IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


නයි නළඟනට 100ක් දඩ

නාගයකු ළග තබාගෙන සත්ත්ව හිංසනය කළැයි වරද පිළිගත් කොල්ලුපිටිය ක්ලියෝපැට්‍රා සමාජ ශාලාවේ නළඟනක වූ දන්තුරේ නිරෝෂා විමලරත්න හෙවත් ඩිලානිට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා රුපියල් සියයක දඩයක් හා තුන් මාසයක සිරඳඩුවමක් නියම කර එය වසර පහකට අත්හිටුවීය.

මෝසමකින් ඇගේ නීතීඥ කිංස්ලි හෙට්ටිආරච්චි මහතා කියා සිටියේ නඩුව තවදුරටත් නොපවත්වන බවයි. ඇය වරද පිළිගන්නා බව ද ඔහු කීවේය.

ඒ අනුව ඇය නාගයකු ළඟ තබා ගැනීමෙන් සත්ව හා වෘක්ෂලතා ආඥා පනතේ දෙකේ එක වගන්ති කඩ කිරීමෙන් වරදක් කර ඇතැයි උසාවිය තීරණය කළේය.

නාගයා දැනට ඇය භාරයේ ඇත.

 

 

 



අදහස් (0)

නයි නළඟනට 100ක් දඩ

හේරත් Thursday, 03 October 2013 04:04 PM

ගාන නම් හොදටෝම වැඩියි. දැන් අරයත් ළගදීම නයෙක් ඇතිකරාවිද ? (නි)

:       0       0

පිටිගල Friday, 04 October 2013 12:58 PM

දොන්සේතන්, ඔයාට තේරෙනවා නම් ඒ ඇති. අනුන් ගැන වද වෙන්න එපා . (නි)

:       0       0

නිලූ Friday, 04 October 2013 01:00 PM

අනේ මන්දා රටට ගිය කල (නි)

:       0       0

තුෂි Friday, 04 October 2013 01:02 PM

ප්‍රභාත්, මම දන්න විදියට නම් මේ ළමයාගේ චරිතයේ ප්‍රශ්නයක් නැහැ (නි)

:       0       0

මහගෙදර ඇඹිලිපිටිය Thursday, 03 October 2013 04:35 PM

මෙයා ඇතිවෙන්න නයි අතගාල සුරතල් කරපු කෙනෙක්. ඒත් මෙයා බය නැහැ. .(නදී)

:       0       0

හේවාවිතාරණ Friday, 04 October 2013 12:34 AM

මේවා රට්ටු හිනස්සවන වැඩ (නි)

:       0       0

චින්තක Friday, 04 October 2013 01:25 PM

එතකොට අහිකුණ්ඨිකයෝ නයින්ට සහ වදුරන්ට දෙන හිංසාවලට දඩ ගෙවන්න ඕනෑ නැද්ද? (නි)

:       0       0

කමල් Thursday, 03 October 2013 05:02 PM

ලංකාවේ නීතීයත් විහිළුවත් අතර ඇති වෙනස දැන් අපට වැටහුනා..(නදී)

:       0       0

කමල් Friday, 04 October 2013 01:47 PM

නොමිලේ ජනමාධ්‍ය හරහා ලබාගත් ප්‍රසිද්ධියට බිල්පත් ඉදිරිපත් කර නොගෙවන්නේ නම් නඩු දමා ඇයගෙන් අයකර ගතයුතුයි. (නි)

:       0       0

පිටබැද්දර ජයා Thursday, 03 October 2013 05:02 PM

නයා තාමත් ඇය බාරයේ නම් තාමත් නයාට සත්ව හිංසනය වෙනවා නේද ?.(නදී)

:       0       0

බමුණු Thursday, 03 October 2013 05:28 PM

දැන් ඉතින් එයා යන්න යාවි (නි)

:       0       0

ශ්‍රීලාල් Friday, 04 October 2013 02:00 AM

මේක ප්‍රශ්නයක්. නයෙක් තියාගෙන හිටියට රජයේ මුදල් ගණනක් නාස්ති කරලා මාස ගණනක් නඩු කියලා සුළු දඬුවමක් දීලා තියෙනවා. නයි නටවන අය එදත් හිටියා, අදත් ඉන්නවා. එයාලට අපි දන්නා කාලේ කිසි දවසක දඬුවම් දීලා නැහැ. මෙතන වෙලා තියෙන්නේ වෙනදෙයක් වගෙයි. අද ලංකාවට නඩු වැඩියෙනුත් තියෙනවා. විශේෂයෙන් මහජනයාගේ මුදල් නිකරුනේ නාස්ති කරන මේ වගේ වැඩ අකටයුතුයි. (නි)

:       0       0

සජි Thursday, 03 October 2013 05:43 PM

පින්නවලින්/ කෑලයෙන් අලි පැටව් හොරකම් කරගෙන ඉන්න ලොකු උදවියට ඔය නිති නැද්ද? (නි)

:       0       0

බන්දුල පෙරේරා Thursday, 03 October 2013 05:48 PM

මොවුන් වැන්නන් ඉල්ලන්නේ මොනවා හරි කරලා ප්‍රසිද්ධියයි (නි)

:       0       0

සෙනරත් Thursday, 03 October 2013 05:49 PM

හිර ගෙදරදීත් නයා ඇය ළඟද තියාගන්න වෙන්නේ? නයාත් එක්ක එළියට නිදහස් වෙලා ආවාම පොලිසියෙන් ආයෙමත් අල්ලයි නේද? (නි)

:       0       0

පුෂ්ප Friday, 04 October 2013 03:09 AM

අනේ පව් දෙයියනේ! (නි)

:       0       0

පෙරේරා Thursday, 03 October 2013 05:59 PM

නයත් එකයි...කිඹුලා‍ත් එකයි. (නි)

:       0       0

කුමාරිහාමි Friday, 04 October 2013 03:02 PM

සත්ව හා වෘක්ෂලතා ආඥා පනත සම්පුර්ණයෙන් පත්තරේ දාන්න බැරිද? එතකොට අපිට පුළුවන් මේ තීන්දුවේ හරි වැරැද්දයි අහිකුණ්ඨිකයන්ට නඩු නොදාන හේතුවයි දැනගන්න. (නි)

:       0       0

කුමාරිහාමි Friday, 04 October 2013 03:06 PM

දන්තුරේ අයිති යටිනුවර ආසනේට නේද? මෙයාට සංවිධායකකම දෙන්න පක්ෂයක් නැද්ද? (නි)

:       0       0

කුමාරිහාමි Friday, 04 October 2013 03:07 PM

මොනවා වුනත් මෙයත් උඩරට කුමාරිහාමි කෙනෙක්නෙ. (නි)

:       0       0

කුමාරිහාමි Friday, 04 October 2013 03:28 PM

ත්‍රස්තවාදී ක්‍රියා කළ බවට වරද පිළිගත් කොටින්ව සාක්ෂි නැහැ කියා නිදහස් කළා, පපොච්චාරණය සාක්ෂියක් නොවේ කිවුවා. නමුත් මෙයාගේ වරද පිළිගත් පමණින් දඬුවම් දුන්නා. (නි)

:       0       0

ගාමිණී මහින්ද Friday, 04 October 2013 06:54 AM

අපෝ.. මේ ප්ලේන්ටියක් කාලා වඩේ එකක් බොන ගානනේ රුපියල් 100 ක් කියන්නේ..(නදී)

:       0       0

අජිත් කරුණාරත්න Friday, 04 October 2013 07:39 AM

ඔය ඕනාතරම් ගස් යට වැද්දෝ නයි, පොලොංගු පෙන්න පෙන්නා විකුනන්නේ. පොලිසියට ඒවත් අල්ලලා නඩු දාන්න බැරිද? මේ කෙල්ලවම අල්ලගෙන නටවන්නේ පොලිසිය මෙයා එක්ක අමනාප නිසාද?(නදී)

:       0       0

ධර්මසිරි හෙට්ටි ආරච්චි Friday, 04 October 2013 08:07 AM

අහිකුංඨක අය නයි නටවන්නේ පාරේ ඕනා තරම්. මේකේ වැරැද්ද මෙයා මහ පාරේ නයි නටවපු එකද?(නදී)

:       0       0

රුවන් Thursday, 03 October 2013 01:28 PM

මෙයා ළගදීම ඡන්දය ඉල්ලනවා. කොල්ලෝ,කෙල්ලෝ මෙයාට ඡන්දෙත් දෙනවා (නි)

:       0       0

රුවන් Thursday, 03 October 2013 01:30 PM

මීට වැඩිය හොඳයි දඩ නොගහම හිටියා නම්. (නි)

:       0       0

දයා අළහකෝන් Thursday, 03 October 2013 01:39 PM

මේ විදියට නයි නටවන අයත් නයි ළග තබාගැනීම වරදක් නේද? (නි)

:       0       0

ධම්ම Thursday, 03 October 2013 01:39 PM

මට මේක තේරෙන්නේ නැහැ. නාගයා ළඟ තබා ගැනීම වරදක්. එහෙත් නාගයා ඇය භාරයේ ඇත (නි)

:       0       0

දුම්මලසූරිය... Thursday, 03 October 2013 07:10 PM

ලංකාවේ නීති පද්ධතිය සම්පුර්ණයෙන්ම සංශෝධනය විය යුතුයි කියලා මේ නියම කළ දඩ මුලින්ම තේරෙනවා.මෙච්චර කාලයක් මේ නඩුව වෙනුවෙන් කොපමණ මුදලක් රජයෙන් වැයකරන්න ඇද්ද? මොනවද මේ වැඩ වල තේරුම? (නි)

:       0       0

සමන්ත Friday, 04 October 2013 09:07 AM

අපේ ගෙවල් ළග ගෙදරක බල්ලෙක්ව ගැට ගහලා ඇති කරනවා මම දැක්කා. අදම පොලිසියට කියන්න ඕනෑ. (නි)

:       0       0

සමන්ත Friday, 04 October 2013 09:09 AM

ඔය කෙල්ලට යන්න දෙන්න (නි)

:       0       0

සමන්ත Thursday, 03 October 2013 07:31 PM

අර කොට්ටාව ප්‍රදේශයේ චීවරධාරියෙක් කූඩුවක දාගෙන ඉන්න ගෝන්නුන්ට සත්ව හිංසාවක් නැතුව ඇති. (නි)

:       0       0

ඉසුරු Thursday, 03 October 2013 01:46 PM

අපරාදේ මෙච්චර දවසක් නඩුවක් තිබුණේ (නි)

:       0       0

ආරියෙස්න Thursday, 03 October 2013 07:32 PM

සුද්දගේ කාලේ නීතිය තවමත් රටේ රජ ක‍රන්නේ. රටේ වෙනත් අපරාධවලට දෙන දඩුවම් වලට වඩා මේ වැඩියි කියා මට සිතේ (නි)

:       0       0

උපාලි Thursday, 03 October 2013 01:48 PM

දැන් මේ කෙල්ල ආයෙත් මේ නයාවම නැටෙව්වොත් ආයෙමත් සත්ව හිංසාව සිද්ධ වෙනවා නේද? එතකොට එයාගේ අත්හිටවූ සිරදඬුවම ක්‍රියාත්මක කරන්න වෙනවා නේද? මං මේ දන්නේ නැති හින්දයි අහන්නේ. ඉස්සර සත්තුත් දුකට හදවත පැලිලා මැරුණ කතා මං අහලා තියෙනවා. මේ නයාට එහෙම නොවේවා. (නි)

:       0       0

දොන්සේතං Thursday, 03 October 2013 07:37 PM

නඩුව ඉවරද? අනේ එතකොට නයි නංගිව පත්තරෙන් අපිට දකින්න බැරිද? (නි)

:       0       0

කුමාරි Thursday, 03 October 2013 01:50 PM

අම්මෝ! ඇති යන්තම්. ඒකත් අවසන් වුණා (නි)

:       0       0

ටිරෝන් Thursday, 03 October 2013 01:52 PM

පවු. දඩය ගෙවාගන්න කවුරුහරි උදවු කරන්න (නි)

:       0       0

ගිනාල් Thursday, 03 October 2013 01:54 PM

රුපියල් සියයක්ද? (නි)

:       0       0

සජිනි මදුෂානි ඉතාලිය Thursday, 03 October 2013 01:58 PM

මේක අවසන් වෙලා තව දවස් කීපයකින් ආපසු නඩුවක් දායිද දන්නේ නැහැ මේ කාන්තාවට. (නි)

:       0       0

තුෂාර Thursday, 03 October 2013 01:59 PM

එතකොට නයි අල්ලාගෙන කූඩ වල දාගෙන ඉන්න අහිකුණ්ඨිකයොත් අල්ලන්න ඕනෑ (නි)

:       0       0

පුෂ්පකුමාර Friday, 04 October 2013 09:41 AM

කෙල්ල නම් ලස්සනයි (නි)

:       0       0

සෙහාන් Thursday, 03 October 2013 02:08 PM

මෙයා දැන් විහිළුවක් වෙලා රටට. (නි)

:       0       0

ඉන්දු මෙල්බර්න් Thursday, 03 October 2013 02:10 PM

එතකොට විෂ දත් ගලවලා නයි නටවන අයට මේ පනත යටතේ දඩය කීයක් විතර වෙනවද? දන්නේ නැති නිසා අහන්නේ. (නි)

:       0       0

දිනේෂ් Thursday, 03 October 2013 02:12 PM

වහාම මේ පිළිබඳව මුළු මහත් ශ්‍රී ලංකාවේම අවදානය ඉතා ඉක්මනින්ම යොමු විය යුතුයි. මේක තමා දැන් ලංකාවේ අපි ඔක්කොටම තියෙන ලොකුම ප්‍රශ්නේ. (නි)

:       0       0

පිටිගල Thursday, 03 October 2013 08:21 PM

එතකොට අර අලුත් ඇත් අතුරු සෙවනේ වතුර නැතුව දුක් විඳින අලි පැටව. සත්ව උද්‍යානෙ කන්න නැතුව ඉන්න දහස් ගණන් සත්තු.ඒ ගැන ඔය කියන සත්ව හා වෘක්ෂ ලතා පනතේ අදාළ වෙන්නේ නැද්ද? මට තේරෙන්නේ නැතුවද මන්දා? (අ)

:       0       0

රත්නායක ආරච්චිගේ Thursday, 03 October 2013 02:14 PM

අනේ පවු! එයාට ඔය දඩය ගෙවාගන්න පුලුවන්ද දන්නේ නැහැ (නි)

:       0       0

සනත් Thursday, 03 October 2013 02:29 PM

රුපියල් 100 යක් අයකරගන්න රජයේ මුදල් හා සම්පත් කොච්චර නාස්ති කළාද? (නි)

:       0       0

සනත් Thursday, 03 October 2013 02:30 PM

අප රටේ බොහෝ දේවල් යාවත්කාලින නොවන බව මෙම දඩයෙන් පෙනේ. දඩය ගහලත් නයා තාම ඇය ළඟද? (නි)

:       0       0

මාගලී Thursday, 03 October 2013 02:46 PM

එතකොට නයි නටවන අයට මොකද කරන්නේ?මුවෝ ගොන්නු මරා කන අයට? (නි)

:       0       0

ධර්මපාල Thursday, 03 October 2013 09:04 PM

බල්ලෝ ඇති කිරීම, පුසන්ව ගෙවල් වල තබාගැනීම, හරකුන්ගෙන් කුඹුරු සි සෑම, කරත්තෙට බැඳීම, වැරදී නෙමේද මේ කාරණය අනුව? (නදී)

:       0       0

මාටින් Thursday, 03 October 2013 02:51 PM

ඔයා බස්නාහිරින් මහා ඇමැතිකමට ඉල්ලුවොත් මමත් ඡන්දෙ දෙනවා, ඒ තරමට ඔයා දැන් ජනප්‍රියයි (නි)

:       0       0

ටිරල් Thursday, 03 October 2013 02:56 PM

එතකොට නයි නටවන්නට ලයිසන් ඕනෑද දැන්?? (නි)

:       0       0

දොන් සේතං Thursday, 03 October 2013 09:28 PM

පිටිගල ඔයාට මොනවද තේරෙන්නේ. අර විට ටිකක් කොට කොටා ඉතාලියට වෙලා ඉන්න තමයි තේරෙන්නේ.(නදී)

:       0       0

රණා Thursday, 03 October 2013 02:57 PM

රුපියල් 100ක්? බුදු අම්මෝ කොහොම ගෙවයිද අනේ! (නි)

:       0       0

ජගත් Thursday, 03 October 2013 02:57 PM

මෙයා නයි නලගනක් නෙමෙයි, අර නලගනක් කියන්නේ ඇත්තද? (නි)

:       0       0

ලාරා Thursday, 03 October 2013 02:58 PM

මේ කාන්තාව මට නයාට අඳු කොළ වගේ (නි)

:       0       0

මාලක Thursday, 03 October 2013 09:34 PM

නයි නලගන නැවතත් කරලියේ (දී)

:       0       0

ජගත් Friday, 04 October 2013 11:22 AM

සත්තු වත්ත වහන්න වේවිද ? (නි)

:       0       0

සෑම් Thursday, 03 October 2013 03:00 PM

රටක නීතියක් තිබිය යුතු වාගේම නීතිය සැමටම එකලෙස ක්‍රියාත්මක විය යුතුයි. ඒ වගේම පොලිසියෙන් චෝදනා ගොනුකිරීම, ඒවාට අවශ්‍ය වාර්තා, සාක්කි සහ අනෙකුත් නීති උපදෙස් ආදිය කලට වෙලාවට උසාවියට ඉදිරිපත් කර එකී නඩුවලින් අපහසුතාවයට, අසරණභාවයට සහ දුකට පත්වූවන්ට සාධාරණය ඉෂ්ට කළ යුතුය. (නි)

:       0       0

කිත්සිරි Thursday, 03 October 2013 03:00 PM

මං මේ නොදන්නවට අහන්නේ. එතකොට අහිකුණ්ඨිකයින්ට නයි , රිලව් තියාගත්තා කියලා සත්ව හිංසාව යට‍තේ නඩු පවරන්නේ නැහැනේ. අනික, නයා දැනට ඇය බාරයේ ඇති නිසා නැවත නඩුවක් දාන්න පුළුවන් නේද? (නි)

:       0       0

ප්‍රභාත් Thursday, 03 October 2013 09:36 PM

රුපියල් 100 නෙමෙයි රුපියලක හරි දඩයක් ගැහුවා නම් ඔහු හෝ ඇය උසාවියකින් වරදකරුවෙකු ඌ තත්වයට පත් වෙනවා. ඒකයි මෙතන වැදගත් ප්‍රශ්නය. ඔය ළමයට මම දන්නේ නැහැ. වෙන කෙනෙකුට උනා නම් ඒක ඒ කෙනාගේ චරිතයට ප්‍රස්නයක් වෙනවා. රජයේ ගාස්තු ගෙවීමක් කලානම් වරදිකරුවෙකුගේ තත්වයට පත්වෙන්නේ නැහැ. (නදී)

:       0       0

පෙරේරා Thursday, 03 October 2013 03:12 PM

ඔන්න නියම දඬුවමක්. (නි)

:       0       0

පෙඩ්රික් Thursday, 03 October 2013 03:15 PM

එතොකට නයාව නටවන මිනිසුන්ට දඩ නැද්ද? (නි)

:       0       0

සමාදී Friday, 04 October 2013 11:38 AM

නියම දඩුවම. රු 100 ක ලොකු දඩයකුත් ගහලා. නයත් නලගනටම දිලා.තනියට ළග තියාගන්න වෙන්න ඇති. (නි)

:       0       0

සෙන්තිල් Thursday, 03 October 2013 03:18 PM

මොකද අවසානයේ මේ නඩුව ඉවරයක් කළේ? (නි)

:       0       0

සමන් Thursday, 03 October 2013 03:19 PM

මේ අසරණ කෙල්ලට නයා ළඟ තියාගත්තට දඩ ගහලා හිරෙත් යන්න වුණා.කුඩු කන්ටේනර් පිටින් ගෙන්නපු අයට දෙන දඩුවම මොකක්ද..? (නි)

:       0       0

රවි Thursday, 03 October 2013 03:25 PM

රුපියල් 100 ක් නළගනකට මහ ගානක්ද ? තව නයි කීයක් තියාගනියිද දන්නෙ නැහැ දැන් (නි)

:       0       0

සත්‍යපාල Thursday, 03 October 2013 03:29 PM

"කන්දක් විලිලා කෙන්දක් වැදුවා වගේ" කියන්නේ මේවට තමා (නි)

:       0       0

හේමන්ත Thursday, 03 October 2013 03:40 PM

අපොයි පව්, ඇයි 100 ක්? 10 ක් දඩ ගැහුවා නම් ඇතිනේ. (ස)

:       0       0

ලක්ශාන් Friday, 04 October 2013 12:03 PM

රටේ අනිත් සත්ව හිංසාව කරන අයත් අල්ලලා ඔක්කොම එකතු කරලා, ඔවුන්ට මිනිස් හිංසාව කරලා සතුන්ට දැනෙන හැගීම දෙමු (නි)

:       0       0

සාමා Thursday, 03 October 2013 03:43 PM

වැඩි නැද්ද මන්දා.. මටත් හිතෙනවා දිවියෝ ටිකක් ඇති කරන්න. (ස)

:       0       0

සමන් තිලකරත්න Thursday, 03 October 2013 03:47 PM

ඒකත් ඉවරයි එහෙනම්... (ස)

:       0       0

චමත් Thursday, 03 October 2013 03:59 PM

අහිකුණ්ඨික මනුස්සයෙක් නයෙක් තියාගෙන අහුවුනා නම් දාහක්වත් ගහයිද දන්නෙ නැහැ. (නි)

:       0       0

රත්න Thursday, 03 October 2013 04:01 PM

ඇය වරදක් කළ බව ඇයම පිළිගනී. අද ලංකාවේ අලි, දිවියන්, ගෝනුන්, මුවන්, ගවයින්, ඉබ්බන් ආදී සතුන් මැරීම ගැනත් නීතීය ඉටුවේ නම්... සත්ව හිංසාව වළක්වා ගත හැකිය. සමහරවිට මෙය හොද අාරම්භයක් වේවි...! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බිත්තියක් කඩා වැටී අයෙක් රෝහලේ
2024 සැප්තැම්බර් මස 23 37 0

බුලත්සිංහල ඈගල්ඔය ප්‍රදේශයේ පැරණි නිවසක බිත්තියක් කඩා වැටීමෙන් පුද්ගලයෙකු බරපතල තුවාල ලබා අද (23) උදෑසන රෝහල් ගත කළ බව බුලත්සිංහල පොලිසිය කියයි


නව ජනපතිට චීන ජනපතිගෙනුත් සුභපැතුම්
2024 සැප්තැම්බර් මස 23 326 0

ශ්‍රී ලංකාවේ නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වීම පිළිබඳව අනුර කුමාර දිසානායක මහතාට චීන රජය සහ චීන ජනතාව වෙනුවෙන් අවංකව සුබ පැතුම් එක් කරන බව චී


ඡන්දෙ දාන්න ගමේ ගියත් වැඩට එන්න බස් නෑ
2024 සැප්තැම්බර් මස 23 156 0

ශ්‍රි ලංකාවේ නව වන විධායක ජනාධිපතිවරයා තොරාපත් කර ගැනිම සදහා ඉකුත් (21) දින පැවැත් වු ජනාධිපතිවරණයේදි සිය ජන්දය භාවිතා කිරිමට කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප


අනුරගෙන් හිස් වූ පුටුවට නිපුණාරච්චි
2024 සැප්තැම්බර් මස 23 783 0

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් හිස්වන එම මන්ත්‍රී ධූරය සඳහා මැතිවරණ කොමිෂන් සභාව විසින්


ශ්‍රි ලංකාවේ ගමනට සහය දෙන්න ලෑස්තියි
2024 සැප්තැම්බර් මස 23 786 1

ශ්‍රී ලංකාව 9 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතුම් එක් කරන බවත් ස්ථාවර, සමෘද්ධිමත් සහ සහජීවන සමාජයක් ගොඩ නැගීම


ජනපති පළමු සාකච්ඡාව
2024 සැප්තැම්බර් මස 23 2283 0

නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එම ධූරයේ අද පෙරවරුවේ දිවුරුම් දීමෙන් පසුව ත්‍රිවිධ හමුදාපතිවරු සහ ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී හමුවී සාකච්ඡා කළේය.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 21530 15

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 21146 7



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 115 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 332 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 169 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site