IMG-LOGO

2024 ඔක්තෝබර් මස 09 වන බදාදා


නියඟය නැති කරන්න උප ඇමති බෙර ගහයි: ආදීවාසීහු කිරි කොරහ නටති

රජරට ඇතුළු දිවයිනේ ප්‍රදේශ රැසකට බලපා ඇති නියඟය දුරුවී වැසි ප්‍රාර්ථනා කරමින් ආදීවාසීහු පිරිසක් දිඹුලාගල ආරණ්‍ය සේනාසන භූමියේදී 01 වෙනි දා රාත්‍රී කිරි කොරහ නැටූහ.එහීදි පාලිත තෙවරප්පෙරුම නියෝජ්‍ය ඇමතිවරයා දවුල වාදනය කළේය.

දිඹූලාගල දළුකාහ සහ පොල්ලේබැද්ද ආදීවාසි ගම්මානවල ආදීවාසීන් විසින් සිදුකෙරුණු මෙම වැඩසටහනේ ප්‍රධාන ආරධිතයා ලෙස සංස්කෘතික නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා සහභාගී වී සිටියේය.

01 වෙනිදා රාත්‍රී 08 සිට 11 දක්වා පැය තුනකට ආසන්න කාලයක් පැවැති මෙම යාගයට ආදිවාසිහූ ලොකු-කුඩා ගැහැණු-පිරිමි 30කට ආසන්න පිරිසක් එක්ව සිටියහ.

දිඹුලාගල ආරණ්‍ය සේනාධිපති මිල්ලානේ සිරියාලංකාර නාහිමියනාගේ අනුශාසකත්වයෙන් සේනාසනයේ නාහිමිවරු.ප්‍රදේශවාසීහු මෙම ආදිවාසී සංස්කෘතික වැඩසටහන සංවිධානය කළහ.

කිරිකොරහ නැටීම.කන්දේ දෙවියන් යැදීම ගිනි පූජා සිදුකිරීම ඇතුළු වැසි ප්‍රාර්ථනා කිරීම,ලෙඩ දුක් සුව වීම,ගම් ආරක්ෂා කිරීම ආදී යාග ඊට ඇතුළු විය.

DSC_0368 DSC_0370 DSC_0372 DSC_0373 DSC_0384 DSC_0389 DSC_0408 DSC_0415 DSC_0421 DSC_0426 DSC_0444



අදහස් (0)

නියඟය නැති කරන්න උප ඇමති බෙර ගහයි: ආදීවාසීහු කිරි කොරහ නටති

යසපාල Sunday, 02 October 2016 03:47 PM

කොහොමත් එතුමා දේශීය සංස්කෘතියට ආදරෙයි (නි)

:       0       0

කින් බෙනට් Sunday, 02 October 2016 03:48 PM

ආදී කාලේ කළ දේවල් නැතිවෙන්න අරින්න හොඳ නැහැ. ප්‍රතිඵලය කුමක් වුවත් අරමුණ හොඳයි (නි)

:       0       0

ගමගේ Sunday, 02 October 2016 04:05 PM

නියෝජ්‍ය සංස්කෘතික ඇමති හැටියට මීට සහභාගි නොවුණා නම් එහිද වැරදි දැක අදහස් දාන අය මීටවඩා වැඩිවෙන්න පුළුවන්. මේ අපේ රටේ අයගේ හැටි තමයි. (නි)

:       0       0

ලලීන් Sunday, 02 October 2016 04:13 PM

ඔක්කොම වැඩ බෙරය වගේ තමයි. සද්දේ විතරයි අැතුළ හිස්. (නි)

:       0       0

රූපවතී Tuesday, 04 October 2016 05:17 AM

මෙවැනි චාරිත්‍ර වලදී ..ඒ වට ඉදිරිපත්වෙන්නේ ගම්වල දැහැමි පිළිවෙත් ඇති පවිත්‍ර ගොවියන් ...? මේ වගේ තැන්වල පලාතටවත් දේශ පාලකයින්ව වඩා ගන්න හොද නැහැ ..? ඒ හැම වෙනකොට ඒ වතාවත්වලින් නියම පල ලැබෙන්නේ නැහැ ..? අපවිත්‍රවෙනවා ඒ වැඩකටයුතු ..? දේශපාලකයින් කියන්නේ ....සම්පුර්ණයෙන්ම විනාශමුඛයට ඇදන් පනින..මහා කිල්ලක් ...???? (හේ)

:       0       0

හිමාල් Sunday, 02 October 2016 04:54 PM

කිරි කොරහ නැටීම කියන්නේ ලංකාවේ ආදී වාසීන්ගේ සංස්කෘතික අංගයක්. මේකට සංඝරත්නය, උප ඇමති, පොලිස් නිලධාරීන් සහභාගී වෙන්නේ ආරාධිතයො හැටියට. වෙලාවකට දේශීයත්වය උඩ දාගෙන නටන, හැමදේටම අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ කියන කට්ටිය මෙතන ඇවිල්ලා මේක විහිළුවට අරගෙන. (නි)

:       0       0

ගගන Sunday, 02 October 2016 05:17 PM

මේ වගේ කෙනෙක් අම්මපා! හැමදේම, හැමවිටම, හැමතැනම. අපේ ඇස් වලට මොනවද වෙනවා මේවා දකිනකොට (නි)

:       0       0

නුවන් Sunday, 02 October 2016 07:20 PM

අාදිවාසීන්ට ඔවුන්ගේ වැඩ කරගන්න දුන්නා නම් නේද හොඳ? (නි)

:       0       0

අර්ජුන Sunday, 02 October 2016 06:42 AM

දේවෝ වස්සතු කාලේන (බ)

:       0       0

කුමාර් (ගල්ෆ්) Sunday, 02 October 2016 06:43 AM

පිස්සු පොරවල් ටිකක්, කැලේ කපන එක නවත්තපල්ලා. (බ)

:       0       0

කමනි Sunday, 02 October 2016 07:04 AM

ඉස්සර පාලකයෝ ගංගා හරවල වැව අමුණු හැදුව, අද අයගේ හැකියාව ඉහත පින්තුර වලින් සනාථ වේ. (බ)

:       0       0

ජනහිත Sunday, 02 October 2016 10:39 PM

එයා කොහොමත් හොඳට නටන්න දන්නවා. හැබැයි ගහපු බෙරේකුත් නැහැ බෙරේ පලුවකුත් නැහැ. (නි)

:       0       0

අනුර Sunday, 02 October 2016 10:48 PM

දන්න දෙයක් නැති කෙරුමෝ රටට වරදති... ධම්ම, ඔන්න මගේ පදය (නි)

:       0       0

බමුණුසේන Sunday, 02 October 2016 11:50 PM

ඇතුළ කිසිවක් නැති... දවුල් බෙර හඬ පතුරති... දන්නා දෙයක් නැති... මැති ඇමතියන් බෙර ගසතී... (නි)

:       0       0

බමුණු ආරච්චි Sunday, 02 October 2016 11:53 PM

දේසේ හැටියට බාසේ... ඉන්න මිනිසුන්ගේ හැටියට තමයි මෙයාලගෙත් වැඩ. (නි)

:       0       0

සිසිල් Monday, 03 October 2016 12:13 AM

ධම්මගේ කවියේ ඉතුරු පදය, ගහපු බෙරයේ පලුවකුත් නැති... (නි)

:       0       0

ජයරත්න Monday, 03 October 2016 01:07 AM

මේ දේවල් වල සත්‍යතාවයක් නැහැ කියන්න කාටවත් බැහැ (නි)

:       0       1

ජයන්ත Monday, 03 October 2016 01:09 AM

මෙන්න අපිව පාලනය කරන අයගේ තරම. ඉතින් මෙහෙම රටක් දියුණු කරනවා බොරු තමයි. (නි)

:       0       0

හේමන්ත Monday, 03 October 2016 01:16 AM

මිනිසුනේ, ධනාත්මකව හිතන්න (නි)

:       0       0

ජෙරමි Monday, 03 October 2016 01:18 AM

“අනේ මෙහෙමත් වැඩ මොළේ නැති" ඔන්න මමත් කවිය පිරෙවුවා. (නි)

:       0       0

කෝනාර Monday, 03 October 2016 01:58 AM

නියඟය නැති කරන්න උප ඇමති බෙර ගහලා හරියන්නෙ නැහැ. එදවස කාළගුණය ගැන චන්ද්‍රිකා තාක්ෂණය නැති කාලේ මේවා කළාට අදට මේවා හරියන්නේ නැහැ. (නි)

:       0       0

උදිත Monday, 03 October 2016 02:00 AM

අතේ ස්මාට් ෆෝන්. ඔක්කොම ඩිජිටල්. වැසි වස්සවන් ‍කිරි කොරහා නටන්න ගිහින් රටේ උප ඇමති කෙනෙක්. අපරාදේ අපේ සල්ලි. පෙට්‍රල් සහ අනෙකුත් දේ. ඵලදායි දෙයක් කරන්නම බැරිද ඇත්තට. මේවා සංස්කඍතික සංදර්ශනයකදි කළාට කමක් නැහැ. (නි)

:       0       0

ඉන්දික Monday, 03 October 2016 02:04 AM

ඇමතිගෙ පුද්ගලික ධනය වියදම් කරලා වාහන, පෙට්‍රල්, සේවකයින්. ආරක්ෂකයින් මෙතනට අරන් ගියානම් අපිට කමක් නැහැ. අනෙක ඉතියෝපියාව වගේ රටකටත් ගිහින් බෙර ගැහුවා නම් හරි. හොඳට වහියි එතකොට එහේ. (නි)

:       0       0

දිනූෂා Monday, 03 October 2016 02:05 AM

මේවා මේ ඒ කාලෙට හරිගියාට අදට හරියන්නේ නැහැ. (නි)

:       0       0

සමන් Monday, 03 October 2016 02:23 AM

මහජන මුදල් වියදම් කරමින් මොනවාද ඇමතිලා මේ කරන වැඩ? (නි)

:       0       0

මහසෙන් Monday, 03 October 2016 02:27 AM

වැස්ස නැතිකොට කිරිකොරහ නටලා ඒකට බෙරගහන්න යන්නද අපි මහජන නියෝජිතයෝ පත්කරලා යවන්නේ? වෙන රටවල නම් නියං කාලේ වැසි කාලේ ගැන ව්‍යාපෘති දියත් කරලා, නවින තාක්ෂණය මඟින් නිවැරදි අනාවැකි අරගෙන කල්තියා සූදානම් වෙනවා. අපේ අය වැදි යුගයට යනවා. (නි)

:       0       0

සඳුන් Monday, 03 October 2016 02:29 AM

ඇමතිලාගේ මේ වැඩ දැඩි ලෙස හෙළාදැකිය යුතුයි (නි)

:       0       0

ධම්ම Sunday, 02 October 2016 09:37 AM

ඇතුල කිසිවක් නැති..දවුල් බෙර හඬ පතුරති..දන්නා දෙයක් නැති..ඉතිරි පදය පිරවීම ඔබට බාරයි. (හේ)

:       0       0

ගයානි Monday, 03 October 2016 02:31 AM

ඕක තමයි අපේ රටේ මහජන නියෝජිතයෙක් වෙන්න අධ්‍යාපනයක් ඕනෑ නැහැ කියන්නේ. වැස්ස නැත්නම් කරන්නේ කිරිකොරහ නටවන එක. ඇමති කරන්නේ ඒකට බෙරගහන්න යන එක. (නි)

:       0       0

ගාමිණි Sunday, 02 October 2016 09:43 AM

මේ රටේ ඉන්න නායකයෝ පරිසරය ගැන දන්නේ නැහැ .(හේ)

:       0       0

හිමාල් Monday, 03 October 2016 02:38 AM

මේ දේවල් අදටත් වලංගුයි (නි)

:       0       0

අරවින්ද Monday, 03 October 2016 02:42 AM

උපඇමති කළ දේ මම නම් අගයකරනවා (නි)

:       0       0

සමන්ත Monday, 03 October 2016 02:51 AM

අරවින්ද අගය කර කර ඉන්න. අපි පාර්ලිමේන්තු යවන්නේ වැස්ස නැති කොට බෙර ගහන්න තමයි. රටට දෙවියන්ගේම පිහිටයි.(බ)

:       0       0

බණ්ඩාර - කැකිරාව Sunday, 02 October 2016 10:54 AM

ධම්ම ගේ කවිය මම සම්පුරන් කරන්නේ මෙලෙසයි: "ඇතුල කිසිවක් නැති... දවුල් බෙර හඬ පතුරති... දන්නා දෙයක් නැති... මැතිදුගේ පින වැසිත් නොවැටෙති... (ර)

:       0       0

සුදේශ් Sunday, 02 October 2016 11:28 AM

හිස් බව එයින් පැතිරෙති. (ර)

:       0       0

තුෂාර Sunday, 02 October 2016 11:43 AM

නිකන් ෆොටෝ ගහලා ලකුණු දා ගන්න හදනවා. (ර)

:       0       0

රණතුංග Sunday, 02 October 2016 12:41 PM

තව තවත් ගස් කපන්න... (ර)

:       0       0

සම්පත් පතිරණ Monday, 03 October 2016 05:03 AM

දේවෝ වස්සතු කාලෙන,,,.....රාජා භවතු ධම්මිකෝ (බ)

:       0       0

අතුල Sunday, 02 October 2016 01:57 PM

මොවුන් සැම ජන මන හිනස්සති. (ර)

:       0       0

මහින්ද කැලිෆෝර්නියා Monday, 03 October 2016 05:12 AM

මන්ත්‍රිලගේ නූගත්කම මුලු ලොවටම කියාපානවා.පරිසර වේදීන්ගෙන් උපදෙස් ගන්න.(බ)

:       0       0

දිසා Monday, 03 October 2016 06:03 AM

වැස්ස ආවේ නැත්තම් අහසේ උඩට ගිහින් බිමට පනිනවා කියල වලාකුලක උපවාසේ පටන්ගනී ද දන්නේ නැ ඇමතිතුමා. වැස්ස වලාහක දෙය්යන්ට ඔප්පුවෙච්වාවේ එහෙම වුනොත්. (බ)

:       0       0

සංජීව Sunday, 02 October 2016 03:31 PM

උප ඇමතිලා බෙරගහනකොට ආණ්ඩුව නටනවා කියලත් අපිට හිතෙනවා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හොර ඔප්පු හැදූ අයෙක් වසරකට හිරේ
2024 ඔක්තෝබර් මස 09 216 0

හොරු ඔප්පුවක් සාදා එය ලියාපදිංචි කිරීම සඳහා හෝමාගම ඉඩම් කාර්යාලයේ රෙජිස්ට්‍රාර් වරයාට ලබා දුන්නේ යැයි කියන හෝකන්දර පුද්ගලයකුට වසරක බරපතල වැඩ සහිත ස


මෛත්‍රිට අතුරු තහනමක්
2024 ඔක්තෝබර් මස 09 1088 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ,ලේකම් හා ජාතික සංවිධායක තනතුරු සඳහා නව නිලධාරීන් පත් කිරීමට පක්ෂ විධායක කමිටුව ගත් තීරණ ක්‍රියාත්මක කිරී


වෙළෙන්දන් ඉවත් කරන්න ගිහින් නොසන්සුන් වෙයි
2024 ඔක්තෝබර් මස 09 2317 2

අනුරාධපුර ජයන්ති මාවතේ පිහිටි බන්ධනාගාරය ඉදිරිපිට මාර්ගය අසල වෙළඳාමේ නිරත වෙළඳුන් ඉවත් කිරීම සඳහා අනුරාධපුර නගර සභාවේ නිලධාරීන් පැමිණීමත් සමඟ අද (9)


කෝටියක භාණ්ඩ ගුවන් තොටෙන් පන්නන්න බැරිවෙයි
2024 ඔක්තෝබර් මස 09 1365 0

රුපියල් කෝටියක් පමණ වටිනා භාණ්ඩ තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙනැවිත් , කටුනායක ගුවන් තොටුපොළ රේගුවට ප්‍රකාශ නොකර , කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති ’’ හ


සංගක්කාර යළි පිටියට
2024 ඔක්තෝබර් මස 09 1605 2

ඉන්දියාවේදී ලබන නොවැම්බර් 17 වැනිදා ආරම්භ වන ජාත්‍යන්තර ප්‍රවීණයන්ගේ ලීග් ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා ප්‍රවීණයන්ගේ ක්‍රිකට් කණ්ඩායමේ නා


රුසියාව - ඉරානය එක්වී බ්‍රිතාන්‍ය අස්ථාවර කරන්න හදනවා
2024 ඔක්තෝබර් මස 09 1782 3

රුසියාවත්, ඉරානයත් එක් වී, බ්‍රිතාන්‍යය අස්ථාවර කිරීමට කුමන්ත්‍රණය කරනවා යැයි බ්‍රිතාන්‍යයේ එම්.අයි.5 බුද්ධි අංශ ප්‍රධානී කෙන් මැකලම් අනතුරු අඟවයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39578 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25764 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 363 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1203 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 405 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site