IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


නොරොච්චෝලේ කරච්චලේ ඉවර නෑ

අද (17) සිට විදුලි කප්පාදුව නවත්වා සුපුරුදු පරිදි විදුලිය ලබා දෙන බවට දුන් පොරොන්දුව තාක්ෂණික කාරණා නිසා ඉටු කිරීමට ප්‍රමාද වීම සම්බන්ධයෙන් කනගාටුව පළ කරන බව විදුලිබල නියෝජ්‍ය ඇමැති අජිත් පී පෙරේරා මහතා පැවසීය.

නොරොච්චෝලේ ජනන යන්ත්‍ර තුනෙන් එකක් පමණත් වැඩ කරන බවත්, තවත් යන්ත්‍රයක් අද   ක්‍රියාත්මක කිරීමට උත්සාහ ගනිමින් සිටින බවත්, එලෙස ක්‍රියාත්මක වුවොහොත් දිගටම විදුලිය දිය හැකි බවත් පෙරේරා මහතා කීවේය.

මෙය කාගේ හෝ කුමන්ත්‍රණයක්දැයි මාධ්‍යෙව්දීන් ප්‍රශ්න කරද්දී ඇමති කීවේ එය ඕනෑම ආකාරයකට අර්ථ දැක්විය හැකි වුවත් තීන්දුවක් දිය යුත්තේ දේශපාලනඥයන් නොව පොලිසිය හා අදාළ අංශ බවයි.

විදුලි පද්ධතියේ ආරක්ෂාවට යුද හමුදාව යෙදවා ඇත්තේ ඇයිදැයි ඇසූ විට ඇමතිවරයා කීවේ ජනපතිට ලද තොරතුරු මත හා යමක් වීමට පෙර වළක්වා ගැනීමේ පදනම මත යුද හමුදාව යෙදවා ඇති බවයි.

‘මෙය නොසිතූ දෙයක්. හරියට සුනාමියක් වගෙයි. මුලින්ම අපි විදුලි පද්ධතිය යතාවත් කරන්න වෙහෙසෙනවා. ඉන් පසු මේ සිදුවීමට වගකිවයුත්තේ කවුද කියා හොයනවා.

නොරොච්චෝලේ බලාගාරේ කියන්නේ අපට ලැබුණු ආබාධිත දරුවෙක්. අඩුපාඩු ගොඩස් සමගයි ලැබුනේ. නමුත් ඒ ළමයා අපි කොහොම හරි හදා වඩා ගන්නවා. අපි ඒ ළමයාත් ආදරෙන් රැක බලා ගන්නවා. ‘

Capture



අදහස් (0)

නොරොච්චෝලේ කරච්චලේ ඉවර නෑ

දිනේෂා සුබසිංහ Thursday, 17 March 2016 02:40 PM

ආබාධ හොද කරන්න කියලනේ ආණ්ඩුව ගත්තේ. අපිට පේන විදියට නම් දැන් ලෙඩා මැරෙන්න හදන්නේ (බ)

:       0       0

සජී Thursday, 17 March 2016 03:18 PM

හැබැයි ඒ ආබාධිත දරුවා ගෙන් තමයි රටට මෙගාවොට් 900ක විදුලියක් ලැබෙන්නේ, ඒ දරුවා නැත්නම් රටෙන් බාගයක් හැමදාමත් අදුරේ..(කෞ)

:       0       0

විකී Thursday, 17 March 2016 03:24 PM

කොහොම හරි ඉතින් මහින්ද හිටපු ජනාදිපති තුමාට වැරැද්ද පටවන්නේ නැතිව කිව්වා කතාව නම් හොඳයි.(කෞ)

:       0       0

ඉන්දික Thursday, 17 March 2016 10:02 AM

ඒ කියන්නේ මේ ආබාධිත දරුවා නැත්නම් එකදිගට විදුලිය දෙන්න විදියක් නැහැ! (නි)

:       0       0

මනෝජ් Thursday, 17 March 2016 10:25 AM

විදුලිය කපනවා නම් ලංකාවේ හැම ප්‍රදේශයකටම කළයුතුයි. දැන් සිදුකරන්නේ එකම පළාතට හැමදාම කපලා දාන එක. (නි)

:       0       0

සමන් Thursday, 17 March 2016 10:39 AM

ආබාධිත කියන්න කවුද? පැය 71/2ක් කපන්න සිදුවෙනවා නම් කවුද ඇත්තටම ආබාධිත? (නි)

:       0       0

ඕෂධී Thursday, 17 March 2016 10:40 AM

ලොකු කතා නැතුව ඕක ඉක්මනට හදාගත්තා නම් හොඳයි (නි)

:       0       0

ජයරත්න Thursday, 17 March 2016 10:35 AM

නොරෙච්චෝලේ කියන්නෙ ආබාධිත දරුවෙක් කිව්වත් ඒ දරුවා නොහිටින්න අපේ රටේ දවසට පැය හතක් විදුලිය කපනවා. දැන් මේගොල්ලො වැඩේ අනාගත්තට නොරෙච්චෝලෙ පළි නැහැ. එහෙම බලනකොට මේ ආණ්ඩුව ආබාධිත දරුවෙකුටත් අන්තයි නේද? (නි)

:       0       0

බණ්ඩාර- කැකිරාව Thursday, 17 March 2016 10:47 AM

"කතාව දෝලාවෙන් ගමන පයින් ". විදුලි බල ඇමතිතුමායි කණගාටුව ප්‍රකාශ කළයුත්තේ. අපිට නම් තේරුණා එතුමා කිවුවට වැඩේ ගොඩදාන්න කල් යනබව... (නි)

:       0       0

අන්වර් Thursday, 17 March 2016 05:41 PM

මෙය වීනයෙන් ගෙනවිත් සවිකළ දා සිට කීපාරක් කැඩුනද? (නි)

:       0       0

පැටලී Thursday, 17 March 2016 10:57 AM

නොරොච්චෝලේ නැත්තම් රට හැමදාම අදුරේ තමයි. මහින්ද මහත්තය හදපු නිසා මේ ගොල්ලෝ බනිනව නැත්තම් යහපාලනයට කරුවලේ තමයි ඉන්න වන්නේ (කෞ)

:       0       0

සුදේශ් Thursday, 17 March 2016 10:53 AM

අනේ මන්දා නොරොච්චෝලේ නොතිබුනා නම් මුළු රටටම ඉන්න වෙන්නේ කළුවරේ. ඒක කොච්චර වැදගත්ද කියලා පේනවා නේද(කෞ)

:       0       0

අජිත් Thursday, 17 March 2016 10:55 AM

ගල් අඟුරු බලාගාරය එකවිට ක්‍රියාත්මක කරන්න බෑ ඒවා එකදිගට දිවිය යුතුයි (කෞ)

:       0       0

නිශාන්ත Thursday, 17 March 2016 11:07 AM

මේ ඉන්න ඇමති වරයාගේ කතා කීපයක් මම ඇහැව්වා. එ්වයින් තේරුණා මොහුට දේශපාලනය කරන්න තරම් ලොකු අවබෝධයක් නැති බව (බ)

:       0       0

මනෝජ් Friday, 18 March 2016 06:03 AM

නොරොච්චෝලේ කැඩුන නෙවේ. එ්ක ඉබේම නැවතුන පද්ධතිය අස්ථාවර වුණ නිසා. හැම බලාගාරයම නැවතුණා. එ්ත් ප්‍රශ්නේ තියෙන්නේ ඕනෑම ගල් අගුරු හෝ න්‍යෂ්ටික බලාගාරයක් නැවතුනාම ආයේ ජනනය අරඹන්න දවස් දෙක තුනක් යනවා. මේක වුනේ බලාගාරයේ ප්‍රශ්නයක් නිසා නෙවේ. කලින් එහෙම ඒවා තිබ්බ එ්ත් මේපාර එහෙම එකක් නෙවෙයි (බ)

:       0       0

සමන්මලී Thursday, 17 March 2016 11:18 AM

ආබාධිත දරුවෙක් යන වචනය කරුණාකර ඉල්ලා අස්ස්කරගන්න . මට ඔබ ගැන ලැජ්ජායි. (බ)

:       0       0

විපුල Friday, 18 March 2016 06:07 AM

නොරෙච්චෝලේ ගැනම කිය කියා ඉන්නේ නැතිව පටන්ගන්නකො සාම්පුර් බලාගාරය. අලුත් ආණ්ඩුවේ වැඩ අපිට පෙන්නන්නකො. හැබැයි උදේ 8 හවස 5 වගේ වැඩ කරලා නම් තේරුමක් නැහැ. දැන් පාරවල් හදන්නේ එහෙමනේ.(බ)

:       0       0

රසික Friday, 18 March 2016 06:26 AM

නන්දලාල්, ප්‍රංශයටත් විදුලිය නැතිවුණාද ? නැත්නම් ඉන්න තැන අමතක වුණාද? (බ)

:       0       0

නන්දලාල් ද සිල්වා - ප්‍රංශය Thursday, 17 March 2016 08:27 PM

නොරොච්චෝලේ කරච්චලේ ඉවර නැතිවුණාට විදුලි බලය නැති නිසා අල්ලපු ගෙදරින් ඇහෙන ටීවී කරච්චලේ, දවසෙන් වැඩි වෙලාවක් ඇහෙන තුට්ටු දෙකේ ඉන්දියන් බජව් කරච්චලේ එහෙම ඉවර වෙලා තියෙන එක නම් කන් වලට මීපැණි වත්කරන්නා වගේ හොඳ දෙයක්. (නි)

:       0       0

රන්ජන් Thursday, 17 March 2016 09:51 PM

මම ජීවත්වෙන්නේ ජර්මනියේ. මේ රටට ලැබෙන හිරු එළිය අඩුවුණත් මේ රට වසර ගණනාවක් පුරා හිරු එළියෙන් විදුලිය ලබා ගන්නවා වගේම තව තව මේ සඳහා වියදම් කරමින් වැඩිම බලය ගන්න උත්සාහ ගන්නවා. නමුත් වසර පුරාම හොඳට හිරු එළිය ලැබෙන අපේ රටේ මෙතෙක් හරි පිළිවෙලකට හිරු එළියෙන් විදුලි බලය ලබාගන්න කිසිම දෙයක් කර නැහැ (නි)

:       0       0

නිශාන්ත Friday, 18 March 2016 08:33 AM

අනේ නන්දලාල් අපි නොදන්නේ ප්‍රංශය.බොරුවට නිකන් බයිලා ගහන්නේ නැතුව ඉන්නවද. රෑට වැඩ ඇරිලා ඇවිත් නිදා ගන්න නැතුව අල්ලපු කාමරවල ඉන්න අරාබි , ඇෆ්රිකන් අය, ප්‍රංශ කෙල්ලෝ කොල්ලෝ රෑ ඉදල එලි වෙනකම් කෑ ගහන කොට,පාටි දානකොට බිත්තියට ගහ ගහ ,119 ට කතා කර කර කන පරිප්පුව සැප ඇති.(බ)

:       0       0

මනෝජ් Thursday, 17 March 2016 12:22 PM

දීපු පොරොන්දු ඉටු කරන්න බැරිවෙන එක ඉතින් සාමාන්‍ය දෙයක්නේ ලංකාවේ නේද?? (හේ)

:       0       0

ධම්මි Thursday, 17 March 2016 12:22 PM

දේශපාලුවො කවදද ඇත්ත කිව්වෙ ජනතාව රවට්ටන්න බෑ (හේ)

:       0       0

දුමින්ද Friday, 18 March 2016 02:06 AM

කුණුකසල යොදා ජීව වායුව නිපදවා ඉන් විදුලි බලය සහ කාබනික පොහොර හදමු (නි)

:       0       0

සචිත් ඉන්දික Thursday, 17 March 2016 01:36 PM

වැඩ බැරි තොම්සන් කට අරී (බ)

:       0       0

සොපි Thursday, 17 March 2016 01:39 PM

ඔහොම කියයි කියල අපි හිතුවා....(බ)

:       0       0

කුෂාන් Friday, 18 March 2016 09:23 AM

මේක නම් කවදාවත් ඉවරවෙන කරච්චලයක් නෙමෙයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පහල යාගොඩ අමුතු ඝාතනයක්
2024 සැප්තැම්බර් මස 28 1475 0

ගණේමුල්ල පොලිස් වසමට අයත් පහළ යාගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියක පිටුපස ගමන් ගත් අයෙකු පැදි කරුගේ ගෙල කපා අනතුරුව බියට පත්ව ඔහුගේද ගෙල කපාගෙන ජීවිතක්ෂයට


රනිල් නායකත්වයේ සිටිය යුතුයි:ගාල්ල යෝජනා සම්මතයි
2024 සැප්තැම්බර් මස 28 941 0

එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ යුතු බවට වන යෝජනාවක් ගාල්ලේ විශේෂිත එ


ඩඩ්ලිගෙන් පාලන මිලට සහල්
2024 සැප්තැම්බර් මස 28 1420 0

බලයට පත් ආණ්ඩුවට සහයෝගයක් වශයෙන් තමා 28 වෙනිද සිට සියලුම සහල් පාලන මිලට ලබාදීමට කටයුතු කරන බව අරලිය සහල් ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.


අපේ පත් කිරීම්වලට අපි වග කියනවා
2024 සැප්තැම්බර් මස 28 1001 0

ජාතික ජන බලවේග රජය කරන සියලු පත්කිරීම් සඳහා රජය වග කියන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය මහනුවර දී අද (28) පැවසුවාය.


බෝවතැන්න හිස් කරයි
2024 සැප්තැම්බර් මස 28 570 0

අලුත් වැඩියා කටයුත්තක් සහ නිරීක්‍ෂණ කටයුත්තක් සඳහා බෝතැන්න ජලාශයේ ජලය ඉවත් කරන නිසා අබන් ගඟ දෙපස ජනතාව දැඩි විමසිලිමත් වන ලෙස බෝතැන්න ජලාශ භාර ඉංජිනේ


ප්‍රධාන පක්ෂ බීලි කොකු සෙල්ලමක
2024 සැප්තැම්බර් මස 28 1026 0

ඉදිරි මහ මැතිවරණයේදී බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් දිනා ගැනීම සඳහා පොදු සන්ධාන පිහිටුවා ගැනීමට දේශපාලන පක්ෂ නම්මා ගැනීමේ විශේෂ මෙහෙයුමක් එක්සත් ජාතික ප


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37958 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25013 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 239 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 777 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 277 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site