IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


නරක දේ සමාජගත කිරීම වැරැුදි වැඩක්

fghkkl

 

 

ඇයගේ ජීවිතය රංගනයටම බද්ධ වී ඇති ගාණය. දශක තුනකට දිගු වූ ස්වකීය රංගන චාරිකාවේ දී ඒ ප‍්‍රතිභාව වැඩි හරියක්ම ඇය පෙන්නුම් කළේ ටෙලි තිරය ඔස්සේය. ඒ රංගන රිද්මය වෙනත්  ඕනෑම ප‍්‍රතිභාපූර්ණ රංගන ශිල්පිනියකට දෙවැනි නොවේ. ඊට හොඳම සාක්‍ෂිය ඇය ”අම්මා” ටෙලි නාට්‍ය හරහා ප‍්‍රකාශ කළාය. ඒ අම්මාට මවගේ ජීවය කැවූ ඇය නිල්මිණීය. එලෙසින් ස්වකීය රංගනයෙන් අපූරු ජීවයක් ජනිත කරවන නිල්මිණීගේ මීළඟ අභිප‍්‍රාය වන්නේ වින්දනාත්මක ටෙලි නිර්මාණ අදියුරුවරියක ලෙස කටයුතු කිරීමය. එහෙව් වූ ඒ රංගනවේදනිය සමග අපි අලූත් දෙයක්, අලූත් යමක් කතා කරමු.

 

 


button ”අම්මා” චරිතයට ලැබෙන ප‍්‍රතිචාර මොන වගේද?
ඇත්තටම පුුදුමාකාර විදියට යහපත් ප‍්‍රතිචාර ලැබෙන්නෙ. කොච්චරද කිව්වොත් මගේ පුද්ගලික දුරකථන අංකය පවා සොයා ගෙන සමහර අය කතා කරනවා. ඒ චරිතය වෙනස් විදියට ඇති බව, ඒ කතා කරන බොහෝ දෙනා කියනවා. ඇත්තටම පුන්නම්මා වැනි සමහර චරිත කතා කරලා ඒ සතුට ප‍්‍රකාශ කරන්නෙ වඩාත් හැඟීම්බරවයි. ඒ ගැන ලොකු ගෞරවයක් මට තියෙන්නෙ.

 


button ඒ අම්මා නාට්‍ය මාලාවේ අම්මාගේ චරිතය හැර, වෙනත් දායකත්වයන් මොනවද?
දෙරණ විකාශයවන අම්මා නාට්‍ය මාලාවේ රූගත කිරීම් ඉවර කළා. දැන් මේ දිනවල සිරසෙ විකාශය වූ ?ණ ටෙලි මාලාවේ රූගත කිරීම් නැවතත් පටන් ගෙන. මේ සියල්ලට අමතරව මගේ නිර්මාණ කටයුතු ආරම්භ කිරීමට සූදානම් වෙනවා.

 

 

dfj

button ඒ කියන්නෙ දැන් නිල්මිණි ටෙලි හා සිනමා අධ්‍යක්‍ෂවරියක්?
ඇත්තටම මම ක්ෂේත‍්‍රයට ඇවිත් රඟපෑම් කරන අතරේ, රඟපෑම් ගැන විතරක්ම හිතුවෙ නැහැ. මම කරන චරිතයට උපරිම කැපවීම කරන අතරේ අනෙකුත් අංශයන් ගැන ස්වාධීනව හැදෑරීම් කළා. සහාය අධ්‍යක්‍ෂණය ගැන හැදෑරීම් පවා කළා. ටී.වී. වෙළඳ දැන්වීම් නිර්මාණකරණයේදී සහාය අධ්‍යක්‍ෂණයෙන් පවා දායක වුණා. නමුත් ඊටත් එහා ගිහින් නිර්මාණකරණය ගැන ප‍්‍රායෝගිකව අත්දැකීම් ලැබුණා. නිරන්තරයෙන්ම නැරඹීම, කියවීම කියන දේවල් මගේ ගෙවී ගිය ජීවිතයට බද්ධ වෙලා තිබුණා. ඒත් මට නිර්මාණකරණයට පිවිසීම ගැන හදිසියක් තිබුණෙ නැහැ. නමුත් මේ වන විට තබා ඇති පරිනත බව වෙතින් මට හොඳ නිර්මාණදායකත්වයක් කළ හැකිය යන විශ්වාසය තිබෙනවා. සුදුසු කාලය එනකල් මම බලා සිටියා. නමුත් පිටින් මට රංගනයට නිර්මාණ නිරන්තරයෙන් ලැබුණු නිසා ටික ටික කල් ඇර ඇර සිටියා.

 


button ඉදිරි කාලයේදී ඔබගේ ගමනාත්ය වන්නේ අධ්‍යක්‍ෂණ අංශයද?
අධ්‍යක්‍ෂණය වගේම නිෂ්පාදන අංශයෙනුත් මම කටයුතු කරාවි.

 


button නමුත් සමහර අය විශ්වාස කරන්නේ ලංකාවේ වින්දනීය ටෙලි කලාව ඉවරයි කියලයි. ඔබ කොහොමද ඒ ගැන හිතන්නෙ?
ඉවරයි වගේ තමයි. ඒත් දැන් මේ ”අම්මා” වගේ ටෙලි නිර්මාණයක් දෙස බලන්න. ඒ ගැන ”දෙරණ” ආයතනයට ස්තූතිවන්ත විය යුතුමයි. මොකද අද විකාශය කෙරෙන බොහෝ නාට්‍ය රේඩියෝ නාට්‍ය වගෙයි. පෙම්වතා, පෙම්වතිය, දුෂ්ඨයා, විකටයා ඔය ඔක්කෝමලා එක්ක ගලා ගෙන යන්නෙ. එසේ තැනිනම් චිත‍්‍රකතා පත්තර වගෙයි. හොඳ නාට්‍යවලට තවමත් තියෙන්නෙ හොඳ අවකාශයක්. ඒකෙ කතා දෙකක්. නැහැ. මේ රටට අවශ්‍ය මිනිස්සුන්ට පොළවෙ පයගහලා සිටින චරිත ඇතුළත් නිර්මාණයි. මම හිතන්නෙ වින්දන චින්තනය කියලා අපි නිතරම රටේ පවතින අපරාධ ගැන විතරක් ප‍්‍රකාශ කිරීම වැරදියි. ඒ වගේ දේ නිසා වෙන්නෙ ඒවා සමාජයේ සාමාන්‍යකරණය වීමයි. අනෙක නරක දේම නිරන්තරයෙන් සමාජගත කිරීම නිසා ඒ දේවල් කරන්න සමාජය පෙළඹවීම වෙනවා වැඩියි. එනිසා වින්දනය කියලා අපි  ඕනෑම දෙයක් උලූප්පාගෙන කලාව කිරීම වැරදියි.

 


button ඔබ කොහොම කිව්වාත්, අද විදේශීය නාට්‍ය රූපවාහිිනී චැනල් අරක්ගෙන. මිනිස්සු ඒවා ආසාවෙන් නරඹන්නෙ?
එහෙම වෙන්නෙ නිරන්තරයෙන් මිනිස්සුනට ඒවා ලබාදීම නිසයි. ඉතින් එයාලා ඒ දේවල්වලට ඇබ්බැහි වෙනවා. අපි අතීතයට හැරෙමු. අපි රඟපෑ නාට්‍ය සෑම එකක්ම වාගේ අති සාර්ථක වුණේ නැද්ද? වුණා. ඒවා ප‍්‍රමිතියකින් කළ නිසයි එහෙම වුණේ.

 


button ඔබ කිව්වා, ඔබ කියවීමට, නැරඹීමට සහ ශ‍්‍රවණය ආදී බොහෝ දේට සමීපයි කියලා. ඒ විදියට කියවා, නරඹා ජීවිතයට ලබා ගත්ත දේ මොනවද?
ඇත්තටම රංගනය අංශයෙන් මම ඒ නිසා ගොඩාක් සාර්ථකයි කියලා හිිතනවා. මම එහිදී කවුරුවත් අනුකරණය කරන්න ගියේ නැහැ. නමුත් ස්වරණා මල්ලවාරච්චි කියන චරිතය මම එක වකවානුවක රංගන ගුරුවරියක සේ ආභාෂය කරගත්තා. ජූලියා රොබර්ට්ස්ගෙ, රේවතීගේ රංගන ශෛලියට, මම ආසයි. ගෙවීගිය ජීවිතයේදීත් වගේම ඉදිරියේදීත් මගේ රංගන විෂයට මම කම්මැලිවන එකක් නැහැ. මගේ උපරිම කැපවීම කරාවි.

 


button කැමතියි ඔබගේ ”ජීවිතය” ගැනත් යමක් කියනවා නම්?
මවක් ලෙස, ගැහැණියක ලෙස සාර්ථකයි. පුන්නම්මා වගේ ධෛර්යවන්ත චරිතයක් කියලා හිතනවා. තමුන්ගෙ දියණිය සඳහා අනාගතය ගැන හිතමින් නම්බුකාර විදියට ජීවත්වන බව මගේ හෘද සාක්‍ෂිය දන්නවා.

 


button ඔබට ඔබගේ ජීවිතය ඇතුළේ චරිත කීපයක්ම ඔබට කරන්න වෙලා තියෙනවද? තනි ගැහැණියක ලෙස?
සෑම චරිතයකටම මුහුණ දෙන්න වෙලා තියෙනවා තමයි. අවුරුදු ගාණනක් තිස්සේ මට එහෙම වුණා. නමුත් කවදාවත් මම ඒ නිසා හඬා වැටුණේ නැහැ. තවත් ශක්තිමත් වුණා. ඉස්සර මට ඩ‍්‍රයිවින් බැහැ. හරිම බයක් තිබුණෙ. ඒත් හිත ධෛර්යවන්ත කරගෙන තනියම මම ඩ‍්‍රයිවින් ඉගෙන ගත්තා. මගේ ජීවිතය ඒ වගෙයි. මට හිතෙන්නෙ මම පිළිවෙලයි කියලයි.

 


button කොහොමද ඔබගෙ ”සැලෝන්” ඒකේ වැඩ කටයුතු?
සුපුරුදු පරිදි රූපලාවන්‍ය අංශයේ වැඩ කරගෙන යනවා. එහිදී ඉක්මන් ගමනක් මට  ඕනෑ වුණේ නැහැ. බොහෝ දේ දෙස්xවිදෙස් වශයෙන් ඉගෙන ගත්තා. ස්වභාවිකත්වයට වඩා සමීප වූ රූපලාවන්‍ය කලාවක් තමයි මගෙන් සිදු වන්නෙ. ඊට පිටුපා යන කිසිවක් කරන්නෙ නැහැ. නියම රූපලාවන්‍ය කලාව කියන්නෙත් ස්වභාවිකත්වයට සමීප වූ කලාවටයි.

wrdfj

 

sadun-gamage



අදහස් (0)

නරක දේ සමාජගත කිරීම වැරැුදි වැඩක්

කාන්ති Monday, 23 March 2015 07:24 AM

ජීවිතයේ වැරදුන හැමතැනක්ම පන්නරයක් කරගග්න්න. ඔබට ජය.(ත)

:       0       0

අමාලි Thursday, 26 March 2015 06:23 AM

අපි ඹයාට හරි ආදරෙයි. එත් අනේ ම්හින්දට කඩේ යන්න එපා. එයා හොඳ පාලකයෙක් නෙවෙයිනේ. එයා මහ හොරෙක්. හොරෙක්ව ආයෙ රජ කරවන්න හදන්න එපා. ඹයාට අපේ හිතේ තියෙන ආදරයත් ගෞරවයත් නැතිවේගන යනවා ඒවා දැක්කම. (ස)

:       0       0

සුමිත් Wednesday, 11 March 2015 09:49 PM

ඔබට‍ ජය! (නි)

:       0       0

සමන් Thursday, 12 March 2015 05:12 AM

නිල්මිනි ඔයාගේ රගපෑම, අම්ම ටෙලි නාට්‍යයේ හරි ලස්සනයි. ඔයා හරි ටැලන්ටඩ්. සුබ පතනවා! (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව ජනපතිගේ පළමු කැබිනට් මණ්ඩලය අද රැස් වෙයි
2024 සැප්තැම්බර් මස 30 117 0

ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් නව කැබිනට් මණ්ඩලය පළමු වරට අද (30) පස්වරුවේ ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට න


ජනපති කාර්යාල වාහන කඩිනමින් අත්‍යවශ්‍ය සේවාවලට
2024 සැප්තැම්බර් මස 30 489 0

ජනාධිපති ලේකම් කාර්යාලය අසල පරිශ්‍රයේ ගාල් කර තිබෙන රථ වාහන කඩිනමින් අත්‍යවශ්‍ය සේවා සඳහා ලබා දීමට මේ වන විටත් කටයුතු සකස් කරමින් තිබෙන බවද ජනාධිපති ක


එජාප සමඟ සාකච්ඡා සාර්ථක නැහැ
2024 සැප්තැම්බර් මස 30 446 1

ඉදිරි මහ මැතිවරණය වෙනුවෙන් පුළුල් සන්ධානයක් ගොඩනැගීම සඳහා එක්සත් ජාතික පක්ෂය සමඟ සිදුකරනු ලැබූ සාකච්ඡා සාර්ථක නැතැයි සමගි ජන බලවේගය මහලේකම් රංජිත් ම


ටෝනෙඩෝවකි කරුකුපනේ විදුහලකට හානි
2024 සැප්තැම්බර් මස 30 491 0

ටොනාඩෝවකින් හලාවත කරුකුපනේ කොරයාපුර කනිටු විදුහලේ ගොඩනැගිලි රැසක වහලයට හානි සිදුවීමෙන් ලක්ෂ 15 කට අධික හානියක් සිදුව ඇතැයි කියති.


සිරවුණු ගගනගාමීන් ගේන්න යානයක් යයි
2024 සැප්තැම්බර් මස 30 1163 0

නාසා ගගනගාමීන් වන නික් හේග් සහ ඇලෙක්සැන්ඩර් ගොර්බුනොව් ගගනගාමීන් සමඟ ස්පේස් එක්ස් සමාගමේ ඩ්‍රැගන් කැප්සියුලය ෆැල්කන් 9 රොකට්ටුව ආධාරයෙන් ජාත්‍යන්ත


හැටන් පාසල් ප්‍රවාහන සේවා හදිසි පරීක්ෂාවක්
2024 සැප්තැම්බර් මස 30 454 1

හැටන් ප්‍රදේශයේ රාජ්‍ය සහ පෞද්ගලික පාසල් වෙත ළමුන් ප්‍රවාහනය කරන බස් රථ සහ වෑන් රථ හැටන් පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරින් අද (30) දින හදිසි පරික්ෂාවට ලක්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38212 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25167 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 257 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 839 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 294 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site