නොරොච්චෝලේ තාප බලාගාරයෙන් ඉවත් කරන ගල් අගුරු කුඩු හා අළු නිසා අවට ගොවි බිම්වලට, නිවාස වලට හානි පැමිණ , පවුල් 300ක් පමණ අසරණ වී ඇති බව කියති.
මේ ගල් අඟුරු කුඩු හා අළු මහ මුහුද ආසන්නයේ ගොඩ ගසා ඇති අතර ඒවා වාරකන් කාලයට මුහුදු සුළං සමග ගොඩබිමට බිම දිසාවට ගසාගෙන එයි.
මේ නිසා තම බත් ටික උයා කෑමට පවා අසීරුවී ඇති බවත් , තම දරුවන්ගේ පාසල් ඇදුම් එළියේ වේලා ගැනීමට පවා නොහැකි වී ඇති බවත්, බලාගාරය හදන විට මේ තත්වයන් වළක්වා ගැනීමට විවිධ ක්‍රම මෙම ව්‍යාපෘතියේ අඩංගුවී තිබු නමුත් ඒවා බලධාරින් නිසි ලෙස ක්‍රියාත්මක නොකීරීම නිසා මේ තත්ත්වය දිනෙන් දින වර්ධනය වන බවයි ජනතාව පෙන්වා දෙන්නේ. තම වගාවන් දිනෙන් දින හානි වන බවත්, මේ තත්වයට ඡලය ඉසීම , වැලි දැමීම වැනි තාවකාලික ක්‍රම භාවිතා නොකොට ස්ථීර විසඳුමක් නොලැබුණුහොත් ගම්වාසී විවිධ රෝගා බාධකවලට ලක්වී මිය යනු ඇතැයි ඔවුහු කියති.
ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු මිලට ගත් බස් රථයක ලියාපදිංචිය වෙනස් කර පොත ලබාදීම සඳහා රුපියල් දෙලස්ස පනස් දහසක (250000)අල්ලසක් ලබා ගත්තේ යැයි කියන නාරාහේන්පිට ම
රාජ්‍ය බුද්ධි සේවයේ (SIS) නව අධ්යක්ෂවරයා ලෙස නියෝජ්‍ය පොලිස්පති ධම්මික ප්‍රියන්ත පත් කර තිබේ.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් භාවිතා කරනු ලබන වීරකැටිය කාල්ටන් වත්තට විදුලිය සපයා තිබූ තෙකලා විදුලි රැහැන් කිහිපයක් අද දහවල් විදුලි බල ම
එළඹෙන මහ මැතිවරණය සඳහා තරඟ කිරීමට ස්වාධීන කණ්ඩායම් 122 ඊයේ (4) වනවිට ඇප මුදල් තැන්පත් කර ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක ම
පිටකොටුව රික්ලමේෂන් පාර ප්‍රදේශයේ දී දෙදෙනෙකු අතර අද (05) උදෑසන ඇති වූ ගැටුමකින් තියුණු ආයුධ ප්‍රහාරයකට ලක් වූ 47 හැවිරිදි පුද්ගලයකු මියගොස් ඇතැයි පොලිස
විදේශයන්හි රැකියා කරන රට විරුවන්ට විද්‍යුත් වාහන බලපත්‍ර ගෙන්වීමට අවසර දීමේදී සිදුවී ඇතැයි කියන රුපියල් කෝටි ගණනක දූෂණ වංචා සහ ආක්‍රමිකතා රැසක් පිළ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
නොරොච්චෝලෙන් තව කරච්චලයක්
විපුල Thursday, 21 July 2016 07:44 AM
ගිය ආණ්ඩුව මේක හැදුවේ නැත්නම් පක්ෂ භේදයක් නැතුව කළුවරේ ඉන්න තිබුණා. අඩු ගණනේ මේ ආණ්ඩුවෙන් වත් මෙයට වැඩ පිළිවලක් යොදන්න. මේකට බැනල හරියන්නේ නැහැ. (බ)
දුෂාරා Wednesday, 20 July 2016 01:56 PM
මේවා දේශපාලුවන්ට වාසි නිසා කරන වැඩ. ලෝකයේ අනිත් රටවල් ගල් අගුරු බලාගාර වහගෙන වහගෙන යනවා. අපේ දේශපාලුවෝ කොමිස් ගන්න පරණ අටමගල් මෙහාට ගේනවා. වියදමයි, පරිසර දුෂණයි අපට ඉතිරිවෙන්නේ. අනිත් රටවල් සෝලා පවර් සහ අනෙකුත් ක්‍රම වලට මාරුවෙනවා. ඒවා වැසි නිසා. අනේ මන්ද, කවද ලංකාවට සෙතක් වෙයිද කියල (බ)
ගුණසිරි Wednesday, 20 July 2016 03:03 PM
සියල්ල සිදුවී ලේ ගැලීම් වලින් හමාර වෙන්න පෙර, මේ අපද්‍රව්‍ය යොදාගෙන කළහැකි අතුරු නිෂ්පාදනයක් සදහා තාක්ෂණ විශේෂඥයින්ගේ මනස යොමු කිරීම මැනවි. (බ)
වසන්ජය Thursday, 21 July 2016 10:09 AM
ගල් අඟුරු තාප බලාගාර යනු යල් පැනගිය ක්රමයකි එවැන්නක් හැදුවේ කාගේ වුවමනාවට දැයි සෙවිය යුතුය .(ම)
බීනු Wednesday, 20 July 2016 10:32 PM
ඔය තියෙන්නේ ආණ්ඩුව කරන අයගේ වැඩ. දූෂණ වැඩනම් දක්ෂ ලෙස කරනවා (නි)
අරුණ Wednesday, 20 July 2016 11:56 PM
මේවා ප්‍රතිචක්‍රීකරණය කරන ක්‍රමයක් ළඟදීම හොයාගනියි. එදාට හොඳ මිලකට මේවා විකුණයි. (නි)
රන්ජිත් Thursday, 21 July 2016 12:30 AM
කවුද සැපයුම්කරු? උත්තරයක් ඕනෑ. පාවිච්චි කරන ගල් අඟුරු තත්වයෙන් බාලද? (නි)
කමනි Thursday, 21 July 2016 05:19 AM
මේක පත්තරේ දාපු එක හොඳයි. දැන් පත්තරේ බලලා රටේ ප්‍රශ්න දැන ගන්න අයට මේකට විසදුමක් දෙන්න පුළුවන්.(හේ)
අතුරා Thursday, 21 July 2016 06:47 AM
කවුද මේක ලංකාවට ගෙනාවේ. ගෙනල්ල මහා ලොකුවට බෝඩ් ගහලා කිව්වේ අපි තමයි සංවර්ධනය කලේ කියලා.(හේ)