IMG-LOGO

2024 නොවැම්බර් මස 15 වන සිකුරාදා


නියෝජ්‍ය කතානායකගෙන් හම්බන්තොට ධීවරයන්ට ෆයිබර් ග්ලාස් ඔරු

(සුජිත් හේවාජුලිගේ)

හම්බන්තොට දිස්ත්‍රික්කයේ මිරිදිය ධීවර කර්මාන්තය නගා සිටුවීම සඳහා  නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා විසින් වැඩපිළිවෙළක් ආරම්භ කරනු ලැබ ඇත.

මිරිදිය ධීවර කර්මාන්තය ජීවනෝපාය කරගත් පවුල් 160කට මේ යටතේ ආධාර පිරිනැමිණ.

නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් උත්සවය පැවැත්වුණේ සූරියවැව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදීය.

රුපියල් ලක්ෂ  දස ලක්ෂයකට වැඩි වටිනාකමකින් යුත් ෆයිබර් ග්ලාස් ඔරු ප්‍රදානය කිරීම මෙහිදී සිදුවිය.

ෆයිබර් ඔරු මෙසේ පිරිනමනු ලැබූවේ වැදිවැව සම්පත් ධීවර සමිතිය, ආඬියන්ගම ග්‍රාමීය ධීවර සමිතිය, කිරිවාඩිය ග්‍රාමීය ධීවර සමිතිය, මීගහජපුර ධීවර සමිතිය, මහවැලි කඩආර ධීවර සමිතිය යන ධීවර සමිතිවලටය.

“ගම සමඟ පිළිසඳර” වැඩසටහනකදී   ධීවර ප්‍රජාව විසින් කරන ලද ඉල්ලීමකට අනුව මෙම ෆයිබර් ඔරු ලබාදීම කළ බව සූරියවැව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය පවසයි.

දකුණු පළාත් සභාවේ හිටපු මන්ත්‍රී එස්.වී.පී. ආනන්ද මහතාගේ විමධ්‍යගත ප්‍රතිපාදනද මෙම ෆයිබර් ඔරු  මිලදී ගැනීමට යෙදවුණු  අතර ඒ මහතාද මෙම අවස්ථාවට සහභාගී වූයේය.

මෙම අවස්ථාවට සහභාගී වූ නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ මිරිදිය ධීවර කර්මාන්තයෙන් ජීවත්වන පවුල්වල ජීවනෝපාය මාර්ග හා ජීවන තත්ත්වය ඉහළ නැංවීම සඳහා තවත් වැඩසටහන් ක්‍රියාත්මක කරන බවයි.



අදහස් (6)

නියෝජ්‍ය කතානායකගෙන් හම්බන්තොට ධීවරයන්ට ෆයිබර් ග්ලාස් ඔරු

සත්‍යය Monday, 01 August 2022 05:21 PM

ජනතාවගේ බදු මුදල්.

:       1       0

fairoos Monday, 01 August 2022 05:47 PM

‘ගම සමග පිළිසඳර‘ අන්තිමට ගෝඨා පැනලා යයි

:       4       7

Aruna Monday, 01 August 2022 09:54 PM

"නියෝජ්‍ය කතානායකගෙන් හම්බන්තොට ධීවරයින්ට ෆයිබර් ග්ලාස් ඔරු" නියෝජ්‍ය කතානායකගෙන්? මේවා ජනතාවගේ සල්ලි බදුවලින් දෙන්නේ... සුජිත් දැනගන්න.

:       0       0

de silva Tuesday, 02 August 2022 07:52 AM

පළාතේ ඉන්න ලොකුම වැලි ජාවාරම් කරුවා කවුද කියලා දන්නෝ දනිති. හැම ධීවරයටම එක බැගින් වුවත් ඔරු දෙන්න අපි ලඟ කෑෂ් තිබෙනවා. එන්න ඔරු ගන්න අපට ඡන්දෙ දෙන්න. රටේ අනාගතය විනාශ කර අපට සහයා දෙන්න.

:       1       1

sharm warn Tuesday, 02 August 2022 10:47 AM

මැදමුලනේ ඡන්ද ටික බේර ගන්න මෙන්න මුට්ටියක් දාලා. තව අවුරුදු 2ක් අඳින්න නේ බලන් ඉන්නේ.

:       1       0

K.p.d.s.sampath Tuesday, 19 March 2024 10:01 PM

ෆයිබර් ඔරු දෙකක් ගන්න පුලුවන් තැනක් කියන්න. මගේ ගම ගංවතුරට යටවෙනවා. අඩි 10/12, වගේ පොඩි දෙකක්.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මත්ද්‍රව්‍ය සමඟ තායි කත ගුවන් තොටේදී මාට්ටු
2024 නොවැම්බර් මස 15 217 0

රුපියල් දහ අට කෝටි හැට ලක්ෂයක් පමණ වටිනා ’’කුෂ්’’ සහ ’’හෂීෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක්, කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත්, ගුවන් තොටුපොළ කිසිවක් ප්‍රකා


ජාතික ජන බලය ආසන 159ක් හිමි වේ
2024 නොවැම්බර් මස 15 2423 0

ජාතික ජනබලවේගය ඊයේ (14) පැවති පාර්ලිමේන්තු මැතිවරණයේදී ආසන 159 ක් දිනාගනිමින් අති විශිෂ්ට ජයග්‍රහණයක් ලැබීය.


මාතලේ බලකණු රැසක් ගෙදර
2024 නොවැම්බර් මස 15 2565 0

මෙවර පාර්ලිමෙන්තු මැතිවරණයේදි මාතලේ දිස්ත්‍රික්කයෙන් පසුගිය පාර්ලිමෙන්තුව නියෝජනය කළ මන්ත්‍රිවරුන් කිහිපදෙනකුම පරාජයට පත්විය.


කළුතර සිලින්ඩරයේ මනාප යළි ගනී
2024 නොවැම්බර් මස 15 6671 0

කළුතර මැතිවරණ ප්‍රධාන මෙහෙයුම් මැදිරියට අද (15) දහවල් විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදා ගෑස් සිලින්ඩර ලකුණෙන් තරගකල අපේක්ෂකයින් ගේ මනාප යලි ගණන් කිරීම ආරම්භ


පුනරුද යුගය අරඹන්න සහය දුන්නාට ස්තුතියි
2024 නොවැම්බර් මස 15 3370 0

පුනරුද යුගය ඇරැඹීමට සහාය දුන් සැමට ස්තුතිය පළ කරන බව ජනාධිපති අනුර දිසානායක මහතා එක්ස් පණිවිඩයක් නිකුත් කරමින් පවසයි.


මත් කරල් ගෝනි 27ක් කල්පිටියේ මුහුදු තීරයක
2024 නොවැම්බර් මස 15 456 0

ඉන්දියාවේ සිට නීති විරෝධී ලෙස මුහුදු මගින් මෙරටට ගෙන්වන ලද මත් කරල් ගෝනි 27 ක්,කල්පිටිය පොලිස් බළ ප්‍රදෙශයට අයත්,මුසල් පිටිය කළපු තීරයේ සඟවා තිබිය දී සො


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 264 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 585 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1704 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site