IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


නියෝජ්‍ය ඇමැතිට දඩ කොළ දුන් පීසීට තවත් නඩුවක්

දක්ෂිණ අධිවේගී මාර්ගයේ දී පසුගිය රජය සමයේ නියෝජ්‍ය ඇමැතිවරයකුට දඩ කොළයක් ලබා දීමෙන් පසු දොඩම්ගොඩ දී පහරකෑමට ලක්වූ පොලිස් කොස්තාපල්වරයාට අල්ලස් කොමිසම දෙවැනි වරටත් නඩු පවරා ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය.

2009 වසරේ මැයි මාසයේසිදුවූ බව කියන සිදුවීමක් සම්බන්ධයෙන්  වසර පහකට පසු සුමින්ද සමන් නම් එම කොස්තාපල්ට සහ කුමාර දුනුවිල නම් උප පොලිස් පරීක්ෂකවරයකුට අල්ලස් කොමිසමෙන් මුල් වරට නඩු පැවරුවේ කොස්තාපල්වරයා හිටපු නියෝජ්‍ය අමාත්‍ය හේමාල් ගුණසේකරට දඩ කොළයක් ලබා දීමේ සිදුවීමෙන් පසුවය.

පසුගිය වසරේ අප්‍රේල් පළමු වැනිදා මහාධිකරණ විනිසුරු ලලිත් ජයසූරිය මහතා මේ දෙදෙනා අධිචෝදනාවලින් නිදොස් කොට නිදහස් කළේය.කසිප්පු තිප්පොලකින් ඇල්ලූ කසිප්පු අඩු ප්‍රමාණයක් පමණක් අධිකරණයට ඉදිරිපත් කිරීමට අල්ලස් ඉල්ලීයැයි ගොනු කළ එම නඩුව ද්වේශ සහගත ලෙස ගොනු කර ඇතැයි අධිකරණයේදී කියැවිණි.

එලෙස නිදහස් කර අවුරුද්දකුත් මාස හතරකට පසු පසුගිය අගෝස්තු 19 වැනි දා එම චෝදනාවටම  සුමින්ද සමන් නම්  එම කොස්තාපල්වරයාට සහ කුමාර දුනුවිල නම් උප පොලිස් පරීක්ෂකට නැවත වරක් මහාධිකරණයේ නඩු පවරා තිබේ.

2014 මැයි 30 වැනි දා දොඩම්ගොඩදී පොලිස් කොස්තාපල්වරයාට පහර දී වාහනය ගිනි තබා තිබුණු අතර ඊට සම්බන්ධ සැකකරුවන් ද මෙතෙක් අත්අඩංගුවට ගෙන නැතැයි පොලිසිය කියයි. දිගින් දිගටම ආ බව කියන බලපෑම් නිසා ඔහු ඉල්ලා අස්වූ අතර 2015 අප්‍රේල් මාසයේ දී යළි ඔහුට රැකියාව ලැබිණි.

 

 



අදහස් (0)

නියෝජ්‍ය ඇමැතිට දඩ කොළ දුන් පීසීට තවත් නඩුවක්

පෙරේරා Friday, 21 October 2016 02:24 AM

සල්ලි තියනවා නම් කොස්තාපල් වෙයිද? කාර් ගත්තේ කොහොමද? (නි)

:       0       0

ඉමේෂ් Friday, 21 October 2016 02:39 AM

අර නෝනා අස්වුණ එක හොඳයිද මන්දා (නි)

:       0       0

සමන්ත Friday, 21 October 2016 02:49 AM

පෙරේරා, මොකද ලංකාවේ පොඩි රස්සාවක් කරන කෙනෙකුට කාර් එකක් ගන්න බැරිද? මෙයාගේ බිරිද ගේ රැකියාව, වෙනත් දේපල නිත්‍යානුකූල ආදායම් මෙයාලට තියෙන්නේ බැරිද? මෙතන වෙලා තියන අසාධාරණය ගැන කතා කරන්න. (නි)

:       0       0

කමල් Friday, 21 October 2016 02:50 AM

නීතියක් නැති දුෂිත දේශපාලනය පිරුණ රටකට කවදා හරියයිද (නි)

:       0       0

ප්‍රියාන් Friday, 21 October 2016 02:56 AM

මේ සම්බන්ධයෙන් නීතිය නවන්න බැරිද? (නි)

:       0       0

වෙදගේ Friday, 21 October 2016 03:10 AM

පිනෑන්ස් කරලා කාර් නම් ගන්න පුළුවන්. නිදහස් වුණ නඩුවට නැවතත් නඩු දමන්නේ ඇයි? (නි)

:       0       0

ගගන Friday, 21 October 2016 03:17 AM

පෙරේරා, ඔබට කාර් එකක් ගන්න බැරිවුණ පළියට හැම පී සී කෙනෙකුටම කාර් එකක් ගන්න බැරිවෙන්න හේතුවක් නැහැ. (නි)

:       0       0

රණවක Friday, 21 October 2016 03:27 AM

අවුරුදු 5ක්වත් හමුදාවේ නොහිටි කෙනෙකුට ටීවී චැනල් පවා තිබුන රටක් මේක (නි)

:       0       0

විශාඛා Friday, 21 October 2016 03:30 AM

පෙරේරාට නම් තවම කාර් එකක් ගන්න බැරිවෙලා ඇති (නි)

:       0       0

සජීව Friday, 21 October 2016 03:40 AM

පුදුමයක් නැහැ, මේ ඇමතිලා දැන් ඉන්න තැන් බැලුුවහම (නි)

:       0       0

පද්මිණි Friday, 21 October 2016 04:38 AM

අල්ල ගත කසිප්පු වලට අයිති කරුවෙක් නොමැති නිසා වෙන්දේසි කලබව කියා ඔබ නිදහස් වන්න. අනේ මෙහෙමත් රටක් . (ම)

:       0       0

වසන්ජය Sunday, 23 October 2016 09:07 PM

ඔය කියන දේශපාලක උන්නැහේලා මේ ආණ්ඩුවේත් ඇති (නි)

:       0       0

ඉන්දික Friday, 21 October 2016 05:32 AM

අපේ රටේ 90% ක් ම නඩු දාන්නේ තමන්ට සාධාරණය ඉටු කරගන්න නෙමෙයි. කාටහරි කරදර කරන්න, කාගේ හරි ඉඩමක්/පාරක් නඩුව අහනකම් හරි බලෙන් භුක්ති විදන්න, පලිගන්න වගේ දේවල් වලටයි.(ම)

:       0       0

රොක්සි Friday, 21 October 2016 08:19 AM

නොදන්නා නිසයි අහන්නේ. එකම චෝදනාව යටතේ දෙසැරයක් චෝදනා කරන්න පුලුවන්ද, මේ විදිහට? දැන් මේකෙන් නිදහස් වුණාමත් අායෙත් නඩු පවරයිනේ! (නි)

:       0       0

රොකී Friday, 21 October 2016 08:31 AM

උසාවියේ කාලය නාස්ති කිරීම සම්බන්ධයෙන්, අල්ලස් කොමිසමේ අදාළ නිලධාරින්ට සුදුසු දඬුවම් ලබා දියයුතුයි

:       0       0

අබය Thursday, 20 October 2016 11:23 PM

කොන්ද කෙළින් තබාගෙන රාජකාරිය කරන පොලිස් නිලධාරීන් හට ජනතාවගේ උත්තමාචාරය! බොරුවට නඩු වලට පටලවමින් ද්වේශසහගතව ක්‍රියාකරන දේශපාලුවන් හට මඩු වලිගයේ පිහිට ලැබේවා! (නි)

:       0       0

චාමර Friday, 21 October 2016 12:56 AM

මේ වගේ වැඩ හින්දයි ලංකාව 21 වෙනි සියවසේදිත් දියුණුවෙමින් පවතින රටක් වෙලා තියෙන්නේ. දඩ කොළ ලියන පොලිස් නිලධාරීන්ගේ පෞද්ගලික දත්ත ආරක්ෂා කරන ක්‍රමයක් නැද්ද? කොහොමද ආත්ම ගරුත්වය රැකගෙන රැකියාවක් කරන්නේ? (නි)

:       0       0

ජනහිත Friday, 21 October 2016 01:35 AM

හිතන්න බැහැ වෙනදේවල් මොනවද කියලා. අල්ලස් කොමිසමෙන් මම දන්නා තරමින් අල්ලස් දුන් කිසිවෙකුට නඩු පවරලා නැහැ. අල්ලස් ගැනීම වගේම අල්ලස් දීමත් වැරැද්දක් නේද? මුලින්ම කරන්න ඕනෑ අල්ලස් දෙන අයව අල්ලලා හිරේ දාන එකයි. එතකොට ඔය වැඩේ තරමකට හෝ නවතීවි. ඔය වැඩේ රටේ හැමතැනම තියන දෙයක්. නමුත් ඔය පරික්ෂාවට යන අයත් ඒ වැඩේ කළොත් කරන්න දෙයක් නැහැ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දෙදරු පියා ඝාතකයා වසර තුනකට පසු අල්ලයි
2024 ඔක්තෝබර් මස 10 406 0

70 හැවිරිදි වයෝවෘද්ධ දෙදරු පියාට පහරදී ගෙල මිරිකා ඝාතනය කර විදේශගතව සිට මෙරටට පැමිණ රහසිගතව සැඟව සිටි කුරුඳු තලන්නෙකු වසර තුනකට පසු අත්අඩංගුවට ගත් බව ම


හඳට සමාන බොරු හඳක් හදලා
2024 ඔක්තෝබර් මස 10 654 0

අනාගතයේ දිනෙක සඳ මත පය තබන ගගනගාමීන්ට පුහුණුව දීමේ අරමුණින්, ජර්මනියේ දැවැන්ත පර්යේෂණාගාරයක් තුළ කෘත්‍රිමව, සඳ මතුපිට නිර්මාණය කර ඇති බවත්, මේ වනවිටත්


දුම්රිය රියදුරුගේ අවධානයෙන් මවගේ- දියණියගේ දිවි බේරෙයි
2024 ඔක්තෝබර් මස 10 965 0

කැළණි වැලි දුම්රිය මාර්ගයේ අවිස්සාවේල්ල හිගුරල සහ මිරිස්වත්ත උප දුම්රිය ස්ථාන අතරතුර දුම්රිය මාර්ගය හරහා නිදා සිටි තරුණ මවක් සහ තුන් හැවිරිදි දියණිය


හරිනිගේ - විජිතගේ මුද්දර සිහිවටන තිළිණ පමණයි
2024 ඔක්තෝබර් මස 10 1598 0

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවියට සහ අමාත්‍ය විජිත හේරත් මහතාට තැපැල් දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරන ලද්දේ ඔවුන්ගේ රුව සහිත සිහිවටන තිලිණයක් පමණක


ට්‍රම්ප්-පුටින් හිතවත්කම් අලුත් පොතකින් එළියට
2024 ඔක්තෝබර් මස 10 533 0

කොවිඩ් වසංගතයත් සමග රුසියාවේ කොවිඩ් පරික්ෂා කිරීමේ කට්ටල හිඟයක් ඇතිවූ අවස්ථාවේදී එවකට ඇමෙරිකානු ජනපතිව සිටි ඩොනල්ඩ් ට්‍රම්ප් රුසියානු ජනපති ව්ලැදි


සටන් විරාමයකට හිස්බුල්ලා කැමතියි
2024 ඔක්තෝබර් මස 10 1019 0

ලෙබනනයේ සටන් විරාමයකට, තමන් කැමැත්ත පළ කරන බව එරට ක්‍රියාත්මක හිස්බුල්ලා සංවිධානය පවසයි. විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් හිස්බුල්ලා සංවිධානයේ නියෝජ්‍ය


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39713 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25821 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 32 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 375 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1239 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site