IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


නියපොත්තෙන් කළ හැකි දේට පොරොව එපා

යාපනය ඇතුළු උතුරු පළාතේ මේ දිනවල සිදුවන සුළු සුළු ප්‍රචණ්ඩකාරී ක්‍රියා යුද්ධයක් දක්වා වර්ධනය වීමට ඉඩ නොදීමට රජය හා ජනතාව දැඩි අවබෝධයකින් යුතුව ක්‍රියා කළ යුතුව ඇතැයි උතුරු පළාත් සෞඛ්‍ය අමාත්‍ය පී.සත්‍යලිංගම් වෛද්‍යවරයා පැවසීය.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ  යාපනය විශ්ව විද්‍යාලයේ සිසුන් දෙදෙනෙකුව පොලීසිය විසින් වෙඩි තබා මරා දැමුවේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් විරෝධය පලකිරීම සදහා මේ දිනවල උතුරු පළාතේ සිදු කෙරෙන යම් යම් ප්‍රචණ්ඩ ක්‍රියා පිළිබඳ විමසූ අවස්ථාවේදී මාධ්‍යට අදහස් දක්වමිනි.

 දකුණේ ජනතාව මේ දිනවල සිදුවන ක්‍රියා පිළිබදව වැරදි ආකල්පයකින් බැලීමත් සාමය කඩ කිරීමට උඩගෙඩි දීමටත් ක්‍රියා නොකරන ලෙස ඉල්ලා සිටි අමාත්‍යවරයා උදාවී ඇති සාමය ස්ථාපිත කිරීමට සියළු දෙනාම කැප විය යුතු බවද ප්‍රකාශ කළේය.

යාපනය විශ්ව විද්‍යාලයේ සිසුන් දෙදෙනාට වෙඩි තැබීමේ සිද්ධිය පිළිබදව  රජය අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වා වැරදි කරුවන්ට නිසි දඩුවම් ලබාදීමත් මෙවැනි සිද්ධීන් යළි ඇති නොවීමටත් වග බලා ගත යුතු බවද පැවසීය.



අදහස් (0)

නියපොත්තෙන් කළ හැකි දේට පොරොව එපා

හේමන්ත Thursday, 27 October 2016 10:01 AM

ඇත්ත කථාව (ම)

:       0       0

හෆීල් Thursday, 27 October 2016 10:37 AM

දැනටමත් රජය පොරුන්දු වෙලානේ තියන්නේ අපක්ෂපාතී පරීක්ෂණයක් කරනවයි කියලත්, පස්දෙනක් අත්අඩංගුවේ පසුවෙනවා. ඒවගේම පහුගිය නඩු තීන්දු කිහිපයක් සමගත් මේ අයට සෑහීමට පත්වෙන්න බැරිනම්? නීතිය අතට ගන්න උත්සාහ කරන්නේ. (බ)

:       0       0

ඩිලාන් Thursday, 27 October 2016 12:18 PM

ඔබතුමා කියන කතාව හරි.(හේ)

:       0       0

පාලිත Thursday, 27 October 2016 12:18 PM

ඇමති තෑමෝ දකෑනේ සිංහල ළමයින්ට ඔය විශ්ව විද්‍යලයේ ළමයිම නේද ගැහුවේ. දෙමළ අයව කැපුවද අපි නිතිය අතට ගත්තද ඔය කල්ලිය ඔය ගොල්ලොම නවත්තන්න පොලිස් අනනොතකා ධාවනය කිරිම නේද? ඵ් දෙන්නගේ වරද නිතිය කඩන ඵක කාටත් පොදුයි දැන් තියෙන්නේ නියපොත්තෙන් කඞන්න පොරවෙන් කපනකන් ඉන්නේ නැතුව.(හේ)

:       0       0

පාලිත Thursday, 27 October 2016 12:18 PM

බලමුකෝ මොකද වෙන්නේ කියලා.(හේ)

:       0       0

පාලිත Thursday, 27 October 2016 12:18 PM

මේ ප්‍රශ්නය දුර දිග නොයා මේ ප්‍රශ්නය ඉවර කර ගන්න.(හේ)

:       0       0

චානක ලොස් ඇන්ජලිස් Thursday, 27 October 2016 02:21 PM

මෙම ක්‍රියාවන් සාමයට ලැදි ජනතාවට අමිහිරි වුණාට බොරදියේ මාලු බාන්‍න බලා ඉන්න කුහක දේශපාලුවන්ට මිහිරියි. මේ ක්‍රියාවන් සිදු කරන්න අනුබල මොවුන් විසින්ම සපයනවා යනු මගේ පුද්ගලික අදහසයි. එසේ ප්‍රකාශ කරන්නේ බලය ලබා ගැනීමේ අරමුණෙන් අතීතයේ එම කුහක දේශපාලකයන් සිදුකළ ක්‍රියාකාරකම් මතය (නි)

:       0       0

නිල්මිණි-ජපානය Thursday, 27 October 2016 07:13 AM

ඉතින් රජයටම කියන්නේ පළාත් සභාව අවබෝධයෙන් ඒ වගකීම අරගෙන ක්‍රියා කරන්නකෝ. නිකම්ම බලය බෙදන්න ඉල්ලුවට ලැබෙන්නේ නෑ. බලය ලැබුනොත් කරන්න පුළුවන් විදිය දැනට තියෙන පළාත් සභා බලය තුලින් ආදර්ශනය කරලා පෙන්වන්න ඇමති තුමා. (බ)

:       0       0

බමුණු Thursday, 27 October 2016 07:27 AM

මේවට ටික දුරක් යන්න දෙමු එතකොට පොරෝවෙන්ම වැඩ පටන් ගන්න පුළුවන්. (බ)

:       0       0

නන්දලාල් ද සිල්වා-ප්‍රංශය Thursday, 27 October 2016 07:27 AM

අනාගතයේදී විය හැකි භයානක තත්වයක් ගැන හැමෝම ඉතාමත් කල්පනාකාරී විය යුතු වෙනවා. රට පුරාම සාමය ආරක්ෂා කිරීමට පොලිසිය සහ ආරක්ෂක හමුදා බැඳී සිටිනවා. එහෙත් මහජනයා රැක ගැනීමටත් ඔවුන් බැඳී සිටිනවා. මෙම සිද්ධිය දඩ මීමා කරගෙන ඉන් ප්‍රයෝජන ගැනීමට උතුරේ මෙන්ම දකුණේද කල්ලි සැදී පැහැදී සිටින බව පසුගිය දිනවල සිදුවූ කටයුතු වලින් පේනවා. (බ)

:       0       0

සජී Thursday, 27 October 2016 07:37 AM

හැමෝටම කලින් උතුරේ සිටින ජාතිවාදී දේශපාලුවන් මේ බව තේරුම්ගත යුතුයි (බ)

:       0       0

අබේරත්න Thursday, 27 October 2016 07:39 AM

කොටි ත්‍රස්‌තවාදය පටන්ගත්තෙත් මේ වාගේ සිද්ධීන් වලින් පසුවයි (බ)

:       0       0

දිපාල් Thursday, 27 October 2016 08:10 AM

තාම යුද්ධ බලාපොරොත්තුව අත්හැරලා නැහැ, අවස්ථාවක් ලැබෙන තුරුයි මෙයාල කල් මරන්නේ. ප්‍රවේශම් වෙමු. (ම)

:       0       0

චින්තක Thursday, 27 October 2016 09:02 AM

බලන්න ඊයේ පාර්ලිමේන්තුවේදී රනිල් මේ ගැන කතාකරපු විදිහ .මිස්ට බීන්ට හපන් විහිළු සපයන්නෙක් වෙලා. මේ අය ඉන්නකන් කොටින්ටත් පාතාල කල්ලිවලටත් ඔලුව උස්සන්න පුළුවන් වාතාවරණයක් තියෙන්නේ (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ගුරුසෙතට විද්ද ගුරුවරියක මාට්ටු
2024 ඔක්තෝබර් මස 10 65 0

මහජන බැංකුව මගින් හඳුන්වා දී ඇති ‘‘ගුරු සෙත‘‘ ණය යෝජනා ක්‍රමයෙන් අවස්ථා 26 දි රුපියල් 42,055,000/= මුදල වංචා කිරීමේ සිද්ධියේ මහා මොලකාරිය බව කියන කොළඹ බාලිකාව


එජාප අපු‘ර සංවිධායක හදිසියේ මිය යයි
2024 ඔක්තෝබර් මස 10 224 0

එක්සත් ජාතික පක්ෂ අනුරාධපුර දිස්ත්‍රික් ප්‍රධාන සංවිධායක හිටපු අමාත්‍ය ඩබ්ලිව්. බී.ඒකනායක මහතා නිවසේ නාන කාමරයේ වැටී ජීවිතක්ෂයට පත්ව සිටි බව අනුරාධ


කන්තලේ ’’සීනි ඉඩම්’’ අක්කර 11000ක් ගොවීන්ට
2024 ඔක්තෝබර් මස 10 372 0

කන්තලේ සීනි සමාගමට අයත් ඉඩම් කොටස්වලින් අක්කර 11,000ක් කෙටිකාලීන බෝග වගාවන් සඳහා ගොවි ජනතාවට ලබා දෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට අද (


පොලිස් නිලධාරියෙක් - සිවිල් ආරක්ෂකයෙක් දඩයමේ ගිහින් මාට්ටු
2024 ඔක්තෝබර් මස 10 129 0

මාදුරුඔය ජාතික වනෝද්‍යානය හේනානිගල සිට දෙහිඅත්තකණ්ඩි දක්වා අද සවස 6.30 ට වෑන් රථයකින් මස් තොගයක් ප්‍රවාහනය කරමින් සිටි දෙහිඅත්තකන්ඩිය පොලිසියේ නිලධාර


අහන්නෙ නැතුව ජනපති ඡායාරූප පාවිච්චිය තහනම්
2024 ඔක්තෝබර් මස 10 747 0

විවිධ උත්සව සඳහා සමරු ඵලක හා විශේෂ සමරු කලාප සඳහා ජනාධිපතිවරයාගේ ඡායාරූප මෙන්ම පණිවිඩ පළ කිරීමට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලිඛිත අවසරයක් ලබා ගන්


පලස්තීන වීසා සීමා ලිහිල් කරන්නැයි තානාපති ජනපතිගෙන් ඉල්ලයි
2024 ඔක්තෝබර් මස 10 504 0

ලංකාව සහ පලස්තීනය අතර වීසා සීමාවන් ලිහිල් කිරීමට කටයුතු කරන්නැයි ලංකාවේ පලස්තීන තානාපති හිෂාම් අබු තාහා මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39776 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25846 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 74 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 385 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1249 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site