IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


නයා මාක් කාරයේ රියදුරාට නඩු?

බොරැල්ල නාරාහේන්පිට පාරේ ඇල්විටිගල මහල් නිවාස අසල මහ පාරේ දී බ්‍රහස්පතින්දා (02) ෆෝඩ් ෂෙල්බි ටී ඩී 500 සුඛෝපභෝගී කාරයක් හා ත්‍රිරෝද රියක් ගැටීමෙන් ත්‍රීරෝද රියදුරුගේ පාදයක් කැඩීමේ සිද්ධිය මැයි 22 වැනි දා අධිකරණයට යොමු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.

නොම්මර තහඩු නැතිව රිය ධාවනය කිරීම සහ අනතුරක් වළක්වා ගැනීමට අපොහස්ත්වීම යන චෝදනා මත ඔහුට නඩු පවරනු ඇතැයි ද රෝහණ මහතා පවසයි.

ඇමෙරිකාවේ ෆෝඩ් සමාගමේ නිෂ්පාදනය කැරෙන  මෙම කාරය අනතුරට පත් වී පැයක් යන්නටත් මත්තෙන් පොලිසිය හා යුද හුමදා විශේෂ බලකායේ ඇඳුමට සමාන ඇඳුම් ඇඳ සිටි පිරිසක් පැමිණ වාහනය රැගෙන ගියේය.

පොලිසිය පැවසුවේ කෝටිපති ව්‍යාපාරිකයකු එය ධාවනය කර ඇති බවයි. එම ව්‍යාපාරිකයා අත්අඩංගුවට ගෙන පොලිස් ඇප මත මුදා හළ බව ද මාධ්‍ය ප්‍රකාශක පවසයි.

නොම්මර තහඩු නැති වාහනයේ හිමිකරු කවුදැයි බොරැල්ල පොලිසියෙන් අනාවරණය කරගන්නට ඇතැයි ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක කියයි.

 

 

 

 

 

 

 

 

 

සබැඳි පුවත්

නයා මාක් රියක් අනතුරක



අදහස් (0)

නයා මාක් කාරයේ රියදුරාට නඩු?

හරිත Friday, 02 May 2014 09:05 PM

මේක මගේ කාර් එකද මන්දා? (නි)

:       0       0

රොෂාන් Friday, 02 May 2014 09:15 PM

මේකට අදහස් දාපු අය ඇත්තටම ලංකාව ගැන දන්නා අය වෙන්න නම් බැහැ මට හිතෙන්නේ. මෙය සාමාන්‍ය දෙයක් විතරයි. මොකද මේක ලංකාව. (නි)

:       0       0

ටිරෝන් Friday, 02 May 2014 08:37 PM

අනේ! මම 1 ශ්‍රී ෆෝර්ඩ් එකකින් ගිහින් මෙහෙම වුණා නම් කොහොමට හිටීවිද? (නි)

:       0       0

රත්නසිරි Saturday, 03 May 2014 12:07 PM

"කෝටිපති ව්‍යාපාරිකයකු" කියන කොටම ඉයස් සර් , ඉයස් සර්.නෝ ප්‍රොබ්ලම්ස්.... වෙන මුකුත් අහන්න ගියොත් අහිංසක රාලහාමිලාට වෙනදේ දන්නේ රාලහාමිලා පමණයි. වාහන අංකය නැතිව වාහනයක් පාරට දැමීම සම්පූර්ණයෙන්ම තහනම්. සුදු වෑන් හැර! රෝද තුනකින් යන්න බැරි නිසා නතර කරන්න සිද්ධවුනා. නැති නම් අර අහිංසකයාවත් දන්නේ නෑ කකුල කැඩුනේ කොහොමද කියල. කෙසේ වෙතත් අහිංසකයට මාර ගාඩ් එක. කොහොමද පුරවැසියට තියෙන ආරක්‍ෂාව.! (නදී)

:       0       0

එල්. Friday, 02 May 2014 08:49 PM

රියදුරුගේ නම කියන්නද? (නි)

:       0       0

ඩිසාන් Saturday, 03 May 2014 01:17 PM

කවුද මේ යුද හමුදා විශේෂ බලකායට සමාන ඇඳුම් අඳින අය. අල්ලලා විශේෂ බලකායටම බාර දුන්න නම් හරි. එක එක අයට විශේෂ බලකායට සමාන ඇඳුම් අඳින්න ඉඩ දුන්නොත් අපිට රටක් ඉතුරු වෙන්නේ නැහැ. විශේෂ බලකාය කියන්නේ අපේ ජාතික සම්පතක්.(නදී)

:       0       0

දිල්ශාන් Saturday, 03 May 2014 01:23 PM

2/5/14 අදහස් දක්වන වෙරංග හරියට හරි. දේශපාලුවෝ සීමාව ඉක්මවලා හොඳටම. දැන් තියෙන්නේ මේ අයගේ බලය අඩු කරන ක්‍රම අපිම හොයා ගන්න එකයි. පක්ෂ මාරු කරලා වැඩක් නැහැ. මන්ත්‍රී ඇමතිවරුන්ගේ බලය අඩු කරමු. (නදී)

:       0       0

සජී Saturday, 03 May 2014 12:46 PM

අනතුර සිදුවුණේ 02දා. අධිකරණයට ඉදිරිපත් කරන්නේ 22 දා. අහිංසක සාමාන්‍ය මිනිහෙක් අතින් මේ වගේ වරදක් වුණා නම්, ඒ මනුස්සයාට හොඳ ගුටි පුජාවකුත් දීලා කූඩුවට දමලා එදාම උසාවියට දමනවා, ලංකාවේ නීතිය ක්‍රියාකරවන මහත්වරු මෙහෙමයි හැසිරෙන්නේ. ඇස් වසාගත් නීති දෙවඟනගේ අතේ තිබෙන තරාදියේ එක පැත්තක් පාත්වෙලා කියලයි මට හිතෙන්නේ. (නි)

:       0       0

පියල් Saturday, 03 May 2014 12:51 PM

ගණන් ගන්න එපා, මේක අහවල් ලන්තයනෙ... (නි)

:       0       0

විධුෂක Friday, 02 May 2014 09:29 PM

මේ සිද්ධිය තුළ ලොකු අභිරහසක් නිර්මාණය වී ඇති බවට ලකුණු පහල වෙලා. සාමාන්‍ය නීතිය -0 අගය දක්වා පහළට වැටිලා ද කියා සැකයි. නීතියට සාමයට ගරු කරන පොදුජනතාව ගේ මේ තත්ත්වය දරා ගැනීමේ සහ ඉවසීමේ සීමාවේ ඉර ලකුණු කළ හැකි පරාසයක් තවත් ඉතිරිවී ඇත් දැයි සිතාගැනීමට නම් කිසිදු අවකාශයක් නොමැත. (දී)

:       0       0

දිනා Friday, 02 May 2014 10:17 PM

නයා මාක් වාහනේක ඇවිත් සිව්පා මාක් වැඩක් නේ කරලා තියෙන්නේ (දී)

:       0       0

ද සිල්වා බෙර්ලින් Friday, 02 May 2014 09:35 PM

මරණිය තුවාලයක් සිදු වෙලා නැත්නම් රියැදුරාව ඇප මත නිදහස්කරට ප්‍රශ්නයක් නැහැ , නමුත් මෙම වාහනයේ නොම්මර තහඩු නොමැති නිසා රියැදුර සහ වහනය නිදහස්කර එක වැරදි ,පොලිස්පති තුමා මේ ගැන ජනතාවට වගකීමට බැදී සිටි . (දී)

:       0       0

ද සිල්වා Monday, 05 May 2014 05:22 AM

කරුණාකර හැමෝම කටවල් වහගෙන අහවල් පැත්තේ නීතියට අවනතව, කඩේ යන්නන්ට ඉඩදී (පච බන්දුල ප්‍රමුඛ නඩයට) නිහඩ වන්න. ඔබ සැමට සුභ අනාගතයක්! (නි)

:       0       0

රන්ජි Friday, 02 May 2014 10:53 PM

අනිවාර්යෙන්ම මේක පිටුපස දේසපාලුවෙක් ඉන්නවා.(ස)

:       0       0

ඈශ්ලී Friday, 02 May 2014 10:59 PM

මෙතන තියෙන ප්‍රශ්නය මේ කාර් එක කීයද කියන එක නෙමේ. කොහොමද එක රටක නීති දෙකක් තියෙන්නේ කියන එක.... අනේ මට වැරදුනා අපි මේ කතා කරන්නේ ලංකාව ගැන නේ... (ස)

:       0       0

සිංහ Saturday, 03 May 2014 01:40 PM

ඉතාමත් ඉහල ප්‍රතිචාර මේ නයාට ලැබිලා. සමහරු නයාට සුපිරි විදියට කඩේ ගිහිල්ලා. සමහරු පෙට්ටි කඩේ ගිහිල්ලා. සමහරු මේ නයාට තමුන්ගේ නයා ඇරලා. සමහරු තමුන්ගේ නයා පෙන්නපු අයට පෙනේ පුප්පලා. සමහරු වෛවාරණ අඩුපාඩු පෙන්නලා. සමහරු නයාට පැන් වඩලා. මේ සියලු දෙනාගේ අදහස් වල යටිපෙළ අරුත වී ඇත්තේ. රටේ ඉදිරි අනාගතය වෙනුවෙන් මේ රට වෙලා ගෙන සිටින මුචලින්ද නාග රාජයාගෙන් ගැල වීමේ හෝරාව අභියසට පැමිණ ඇති බව නොවේද?(නදී)

:       0       0

සමීර Wednesday, 07 May 2014 04:21 PM

මෙවන් වාහනයක් ලංකාවේ මනුස්සයෙක්ට තියෙනවා කියුවත් පුදුමයක් (දී)

:       0       0

සාහිත Friday, 02 May 2014 10:47 PM

රටට ගිය කලක් (ස)

:       0       0

පෙරේරා බන්දුල Sunday, 04 May 2014 07:08 AM

බන්දුල පෙරේරා ඔහේගෙන් තමයි අපිට ප්‍රශ්න කරන්න වෙලා තියෙන්නේ. ඔහේනේ අග්‍ර පුරෝහිත. (නදී)

:       0       0

පෙරේරා Monday, 05 May 2014 07:51 AM

ලොකු දඩුවමක් දෙන්නයි තිබුණේ(නි)

:       0       0

කුසුම් Friday, 02 May 2014 11:48 PM

මේ සැරේ නම්, නඩුයි, බඩුයි, රියදුරයි, තුනම හාමුදුරුවන්ගේ වගෙයි. (දී)

:       0       0

උත්තරා බණ්ඩාර Saturday, 03 May 2014 12:11 AM

වැටත් නියරත් ගොයම් කනවනම් කාට කියමිද මෙම නඩුව .අසරණ ත්‍රි විලර කරු ගැන දුකයි . ඉක්මනින් සුවපත් වේවා පතමි (ස)

:       0       0

ජනක උඩුවන Friday, 02 May 2014 11:28 PM

මේ වගේ අයට ඇප දෙන්න නරකයි (දී)

:       0       0

අසංක ජිනදාස Saturday, 03 May 2014 03:44 PM

ඇත්ත වහලා ඇග බේරගෙන ඇත්ත කියනවා නේද? (නදී)

:       0       0

බිනුක Saturday, 03 May 2014 12:19 AM

අනේ අර ත්‍රිවිල් එකේ අසරණයාට තමා එකෙනුත් පාඩුව උනේ (දී)

:       0       0

චමින්ද Saturday, 03 May 2014 12:42 AM

මට නම් හිතා ගතහැහි ලැබෙන දඩුවම ගැනත්.ඕනේ නම් රුපියල් දාහකට කිට්ටු වේවි. සමහර විට අත් හිටවූ සිර දඩුවමකුත් සමග.(දී)

:       0       0

දිනා Saturday, 03 May 2014 01:53 AM

නඩු කියන තැන තියෙන ප්‍රශ්නාර්ථය තමා අපිටත් ප්‍රශ්නේ (දී)

:       0       0

අතුල_මිලානෝ Saturday, 03 May 2014 01:25 AM

මහතුනි ඔබටතුමන්ලගේ වටින චන්දය නිසි ආකාරයට පාවිච්චි කරන්න. (දී)

:       0       0

රොෂාන් Saturday, 03 May 2014 01:39 AM

මෙහෙමත් රටක්! (නි)

:       0       0

ගුණපාල Saturday, 03 May 2014 04:53 PM

කාර් එලවන්න බැරිලු ඒත් රොකට් එලවනවලු. (ස)

:       0       0

මාලා Saturday, 03 May 2014 02:19 AM

දැන් රටම සෙල්ලම් රටක් වෙලා. නීතියක් නැහැ. පොලිසියේ ආරක්ෂාව ඇතුව තමයි කාර් එක අරගෙන යන්නේ. දැන් අපි මෝඩයෝ කියලා හිතාගෙන එක එක කතා කියනවා. (නි)

:       0       0

අසංක Saturday, 03 May 2014 03:14 AM

උගත්, ප්‍රසිද්ධ නීතිවේදියෙක් ඇල්ලුවහම මෙයා නිදොස්කොට නිදහස් වෙනවා. කකුල කැඩුන ත්‍රීවීල් මල්ලිගේ තමයි සම්පූර්ණ වැරැද්ද. තරහ අවසර, ආයුබෝවන්ඩ. මේක ලංකාවනේ ! (නි)

:       0       0

සෑම් Saturday, 03 May 2014 03:32 AM

මුදල් ඇත්නම් හමුදාව වුණත් මිළදීගත හැකියි. කවුරු කෙසේ කිවුවත් ඒක දියුණු රටවලත් සිද්ධ වෙනවා. ඇමරිකාවේ අධිකරණ දෙපාර්තමේන්තුවම මිළදීගත් කෙනෙකුත් හිටියේ... (නි)

:       0       0

අල්විස් Saturday, 03 May 2014 05:16 PM

කෝටිපතියා වැඩිපුර මුදල් ගෙවා ලබාගෙන තියෙන්නේ සෙනසුරු ග්‍රහයාට අයිති ලියා පදිංචි අංකයක් නේ. අනේ අපොයි වෙච්ච දෙයක්.! (නදී)

:       0       0

ප්‍රියකුමාර Saturday, 03 May 2014 03:55 AM

ලංකාවට දෙන් අවශ්‍ය මෙවන් සුපිරි වාහන රට ඉතාමත් සීග්‍රයෙන් දියුණුවෙනවා අපිත් ගන්ඩ ආසයි කෝ තාම සල්ලි නැහැනේ.(නදී)

:       0       0

නිශාන්ත Thursday, 08 May 2014 07:23 AM

මේක තමයි සිරි ලංකාවෙ සුපිරි පොලීසියෙ සුපිරි සේවාවෙහි ඓශ්චර්යය. “බලන් කඩතුරා හැර දෑසේ“ (නි)

:       0       0

බටංගල Saturday, 03 May 2014 07:14 AM

මමත් බලාගෙන හිටියා අපේ අහවල්තුමා මොන වගේ කතාවක් මේ ගැන කියාවිද කියලා. (නි)

:       0       0

සිරිල් Friday, 02 May 2014 04:48 PM

අනේ මට නම් මොකුත්ම හිතාගන්න බැහැ (නි)

:       0       0

නිමල් Friday, 02 May 2014 04:02 PM

නියම නීතිය. අනතුරක් සිදු කර කෙනෙකුගේ කකුලක් කැඩූ රථයක් පොලිස් භාරයට පත් නොකර ගෙනගිය හැකිද/ පටන් ගැනීමම මෙසේ නම් පසුව තත්ත්වය කුමක් වේද? අද රටේ තිබෙන තත්ත්වය අනුව ත්‍රීරෝද අයිතිකරු සහ කකුල කැඩුණු තැනැත්තා කණගාටුවෙන් වුවද කෝඳුරුවෙකුට සම කළ හැක.කෙසේ වෙතත් මෙම පුවත එළිදරව් කිරීම ගැන ලංකාදීප බලදාරීන්ට පින් සහ ස්තුතිය! (නි)

:       0       0

කුමාරසිරි Friday, 02 May 2014 04:51 PM

අපිට ඉතින් හැමදාම නයා තමයි පෙන්නුවේ. (නි)

:       0       0

විපුල Saturday, 03 May 2014 06:36 AM

මොනවා වුණත් අපේ ත්‍රීරෝද රථය හොඳයි (නි)

:       0       0

ශාලික Saturday, 03 May 2014 06:20 PM

මම හිතන විදිහට මේ කාර් එකත් වෝකර් වගේ කෙනෙකුගේ වෙන්න ඇති. අවලාද කියන්න එපා පුණ්‍ය වැඩකට ගියා ද දන්නේ නැහැ. (ස)

:       0       0

විපුල Saturday, 03 May 2014 07:22 AM

නයා තියා මොකා වුණත් වැඩක් නැහැ, රෝද ගැළවිලා (නි)

:       0       0

චතුර Sunday, 04 May 2014 08:17 PM

එකෝමත් එක සෙල්ලම් රටක මහා දවාලෙක සෙල්ලම් නගරයක් තුල, සෙල්ලම් බෝනික්කෙක් පදවාගෙන ආපු සෙල්ලම් කාරයක්, අසල තිබුන සෙල්ලම් ත්‍රී රෝද රථයක ගැටී එහි සිටි සෙල්ලම් මිනිසාගේ කකුලක් කැඩී ගියෝය ...සෙල්ලම් පොලෝසිය බලා සිටියදී, සෙල්ලම් හමුදාවක් වගේ එකක් ඇවිදින් සෙල්ලම් කාරය රැගෙන ගියෝය ...කතාව අවසානයි නගර වැසියෝ ඉමහත් සතුටින් විසිර ගියෝය.... (ස)

:       0       0

භානු Saturday, 03 May 2014 07:32 AM

සමහරු මෙතන අදහස් ලියන පිටරට සිටින ලාංකිකයන්ව හෙළා දකිනවා. පිටරට ගියා නම් මොනවාටද දැන් රටේ දේවල් ගැන ඇඟිලි ගහන්නේ කියලා පාච්චල් කරලාම දානවා. හැබැයි දැන් මේ රටේ ඇතුලේ ඉන්න අපිට ආඩම්බර වෙන්න පුළුවන් දේවල්ද මේ සිද්ධ වෙන්නේ? (නි)

:       0       0

චනිල් Saturday, 03 May 2014 07:49 AM

ලංකාවේ සමහරු දියුණු රටවලට දොස් කියනවා. නමුත් ඒ රටවල දියුණුවට හේතුව හොයා බලන්නේ නැහැ. අකුරටම ක්‍රියාත්මක වන නීති රීති පද්ධතියක් ඒ රටවල තියනවා. අධිකරණය ස්වාධීනයි. රටේ ලොකුම ලොක්කාත් වැරදි කළා නම් දඬුවම් ලබනවා. මම ඕස්ට්‍රේලියාවට ආවඩනවා නෙමෙයි. පුළුවන් නම් නිවාඩුවකටවත් ඇවිල්ලා බලන්න පුරවැසියන් කෙතරම් නීතිගරුකද කියලා. මේ රටේ පෝලිමක් පිටපනින කෙනෙක්වත් සොයාගන්න බැහැ. යහපත් දේ කොතන සිදු වුණත් අගය කළ යුතු නිසයි මේ කියන්නේ. (නි)

:       0       0

වෙරංග Friday, 02 May 2014 05:05 PM

මේක දිහා අපි බලාගෙන හිටියා කවුද මේ පුද්ගලයා කියලා දැනගන්න. මේක තවත් භයානක තතත්වයක්. "යුද හමුදා විශේෂ බලකායේ ඇඳුමට සමාන ඇඳුම් ඇඳ සිටි පිරිසක් පැමිණ වාහනය රැගෙන ගියේය" කවුද මේ අය?ඇයි එහෙනම් පොලිසිය බලාගෙන හිටියේ? කෙනෙකුට කොහොමද තමන්ටම කියලා හමුදාවක් තියාගන්න අයිතියක්? වගකිවයුතු අය අපිට උත්තර දෙන්න ,කරුණාකරලා. මේක ඔයගොල්ලන්ගේ බූදලයක් නෙමෙයි. මේක අපෙත් රට. (නි)

:       0       0

ප්‍රසන්න Friday, 02 May 2014 04:20 PM

කාගෙද මේක ඇත්තටම? (නි)

:       0       0

කැනඩා දිසා Saturday, 03 May 2014 07:30 AM

පොලිසියට මම අභියෝග කරනවා මේ සිද්ධිය ගැන නීතිය දැනගෙන මේ කියන දේවල් නීතියට පටහැනියි කියලා (නි)

:       0       0

කෙවින් Saturday, 03 May 2014 08:29 AM

බලවත් අය වැරදි කර නීතියේ රැහැනට අසු වුණාම නිදහස් කරගන්න වලිකන වෙනමම නීති විශාරද පිරිසක් අපේ රටේ ඉන්නවා. මේ මොහොත වෙනකොටත් නීති උපදෙස් එක්ක වාහනය අයිතිකාරයාගේ ගෙදර පැත්තේ ගිහින් ඇති. (නි)

:       0       0

බිමල් Friday, 02 May 2014 05:12 PM

හොඳටම විශ්වාසද අනතුර වුණ වෙලාවේ වාහනය පදවපු කෙනාත් දැන් මේ අල්ලාගෙන ඉන්න කෙනාත් එක්කෙනාමයි කියලා? අපි දන්නා ලංකාවේ නම් මෙහෙම අයගේ රියැදුරුලා නිතරම මාරු වෙනවා. (නි)

:       0       0

සිරිල් Friday, 02 May 2014 04:26 PM

අනේ හොඳයි. කොච්චර ආඩම්බරද අපට? (නි)

:       0       0

බන්දුල පෙරේරා Saturday, 03 May 2014 07:55 PM

මේ රටේ දවසකට කොච්චර රිය අනතුරු වෙනවද..එහෙම බැලුවම මේක තවත් එක සිද්දියක් පමණයි. මරණයක් සිදු වෙලා නැත්නම් මේක පස්සේ මේ තරම් කට්ටිය එලවන්නේ මොකද කියල මේ පුවත හා අදාල පළමු පුවතට ලැබුණු ප්‍රතිචාර වලින් පැහැදිලියි පැ හැදිලිවම තියෙන්නේ රටේ නිතිය පිලිබදව ප්‍රශ්නයක් නෙමෙයි. අංක තහඩුව නැති වීම පිළිබද ප්‍රශ්නයක් නෙමෙයි. ත්‍රිවිල් කරුගේ කකුල පිළිබද ප්‍රස්නයක් නෙමෙයි. තියෙන්නේ මොනවයින් හරි පිටකරගන්න මගක් හොය හොයා ඉන්න දේශපාලන වෛරය සහ අසහනය...අංක තහඩු නැති වාහනයක් නම් ඒකට අවශ්‍ය පියවර අරගෙන රිය අනතුරේ ස්වභාවය අනුව උසාවියෙන් ලබාදෙන දඩුවම පොලිසිය මගින් රියදුරාට ලබා දේවි. එහෙම නොවුනොත් ඒ ගැන ප්‍රශ්න කරන්න තමයි මාධ්‍ය තියෙන්නේ. (නදී)

:       0       0

රනේෂ් Saturday, 03 May 2014 09:00 AM

මේ සිද්ධිය වෙලා සුළු වෙලාවක් ඇතුළත එස් ටී එෆ් මෙතරම් ඉක්මනින්ම එන්න, මේ වාහනය කාගේද කියලා මම දන්නවා (නි)

:       0       0

යසෝධ Friday, 02 May 2014 04:40 PM

හැබැයි සමහරු හිතාගෙන ඉන්නේ හැම මනුස්සයම 2 පන්තියට විතරක් පාසල් ගිහින් කියලා. (නි)

:       0       0

සන්ජය Friday, 02 May 2014 04:41 PM

"පොලිසිය හා යුද හමුදා විශේෂ බලකායේ ඇඳුමට සමාන ඇඳුම් ඇඳ සිටි පිරිසක් පැමිණ වාහනය රැගෙන ගියේය" ආ! ඒ කියන්නේ මේ අර සෙල්ලම් වගේ අයද? (නි)

:       0       0

ආනන්ද ආර් Friday, 02 May 2014 04:47 PM

මේ අපේ පුණ්‍ය භූමියයි - නිදහසේ ස්වර්ණ රාජ්‍යයයි...?? (නි)

:       0       0

වෙරංග Friday, 02 May 2014 04:52 PM

වගකිවයුතු අය අපිට උත්තර දෙන්න ,කරුණාකරලා.මේක සෙල්ලමක් නෙමෙයි.රටේ නීතිය කෝ? මහදවාලේ මිනීමරලා හිනා වේවි පෝස්ටර් වල ඉන්නවා,වරෙන්තු තියෙන අය පොලිසියත් එක්ක මුල් ගල් තියනවා, පිස්තෝල අරන් දුවගෙන එනවා... මේවා මුළු ලංකාවම පත්තරෙන් දකිද්දී තවම සාක්කිත් හොයනවා. මොනවද මේ? නීතිය තියෙන්නේ ඕනෑ දෙයක් කරලා බේරෙන්න පුළුවන් විදිහටද? මොකක්ද මේ සෙල්ලම ,කවදාද ඉවර වෙන්නේ?අපිට සළකන්නේ මෙහෙමද ඔයගොල්ලෝ? (නි)

:       0       0

ශාන්ත Friday, 02 May 2014 05:49 PM

වෙරංග,හරියටම හරි. (නි)

:       0       0

ගිහාන් Saturday, 03 May 2014 08:52 AM

කෝටිපතියෙකුගේ වාහනයක් කියලා කිවුවට ටයර් එකේ කට්ට ගෙවිලා වගෙයි මට පෙනුණේ. ඇසින් දුටු සාක්කියේ හැටියට වාහනේ රෝදේ ගැලවිලා බිම දිගේ ඇදිලා ඇවිත් හැපිලා කියලයි හිතෙන්නේ. ඒ කෙසේවෙතත් මේ කාර් එක අංක තහඩු නැතුව ට්‍රැෆික් පොලිස් රාළහාමිලා කී දෙනෙක් පසුකර එන්න ඇද්ද? ඒ කාටවත් මේක නවත්වන්න වුවමනා වුණේ නැහැ. අත් බැඳගෙන ඉන්න පොලිස් රාළහාමිලා දැක්කම හිතෙන්නේ කිසියම් බලයකින් ඔවුන්ගේ අත් කල්තියා බැඳලා කියලයි. පාරවල් වල සිදුවන මේ වගේ අනතුරු වලදී ආරක්ෂක අංශ වල නිල ඇඳුම් ඇඳගත් කට්ටිය ඇවිල්ලා වාහනේ ගෙනියන එක මින් පස්සේ දිගටම කෙරෙයිද දන්නේ නැහැ. කොහොම වුණත් අර අහිංසක ත්‍රිවිල් අයියට කියන්න තියෙන්නේ කකුල සනීප කරගෙන පවුල ජීවත් කරවන්න කියලයි. (නි)

:       0       0

චමත් Friday, 02 May 2014 05:08 PM

මෙවන් නිදහසේ ස්වර්ග රාජ්ජයට මාගේ දේශය අවදි කරනු මැන පියාණනි.(අ)

:       0       0

සෙහාන් Friday, 02 May 2014 06:18 PM

ඒ කියන්නේ දැන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක තුමා හැම රිය අනතුරක් ගැනම ප්‍රකාශ නිකුත් කරන්න පටන් ගනීවි නේද ඒකත් හොද ආසියාවේ ආශ්චර්යනේ.(නදී)

:       0       0

සමන් කේ ගිරාකඩුව Tuesday, 06 May 2014 08:10 AM

කවුරුහරි අහිංසක යතුරුපැදි රියදුරෙක් හරි ත‍්‍රීවිල් රියදුරෙක් හරි පාරේ ගියා නම් පොලිස් අය අල්ලයි, වරදක් නැතත් වරදක් දාලා හරි. (නි)

:       0       0

මලින්ද Friday, 02 May 2014 06:33 PM

පවු, මාධ්‍ය ප්‍රකාශකතුමාට බනින්න එපා. එයා මොනවා කරන්නද ත්‍රීරෝද රියදුරාගේ වැරැද්දට. ඒ නැතත් ඔයාලා කියන්නේ කාර් හිමියව අමාරුවේ දාන්න කියලද? මේ අහිංසක මිනිස්සු. සම්පූර්ණ වැරැද්ද කාගේද කියලා හෙට වෙනකොට කියයි (නි)

:       0       0

සනත් ගුනවර්දන ස්විස් Saturday, 03 May 2014 08:26 PM

ආසියාවේ ආශ්චර්ය තිබෙන එකම රටෙන් මෙම ඉන්දියානු ත්‍රි විලර අතුගා දමා නයා මාර්ක් මෙවැනි කාර් බි එම ඩබ්ලිව් . මර්සිඩීස් බෙන්ස් . වොල්වෝ ජගුවාර් මෙසේරාති ෆෙරාරි ලම්බ්රෝගිනි ටොයෝටා ලේක්සස් වෙනි සුපොඛබෝගී වාහන විතරක් ගෙන්වා මහජනයාට පාවිච්චියට දෙන්න (අ)

:       0       0

ගුණේ Saturday, 03 May 2014 11:07 AM

මේ වාහනය පැදවූ වැදගතාට රියදුරු බලපත්‍රය තිබුනාද දන්නේ නැහැ. පහුගිය කාලයේ එහෙම නැතුව මිනිසුන් යට කරගෙන ගිය බේබිලාට රටේ සාමාන්‍ය මිනිස්සුන්ට ක්‍රියාත්මක නීතිය තවම ක්‍රියාත්මක නොවුණ නිසයි අහන්නේ (නි)

:       0       0

අසිත් Friday, 09 May 2014 06:32 PM

අනේ ඉතින්, අපිට නම් මේවා අහලා දැකලා හොඳට පුරුදුයි (නි)

:       0       0

චමිල් Friday, 02 May 2014 07:06 PM

ලංකාවේ මිනිස්සුන්ට තිබෙන ප්‍රශ්න හැටියට දැන් තිබෙන ලොකුම ප්‍රශ්නය ඕකද? ඔය කාර් එක ඇමෙරිකාවේ මිල ඩොලර් 55,000යි. ඒ නිසා ඕක ලොකුවට හිතන්න එපා (නි)

:       0       0

නිශාන් Friday, 09 May 2014 06:32 PM

මේක ලංකාව. ඒක නිසා මේක සාමාන්‍ය දෙයක් (නි)

:       0       0

අනුර Saturday, 03 May 2014 09:38 PM

මේක ට්‍රී වීල් එක පස්සෙන් ඇවිල්ලා හප්පන් තියෙන්නේ. ඉතින් වරද කාගේද ? (ස)

:       0       0

සංක Saturday, 03 May 2014 11:33 AM

දැන් මේ ඉන්නෙ සෙල්ලම් හමුදාවක් වෙන්න ඇති නේද?සෙල්ලම් තුවක්කු තියෙන සෙල්ලම් රටේ මේවා පුදුම නෙමෙයි (නි)

:       0       0

භද්‍ර Friday, 02 May 2014 06:58 PM

ලංකාවේ නීතිය තියෙන්නේ දුප්පතාට යටත්වීමට සහ පොහොසතාට මහජනතාව ඉදිරියේ නැමෙන හැටි පෙන්වීමටයි. (නි)

:       0       0

සමන්ති Friday, 02 May 2014 07:03 PM

හැබැයි පොලිස් ඇඳුමට සමාන ඇඳුමක් ඇති අය හඳුනාගන්ට බැරුව ඇති ? හැබැයි ගරාජ වාහනයේ අංකයෙන් මොකක් හරි හොයන්ට බැරිද ? (නදී)

:       0       0

ලංකාතිලක Friday, 02 May 2014 07:51 PM

කවුද අප්පේ මේ ලොකු ව්‍යාපාරකයා අපි නොදන්නා. පොලිසියත් මාධ්‍යත් දන්නේ නැති. කකුලකුත් කඩලා අහිංසකයකුගේ එළියටත් දමලා. ඕක ත්‍රි විල් කරුගෙන් උනා නම් ඔහු තවමත් කුඩුවේ. (නදී)

:       0       0

ලංකාතිලක Friday, 02 May 2014 07:55 PM

එතකොට මේ පැමිණි පොලිසිය සහ විශේෂ බලකාය රජයේ නොවේද? ව්‍යාපාරිකයාගේ පෞද්ගලික පොලිස් සහ විශේෂ බලකායේ අයද? අපිට මේවා පැහැදිලි කිරීමක් කරන්න දන්නා අය.ඔලුවේ වයර් මාරු වෙලා මගෙත් මේවා අහලා (නි)

:       0       0

කුමාර Saturday, 03 May 2014 11:53 AM

ත්‍රීවීල් රියදුරාගේ කැඩුන කකුලට කෙසේ වෙතත් දැන් කටට නම් අරින්නත් බැරි විදියට ප්ලාස්ටර් දමලා ඇති. (නි)

:       0       0

නිමල් රණසිංහ Friday, 02 May 2014 07:15 PM

ලංකාවේ ලොකු අය කරන වැරදි වලට ලොකු තැන් වලින් අනුග්‍රහයත් ලැබෙන බව මේ සිද්ධියෙන් පැහැදිලි වෙනවා.තව ඉදිරියට අපේ ගෙවල් වලට පැනලා අපේ ගෙවල් වල ඉන්න අයත් අරගෙන යයි.නීතිය අන්තිමටම පිරිහිලා (නි)

:       0       0

මහේෂ් Friday, 02 May 2014 08:19 PM

මම නම් හිතුවේ වෙන කාගේ හරි කියලා. බොරු වෙන්න ඇති නේද? (නි)

:       0       0

ප්‍රසන්න Friday, 02 May 2014 08:27 PM

මම හිතන්නෙ, මොහු තව වරදක් කරලා තියෙනවා. ගෙවිච්ච ටයර් දමාගෙන තමයි රිය පදවලා තියෙන්නෙ. (නි)

:       0       0

පියසේන Saturday, 03 May 2014 12:44 PM

කාර් එකක්වත් එලව ගන්න බැරිද ? (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව ඇමැති මණ්ඩලය
2024 සැප්තැම්බර් මස 24 1456 0

නව රජයේ කැබිනට් අමාත්‍ය මණ්ඩලය අද(24) පස්වරුවේ දිවුරුම් දුන්නේය.


අමාත්‍යංශ ලේකම්වරු 17ක් පත් කෙරෙති
2024 සැප්තැම්බර් මස 24 1929 0

ජනාධිපතිවරයා විසින් අමාත්‍යාංශ ලේකම්වරු දාහත් දෙනෙක් පත් කර තිබේ.


පොලිස් සහතිකයක් දෙන්න අල්ලස් ගත් සැරයන් රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 24 466 0

අධිකරණයේ විභාග වන නඩුව ගැන සඳහන් නොකර පොලිස් සහතිකයක් ලබාදීම සඳහා පුද්ගලයෙකුගෙන් රුපියල් 5000 අල්ලස්සක් ලබාගත්තේ යැයි කියන පොතුහැර පොලිසියේ සැරයන්වරය


ජනපති හෙට ජාතිය අමතයි
2024 සැප්තැම්බර් මස 24 3070 0

ජනාධිපති අනුර දිසානායක මහතා හෙට පස්වරු 7ට ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතය.


එජාප සන්ධානයට පොහොට්ටුව නෑ
2024 සැප්තැම්බර් මස 24 2483 0

එක්සත් ජාතික පක්‍ෂය ඉදිරි මහ මැතිවරණය ඉලක්ක කරමින් ගොඩනඟන සන්ධානයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එකතු නොවන බව එම පෙරමුණේ නායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක


සජසයේ අගමැති අපේක්ෂක සජිත්
2024 සැප්තැම්බර් මස 24 1813 0

ඉදිරි මහ මැතිවරණය සඳහා සමගි ජන සන්ධානයේ අගමැති අපේක්ෂකයා ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස නිල වශයෙන් නම් කර තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 34718 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24022 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 160 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 487 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 218 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site