හැව්ලොක් රගර් කණ්ඩායමේ නායකයා වූ මොහොමඩ් වසීම් තාජුඩීන්ගේ සිරුර ගොඩගත් අවස්ථාවේ එම සිරුර ඔහුගේ සහෝදරියකද සහෝදරයෙක්ද අඳුනා ගත්හ. වළ කැපූ නගර සභා සේවකයෝ දෙදෙනාද පල්ලියේ සේවකයන් දෙදෙනාද අදත් පැමිණ සිටියහ.
ඉස්ලාම් සිරිතට අනුව සිරුරේ අවසන් කටයුතු කළ පුද්ගලයාද පැමිණ සිටියේය. සිරුර ගොඩගැනීම පෙරවරු 7.30ට ඇරඹී පෙරවරු 9.50 ට පමණ අවසන් විය. තම සහෝදරයාගේ සිරුර මිහිදන් කළ ස්ථානයේ එදා සිටවූ කොහොඹ ගස ඔහුගේ සහෝදරිය හා සහෝදරයා අඳුනා ගත්හ. එම ගස අඩි 12 ක් උසට වැඩී තිබුණි. වළ මැද සිටවා තිබූ කොහොඹ ගස ඉවත් කිරීමෙන් පසු වළ හෑරීම ආරම්භ විය.
එහි කානේෂන්, වතුසුද්ද ඇතුළු මල් ගස් වැටියක් එහි සිටවූ බව ඔවුහු කීහ. එවැනි මල් අදත් එහි තිබිණි. අඩි 3ක් 4ක් හාරද්දී සිරුර ඇති ලකුණු ලැබුණු බවත් සිරුර ගොඩගැනීමට පෙර ඉස්ලාම් සිරිතට ඉස්ලාම් මව්ලවිවරුන් යාඥා කළ බවත් සිරුර අවමංගල රියේ තැන්පත් කරද්දීත් යාඥා පැවැත්විණි.
එදා සිරුරේ අවසන් කටයුතු කළ පුද්ගලයා කී තොරතුරු අනුව සිරුර දකුණු ඇලයට හරවා තිබිණි. පිළිස්සී තිබූ සිරුර ඉටි රෙදි වලින්ද සුදු රෙදි මීටර් 11කින්ද දැවටූ බවත් මුහුණද වැසූ බවත් ඔහු කියා තිබිණි. සිරුර ගොඩගන්නා විටද සිරුර එසේම තිබිණි. ප්‍රධාන අධිකරණ නිලධාරී ජිත් පෙරේරා මහත්මියගේ ප්‍රධානත්වයෙන් යුත් අධිකරණ වෛද්‍ය නිලධරයෝ කණ්ඩායමක් මේ අවස්ථාවට සහභාගී වූහ.
පතුල නැති දිරා ගිය ලෑලි ආවරණයක්ද සිරුර සමග තිබුණි. එයද සිරුර තැන්පත් කළ තැනැත්තා කිවූ විස්තර හා සැසඳිණි. එම ස්ථානයේ පස් හා වැලි සාම්පල්ද පරීක්ෂණයට ලබාගත්තේය.
තාජුඩීන් ඝාතන පරීක්ෂණය අපක්ෂපාත ලෙස සිදුකර සාධාරණය ඉටු කරන්නැයි ප්‍රදේශවාසීහු පිරිසක් මුස්ලිම් පල්ලිය අසල නිහඬ උද්ඝෝෂණයක්ද කළහ.
2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.
මැතිවරණ රාජකාරී සඳහා මරදාන පොලිස් ස්ථානයෙන් කහතුඩුව පොලිස් ස්ථානයට තාවකාලිකව අනුයුක්ත කර සිටි නිලධාරියෙකු අනවසරයෙන් පලා ගොස් පුද්ගලයකුගේ ජංගම දුරක
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
නෑයෝ දේහය හඳුනාගනිති
සාගර Monday, 10 August 2015 09:22 AM
මෙය ඝාතනයක් නම් එම ඝාතනය සිදුකළ හැකි පුද්ගලයන් රාශියක් සිටිය හැකියි නමුත් කිසිම පරීක්ෂණයක් නැතිව එක් පාර්ශවයක් දෙසට ඇඟිල්ල දිගුකිරීම ඉතාම බොළඳ වැඩක් එය තනිකරම දේශපාලන වාසි ගැනීමට කරනා ඉතාම පහත් උත්සාහයක් . (බ)
ජයමහ Monday, 10 August 2015 09:35 AM
මෙය සාමාන්‍ය කෙනෙකු අතින් සිදු වුණ නම් කවදාවත් පොලිසිය මෙය අනතුරක් සේ දිස්වීමට කටයුතු කරන්නේ නැත, කළ කම් කොහොමත් පලදෙනවා (ම)
සෑම් Monday, 10 August 2015 03:21 PM
මේ අපරාධ කළවුන්ට මේ වගේම දඬුවමක් තමයි දෙන්න ඕනෑ වේදනාව කියන එක දැනෙන්න. (නි)
යසීර් Monday, 10 August 2015 04:47 PM
මෙහි වැළළුණු සත්‍යය ඉක්මණින්ම දැනගන්න ලැබේවා! (නි)
රූපවතී Monday, 10 August 2015 06:03 PM
බලනකොට මේ රටේ ජීවත්වෙන්නේ තිරිසනුන්ටත් වඩා අන්ත දුර්ජන රකුසන් පිරිසක්. නැත්නම් පුලුවන්ද මෙහෙම මිනිස්සු මරන්න? (නි)
ජයන්ත Monday, 10 August 2015 10:14 AM
88,89 කාලයේ ඒවාත් හොයන්න ඕනෑ.බටලන්ද අපිට තාම මතකයි.දේශපාලන වාසි ගන්න එක හරි නැහැ නේද? (නි)
අයේෂා Monday, 10 August 2015 10:21 AM
ඔවුන්ගේ හිත් වලට මොනතරම් නම් දුකක් දැනෙනවා ඇද්ද? (නි)
ඉසුරන්දි Monday, 10 August 2015 07:09 AM
පරීක්ෂණ සාර්ථකව ඉදිරියට කරගෙන යන්න හැකියාව ලැබේවායි පතනවා.(ම)
සමීර Monday, 10 August 2015 11:09 AM
සාධාරණයක් ඉටුකරන්න (නි)
කීර්ති Monday, 10 August 2015 07:55 AM
අපරාධකරුවන්ට විරුද්ධව වසීම් තජුඩීන් නිහඬ සාක්ෂි දෙනු ඇත (නි)
ගාල්ලගේ නිසංක Monday, 10 August 2015 08:16 AM
මහා දුකක් දැනෙනවා. ඔහුගේ මළ සිරුරට හෝ සාධාරණය ඉටු වේවා! සැබෑ මිනී මරුවන්ට නිසි දඩුවම් ලබා දිය යුතුයි. මේ අපරාධ මෙතනින් නවතින්න නීතිය ක්‍රියාත්මක කළ යුතුයි.(ම)
නාලක ජයවර්ධන Monday, 10 August 2015 01:08 PM
මේවා නරක වැඩ මිනිත් විකුණනවා (බ)
චිත්‍රා Monday, 10 August 2015 09:11 AM
දෙවියන් අවදියෙන් සියල්ල බලා සිටියි. සාධාරණයක් ඉටුවේවා! (නි)