(ඉන්දිකා රාමනායක)
නොරොච්චෝලේ ප්‍රදේශයේ පුද්ගලයකු පැහැර ගෙන ගොස් පහර දී අතරමග දමා යාමේ සිද්ධිය සම්බන්ධයෙන් යුද හමුදා කපිතාන්වරයකු ඇතුළු හමුදා සාමාජිකයන් සිව් දෙනකු අත්අඩංගුවට ගත් බව නොරොච්චෝලේ පොලිසිය කියයි .
යුද හමුදාව විසින් මෙම පිරිස අත්අඩංගුවට ගෙන නොරොච්චෝලේ පොලිසියට බාරදුන් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
කපිතාන්වරයාට අමතරව කෝප්රල්වරයකු සහ ලාන්ස් කෝප්‍රල්වරුන් දෙදෙනකු සිටින බවත් මොවුන් කල්ලාර් යුද හමුදාවට කඳවුරට අනුයුක්තව රාජකාරි කරමින් සිටි පිරිසක් බවද අජිත් රෝහණ මහතා කියයි.
ඉකුත් 30 දින සිදුවු මෙම සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙර ද හමුදා සෙබලකු අත්අඩංගුවට ගෙන තිබිණි.
පුද්ගලික ආරවුලක් මත පුද්ගලයකුගේ පෙළඹවීමක් අනුව මොවුන් මෙම සිද්ධිය සිදු කර ඇති බවද අජිත් රෝහණ මහතා කීය.
සැකකරුවන් අද දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
ආර්ථික නිදහස පිළිබඳ දර්ශකයෙන් ශ්‍රී ලංකාව ලෝකයේ රටවල් අතර තවදුරටත් පහළට දමා ඇතැයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශ
බගවන්තලාව පොලිස් වසමට අයත් කොටියාගල තේ වත්තේ වතු කම්කරුවන් පානිය ජලය ලබා ගන්නා ජල ටැංකියට ජලය රැගෙන යන ජල ප්‍රවාහන පද්ධතියේ ආරක්ෂිත දැලේ තිබි නාදුනන ප
හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ නානුඔය රදැල්ල කෙටි මාර්ගයේදි වෑන් රථයක් සහ ලොරි රථයක් මුහුණට මුහුණලා ගැටිමෙන් සිදු වු අනතුරකින් වෑන් රථයේ ගමන් ගත් එක
කොළඹ කොටුව - කන්කසන්තුරේ අතර නගරාන්තර දුම්රියක් අද (2) සිට ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
දිවයිනේ බොහො ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්වය තවදුරටත් පවතින බැවින් අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අව
ජනතාව දහස් ගණනින් තරු හෝටල් වලට කැඳවා සංග්‍රහ කළ අපේක්ෂකයන් මන්ත්‍රීවරුන් ලෙස පත් වුවහොත් ඔවුන්ගේ එම මන්ත්‍රී ධූර ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දීමෙන් අහ
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
නොරොච්චෝලේදි අයකු පැහැර ගත්තාට යුද හමුදාවේ හතරක් මාට්ටු
ඉසුරූ Sunday, 04 July 2021 12:54 PM
වරලත් මැරයෝ වෙන්නැති...
සෙනෙවිරත්න Sunday, 04 July 2021 03:53 PM
රණවිරුවන් නේද? අත්ඇරලා දාන්න. ගෝඨාභය මහත්මයා රණවිරුවන්ට හිරිහැර කළා කියලා කියන්න ඕනෑ නැහැනේ...