IMG-LOGO

2025 අප්‍රේල් මස 11 වන සිකුරාදා


නියඟෙන් පීඩාවට පත්වූ ගොවීන්ට කෝටි 700 ක් වෙන්කළා - ජනාධිපති

(දයාරත්න ඇඹෝගම)

නියගයෙන් පිඩාවට පත්වු ගොවි ජනතාව වෙනුවෙන් රුපියල් මිලියන හත්දහසක මුදලක් ලබාදි ඇතැයි ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා කියයි.

“පසුගිය කාලයේ ඇතිවු දැඩි නියගය හේතුවෙන් ආහාර නිෂ්පාදනය 40%කින් අඩු වුණා.මේ නිසා අපට සහල් පිටරටින් ආනයනය කරන්න වුණා.පසුගිය මාස දෙකේදි සහල් මෙට්ටි‍්‍රක් ටොන් ලක්ෂ දෙකක් ගෙන්වලා තිබෙනවා.තවත් සහල් මෙට්ට‍්‍රික් ටොන් ලක්ෂ දෙකක් ගෙන්විමට උපදෙස් ලබාදි තිබෙනවා.

මේ නිසා රටේ සහල් හිඟයක් හෝ මිල වැඩිවිමක් වෙන්නේ නැහැ“යැයි ජනාධිපතිවරයා ප්‍රකාශ කරයි.

අනුරාධපුර මහජන ක‍්‍රිඩාංගනයේදි පැවති ගොවි සංවිධානවලට නොමිලේ කෘෂි යන්ත‍්‍ර බේදා දිමේ ජාතික මහෝත්සවයට එක් වෙමින් ජනාධිපතිවරයා මේ බව පැවසිය.



අදහස් (11)

නියඟෙන් පීඩාවට පත්වූ ගොවීන්ට කෝටි 700 ක් වෙන්කළා - ජනාධිපති

daham Sunday, 09 April 2017 07:40 AM

මේ සල්ලි ලැබුණු ගොවීන්ගේ නම් සහ ලිපිනයන් කරුණාකර ජනාධිපති වෙබ් අඩවියේ පල කරන්න රටටම දන ගන්න. එහෙම නොකරන්නේ ඇයි

:       2       120

[email protected] Sunday, 09 April 2017 09:19 AM

බොරු කියන එක දැන්වත් නවත්වන්න. අපේ රටේ කොහේද සල්ලි තියෙන්නේ.. විදේශ විනිමය ලැබෙන්නේ අපේ රටේ මිනිස්සු වෙන රටවලට ගිහින් දුක්මහන්සිවෙලා හම්බ කරපු සල්ලි වලින්... ඇමතිවරු නම් සැප විඳිනවා... දුප්පත් මිනිස්සු හිඟා නොකා හිඟා කනවා. රටේ තත්ත්වය මෙහෙම තියෙද්දී මැති ඇමතිලගේ උදවියත් රජ සැප ගන්නවා. ඇත්ත තත්වෙ ඕකයි. එහෙම තියෙද්දි අපේ ගොවියන්ට දෙන්න සල්ලි කෝටි ගණන් හොයන්නෙ කොහොමද කියල ඉස්සෙල්ලාම අපට පැහැදිලි කර දුන්නොත් ඇත්ත නැත්ත මොකක්ද? කියලා දැනගන්න පුලුවන් වෙයි.

:       3       98

susantha Sunday, 09 April 2017 12:56 PM

පත්තරේ බලලවත් රටේ හාල් මිල දැනගත්තා නම් හොඳ නැද්ද, 'හාල් මිල වැඩි වීමක් වෙන්නේ නෑ' කියන්න කලින්. එක්කෝ රටේ වෙන්නේ මොනවද කියල හාන් කවිසියක් දන්නේ නෑ, එක්කෝ කියන්නේ කෙප්ප කෙබර.

:       10       55

anil Sunday, 09 April 2017 12:57 PM

මල්ලිටනම් ගජ වාසියිනෙ මේ දවස්වල!

:       0       31

DudliSunday, 09 April 2017 04:06 PM

මල්ලි හරි මල්ලි..

:       0       6

saman Sunday, 09 April 2017 01:42 PM

හරි! හරි!! වෙන්කළා විතරයි කීවේ. තව දුන්නෙත් නැහැනේ. ඒ වගේම දෙන්නෙත් නැහැනේ. මොකටද මේ කලබල වෙන්නේ.

:       0       8

kamal Sunday, 09 April 2017 04:04 PM

අධිවේග මාර්ග සඳහා මැයි දිනයට පමණක් ගාස්තු අය නොකර, අලුත් අවුරුද සඳහා ගම බිම් කරා යන ජනතාවට එම සහනය නොදීම කෙතරම් ඛේද ජනකද..? රට කෙතරම් දේශපාලනීකරණය වෙලාද?.. අම්ම අප්ප හරි විකුණයි දේශපාලන වාසි ගන්න...ඔබ තුමාට පුලුවන් කමක් තියෙනවනම් මැයි පෙළපාලි සඳහා වෙන්කළ මුදල් නියඟයෙන් විපතට පත්වෙලා ඉන්න ජනතාවට වෙන් කරන්න ...පෙළපාලි වලට බොරුවට සෙනඟ අදිනවට වඩා අය රටටත් වැදගත් වෙනවා වගේම ජනතාවගෙනුත් හොද ප්‍රතිචාර ලැබෙයි...

:       0       22

siri Sunday, 09 April 2017 08:32 PM

දැන්වත් අහිංසක ගොවි ජනතාව රැවටීම නවත්වන්න.ඔබ තුමාගේ මහා ලේකම් කුබුරු අක්කර ලක්ෂ ගණනක් වගා කිරීම නැවැත්තුව. සහල් වැඩියි කියල. මාස කීයද ගියේ රටේ සහල් හිගයක් ආවා.

:       0       63

Shanaka Monday, 10 April 2017 02:58 AM

යහපාලනය බොරුවක් කිව්වම අපේ කට්ටිය නිකන්ම රැවටෙනවා

:       1       34

atha Monday, 10 April 2017 06:50 AM

සියල්ල කතාවට පමණයි...

:       0       25

aththa Monday, 10 April 2017 06:55 AM

අනේ බොරු නම් කියන්න එපා....

:       0       16

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

මහවැලි ගඟට පැන්න තරුණිය කොස්තාපල් බේර ගනී
2025 අප්‍රේල් මස 10 1091 0

කටුගස්තොට මහ පාලමෙන් මහවැලි ගඟට පැන්න 21 හැවිරිදි තරුණියක බේරාගැනීමට එම ස්ථානයේ රාජකාරි කළ පොලිස් කොස්තාපල්වරයකු කටයුතු කර තිබේ.


අවුරුදු නැකත් දැන ගන්න සූර්යයා වෙතින් කේතයක්
2025 අප්‍රේල් මස 10 232 0

මෙවර සිංහල හින්දු අලුත් අවුරුදු නැකත් නිවැරදිව දැනගන්නට ‘‘සූර්යයා‘‘ ආයතනය විසින් QR කේතයක් හඳුන්වා දී තිබේ.


නාවික හමුදා දිය යට අවුරුදු උළෙල....
2025 අප්‍රේල් මස 10 412 0

ශ්‍රී ලංකා නාවික හමුදාවේ මාලිමා සත්කාරක සේවාවට අයත්, මාලිමා කිමිදුම් සමාජය සහ නාවික හමුදා කිමිදුම් අංශය එක්ව, ප්‍රථම වරට සංවිධානය කළ දිය යට සිංහල හා දම


වීසා නැතිව සිටි ඉන්දියානුවෝ 22ක් මාට්ටු
2025 අප්‍රේල් මස 10 434 0

කල් ඉකුත් වූ වීසා බලපත්‍ර යටතේ මෙරට නීතිවිරෝධී ලෙස රැදී සිටි ඉන්දීය ජාතිකයන් 22 දෙනකු අත්අඩංගුවට ගත් බව ආගමන විගමන දෙපාර්තමේන්තු කියයි.


වෛද්‍යවරිය අපයෝජන සිද්ධියේ සැකකරු යළි රිමාන්ඩ්
2025 අප්‍රේල් මස 10 503 0

අනුරාධපුර ශික්ෂණ රෝහලේ පුහණූ විශේෂඥ වෛද්‍යවරියක අපයෝජනයට ලක් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඞ් බාරයේ සිටින හිටපු යුද හමුදා සෙබළා ඞී. එන්. ඒ. පරික්ෂ


මියන්මාරයට ඩොලර් මිලියනයක්
2025 අප්‍රේල් මස 10 894 0

භූ කම්පනය හේතුවෙන් විපතට පත් මියන්මාර ජනතාවට සහන සැලැසීම සඳහා ඇමෙරිකා ඩොලර් මිලියනයක මූල්‍ය ආධාරයක් සිදු කිරීමට ශ්‍රී ලංකා රජය කටයුතු කර තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 84 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 437 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක් 2025 අප්‍රේල් මස 04 923 0
ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක්

නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා

Our Group Site