IMG-LOGO

2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා


නයි නළඟනට ඇප

කොළඹ කොල්ලූපිටියේ ක්ලියෝ පැට්රා රාත‍්‍රී සමාජ ශාලාවේ නළඟනක වන දන්තුරේ නිරෝෂා විමලරත්න (ඩිලානි) රුපියල් පනස්දාහක ශරීර ඇප මත මුදාහරින ලෙස කොටුව මහේස්ත‍්‍රා කණිෂ්ක විජේරත්න මහතා නියෝග කෙළේය. ඇය නයකු ළඟ තබාගෙන සිටි බව කියමින් පොලිසිය ඇය අධිකරණයට ඉදිරිපත් කළේය. වනසත්ව හා තුරුලතා ආඥා පනත අනුව නයකු ළඟ තබා ගැනීම වරදක් නොවන බවත් එය වරදක් නම් සියලූ අහිකුණ්ඨිකයන් අත්අඩංගුවට ගත යුතු බවත් ඇගේ නීතිඥවරු කීහ. මේ ගැන සොයාබලා වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස මහේස්ත‍්‍රාත් පොලිසියට නියෝග කෙළේය. මේ පැමිණිල්ල දිගටම පවත්වාගෙන ගියහොත් පොලිසියට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට මානව හිමිකම් නඩුවක් ගොනුකරන බවද නීතිඥවරු කීහ.



අදහස් (0)

නයි නළඟනට ඇප

චාමි Friday, 31 August 2012 01:20 PM

නයි කයිද රෝස්පාන් කිවුවලු. (නි)

:       0       0

අප්පුහාමි Friday, 31 August 2012 01:14 AM

ක්ලබ් එකක් නයින් නැටවීමේ වරදක් නැහැ. වරදක් වෙන්නේ නයින් සුරතලයට ළග ඇති දැඩි කිරීමයි. අනේ මෙහෙමත් රටක්? (නි)

:       0       0

ජනක Thursday, 30 August 2012 04:08 PM

නයෙක් වුණා නම් හොදයි කියලා සමහරුන්ට හිතිලා වගෙයි. (නි)

:       0       0

චමිල Thursday, 30 August 2012 04:43 PM

අහක ඉන්න නයි ඇගේ දාගෙන කනවෝ කියන්නෙ මේකට තමයි නංගි...!!(නු)

:       0       0

නලින් Thursday, 30 August 2012 01:07 PM

අනේ මන්දා නයෙක්වත් නටවන්න බැරිද? යකඩෝ, මාර වැඩක්නෙ මේක? (නි)

:       0       0

එරංග Thursday, 30 August 2012 01:01 PM

ඇයි මේ නයා තියාගෙන හිටියෙ කියලා දන්නේ නැහැනේ..!(නු)

:       0       0

බුද්ධික Thursday, 30 August 2012 01:17 PM

අනේ නයි නංගියේ, මොනවද මේ දා ගන්න ලෙඩ? (නි)

:       0       0

සජී Thursday, 30 August 2012 01:13 PM

නිරෝෂා අහිකුණ්ටික පවුලකින් එන එකනෙක් වෙන්න ඇති.. ඒකනේ නයින්ට ආසා..!!(නු)

:       0       0

හරීන් Thursday, 30 August 2012 01:25 PM

ගිය ආත්මේ නයෙක්ද දන්නේ නැහැ. (නි)

:       0       0

වරුණ Thursday, 30 August 2012 01:25 PM

පොලිසියත් මෙයාලටම තමයි එයාලගේ නීතියත්.. (නු)

:       0       0

ලලිත් - කටාර් Thursday, 30 August 2012 01:32 PM

ලාංකික නළගනකට රුපියල් 50,000ක්. චීනෙන් ආපු වීදි සරපු ළදකට රුපියල් 10යි. (නි)

:       0       0

අමිල කටුනායක Thursday, 30 August 2012 01:51 PM

පොලිසියට වැරදුණාද? නැත්නම් නිරෝෂා පොලිසියට වරද්දයිද? (නි)

:       0       0

ජේමිස් Thursday, 30 August 2012 07:02 PM

පවු, නයෙක් ඉල්ලුවානම් දෙනවනේ. (නි)

:       0       0

හර්ෂණ Thursday, 30 August 2012 07:51 PM

සජී තමයි නියම කතාව කියලා තියෙන්නෙ..!(නු)

:       0       0

රවි Thursday, 30 August 2012 08:12 PM

වනසත්ව හා තුරුලතා ආඥා පනත අනුව නයකු ළඟ තබා ගැනීම වරදක් නොවේ. එය වරදක් නම් සියලූ අහිකුණ්ඨිකයන් අත්අඩංගුවට ගත යුතුය. පොලිසියටත් පිස්සුද මන්දා? (නි)

:       0       0

අංජන Thursday, 30 August 2012 02:26 PM

මේ අක්කා මොකටද ඌව තියාගෙන හිටියේ? (නි)

:       0       0

රොෂාන් Thursday, 30 August 2012 02:29 PM

පොලිසියත් නයෙක් නටවන්න වගෙයි හදන්නේ. (නි)

:       0       0

ද සිල්වා Thursday, 30 August 2012 02:41 PM

නයි හොදයි කියලා හිතන්න ඇති මිනිසුන්ට වඩා....!!

:       0       0

ගයා Thursday, 30 August 2012 08:50 PM

නිරෝෂා නංගි, ඔයා හරියට නීතිය ඉදිරියට ගියොත් පොලිසිය අසරණ වෙනවා. (නි)

:       0       0

ෂෆීක් Thursday, 30 August 2012 02:48 PM

නාග චම්පා කොල්ලුපිටියේනේ ඉදල තියන්නේ. (නු)

:       0       0

නිහාල් Friday, 31 August 2012 11:44 AM

ඔය නයා ඒ වෙලාවේ එතන හිටපු අයට දෂ්ඨ කළා නම් කවුද වගකියන්න ඕනෑ? (නි)

:       0       0

දයා-සවුදි Thursday, 30 August 2012 03:23 PM

ඔයාලා දන්නවද නයා කොච්චර ආසාවෙන්ද 'ඩාන්ස්' එක දැම්මේ කියලා? පවු. හරිම පවු. (නි)

:       0       0

පාලිත Thursday, 30 August 2012 10:55 PM

එහෙනම් නයාටත් නඩු දාන්න ඕනෑ. අද හෙටම නයාව එල්ලුම් ගස් යවයිද දන්නේ නැහැ. (නි)

:       0       0

සමන් Friday, 31 August 2012 12:54 PM

අහිංසක කෙල්ලන්ව නම් ඉතිං අල්ලයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 1515 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


ගම්පහට මහ ගංවතුර තත්වයක්
2024 ඔක්තෝබර් මස 11 170 0

දින කිහිපයක සිට පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම මහ ගංවතුර මට්ටමකට පත්ව ඇති බව ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ


පුත්තලමට අපේක්ෂයන් 429ක්
2024 ඔක්තෝබර් මස 11 54 0

පුත්තලම දිස්ත්‍රික්කයෙන් මෙවර පිළිගත් දේශපාලන පක්ෂ 24 ක් හා ස්වාධීන කණ්ඩායම් 15 ක අපේක්ෂකයන් 429 දෙනෙක් තරග බිමට එක්ව සිටිති.


මාතලේට 24ක් තරඟ බිමට
2024 ඔක්තෝබර් මස 11 117 0

මෙවර මහ මැතිවරණය සදහා මාතලේ දිස්ත්‍රික්කයෙන් පිළිගත් දේශපාලන පක්ෂ 17ක් සහ ස්වාධීන කණ්ඩායම් 07ක් සමග නාම යෝජනා පත්‍ර 24ක් ලැබුණූ බවත් ඉන් එක් පිළිගත් දේශප


නුවරඑළියට 308ක් තරඟ බිමට
2024 ඔක්තෝබර් මස 11 66 0

2024 මහ මැතිවරණය සදහා පිලිගත් දේශපාලන පක්ෂ 20 කින් සහ ස්වාධින කණ්ඩායම් 15 කින් නාම යෝජනා පත්‍ර ඉදිරිපත් කළ බව නුවරඑලිය දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරි නන්දන


වන්නියට කණ්ඩායම් 47ක්
2024 ඔක්තෝබර් මස 11 53 0

වන්නි මැතිවරණ කොට්ඨාසය සඳහා පිළිගත් පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් 47 තරඟ කිරීම සඳහා සුදුසුකම් ලබා අ‍ැතැයි වන්නි මැතිවරණ කොට්ඨාස තේරීම්භාර නිළධාරි පි.ඒ.සරත්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39978 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25935 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 217 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 402 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1296 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site