January 2015 10:25 AM

මේක හිටපු ආරක්ෂක ලේකම් ගෝටාභය රාජපක්ෂගේ විකාර වැඩක්. නවත්තපු එක හොඳයි (නදී)

:       0       0

ජෙහාන් Wednesday, 21 January 2015 10:31 AM

පුහුණුවට යවන්න තිබුනේ හිටපු උසස් අධ්‍යාපන ඇමතිතුමාව. නායකයෙකු වශයෙන් සමාජය ඉදිරියේ සංවරව වචන පාවිච්චි කරමින් ශීලාචාර සිරිත් විරිත් වලින් යුතුව සභාවක් ඉදිරියේ පෙනී සිටින්නේ කොහොමද කියලා ඉගෙනගන්න. ඒක ළමයින්ට කලින් එයා තමයි දැන ගන්න ඕනා. (නදී)

:       0       0

චාන්දනී Wednesday, 21 January 2015 10:40 AM

මේ නායකත්ව පුහුණුවේදී ශාරීරික සවුක්‍යය , කණ්ඩායම් ක්‍රියා කාරකම් විතරක් නෙවෙයි නායකයන් හැටියට , විනීත , ශීලාචාර අයුරින් අශ්ලීල වචන සහ වාචාල වලින් තොරව සභාවක් අමතන හැටිත් කියලා දෙනවා යයි මම උපකල්පනය කරනවා. ඒ මොකද මේ ළමයින්ට අහන දකින්න ලැබුන එක්තරා නායකත්ව ශෛලියක් නම් ලෝකයේ කොහෙවත් නැති එකක්. (බ)

:       0       0

ලලනා කන්නන්ගර Wednesday, 21 January 2015 10:41 AM

ඔහුට උවමනායි වෙනසක් කරන්න අනෙක් අයට වඩා. ඔහු දක්ෂ මහාචාර්යවරයෙක් (බ)

:       0       0

ලලනි Wednesday, 21 January 2015 10:43 AM

පුහුණුවට යවන්න ඕන කවුද කියල අපෙන් අහන්න අපි කියන්නම්. හැබැයි දැන් එයාට කට පරිස්ස්සම් කරගන්න හැටි එයාගේ ලොක්ක දන ගස්සවල පුහුණුවක් දීල තියනවද කොහෙද (බ)

:       0       0

භානුක Wednesday, 21 January 2015 10:54 AM

සරසවි ළමයින්ට පුහුණුවට අනාගතයේ රැකියා සඳහා අවශ්‍ය වෙන උපදෙස් මාලාවක් ඇතුලත් පුහුණුවක් දෙනවා නම් හොඳයි. උගත්කම විතරක් තිබිලා මදි . අදාළ කුසලතා ලබා ගැනීමත් වැදගත්. සමහ‍ර උපාධිදාරීන් සේවාව ලබා ගන්න එන මහජනයාට හෝ පාරිභෝගිකයාට හරියට කතා කරන්න දන්නේ නැහැ, . පරිගණයක් ක්‍රියාත්මක කර ඉංග්‍රීසියෙන් ඊ මේල් එකක් යවා ගන්න බැරි කට්ටිය ඉන්නවා. විශේෂයෙන් පුද්ගලික අංශයේ රැකියාවලට මේ දේවල් අවශ්‍යයි. පසු කළක රජයේ රැකියා නැහැ කියමින් කාලය ගෙවනවාට වැඩිය සරසවියේදී මේ දේවල් ගැන දැනුවත් කරමින් යම් පුහුණුවක් ලැබුනොත් ළමයින්ට එය ප්‍රයෝජනයි. (හේ)

:       0       0

සරත් Wednesday, 21 January 2015 10:56 AM

ඒක හොදයි.බොරු වියදම්.(හේ)

:       0       0

සිසිර Wednesday, 21 January 2015 11:20 AM

සරසවි සිසුවා හෝ සරසවිය යනු හමුදාව සුදානම් කරන තැනක් වත් පාලකයාට අවශ්‍ය සුවච කීකරු පීරිසක් හදන තැනක් නොවේ. එහි බිහිවිය යුත්තේ විචාරසීලී, නිර්මාණාත්මක පිරිසක්. (ර)

:       0       0

නවීන් Wednesday, 21 January 2015 11:44 AM

ඒ බොරු වැඩ නවත්තපු එක හොදයි.(හේ)

:       0       0

ගාල්ලේ පාල Wednesday, 21 January 2015 01:59 PM

දැන් එය නැවත පටන්ගත්ත කෙනාට විශේෂ පුහුණුවක් දෙන්න(දිල්)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නරුම රැලක් සිසුවා බිලි ගනිති
2024 ඔක්තෝබර් මස 02 222 0

තම මිතුරාගේ පෙම්වතිය හමුවීමට මිතුරා සමඟ ඇයගේ ගමට ගිය පාසල් සිසුවෙකුට කිසියම් පිරිසක් පහරදීමෙන් එම සිසුවා මරණයට පත්ව ඇතැයි මාතලේ මහවෙල පොලිසිය පවසය


මහකන්නයට වතුර 15 වැනිදා සිට
2024 ඔක්තෝබර් මස 02 6 0

මෙවර මහකන්නය සඳහා ජලය නිකුත් කිරීම ලබන15වැනිදා සිට සිදු කරන බව කෘෂිකාර්ම අමාත්‍යංශය පවසයි


’’IMF වැඩසටහනට කැපවෙන්න’’
2024 ඔක්තෝබර් මස 02 471 1

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර කිරීමට ඉවහල් වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනට කැපවන ලෙස නව පාලනයෙන් ඉල්ලා සිටින බව හිටපු මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහා


ඇඟලුම් සේවකයා ළඟ උණ්ඩ පහක් යෙදිය හැකි රිවොල්වරයක්
2024 ඔක්තෝබර් මස 02 206 0

මාතර උනැල්ල ප්‍රදේශයේ ඇගලුම් සේවකයෙකු සන්තකයේ තිබී එකවර උණ්ඩ පහක් යෙදිය හැකි රිවෝල්වරයක් අත්අඩංගුවට ගත් බව මාතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි.


ඕස්ට්‍රේලියා මහකොමසාරිස් ජනපති හමු වෙයි
2024 ඔක්තෝබර් මස 02 385 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් පෝල් ස්ටීවන්ස් මහතා (Paul Stephens) අතර හමුවක් කොළඹ ජනාධිපති කාර්යාලයේදී අද (2) සි


ඩෙංගු මඩින්න කියුබා සහය
2024 ඔක්තෝබර් මස 02 792 0

ශ්‍රී ලංකාවේ ඩෙංගු මර්දන කටයුතු සඳහා ශ්‍රී ලංකාවේ පූර්ණ සහයෝගය ලබාදෙන බව ශ්‍රී ලංකාවේ කියුබානු තානාපති අන්ද්‍රේස් මාර්සෙලෝ ගොන්සාලෙස් ගොරිඩෝ මහතා ජ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38591 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25395 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 276 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 939 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 328 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site