IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


නයි නළඟනගේ බබා පමාවේ

කොල්ලුපිටිය ක්ලියෝ පැට්‍රා සමාජ ශාලාවේ නළඟනක වූ දන්තුරේ නිරෝෂා විමලරත්න (ඩිලානි) සාමාන්‍ය දරු ප්‍රසුතියක් සදහා අනුරාධපුර  රෝහලට   ඇතුළු  වී සිටින බව වෛද්‍යවරු කියති.

දරුවා බ්‍රහස්පතින්දා (05) බිහිකිරීමට නියමිතව තිබුණත් අද (06) සවස් වන තුරුත් ප්‍රසුතිය සිදු නොවීය.

 නයි නළගන ලෙස ප්‍රසිද්ධියට පත් ඇය එප්පාවල කට්ටියාව සේනපුර රෝහලේ සිට අනුරාධපුර රෝහලට  එවු බව   අධ්‍යක්ෂ දොස්තර  විජේදාස  අතපත්තු මහතා කියයි.

ඇය රෝහලේ  සිටින බව දැනගත්  පිරිස් ඇය බැලීම සදහා රෝහලට පැමිණිමෙන් රෝහලේ කටයුතුවලට බාධාවක් වුවා සේම ඔවුන්  වැළැක්වීම සහා රෝහල් කාර්ය මණ්ඩලයට මහත් පරිශ්‍රමයක් දැරීමට සිදු වු බවද  රෝහල් සේවකයෙක් පවසයි.

අද (06) උදෑසන ඇයගේ ආරක්ෂාව සදහා පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනකු  යොදවා සිටි බවද වාර්තා වුවද පැයක් යන්නට මත්තෙන්  එම කොස්තාපල්වරු  ඉවත් කරනු ලැබූහ.

ඇයගේ සැමියා, ඥාතීන් හැර වෙනත් අයට ඇය  බැලීමට   ඉඩ  දීමේ හැකියාවක්  නොමැති බව ද රෝහල් අධ්‍යක්ෂ කියයි.

 



අදහස් (0)

නයි නළඟනගේ බබා පමාවේ

කුමාරි Monday, 09 June 2014 01:12 PM

බබාගේ නම මොකක් වේවිද දන්නෙ නැහැ (නි)

:       0       0

රෝහිත Saturday, 07 June 2014 12:13 AM

බබාගේ තාත්තා ෂුවර් එකටම නාග රජෙක් වෙන්න ඇති. අපේ සුභ පැතුම් (දී)

:       0       0

කාන්ති Saturday, 07 June 2014 01:23 AM

මොකක්ද දෙවියනේ මේ වෙන්න යන්නේ? (නි)

:       0       0

චන්ද්‍රා වීරසිංහ Saturday, 07 June 2014 02:22 AM

බුදු දහමේ පැවසෙන පරිදි රජුන් සර්පයන් හා ගින්දර ආශ්‍රය කරන්න එපා කියල තියෙනවා. මේ උපාසිකාවට මම කියන්නේ විෂ දල ඉවත් කර ඔය දේ කරන්න කියලා (නදී)

:       0       0

සුබසිංහ Saturday, 07 June 2014 07:08 AM

අපෙන් උණුසුම් සුභ පැතුම්! වාසනාවන්ත දරුවෙක් ලැබේවා! (නි)

:       0       0

මොහොමඩ් Saturday, 07 June 2014 07:08 AM

ඇත්තටම ඇය ගැන මට ආඩම්බරයි. ඇයගේ චරිතය ගැනවත්, දරුවාගේ තාත්තා ගැනවත් මෙතනට අවශ්‍ය නැහැ. ඔයාට මගෙන් සුභ පැතුම් අක්කේ! (නි)

:       0       0

සාගර Saturday, 07 June 2014 07:08 AM

කරදරයක් නම් වෙන්න එපා (නි)

:       0       0

ටෙනිසන් Saturday, 07 June 2014 07:20 AM

ඇයට කිසිදු කරදරයක් නොවේවා කියා පතමි (නි)

:       0       0

මොහොමඩ් Saturday, 07 June 2014 07:20 AM

එයාගේ චරිතය ගැන කතා කරන්න කාටවත් අයිතියක් නැහැ. එය‍ාගේ චරිතය ගැන කියන්න පෙර තමන්ගේ චරිතය ගැන පොඩ්ඩක් හිතලා බලන්න (නි)

:       0       0

ඉරාන් Saturday, 07 June 2014 09:00 AM

තෙරුවන් සරණින් එයාට හොඳ දරු උපතක් ලැබේවා. (ස)

:       0       0

ප්‍රසන්න Saturday, 07 June 2014 09:31 AM

මේ කාන්තාවට පුද්ගලිකත්වයක් නැද්ද? මේ කාන්තාව අවජාතක දරුවෙක් නෙවේ බිහිකරන්නේ. දැන් කාන්තාවන්ගේ දරු ප්‍රසුතියත් ප්‍රචාරය කරනවා ඇරෙන්න වෙන දේවල් වෙන්නේ නෙද්ද මේ රටේ? අපේ මිනිස්සුන්ටත් අනුන්ගේ පුද්ගලිකත්වයට ඇගිලි ගහල එකේ රස බලන තරම් අශික්කිත සතුටක් තවත් නෑ . (ස)

:       0       0

බුද්ධික Saturday, 07 June 2014 08:24 PM

සැමිය ඉතිං වෙන කව්රුවත් නෙමේ. නයා වෙන්න ඇති. (ස)

:       0       0

ඉසුරු වීරසිංහ Saturday, 07 June 2014 09:58 AM

ගැහැණියෙකුට ළමයෙක් හම්බ වෙන්නේ නෙතිව පිරිමින්ටද ළමයි හම්බ වෙන්නේ. මොනවද මේ (දී)

:       0       0

සෑම් Saturday, 07 June 2014 10:03 AM

මේව පුද්ගලික ජීවිතේ එයාගේ. (දී)

:       0       0

නඳුන් Saturday, 07 June 2014 10:23 AM

අනුන්ගේ තාත්තල ගැන හොයන්නේ නැතුව තමන්ගේ අයගේ තාත්තල කවුද කියල හොයල බැලුවොත් හොඳ නේද මෝඩ ඔලු ටික. අපේ සිංහලයාගේ හැටියක් අනුන්න්ගේ වැරදි හොයන එක. එ්ක තමයි අපි තාම තුන්වෙනි පන්තියේ ඉන්න රටක් වෙලා තියෙන්නේ. (ස)

:       0       0

සමන්ත Monday, 09 June 2014 09:00 AM

ඉතින් දැන් අපි මොකද කරන්නේ? (නි)

:       0       0

හර්ෂ Friday, 06 June 2014 05:58 PM

කවුද ඇයගේ සැමියා? ආසයි බලන්න ඔහුගේ ඡායාරූපයක් (නි)

:       0       0

උදය Saturday, 07 June 2014 10:35 AM

කාන්තාවකට බබෙක් ලැබුනාම පුවතක් වෙනවා කියලා දනගත්තේ අදයි (දී)

:       0       0

දිලුක Monday, 09 June 2014 09:08 AM

ඒ දරුවා සාමාන්‍ය දරුවෙක් විදියට පිළිගෙන නිදහසේ හැදෙන්න දෙන්න. නයි නළඟනත් පසුගිය කාලය අමතක කරලා හොඳ ආදර්ශවත් අම්මා කෙනෙක් වෙන්න බලන්න (නි)

:       0       0

රංග Friday, 06 June 2014 06:00 PM

අපේ මිනිස්සුත් මේ වගේ දෙයක් නම් පොරකාගෙන යාවි බලන්න (නි)

:       0       0

මාලි Friday, 06 June 2014 06:00 PM

බබා කොහොම වෙයිද දන්නෙ නැහැ (නි)

:       0       0

කුමාර Saturday, 07 June 2014 10:39 AM

සමහර පිරිමි විලි ලජ්ජා නැති වර්ගයක් වගේ, මේ කාන්තාවගේ බබා ගේ පියා කවුද කියල හොයනවා, මේක අමුතු දෙයක් වගේ බලනවා, ගැහැනියකුට දරුවෙක් ලැබීම, ස්වභාවික සිද්ධියක්, විවාහවීම කියා අදහස් කරන්නේ, ගැහැණියත්, දරුවත් පිරිමියා විසින් නඩත්තු කල යුතු බවට නීතියෙන් කර ඇති, බලාත්මක කිරීමක්, පිරිමින් සියල්ලන්ම නොවුනත් වැඩි දෙනෙක් හෙමින් සීරුවේ මාරුවෙන්න දක්ෂ නිසා තම මේ නීතියෙන් කාන්තාවන්ට පිහිටක් ලැබුනේ. (ස)

:       0       0

උදය Saturday, 07 June 2014 10:47 AM

නාග කන්‍යාවක්. (ස)

:       0       0

චමී Monday, 09 June 2014 03:58 PM

අැය කවුරු හෝ වේවා . ලොව උතුම්ම පදවිය මව් පදවිය අැයටත් උරුම වෙලා .සෙනෙහෙ බර දරු උපතක් වේවා (දී)

:       0       0

ජයන්ත Sunday, 08 June 2014 01:21 AM

නිරෝගී දරු උපතක් ලැබේවා (දී)

:       0       0

සූමනා Friday, 06 June 2014 06:15 PM

අනේ මේ අපේ අය ටිකක් කට පියාගෙන ඉන්නවද? ඔබට සුභ දරු උපතක් දුව! (නි)

:       0       0

පිටබැද්දර ජයා Friday, 06 June 2014 06:20 PM

ඉන්දියාවේත් මේ වගේ ඕන තරම් තියෙනවා ඒවා දැන් මෙහාටත් බෝවෙලා වගේ නේද ? (අ)

:       0       0

වික්‍රම Friday, 06 June 2014 06:41 PM

අයියෝ! මේ මොකද වෙන්නේ? ඇයට කරදරයක් නම් වෙන්න එපා (නි)

:       0       0

පහන්දී Saturday, 07 June 2014 11:25 AM

අනුන්ගේ දේවල් හොයන්න අපේ කට්ටිය පුදුම විදියට මහන්සි වෙනවා. (ස)

:       0       0

ගමගේ Friday, 06 June 2014 06:42 PM

දැන් ඉතින් අපි මොකද කරන්නේ? (නි)

:       0       0

රසික Sunday, 15 June 2014 11:58 AM

අපේ මිනිස්සුන්ට වෙන වැඩ නැද්ද අනේ. ඕපා දුප හොයා හොයා ඉන්නේ. බබා ලැබුනේ එයාට. අමාරුව තියෙන්නේ වෙන මිනිස්සුන්ට. පුදුම සමාජයක්: (ස)

:       0       0

තිලක් Friday, 06 June 2014 06:45 PM

මේ රටක් වටිනා කාන්තා රත්නය, මේ රටට මේ තරම් මෙහෙවරක් කළ කාන්තා රත්නයට කිසිම කරදරයක් නම් වෙන්න එපා (නි)

:       0       0

බිහාර Friday, 06 June 2014 06:47 PM

අනේ අපේ නයි නළඟන! (නි)

:       0       0

දෙව්මිත් Friday, 06 June 2014 06:47 PM

රංග සහ මාලිට මමත් එකඟයි (නි)

:       0       0

සෑම් Friday, 06 June 2014 06:49 PM

සුව දරු උපතක් වේවා කියා පතමි. ඔය බබාට මිනිසුන් ඉන්න දෙයිද දන්නෙ නැහැ නිදහසේ? (නි)

:       0       0

බටුවත්ත Friday, 06 June 2014 06:53 PM

මොකක්ද දන්නෙ නැහැ ප්‍රශ්නය හැබෑටම? (නි)

:       0       0

රෝෂණ Friday, 06 June 2014 07:13 PM

අනේ ඇත්තටම මේ අපේ අදහස් දාන අයට වෙන වැඩ ඇත්තෙම නැද්ද? හැම වැඩක්ම පැත්තක තියලා නයි නළඟනව බලන්න යන්නේ මොකටද? (නි)

:       0       0

ලාල් Friday, 06 June 2014 07:18 PM

බලමු. බලමු. ඉවසලා ඉමුකෝ (නි)

:       0       0

සහන් Friday, 06 June 2014 07:20 PM

ලාංකීය සමාජයට අතිශය තීරණාත්මක වැදගත් මෙම සිදුවීම සැම තත්පරයක් පුරාම සජීවීව වාර්තා කිරීමට රුපවාහිනී නාලිකා පොරකකා එන්න පුළුවන්. මේක තමයි ලෝකෙන් උතුම් රටේ සාමාන්‍ය තත්වය මෙහෙ මිනිස්සු සුකිත මුදිත නිසා, වෙනත් ප්‍රශ්න නැති නිසා තමන්ට කිසිසේත් අදාල නොවන අනුන්ගේ දේවල් සොයා උපකාර කරන්න තමා නිතරම සැදී පැහැදී ඉන්නේ. (අ)

:       0       0

රන්ජිත් Saturday, 07 June 2014 12:25 PM

නංගී ඔයා ලබන සැරේ පාර්ලිමේන්තු ඡන්දයට බය නැතිව ඉල්ලන. කවුරැ නැතත් මම ඉන්නවා. (දී)

:       0       0

හේමන්ත Friday, 06 June 2014 07:27 PM

අපි එයාගේ පවුල් ජිවිතයට වදයක් වෙන්න හොඳ නැහැ (නි)

:       0       0

අජිත් Friday, 06 June 2014 07:39 PM

ඇය බලන්න යන්න මෙච්චර ඇති අවශ්‍යතාවය මොකක්ද අපේ අයට? (නි)

:       0       0

සුනිල් Friday, 06 June 2014 07:57 PM

බබා අම්මා වගේ වෙයිද, තාත්තා වගේ වෙයිද දන්නෙ නැහැ (නි)

:       0       0

ඉසුරු Friday, 06 June 2014 08:19 PM

අනේ! ඒ මොකද දන්නෙ නැහැ (නි)

:       0       0

රනුක Tuesday, 10 June 2014 09:13 AM

ඒ දරුවට බුදු සරණයි (දී)

:       0       0

ඇසළ Friday, 06 June 2014 08:29 PM

සුනිලුත් අහන්නේ පුදුම ප්‍රශ්න තමයි (නි)

:       0       0

ඉන්දික Friday, 06 June 2014 08:41 PM

නයි නළඟන ලෙස ප්‍රසිද්ධියට පත් ඇය, ඉදිරියේදී දේශපාලනය පැත්තෙන් ඉහළම තනතුරකට ගියත් දැන් නම් එය පුදුමයට කරුණක් නොවේ (නි)

:       0       0

ජෝයි ඩයස් Sunday, 08 June 2014 09:25 AM

නංගි ඔයාට ආස කරන ජනප්‍රිය තාවයට මොන වෑයම දාලා හරි ඔයා ආව. එකට සතුටුයි. ..නමුත් ..පොදු අපේක්ෂකයෙක් හොය හොයා දුවන දේශපාලුවන්ටනම් රෑවටෙන්න එපා...මෙලෝ රහක් නෑති නිලියන් වගේ දේශපාලනයට එන්නත් එපා...බබාවත් හොදින් හදාගෙන යහපත් පවුල් ජීවිතයක් ගතකරන බලන්න. (දී)

:       0       0

ෂෙහාන් Friday, 06 June 2014 08:59 PM

අනේ මන්දා කාටද ලජ්ජා නැත්තේ? (දී)

:       0       0

රුවන් Saturday, 07 June 2014 01:33 PM

නදුන්ගේ අදහසත් සමග එකග වෙමි (දී)

:       0       0

ජයන්ත Monday, 09 June 2014 01:02 PM

ඇයට කිසිදු කරදරයක් නොවේවා කියා පතමි (දී)

:       0       0

අනිල් Saturday, 07 June 2014 01:58 PM

කොලඹ පුද්ගලික රෝහලකට ගියේ නැත්තේ මොකද (දී)

:       0       0

ජගත් ලියනගේ Friday, 06 June 2014 10:32 PM

ඇයගේ සැමියා නයෙක් නෙමයි නේද? (දී)

:       0       0

ජගත් ලියනගේ Friday, 06 June 2014 10:35 PM

දේශපාලනය කරන්න සුදුසුකම් නම් ඔක්කම තියනවා.(දී)

:       0       0

දිනුකා Friday, 06 June 2014 10:38 PM

සුභ පැතුම් (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

‘‘විවිධත්වය දරා ගන්නා ලස්සන පොහොසත් රටක් හදමු‘‘
2024 සැප්තැම්බර් මස 25 1146 0

ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩ සටහන ඉදිරියට ගෙන යාම සඳහා, අදාල පාර්ශව සමග සාකච්ඡා කර ණය සහන ලබා ගැනීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතිය


නාන්න ගිය පස් දෙනාගෙන් දෙන්නෙක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 25 329 0

පොල්ගොල්ල වේල්ලට පහළින් ජලාශයට බැස දියකෙළියේ යෙදෙමින් සිටි මිතුරන් පස් දෙනකු අතරින් දෙදෙනෙකු ජල පහරේ ගසාගන්න ගොස් අතුරුදන් වී ඇති බව වත්තේගම පොලිසිය


ජාතික-අයි ටී එන් රූපවාහීනි සහ ලක්හඬට නව සභාපතිවරුන්
2024 සැප්තැම්බර් මස 25 2089 0

ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සෙනෙෂ් දිසානායක බණ්ඩාර මහතද , ස්වාධීන රූපවාහිනියේ සහ


ඔන්මැක්ස් ඡාවාරම්කරුවන්ට හසුවුවන්ට පැමිණිලි කරන්න අවස්ථාවක්
2024 සැප්තැම්බර් මස 25 492 0

ඔන්මැක්ස් ඩී.ටී නීති විරෝධී පිරමීඩාකාර මූල්‍ය සමාගමේ මුදල් ආයෝජනය කර වංචාවට හසු වූ දිවයිනේ සෑම ප්‍රදේශයකම පුද්ගලයින්ට ළඟම පොලිස් ස්ථානයට පැමිණිලි ඉ


මහ මැතිවරණයකට කෝටි 1100 ක් ඕනෑ
2024 සැප්තැම්බර් මස 25 971 0

මහ මැතිවරණය පැවැත්වීම සඳහා රුපියල් කෝටි 1100 ක මුදලක් අවශ්‍ය වන බව මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.


මහනුවරට පැය 65ක ජල කප්පාදුවක්
2024 සැප්තැම්බර් මස 25 596 0

පොල්ගොල්ල ජලාශයේ වසර දෙකකට වරක් සිදු කරන නඩත්තු කටයුත්තක් සඳහා මේ මස 27 වැනිදා සිට ජලාශය හිස් කිරීමට මහවැලි අධිකාරිය සැලසුම් කොට ඇති අතර ඒ හේතුවෙන් මහනු


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37112 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24453 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 186 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 616 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 237 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site