(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
දින කිහිපයක් අඩපණව පැවති නොරොච්චෝල ලක්විජය බලාගාරයෙන් ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 300ක ධාරිතාවක් අද(21) සවස ලබා දීමට හැකි වූ බව බලස්ථාන කළමණාකරු ඉන්ද්‍රසිරි ගාල්ලගේ මහතා පැවසීය.
බලාගාරයේ සමස්ථ ධාරිතාව මෙගාවොට් 900 ක් වන අතර ඉන් පළමු අදියර ලෙස මෙගාවොට් 300 ක ප්‍රමාණයක් අද ජාතික විදුලිබල පද්ධතියට එක් කළ බවත් ඉතිරි මෙගාවොට් 600 ක ප්‍රමාණය එළැඹෙන සඳුදා වන විට නිකුත් කිරීම කළ හැකි වෙතැයි කළමණාකාරවරයා කීවේය.
ඒ මහතා මේ බව පවසා සිටියේ නොරොච්චෝල ලක්විජය බලාගාරයේ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් දින කිහිපයක් විදුලි සැපයුම ඇණ හිටීම සම්බන්ධව මාධ්‍ය දැණුවත් කිරීමට එක්වෙමිනි.
මෙහිදී අදහස් දක්වමින් ඉන්ද්‍රසිරි ගාල්ලගේ මහතා පවසා සිටියේ පසු ගිය දින කෙරවළපිටිය විදුලි සම්ප්‍රේෂණ මධ්‍යස්ථානයේ සිදුවූ හදිසි බිද වැටීමක් හේතුවෙන් නොරොච්චෝල ලක් විජය බලාගාරයේ සිසිලන පද්ධතිය තාක්ෂණික දෝෂයකට ලක්වූ බවයි.
මේ හේතුවෙන් ලක්විජය බලාගාරයේ විදුලි සැපයුම සම්පූර්ණයෙන් නැවතී තිබූ බවත්, (21) වන දින සවස වන විට ජාතික විදුලි පද්ධතියට යලි මෙගා වොට්ස් 300ක ධාරිතාවක් පළමු අදියරේ ලබා දීම ආරම්භ කළ බවයි.
ඒ සමගම මෙහි ඉතිරි මෙගා වොට්ස් 600ක ධාරිතාව එළඹෙන සඳුදා වන විට සම්පූර්ණයෙන් ලබා දීමට කටයුතු කරමින් ඇති බවත්, තාක්ෂණික දෝෂය යළි සකස් කිරීම සදහා දේශිය විදුලි ඉංජිනේරුවන්ගේ දායකත්වය පමණක් ලබා ගැනීම සිදුවූ බව හෙතෙම කීය.
රජයේ බංගලා වලින් වහාම ඉවත් වන ලෙස අධිකරණ රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා පළාත් පාලන සහ කම්කරු අමාත්‍යාංශය සම්පන්දන් මහතාගේ දියණියට සහ හිටපු අම
වගා හානි කරන සතුන්ගේ ගහනය පාලනය කිරීමට සහ බෝග හානි වැලැක්වීම සඳහා ක්‍රියාත්මක වීමට කෘෂිකර්ම අමාත්‍යාංශය විශේෂ ඒකකයක් පිහිටුවා තිබේ.
ප්‍රවාහන, මහා මාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයට නියෝජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනෙකු පත් කෙරෙනු ඇතැයි එම අමාත්‍යාංශයෙහි වැඩ බාර ගනිමින් අමාත්
දස වැනි නව පාර්ලිමේන්තුවේ සමාරම්භක රැස්වීම හෙට (21) පෙරවරු 10.00ට ආරම්භ වේ.
මහ පාරට වැටීම ගැන සතුටු වන බව හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අද(20)වන දා පැවසීය.
ඇමතිකම් අදාල නෑ, වැඩේ ගොඩ දානවා යැයි ජාතික ජන බලවේගයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ වැඩිම මනාප ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් කරුණාරත්න මහතා පැවසීය.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
නොරොච්චෝලේ අද සිට යළි වැඩ
සමිත සේනක අලුත්ගමගේ. Friday, 21 August 2020 04:01 PM
මේ කසිකබල් නොරොච්චෝලේ කැඩුනේ අද ඊයේ නොවේ. මේ දහජරාව ඉවත්කොට අලුත් වැඩපිළිවෙළක් ඇරඹීමට කාලය පැමිණ ඇත.
පසඳ Friday, 21 August 2020 04:49 PM
බලන්න මේ තරම් වටින බලාගාරය පහුගිය යහපාලන රජය චීනෙත් එක්ක තියෙන තරහට වහලා තිබුණනේ. මේක නැවත විවෘත කර භාවිතාවට ගැනීමේ ප්‍රශංසාව නව රජයට හිමි විය යුතුයි.