IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


නියෝජ්‍ය පොලිස්පති අත්අඩංගුවට ගනී

කොල්ලුපිටියේ ධනවත් ව්‍යාපාරිකයකු වූ මොහොමඩ් මුසම්දීන් මොහොමඩ් සියාම් පසුගිය මැයි 22 වැනිදා පැහැරගෙන ගොස් වෙඩි තබා ඝාතනය කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට ප්‍රශ්න කිරීම සඳහා බස්නාහිර උතුර නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා අත්අඩංගුවට ගෙන ප්‍රශ්නකරගෙන යන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී බුද්ධික සිරිවර්ධන මහතා කියයි.

මේ සම්බන්ධයෙන් සැකපිට සියාම්ගේ කිට්ටුම සගයකු බව කියන ව්‍යාපාරිකයෙක් ද, උප පොලිස් පරීක්ෂකවරයෙක් හා කොස්තාපල්වරු තිදෙනෙක් ද රැඳවුම් නියෝග මත ප්‍රශ්න කරගෙන යන බව ද කියයි.

රහස් පොලිසිය පරීක්ෂණ මෙහෙයවයි.

 



අදහස් (0)

නියෝජ්‍ය පොලිස්පති අත්අඩංගුවට ගනී

දේශාන් Tuesday, 11 June 2013 10:30 AM

මෙතුමාට පෙර වැරදි තියෙනවාද? (නි)

:       0       0

සුමනා Tuesday, 11 June 2013 03:30 PM

පොලිසිය මිනී මරති, විනිසුරුවරු පගා ගති, හාමුදුරුවරු කඩවලට ගල් ගසති, ඇමතිවරු මිනී මරති, කුඩු ගෙන්නති, රට වෙනුවෙන් සටන් වැදුණු විරුවන් හිරේ යති, මේ අපගේ උතුම් රටයි. අපි ඉපදෙන මැරෙන රටයි.(නදී)

:       0       0

විජේසිංහ Tuesday, 11 June 2013 03:30 PM

වැටයි නියරත් ගොයම් කයි නම්.(නදී)

:       0       0

ලසන්ත Tuesday, 11 June 2013 10:32 AM

කෙවින්ගේ අදහස වැරදියි. ඔය තියරියට අනුව එහෙනම් හැමෙදෙනාටම කළකම් පලදෙන්න ඕනෑ. ඒත් එහෙම වෙන්නෙ නැහැනේ. එහෙම අයට ඊලග ආත්මේ පලදේවී කියා අපි හිත හදාගෙන වැඩක් නැහැ.මොකෝ අපි ඇස් දෙකින් දකිනවයෑ. (නි)

:       0       0

නිමල් පුනාන්දු Tuesday, 11 June 2013 03:30 PM

මෙයා ලොකු මිනිහෙක්නේ, ලොකු අය එක්ක සම්බන්ධයකුත් තියනවානේ, අපි මේකත් යට ගහමු. නැත්නම් තව විස්තර හෙලි වෙයි නේද?(නදී)

:       0       0

ජෝයි Tuesday, 11 June 2013 10:32 AM

පොලිසියේ නම් කවුරු වුණත් ෂුවර් නැහැ කියන්නේ ඒක තමයි (නි)

:       0       0

අසංග Tuesday, 11 June 2013 10:41 AM

අද නීතියට වැඩක් කරන අයට තැනක් නැහැ. හැම දෙයක්ම මුදලට සහ දේශපාලනයට යටයි (නි)

:       0       0

සෑම් Tuesday, 11 June 2013 03:53 PM

''ධම්මෝ භවේ රක්ඛති ධම්මචාරී'' නැතුව 'අධම්මෝ භවේ රක්ඛති දේශපාලු' කියන එක පොලිසියේ ආදර්ශ පාටයට සුදුසු කාලය ඇවිත්. (ස)

:       0       0

සරත් Tuesday, 11 June 2013 10:45 AM

අපේ රට ඉවරෙටම ඉවරයි. මේවට වග කියන්න ඕනෑ දූෂිත දේශපාලකයන්ට ඡන්දෙ දුන් ජනතාවම තමයි. මට දුක ඉපදෙන අළුත් පරපුර ගැනයි (නි)

:       0       0

රාජු Tuesday, 11 June 2013 10:50 AM

බය වෙන්න එපා. ඔබතුමා ශක්තිමත් වෙන්න (නි)

:       0       0

පද්මා Tuesday, 11 June 2013 10:52 AM

මේක මෙතුමාත් එක්ක තරහට කරපු දෙයක්. එක පාරක් ඉවත් කරන්න ගියා හරි ගියේ නැහැ. ඔන්න අපේ රටේ නිතිය.(ස)

:       0       0

රකිත් Tuesday, 11 June 2013 11:02 AM

එක පාරකුත් ප්‍රශ්න කළා නේද ලඟදි? එතකොට මේ දෙවැනි වරද? (නි)

:       0       0

ගයාන් Tuesday, 11 June 2013 11:08 AM

මෙච්චර අපරාදකාරයොන්ව අල්ලලා දුන්නු වාස් මහතාට මෙහෙම නම් තව කුමන කතාද?(නදී)

:       0       0

ද සිල්වා Tuesday, 11 June 2013 04:20 PM

මෙතුමා නිසා ගාල්ලේ භිෂණය, රත්නපුර භිෂණය නැති උනා , මෙතුමාගෙන් වැඩ අරන් දැන් බොරු ප්‍රශ්න වලට පටලවන්න හදනවා, ම්හතයෝ බය වෙන්න එපා දන්නා සියලු දෙයක්ම හෙළි කරන්න.(ස)

:       0       0

දනුෂ්ක Tuesday, 11 June 2013 04:21 PM

කහවත්තේ කාන්තාවන්ගේ මරණ බිය නැති කරපු එකට ද මෙයාට මෙහෙම කරන්නේ? (ස)

:       0       0

කමල් Tuesday, 11 June 2013 11:15 AM

මේක කුමන්ත්‍රණයක්.මේ මනුස්සයා ගම්පහ හදන්න හදපු එකට විරුද්ධව කරන වැඩක්ද කොහෙද මේ. (ත)

:       0       0

විමල් Tuesday, 11 June 2013 04:23 PM

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස් පතිලා නැද්ද අල්ලන්ඩ?(නදී)

:       0       0

ජයසිංහ Tuesday, 11 June 2013 11:15 AM

අපි දන්නේ කොහොමද එතුමාගේ අභ්‍යන්තරය ගැන? බලාගෙන ඉදිමු මොකද වෙන්නෙ කියලා (නි)

:       0       0

සමන්ත Tuesday, 11 June 2013 11:20 AM

එතුමා කැලණිය බස්නාහිර උතුර නැතුව වෙනකොහේ හරි හිටියනම් ඕක වෙන්න නැහැ. කඩේ ගියානම් ඕක වෙනන නැහැ. අනාගත පොලිස්පති වන්න හිටිය කෙනා . (ත)

:       0       0

රණවක Tuesday, 11 June 2013 04:28 PM

වාස් ඔබට ජය !(නදී)

:       0       0

පැතුමි Tuesday, 11 June 2013 11:32 AM

මොනවා කියන්නද?ලංකාවේ මොනවා ගැන හිතල හිත හදාගන්නද? මේවා අහන කොට ලංකාව තවත් එපා වෙනවා. මෙහෙටම වෙලා ඉන්න හිතෙනවා. ලංකාව මොන තරම් පිරිහුනු රටක් වෙලාද දැන්? (ස)

:       0       0

ඩයස් Tuesday, 11 June 2013 11:35 AM

නිගමනය ආමරුයි. ඒත් ඇතුලේ ඉන්න පොලිස් කට්ටිය කියාවි ඇත්ත. ජනාධපතිතුමනි, ඔබ තුමා ගැන අපට විස්වාසයක් තියෙනවා හරි දේ කරාවී කියලා. බලය ගැන නොහිතන්න.(නදී)

:       0       0

කෙවින් Tuesday, 11 June 2013 04:44 PM

ලසන්ත, ගඩාපි සමග ජේ ආර් ජනාධිපති සසදලා තියෙන්නේ මොන ආකාරයටද? ගඩාපි හිතුවේ මට සල්ලි තියනවා, බලය තියනවා, මම ලෝකෙට නය නැහැ, හමුදාව මගේ අතේ කියල. ඉතින් ඔහු ඔහුට කැමති ආකාරයට එකාදිපති පාලනයක් ගෙන ගීයා. අන්තිමට කුණු කානුවක තිබිල ඔහුගේ මල කද හමු උනා.(නදී)

:       0       0

දිසානායක Tuesday, 11 June 2013 11:42 AM

තවත් ප්‍රශ්න ති‍යෙනවද අපි දන්නේ නැහැ. මොනවා උනත් එතුමා කරපු වරද කොන්ද කෙලින් තියාගෙන කතා කරපු එක.මේක ශ්‍රී ලංකා ක්‍රමය. (ස)

:       0       0

කෙවින් Tuesday, 11 June 2013 11:46 AM

ලසන්ත, ගඩාෆිට උන දෙය මතකද? (ස)

:       0       0

චතුල වෙරෝනා Tuesday, 11 June 2013 11:47 AM

ආරේ ගුණ නෑරේ වගේ පොලිසියෙ කිසිම කෙනෙක් හොඳ නෑ. මම අත් දෑකීමෙන් කියන්නෙ.(ස)

:       0       0

දයා අලහාකෝන් Tuesday, 11 June 2013 11:51 AM

මේ සේරටම මුල තන්හාව, සල්ලි ! සල්ලි ! සල්ලි ! (ස)

:       0       0

රූපවතී Tuesday, 11 June 2013 11:56 AM

සමන්ත වගේම මමත් කියන්නේ. පැහැදිලි අනාතගයක් තිබුණු කෙනෙක් මෙයා. වාස් ගුනවර්දන කියන්නේ කෝටි5 ක් අතේ තිබ්බත්, නීතිය සත්‍ය වසන් කරන පුද්ගලයෙක් නෙමෙයි. එයාට ගසා කන්න ඕනෑ නම් එයා දිවා රෑ වටිනා කාලය වැයකරලා මහා පොලවට පස්වෙච්චි කිසිම සාක්කියක් ඉතිරි නොකර ගිය මිනීමරුවෝ පස්සේ ජීවිතේ පරදුවට තියලා ඔවුන්ව ලුහුබැදලා නීතියේ ඉදිරියට ගෙනැල්ලා දෙන්න ජීවිත කාලයම වැය කළේ ‍මොකටද? අවංක පුද්ගලයෙක්. අති දක්ෂ නිලධාරියෙක්. මේ සාධාරණ සැබෑ යුත්තිගරුකව වැඩ කරන ,දේශපාලන අතකොළුවක් නොවෙන,කොන්ද කෙලින් තියාගෙන වැඩකරන මිනිසෙක්. (නි)

:       0       0

කිරෝෂණ Wednesday, 12 June 2013 01:13 PM

මේ අභීත පොලිස් නිලදාරියා නොවෙන්න කහවත්ත අරාජිකයි (නි)

:       0       0

කුමාර Tuesday, 11 June 2013 12:06 PM

ඉස්සරත් මෙවැනි දේවල් කෙරෙන්න ඇති. නමුත් දැන් ආරක්ෂක අංශය ශක්තිමත් නිසා ලොකු ලොක්කෝ පවා අහුවෙනවා (නි)

:       0       0

නිහාම් Tuesday, 11 June 2013 12:16 PM

සනත් කියූ දෙය හරි. (ත)

:       0       0

දිමුතු Tuesday, 11 June 2013 12:24 PM

ආණ්ඩුව සරත් ෆොන්සේකාගෙන් වැඩ අරගෙන පැත්තකට දැම්මා වගේ, වාස් ගුණවර්ධනගෙනුත් වැඩ අරං පැත්තකට දැම්මා. (ත)

:       0       0

ද සිල්වා බෙර්ලින් Tuesday, 11 June 2013 05:08 PM

ලසන්ත ගඩාෆි කියන්නේ තමන්ගේ නිල බලයෙන් අනවසරයෙන් ඩොලර් කොටි ගානක් උපායා තම පවුලේ නෑයන්ට සමග බෙදාගෙන කෑ, ඒකාධිපතියෙක්. ජේ.ආර් ඝනයට වැටෙන්නේ නැහැ , නමුත් ඊට පස්සේ ආපු කට්ටියට නම් ඒක ටිකක් ගැලපෙනවා.(නදී)

:       0       0

ලක්ෂමන් ජයන්ත Wednesday, 12 June 2013 06:31 PM

මිනීමරුවන්ට සහයෝගය දෙන අයට හොදක් නම් වෙන්න එපා. කහවත්තේ රගපාපු ෂෝ එක අපිත් දන්නවා.(නදී)

:       0       0

ඉෂාන් Wednesday, 12 June 2013 06:32 PM

මෙයා මිනි මරනවා , ඒ මදිවට නියෝග දානවා පොලිසියට ගැහුවොත් වෙඩි තියනවා කියලා. (නදී)

:       0       0

වෙල් විශේර් Tuesday, 11 June 2013 01:10 PM

මෙතුමා ගැන අහන්න ඕනේ කහවත්තේ? මෙතුමාගේ ධෛර්ය අගය කල යුතුය. පොලිසියේ කව්රුත් යන්න බැරි කියපු කහවත්තට මෙතුමා ගියා. මෙය කුඩු කාරයින්ගේ හා පාතාල දේශපාලනය කරන අයගෙන් මෙතුමාට අටවපු උගුලක්!(ස)

:       0       0

දීප්ති Tuesday, 11 June 2013 01:22 PM

වාස් මහත්තයා ගම්පහට ආවා කිව්වහම රජ වෙලා හිටපු අය බලු කුක්කෝ උනා. මෙතුමා කවදාවත් ලොකු මිනිහගේ පැත්ත ගත්තේ නැහැ. පොඩි මිනිහට සාදාරණය ඉටු කළා. මම අත්දැකීමෙන් කියන්නේ. ගම්පහ පොලිසිය කියන්නේ ජරාව කන උල්පතක්. මම මගේ පවුල් ප්‍රශ්නෙකට පැමිණිල්ලක් දාන්න ගිහින් මගෙන් රු.දහදාහක් ඉල්ලුවා. ඉතින් මේ සේරම බය උනා වාස් මහත්තයා ආවහම. වාස් මහතාණෙනි, ඔබට ජය...! (ස)

:       0       0

උපාලි Tuesday, 11 June 2013 01:28 PM

දාල තියෙන අදහස් දිහා බලපුවාම පෙනෙන දේ තමයි බොහොම දෙනෙකුට මේ සිදුවුණ දේ අදහගන්න බැරි බව. මහත්වරුනි, කෙනෙකුට බොරු චෝදනා කරන්න පුළුවන් නමුත් මිනිමරුමකට පටලවන එක ලේසි නැහැ. විශේෂයෙන් මේ මට්ටමේ කෙනෙක්. ඇස් ඇරගෙන බලා ඉන්න. ඉතා අමිහිරි සත්‍යය එළිවෙයි. (ස)

:       0       0

සාලිය Tuesday, 11 June 2013 06:00 PM

ඔය මනුස්සයාව අරන් ගියේ සැකපිට. නැතුව ඔප්පු වෙලා නෙමෙයි. නිකම් බොරුවට මිනිස්සුන්ටචෝදනා නගන්න එපා. සමහර පාර්ලිමේන්තුව නියෝජනය කරන පෙනී පෙනී මැරුවේ. ඒවාට කතා නැහැ. හොරකමට අත් පය කපන නීතියකුයි, මිනී මැරුමට සහ ස්ත්‍රී දූෂනයට ප්‍රසිද්දියේ හිස ගසා දාන්න ඕනේ. එතකොට මේවා ටිකක් අඩුවෙයි.(නදී)

:       0       0

උදය Tuesday, 11 June 2013 01:40 PM

ගණන් ගන්න එපා. මේක ‍සුඵ දෙයක්.(ස)

:       0       0

ඩෙන්සිල් Tuesday, 11 June 2013 01:40 PM

තවම ප්‍රශ්න කරනවා. වරදක් කරලා නොමැති නම් නිදහස්වෙයි. නමුත් ගලායන තොරතුරු අනුව නම් මේ අපරාදය පොලිස් නිලදාරීන් කරලා තිබෙන බව පැහෙදිලියි. කොහොම නමුත් මේ සිද්දියෙන් පොලිසියත් කප්පන් අරන් මිනිමරනවා කියල ඔප්පුවෙනවා. අපි කාගෙන්ද පරිස්සම් වන්නේ. (ස)

:       0       0

දම්මික පෙරේරා Tuesday, 11 June 2013 01:45 PM

මිනිසුන්ගේ හොඳ වගේම නරකත් තියෙනවා . සල්ලි වලට මරුන මිනිහත් ආසලු. නමුත් මේවගේ කෙනෙකුට විරුද්ධව මේවගේ දෙයක් වෙන්න අපි නොදන්නා දෙයක් තියෙන්න පුළුවන්. වාස් ගුනවර්ධන මහතා නිර්දොශි නම් ඒයා බියවිය යුතු නැහැ. (ස)

:       0       0

වාසනා Tuesday, 11 June 2013 01:51 PM

පුතත් ගන්න වගේ හදන්නේ.(නදී)

:       0       0

කපිල Tuesday, 11 June 2013 01:56 PM

සකල සිරින් පිරි සිරි ලංකාවේ අරුමැති දේ දැන් සිදුවෙන්නා හොද හොද සෙල්ලම් එළිවෙන ජාමෙලු හෙට අනිද්දට තව වේවිද මොනවා (නි)

:       0       0

දේශාන් Tuesday, 11 June 2013 01:59 PM

පොලිසිය... ලංකාවේ පොලිසිය.... (නි)

:       0       0

සමන් Tuesday, 11 June 2013 02:01 PM

ඔබලා දැන් ද මේ ක දන්නේ. (ස)

:       0       0

රොෂාන් සුජිත් Tuesday, 11 June 2013 02:05 PM

මේ වගේ රත්තරන් උසස් විම් දෙන්න වටිනා පුද්ගලයෙක්ටත් මෙහෙම සලකනවානම් අනිත් අයට මොන කතාද. මේ අයගේ ජීවිත පරිත්‍යාගයෙන් ඇති වැඩක් නැහැනේ.(නදී)

:       0       0

ලසන්ත Tuesday, 11 June 2013 02:15 PM

කෙවින් ජේ ආර් ජනපති තුමා මතකද ?(ස)

:       0       0

චන්ද්‍රා-ඇමරිකාව Tuesday, 11 June 2013 02:23 PM

අත්අඩංගුවේ ඉන්න අතරේ හැකිනම් මෙයාට පසුගිය දොරමඩලාව වැඩසටහන පෙන්නුවොත් වටිනවා. (නදී)

:       0       0

මාධව Tuesday, 11 June 2013 03:00 PM

කුමාර, කවදා ඉඳන්ද ඔය වගේ විහිළු කරන්න පටන් ගත්තේ? හරියට ක්‍රියාත්මක වෙනවා නම් කෝ ඔය මැති ඇමතියන්ට එරෙහි දඬුවම්. දැක්කනේ පහුගිය ටිකේ වරද කරපු අයටත් සැලියුට් කරනවා. (නි)

:       0       0

කිත්සිරි Tuesday, 11 June 2013 09:48 AM

අපේ රටට මොකද මේ වෙන්නේ? විනිසුරු වරුන් , ඉහල පොලිස් නිලධාරින් වැනි අයටත් ලැබෙන වැටුප හොඳින් ජීවත් වෙන්න මදි වගේ... (ත)

:       0       0

ප්‍රසන්න Tuesday, 11 June 2013 09:51 AM

රහස් පොලිසියට කරදයක් නැතුව පරීක්ෂණ කරගන යන්න ලැබේවා කියා ප්‍රර්ථනා කරමු !!!!! (ත)

:       0       0

පැතුමි Tuesday, 11 June 2013 03:08 PM

ලද දෙයින් නොසතුටට පත්වූ මන්මුලාවූ මිනිස් හදවත නොමැරෙනා මිනිසුන් සතුන්මෙන් දිවිගෙවන්නේ ලොවේ දස අත කාගේ ගෙලමිරි කලා හෝ මම මාගේ මලුපුරවා ගනිමි සිත කරනජඩවැඩ කෙලෙස උසුලන් නේද දෙවියනි පොලෝ මිහිකත !(ස)

:       0       0

උපාලි Tuesday, 11 June 2013 09:56 AM

තාරකාව දීප්තියෙන් වැඩිවෙමින් අහසේ දිදුලනවිට, ඉඳ හිට එය වසමින් ගමන් කරන වලාකුල් ගැනද නොතකා සතුටින් බලා සිටියෙමි. අහෝ, මා ඇස් දල්වා බලා සිට ඇත්තේ දිදුලන තාරකාවක් දෙස නොව ග්රාහකයකින් ගැලවී ඉවතට විසි වූ ගිනියම් වූ ගල් කැබැල්ලක් දෙස වීම කොතරම් ඛේදයක්ද? (ත)

:       0       0

පෙරේරා Tuesday, 11 June 2013 10:01 AM

තව ටික දවසකින් මැති ඇමැතිගොල්ලන්වත් අත්අඩංගුවට ගනීවිද දන්නේ නැහැ නේද? (ස)

:       0       0

සේන Tuesday, 11 June 2013 10:12 AM

මෙතුමා ගැන ගුණ කතන වයපු අය කෝ. එහෙමත් නැතිනම් මෙතුමාව ඉවත් කරන්න අටවාපු ගුදුවක්ද මේ? (ත)

:       0       0

මහේෂ් දි සිල්වා Tuesday, 11 June 2013 10:10 AM

කියන්න දෙයක් නෑ. මේ මනුස්සයා හිටියොත් කොළඹ කුඩු කාරයන්ට, මිනීමරුවන්ට වැඩේ හම්බෙන නිසා තමයි ඇතුළෙන් වැඩේ දෙන්නේ. කොටකෙතන මිනීමරුවන් අල්ලලා දුන්නට වාස් මහත්තයා එක්ක ලොකු තරහක් තියෙන්න ඇති. ප්‍රාදේශීය සභාවල ඉන්න මිනීමරුවො, ඡන්ඩි, කසිප්පුකාරයො ඔක්කොම වස් එකක් තරහ ඇති. මෙචේචර අපරාදකාරයොන්ව අල්ලලා දුන්නු වාස් මහතාට මෙහෙම නම් තව කුමන කතාද? (ත)

:       0       0

ලලිත් පැරිස් Wednesday, 12 June 2013 09:06 PM

මෙයා කොහොමත් එලියට එනවා.(නදී)

:       0       0

කෙවින් Tuesday, 11 June 2013 10:17 AM

හැම දෙනාම දැනගන්න ඕනේ බලය තියනකොට මොන දේ කලත් කල කම් පළදෙනවා කියල. එහෙම උනේ නැත්නම් මේ වගේ පිරිසුදු බුදු දහමක් මෙපමණ කලක් පවතින්නේ නැහැ. හැම පාලකයෙක්ම තමන්ට බලය අහිමි වෙලා යනවා කියල හිතන්න. (ත)

:       0       0

නිහාම් Tuesday, 11 June 2013 03:19 PM

වාස් ව අත්අඩංගුවට ගත්තේ අනිත් පොලිස් නිලදාරීන්ගේ සාක්කි මතයි. එම නිසා ඔහුගේ සම්බන්ද තාවයක් තියනවා. (නදී)

:       0       0

චමි Tuesday, 11 June 2013 10:18 AM

වරදක් කළා නම් දඩුවම් ලබනු ඇත (නි)

:       0       0

දුමින්ද Tuesday, 11 June 2013 10:20 AM

කුමන්ත්‍රණයක් ? (ස)

:       0       0

ෂෙරිෆ් Tuesday, 11 June 2013 10:22 AM

අරුම පුදුම දේවල්නේ හෙලදෙරණේ සිදුවෙන්නේ. අපි ලංකාවේ ජාත්‍යන්තර පොලිසියක්වත් පිහිටවමුද? (නි)

:       0       0

සහීර් Tuesday, 11 June 2013 03:21 PM

නිසි දඬුවම් ලැබේවා.(ස)

:       0       0

නාමරන් Tuesday, 11 June 2013 10:24 AM

මේ ලස්සන රට කිසිම විනයක් නැති රටක් බවට පත් කළෝහු කවුරුද සොයා එම අයට දඬුවම් කිරීමට කල පැමිණ ඇත (නි)

:       0       0

සංජු Tuesday, 11 June 2013 10:31 AM

නිවැරදි නිගමනයක් එනකන් අපි බලාගෙන ඉන්නවා. (නි)

:       0       0

තුසිත් Tuesday, 11 June 2013 10:29 AM

අප නම් මොහු ගැන අසා ඇත්තේ යහපත් දේය . ඒ අනුව මගේ දැඩි විශ්වාසය නම් මෙය මෙසේ නොවියයුතු බවයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පහල යාගොඩ අමුතු ඝාතනයක්
2024 සැප්තැම්බර් මස 28 1775 0

ගණේමුල්ල පොලිස් වසමට අයත් පහළ යාගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියක පිටුපස ගමන් ගත් අයෙකු පැදි කරුගේ ගෙල කපා අනතුරුව බියට පත්ව ඔහුගේද ගෙල කපාගෙන ජීවිතක්ෂයට


රනිල් නායකත්වයේ සිටිය යුතුයි:ගාල්ල යෝජනා සම්මතයි
2024 සැප්තැම්බර් මස 28 1113 0

එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ යුතු බවට වන යෝජනාවක් ගාල්ලේ විශේෂිත එ


ඩඩ්ලිගෙන් පාලන මිලට සහල්
2024 සැප්තැම්බර් මස 28 1665 0

බලයට පත් ආණ්ඩුවට සහයෝගයක් වශයෙන් තමා 28 වෙනිද සිට සියලුම සහල් පාලන මිලට ලබාදීමට කටයුතු කරන බව අරලිය සහල් ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.


අපේ පත් කිරීම්වලට අපි වග කියනවා
2024 සැප්තැම්බර් මස 28 1162 0

ජාතික ජන බලවේග රජය කරන සියලු පත්කිරීම් සඳහා රජය වග කියන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය මහනුවර දී අද (28) පැවසුවාය.


බෝවතැන්න හිස් කරයි
2024 සැප්තැම්බර් මස 28 621 0

අලුත් වැඩියා කටයුත්තක් සහ නිරීක්‍ෂණ කටයුත්තක් සඳහා බෝතැන්න ජලාශයේ ජලය ඉවත් කරන නිසා අබන් ගඟ දෙපස ජනතාව දැඩි විමසිලිමත් වන ලෙස බෝතැන්න ජලාශ භාර ඉංජිනේ


ප්‍රධාන පක්ෂ බීලි කොකු සෙල්ලමක
2024 සැප්තැම්බර් මස 28 1143 0

ඉදිරි මහ මැතිවරණයේදී බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් දිනා ගැනීම සඳහා පොදු සන්ධාන පිහිටුවා ගැනීමට දේශපාලන පක්ෂ නම්මා ගැනීමේ විශේෂ මෙහෙයුමක් එක්සත් ජාතික ප


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37970 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25014 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 239 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 777 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 278 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site