IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


නයි නටවන්නත් අපොස සාපෙළ ඉල්ලයි

දෙහිවල සත්තු වත්තේ පුරප්පාඩු වී ඇති ‘නයි නටවන්නා‘සහ ‘අලි බලන්නා‘ තනතුරු දෙකට බඳවා ගැනීමේදී අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ විෂයයන් හයක් සමත්වීම අවම සුදුසුකම් දක්වා තිබීමෙන් එක් අයදුම් පත්‍රයක්වත් ලැබී නැතැයි රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු ඇමති ඩබ්.ඩී.ජේ.සෙනෙවිරත්න මහතා කියයි.

‘නයි නටවන්නා‘ වැනි රැකියාවලට පාරම්පරිකව ඉගෙනගත් පුද්ගලයන් මිස පාසල් ගොස් අවශ්‍ය සුදුසුකස් ඇත්තවුන් සිටිය නොහැකි බව ද ඇමැති පවසයි.

 රාජ්‍ය සේවයට වුවද යම් යම් තනතුරු සඳහා බඳවා ගැනීමේදී පවතින අවම සුදුසුකම් තීරණය කිරිමේ දී සුදුස්සන් බඳවා ගැනීමේ දි ගැටලූ ඇතිවන බවද ඇමතිවරයා කියයි.



අදහස් (0)

නයි නටවන්නත් අපොස සාපෙළ ඉල්ලයි

කමල් Sunday, 18 August 2013 10:53 AM

අපි සුදුසුකම් අඩු කරමු මේ සේවාවට බලපාන ලෙස, හැබැයි සමස්ථ රාජ්‍ය සේවයටම නොවේ. නැතිනම් කඩිමුඩියේ වෙනත් සේවාවන්ටත් බලපාන ලෙස නීති සංශෝධනය කරලා සිදුරු වලින් හෙංචයියන් රිංගවීමට උත්සාහ දරයි (අ)

:       0       0

චන්දි Sunday, 18 August 2013 10:55 AM

සුදුසුකම් අවශ්‍ය නොවන්නේ දේශපාලනය කිරීමට පමණි , මිනිසුනේ සත්ව හිංසනයෙන් වලකින්න (අ)

:       0       0

මාටින් Sunday, 18 August 2013 11:21 AM

නටවන්නගේ සුදුසුකම් බලල වැඩක් නෑ, නටන්නේ නයානේ එයාගේ සුදුසුකම් බැලුවනම් හොදටම ඇති. එහෙම නැත්නම් අර නයි නලගනට කියල හොද පුහුණුවක් දුන්න නම් හරි මේ සරපයොන්ට. (අ)

:       0       0

නිල්රණා Sunday, 18 August 2013 11:24 AM

කවර තනතුරක් සඳහා බඳවා ගැනීමේදී උවද සාමාන්‍ය පෙල ගනිතය සමත්ව තිබීම අනිවාර්ය කල යුතුයි. ශුන්යය හා අනන්තය ඇතුලත්ව විශ්වය බිහිවී ත්‍රීවෘත වීමෙන් අංක 1 සිට 9 දක්වා ලොවට හඳුන්වාදුන් ලාංකිකයන්ට වර්ථමානයේදීත් ලොව ජයගත හැක්කේ බුද්ධියෙන් පමණයි.(අ)

:       0       0

රත්නපාල සුභසිංහ Sunday, 18 August 2013 11:36 AM

නයි නැටවීම අහිගුණ්ටිකයන් කරන බොරුවකි. මෙවැනි වැඩ වලට ආණ්ඩුව යොමුවීම කණගාටුවකි.(අ)

:       0       0

ජාබීර් Sunday, 18 August 2013 11:40 AM

නිල්රණා , මොකක් අංක ගණිතය සොයගතේ සහ ලෝකයට හදුන්වා දුන්නේ අරාබි වරු ඉතිහාසය පොඩ්ඩක් පෙරලා බලන්න. (අ)

:       0       0

බෙනට් Sunday, 18 August 2013 11:41 AM

තාම හැබැයි ලංකාවේ හරක් බලාගන්න තනතුරු 225 ට නම් කිසිමඅධ්‍යාපන සුදුසුකමක් අවශ්‍ය නැ...හොඳට බොරු කියන්නයි , බොරු පොරොන්දු දෙන්නයි දක්ෂ කම තිබුනම ඇති ...

:       0       0

ඇසළ Sunday, 18 August 2013 11:48 AM

සත්තු පාලනය කරන්න අ.පො.ස. සාමාන්‍ය පෙළ, එතකොට රටේ හැම පළාතක්ම පාලනය කරන පලාබබ්බු වෙන්න තියන අධ්‍යාපන සුදුසුකම පාතාලයද? රටකට ගිය කලක්! (නි)

:       0       0

ජයසූරිය Sunday, 18 August 2013 12:02 PM

අනික ඔය කොච්චර සුදුසුකම් තිබුනත් මදි. අනුන්ගේ ගීත තනු වෙනස් කරලා කිසි රසයක් නැති වාදනයක් ගැහීමේ පළපුරුද්දක් ඕනෑ. මොකද දැන් ඉන්න නයි නටන්නේ බටහිර පන්නෙට (නි)

:       0       0

නවීන් Sunday, 18 August 2013 12:23 PM

තනතුරට ගැළපෙන අධ්‍යාපන සුදුසුකම් තීරණය කළ යුතුයි. අනිත් වෘත්තීන් වගේ කාර්මික විද්‍යාල වල මේවා උගන්නන්නේ නැහැනේ. මේවා පාරම්පරික වෘත්තීන් මිසක් තාක්ෂණික වෘත්තීන් නෙමෙයි‍නේ. (නි)

:       0       0

රමේෂ් Sunday, 18 August 2013 12:25 PM

අමාත්‍ය මණ්ඩලේ , කැබිනට් මණ්ඩලයේ වගේ තනතුරු වලටයි අඩුම ගානේ 8 වසරවත් සමත් විය යුතුයි කියලා අවම සුදුසුකම් දක්වන්න ඕනෑ (නි)

:       0       0

මිගාර Sunday, 18 August 2013 12:35 PM

නීල්රනා,ඔයාගේ ඔලුව හොඳ නැද්ද? මට දැනෙන විදියට ඔබට මොකක්දෝ මානසික ව්‍යාකූලතාවක් තියෙනවා. (නි)

:       0       0

නෙතුමි Sunday, 18 August 2013 12:46 PM

සාමාන්‍ය පෙළ සමත් වනවා නම් හැමෝම හොඳයි, එහෙත් මෙවැනි වූ වෘත්තීන් ප්‍රශ්න පත්තරයකට උත්තර ලියු පමණින් ක්‍රියාත්මක කළ නොහැකි බව දැනගත යුතුය. ඒ අතින් බැලුවාම ඇතැම් උසස් උපාධි ධාරීන් පවා උගත් වුණාට බුද්ධි මට්ටමින් ඉතා පහත් (නි)

:       0       0

වීර Sunday, 18 August 2013 12:53 PM

අනේ නීල් රනා මහදැනමුත්තා දැනමුතුකම් දාලා නේද?එයා හිතාගෙන ඉන්නේ එයාගේ අපබ්‍රංශ දැකලා එයාව බුද්ධිමතෙක් කියලා අපි හිතයි කියලා.පුළුවන් නම් මහදැන මුත්තේ, ගණිතයෙන් ලොව ජයගන්න ආකාරය පැහැදිලි කරන්න. (නි)

:       0       0

ඉෂාන් Sunday, 18 August 2013 01:40 PM

සාමාන්‍ය පෙළ විභාගයේ විෂයයන් හයක් සමත්වී නැති කී දෙනෙක් දේශපාලනයේ ඉන්නවද? කව්ද ඒ අයගෙන් අවම සුදුසුකම් ඉල්ලන්නේ? (නි)

:       0       0

ප්‍රදීපා Sunday, 18 August 2013 02:08 PM

හරිම පුදුමයි, නයි නටවන්නත් සා.පෙ.ඉල්ලන රටේ දේශපාලනය කරන්න කිසිම අධ්‍යාපන සුදුසුකමක් නොඉල්ලන එක. (නි)

:       0       0

තුෂිත් Sunday, 18 August 2013 02:29 PM

අතීතය ගැන බිඳක්වත් නොදන්නා අය දේශපාලනයට පැමිණ පාර්ලිමේන්තුවේ ඉඳගෙන ඉන්න රටේ, ඔය තනතුරට වැදගත් හැසිරීම විතරක් හොඳටම ඇති නේද (නි)

:       0       0

අමිල Sunday, 18 August 2013 02:45 PM

මේ විදියට ගියොත් පොල් කඩන්නත් උපාධි ඉල්ලයිද දන්නේ නැහැ (නි)

:       0       0

සමන් ද අල්විස් Sunday, 18 August 2013 03:24 PM

ඇත්තටම ඇයි දෙයියනේ දන්නේ නැද්ද ? නයි නටවන කට්ටියට අලුත් පත්වීම් හම්බවෙලා.කිසිම සුදුසුකමක් සහ උගත්කමක් අවශ්‍ය නොවන එකම රැකියාව එයාලා දැන් කරන්නේ (නි)

:       0       0

රෙමා Sunday, 18 August 2013 03:42 PM

මේකට මොනවටද සාපෙළ සමත් අය? (නි)

:       0       0

තිලක්-ඩුබායි Sunday, 18 August 2013 05:27 PM

ඒත් අර 9 පාස් වෙලා මොනවද කරන්න තමන්ගේ මුළු වැටුපම වියදම් කරන දේශප්‍රේමියාවත් නයි නටවන්න,අලි බලන්න තරම්වත් සුදුසුකම් සපුරාලා නැහැනේ. (නි)

:       0       0

තිලක්-ඩුබායි Sunday, 18 August 2013 05:30 PM

නයි නටවන්න,අලි බලන්න 10 පාස් කරන්න ඕනෑ වුනාට සමහර සංස්ථා වල සභාපතිකම් කරන්න,ඇමතිකම් කරන්න නම් 8-9 පාස් වුනහම හොදටම ඇති.ලංකාව කියන්නේ අරුම පුදුම රටක් වෙලා දැන්.ලෝකෙටම විහිලු සපයනවා. (නි)

:       0       0

දසුනි Sunday, 18 August 2013 05:55 PM

අපිව නටවන්න නම් පාසලකට නොගියත් ප්‍රශ්නයක් නැහැ.සත්තු එක්ක වැඩ කරන්න එහෙම බැහැ.සත්තුන්ට මොලේ තියෙනවා කියලා මෙතුමන්ලත් පිළිගන්නවා එහෙනම්. (නි)

:       0       0

පිටබැද්දර ජයා Sunday, 18 August 2013 06:05 PM

මේ සුදුසුකම සපුරන්න හමුදාවට කියලා. දැන් වෙලා තියෙන්නේ මේකේ අනිත් පැත්තනේ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති -මහ බැංකු අධිපති විශේෂ සාකච්ඡාවක්
2024 සැප්තැම්බර් මස 24 3175 0

ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස


පාර්ලිමේන්තුව විසුරුවයි
2024 සැප්තැම්බර් මස 24 2297 0

පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.


ෆොන්සේකා රට ගොඩනගන්න සිහිනයක් දකී
2024 සැප්තැම්බර් මස 24 3159 0

රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ


අනුරට රට කරගෙන යන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 24 3051 0

අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


පහේ පේපරේ ප්‍රශ්න තුනක් පිට කළ ගුරුවරයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 24 677 0

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර


කුඩා දැරියක පැහැර ගත් 17 හැවිරිදි අයෙක් සැකපිට
2024 සැප්තැම්බර් මස 24 1352 0

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36078 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24127 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 172 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 518 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 223 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site