IMG-LOGO

2025 අප්‍රේල් මස 21 වන සඳුදා


නියෝජ්‍ය විභාග කොමසාරිස්වරයකුගේ වැඩ තහනම්

(රන්ජන් කස්තුරි)
 
විභාග දෙපාර්තුමේන්තුවේ රහස්‍ය සහ ආයතනික විභාග අංශ ප්‍රධානියා ලෙස කටයුතු කළ නියෝජ්‍ය විභාග කොමසාරිස්වරයාගේ රාජකාරී වැඩ අද (10 ) සිට තහනම් කර ඇත . ඒ සිය රාජකාරි වගකිම පැහැර හැරිම සහ විෂමාචාර චෝදනා කිහිපයක් හේතුවෙනි .
 
අධ්‍යාපන ලේකම් සුනිල් හෙට්ටිඅරාච්චි මහතා විසින් රාජ්‍ය සේවා  කොමිසන් සභාවේ අධ්‍යාපන සේවා කමිටුවේ අනුමැතිය අනුව එම නිළධාරියාගේ  රජකාරී වැඩ තහනම් කිරිමේ ලිපිය නිකුත් කර ඇත .
 
විභාග දෙපාර්තුමේන්තුවේ පසුගිය කාලයේ සිදු වු  අක්‍රමිකතා පිළිබඳ සොයා බැලිමට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා විශේෂ විමර්ශනයක් ද අරම්භ කර ඇත.



අදහස් (20)

නියෝජ්‍ය විභාග කොමසාරිස්වරයකුගේ වැඩ තහනම්

sathyapala Friday, 10 November 2017 01:01 PM

මේ කියන්නේ ඇත්තක්. සමහර උදවිය විභාගවලදී හොර කරන්නේ නෑ. සියල්ල සිදුවුණාට පස්සේ විභාග දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියේ තම ලකුණු වෙනස් කරගන්නවා. මේක දැන් වෙනවද දන්නේ නෑ. එහෙත් එහෙම වුණා. දෙවනුව මම දන්නා විභාග දෙපාර්තමේන්තුවේ වැඩ කරපු අයගේ පවුල්වල උදවිය සියලුදෙනා ග්‍රාමසේවක, තැපැල්, ගුරු විභාග පාස්වෙලා රජයේ රැකියාවලට ගිහින් අන්තිමට ගුරු විභාගේ පාස්වුණු ගුරුන් අඩු වයසින්ම විදුහල්පති වෙලා තිබෙනවා. මේ කියන පවුල්වල මාමා, නැන්දා, නැන්දගේ මාමගේ දරුවෝ ..... යනාදී ලෙස රජයේ විභාග සමත් වෙනවා.

:       3       386

naradhaSaturday, 11 November 2017 04:36 AM

මෙවැනි ලකුණු වෙනස් කිරීම් උසස් පෙළ/සාමාන්‍ය පෙළ විභාගවලත් සිදු වෙනවාදැයි සොයා බැලිය යුතුයි.

:       0       33

SathyapalaSaturday, 11 November 2017 07:58 AM

තවත් රහසක් කියන්නම්. අපොස උසස්පෙළ විභාගයට මාස 7-8 කට ( හරියටම මාස ගණන මතක නැත) පෙර හිටිගමන් අලුත් ළමයි පාසලේ උසස්පෙළ පන්තියට වෙන පාසල් වලින් එනවා. ඒ හැම ළමයෙක්ගේම අම්මා හෝ තාත්තා ගුරුවරයෙක්, ගුරුවරියක් හෝ විදුහල්පති කෙනෙක්. ඒ හැම ළමයෙක්ම තමන් ඉන්න තත්වෙට වඩා හොඳ ප්‍රතිඵල ලබා ගන්නවා උසස්පෙළ විභාගයෙන්. මේක මට තවම අභිරහසක්. මොකක් හෝ දෙයක් සිද්ධවෙන බව තේරුණත් මොකක්ද කියන්න දන්නේ නෑ. දන්නා කෙනෙක් ඉන්නවා නම් හෙළිකරන්න. හේතුව මේ රටෙන් වංචාව, ප්‍රෝඩාව ටිකෙන් ටික හරි අඩුවෙලා තව අවුරුදු 100 හරි අපේ දරුවන්ගේ දරුවො හරි යහපත් ශ්‍රී ලංකාවක ජීවත්වෙයි.

:       0       31

ධනුෂ්ක Friday, 10 November 2017 04:01 PM

ලංකාව කියන්නේ දැන් හොරකම, දූෂණය, වංචාව පිරුණු සමාජය වලපල්ලටම පිරිහුණු අසාර්ථක රාජ්‍යයක් බවට පත් වෙලා. කවුරු අාණ්ඩු කලත් මේකෙන් ගොඩ එ්මක් පේන තෙක්මානයක නෑ. සමාජය ගොඩගන්න තියෙන අායතන අන්තිමටම පිරිහිලා. කලාතුරකින් කෙනෙක් හරි දේ කරන්න ගියාම අවසානේ එ් කෙනාට වෙන්නේ.... කිසිවක් නොකිරීමට ඉඩ සැලසීම. අද දියුණු රටවල් සියල්ල යම් කාලයක මෙවැනිම තත්වක සිටියා. හැබැයි ඔවුන් එම තත්වය ලෙයින් සහ යකඩින් නැතිකලා. ඔවුන් එ්කීය සමාජයක්, හයපත් පාලන ක්‍රමයක්. යහපත් පරිපාලනයක්, නීතියේ අාධිපත්‍යය ගොඩ නැගුවා. ඉන්පසු තමයි ඔවුන් මනාව හිමිකම් හා ප්‍රජාතන්තවාදය ස්ථාපිත කලේ. අැමරිකානු ඉතිහාසය මේකට නියම උදාහරණයක්. අපේ එහෙම දෙයක් වුනේ නෑ. අපේ සියල්ලම අයාලේ ගියා. අපි ප්‍රජාතන්තවාදය ගැන කථා කලාට අපෙන් 5%ක් වත් එ්කෙ අර්ථය දන්නවද? මේවා නැති කරන්න නම් හොරකම නැති, රට හැදීමට සැබෑ වුවමනාවක් අැති දැඩි පාලනයක් අැති කල යුතුයි. සියලු දෙනා රට ගොඩ නැගීමට වෙහෙසිය යුතුයි. සියලු අන්තවාදයන් තිඹිරිගෙයිම වලලා දැමිය යුතුයි. අපි අවුරුදු 10ක් එ් වෙනුවෙන් දුක් වින්දොත් අවුරුදු 100 කින් කරන්න බැරි දේ කළ හැකියි. අපි දැන් මේ දුක් විඳින්නේ රටෙ පාලකයන් වෙනුවෙන් තමයි.

:       1       709

RaveendraFriday, 10 November 2017 04:36 PM

ධනුෂ්ක මයා වෙත ඔබ විසින් කර ඇත්තේ ඉතාමත්ම නිවැරදි විග්‍රහයකි. රටේ ඉහල තැන සිට පහල තැන දක්වා හොරකම සිදුවෙනවානම් එවන් රටක් කෙසේ දියුණුවේද ??? අපගේ මාතෘ භූමිය අවුරුදු 60ක් 70ක් තිස්සේ දියුණු වෙමින් පවතින රටක්සේ තිබෙන්නේත් මෙම අසීලාචාර ක්‍රියා සමාජ ගතවී ඇති බැවිනි. අප අපට වංකවී සිටිනතාක්කල් අප සියල්ලෝම මේ ජරාජීර්ණ නරාවලේ සදහටම ලගිනු ඇත.

:       0       254

SanjaySaturday, 11 November 2017 02:20 AM

දියුණු රටවල් වලට ලොකු ඉතිහාසයක් නෑ. එම රටවල් බෞද්ධ රටවලුත් නෙමෙයි. ඔවුන් දියුණු වෙලා අපි නොදියුණු අැයි?

:       9       252

RandySaturday, 11 November 2017 07:30 PM

හේතුව තමයි දර්ශනයක් නැතිකම. අාගම් කොච්චර තිබුණත් වැඩක් නෑ. ඒ අාගම්වල උගන්වන දර්ශනය මිනිස්සු වැළඳ නොගන්නා තාක්කල්...

:       0       0

හෂාන් Saturday, 11 November 2017 11:19 PM

සහතික ඇත්ත. ඕස්ට්‍රේලියාවේ ඉතිහාසය අවුරුදු 200. ලංකාවේ අවුරුදු 2500 ට වැඩි. කොහොමද දියුණුවේ වෙනස?

:       0       0

Thilak Saturday, 11 November 2017 12:45 AM

මේවා හදන්න තිබ්බ අවස්ථා කීපයක් මග හැරුනා .. එකක් සුනාමි ආපු වෙලාව ... අනික යුද්ධය දිනපු වෙලාව ... එ්ත් අපි පරක්කු නැ... ජවිපෙ එකට එක පාරක් දීලා බලමු ...!

:       144       146

හෂාන්Saturday, 11 November 2017 11:24 PM

මේ, නොදන්නා යකාට වැඩිය දන්නා යක්කු හොඳයි.

:       1       0

ධම්මSunday, 12 November 2017 06:51 AM

අනිවාර්යයෙන්ම ජවිපෙට එක පාරක් දෙන්න ඕනෑ.

:       0       1

Sampath Saturday, 11 November 2017 02:55 AM

මූල්‍ය වංචා ගැන විතරක් නෙවෙයි සොයන්න ඕනේ.. විභාග වංචා වගේම සුදුසුකම් ඇති අය ඉවත් කර නුසුදුසු අය පත්කිරීම ගැන සෙවීමටත් කොමිසමක් පත්කළා නම් හොඳයි.

:       0       59

Sampath Saturday, 11 November 2017 03:02 AM

සියළුම රජයේ නිලධාරීන්ගේ සුදුසුකම් සහතික කිරීමට කොමිසමක් දැම්මොත් තොරතුරු ඒවි ඕනෑ තරම්....

:       0       28

bamunuarachchi Saturday, 11 November 2017 03:23 AM

මොනවාද මේ වැඩකට නැති කතා... අර විග්නේශ්වරන් ෆෙඩරල් ඉල්ලන කතා, සම්බන්ධන් උතුරු නැගෙනහිරට දෙමළ භාෂාව, රාජ්‍ය භාෂාව කරන්න කියන ප්‍රවෘත්ති දමන්න අපට අදහස් දමන්න. තෙල් බවුසර් පෙරළුනාම අපි මොනවද ලියන්නේ?

:       26       47

ruchira Saturday, 11 November 2017 04:06 AM

හරි... තිබ්බ එකම බාධකේ ඉවත් කළා. මීට පස්සේ ඇමතිගේ ළමයින්ට විභාගේ ඉහළම ලකුණු ෂුවර්.

:       2       94

මම1 Saturday, 11 November 2017 05:36 AM

විෂමාචාර ක්‍රියාවකින් වෘත්තීය සුදුසුකම් ලබා ගත් කෙනෙක් රටේ ජනාධිපති වෙලත් හිටියා. එයාගේ නෑදෑවෙන කෙනෙක් වෘත්තීය විභාගයකින් ඉහලම ලකුණු අරගෙන සමත් වුණා. එතනත් විෂමාචාර ක්‍රියා සිදුවුණාලු.

:       64       61

saman Saturday, 11 November 2017 08:43 AM

මේ නීතියම අර බැඳුම්කර වංචාවේ මහා බැංකු අධිපතිට, මුදල් ඇමැතිට ක්‍රියාත්මක වුණානම් අපේ රට කොච්චර හොඳද?

:       2       74

nimal madawala Saturday, 11 November 2017 02:39 PM

ප්‍රිය මිත්‍රවරුනි, අපි දන්නවා මේ තැන්වල වෙන්නේ මොනවද කියලා ඔතන විතරක් නොවේ... හැම තැනම ඕක තමයි. නමුත් ජනතාව තවම හොරු සමග නිසා මොනවා කරන්නද? දැන් තේරුණාද අපි යහපාලනය තුල කරන්න යන දේ නමුත් තමුන්ලාම තමයි මේ හොරු රකින්නේ... මොකද එදා මහ කෙනාගේ සිට පොඩි කෙනා දක්වාම හොරු, ඉතින් මේවා සුද්දකරන්න ගියාම ටිකක් කල් යනවා. මේවා ලේසි නැහැ. මේවා හරි පරිස්සමෙන් කරන්න ඕනෑ දේවල්... දූෂණය පිටු දකින්න ජනපතිතුමා වෙහෙසෙනවා. මොකද මේවා හොරකම් කරලා තියන්නේ සක්කරයාගේ මල්ලි , වයිමටවත් හොයන්න බැරි විදිහට... ඇයි මේවාට හොඳ පිළිතුරු තියනවා ජනපතිතුමාගේ ඊයේ කතාවේ , අනාගතේ යහපත් රටක් හදන්න ජනපතිතුමා ගන්න වෙහෙසට ඔබ සැමගේ සහය ඕන වෙලාව මේක... ඒ නිසා බොරුවට රැවටෙන්න එපා... හොරකම කව්රු කලත් හොරකමමයි. යහපාලනය තුල නිසි දඬුවම් දෙනවාම තමයි. තරා තිරම අපට වැඩක් නැහැ. බඩුම තමයි....

:       246       102

මහින්ද විරසිංහ Saturday, 11 November 2017 07:24 PM

ජනපතිත්, අගමැතිත් රාජකාරිය හරියට කරන්න. යාළුකම් වලට හොරු ආරාක්‍ෂා කරන්න එපා... මහජන දෙපල වංචා කරන සියලු දෙනාට දඩුවම් කරන්න...

:       0       0

kuma Sunday, 12 November 2017 10:48 AM

විභාග දෙපාර්තමේන්තුවේ විෂමාචාර ක්‍රියාවන්, මූල්‍ය වංචා, හොරකම, දූෂණය සොයා බැලිමට කොමිසමක් දැම්මොත් තොරතුරු ඒවි ඕනෑ තරම්..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

ආහාර සුරක්ෂිතතා කමිටුව හය වන වරටත් රැස්වේ
2025 අප්‍රේල් මස 21 28 0

රටේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට අදාළව ප්‍රතිපත්තිමය තීන්දු ගැනීම සඳහා වන ආහාර සුරක්ෂිතතා කමිටුව කොළඹ ජනාධිපති කාර්යාලයේදී අද 6 වන වරටත් රැස් විය.


පාප් වහන්සේට ගෞරවයක් ලෙස අයිෆල් කුළුණ නිවා දමයි
2025 අප්‍රේල් මස 21 191 0

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේට සිදුකරන ගෞරවයක් වශයෙන් ප්‍රංශයේ අයිෆල් කුළුණේ විදුලි ආලෝකය අද (21) රාත්‍රියේ නිවා දමන බව ප්‍රංශ නගරාධිපතිනි ඈන් හි


නීති විරෝධීව වැලි ප්‍රවාහනය කළ ලොරියට වෙඩි
2025 අප්‍රේල් මස 21 106 0

කොටිකුවිආරු රක්ෂිතයේ නීති විරෝධීව වැලි ප්‍රවාහනය කළ ලොරි රථයක් පොලිස් නිලධාරීන් හප්පා පලායාමට උත්සාහ කිරීමේදී ටිපර් රථයට වෙඩි තබා රියැදුරු ඇතුළු දෙ


පොලිසියට අලුතින් 5000ක්
2025 අප්‍රේල් මස 21 186 0

මෙම වසරේ අලුතින් පොලිස් නිලධාරීන් 5000ක් බදවාගැනීමටත් ඉන් 2000ක් කඩිනමින් බදවාගැනීමටත් මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා උපද


රනිල්ට අල්ලස් කොමිසමට එන්න දින දෙයි
2025 අප්‍රේල් මස 21 475 0

චාමර සම්පත් දසනායක මහතා ඌව පළාත් මහ ඇමති ධුරයේ සිටියදී ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ පැවති ස්ථාවර තැන්පතු ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ගැ


පැය හතකට පසු මෛත්‍රී CIDයෙන් පිටව යයි
2025 අප්‍රේල් මස 21 517 0

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැය 7 කට පමණ ආසන්න කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව ඉන් පිටව ගියේය.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 481 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 286 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 438 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site