(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
නොරෝච්චෝල ලක්විජය බලාගාරයෙ ජනන යන්ත්‍ර තුනම මේ වනවිට සක්‍රියව විදුලිය නිෂ්පාදනය ආරම්භ කර ඇති බවත් ඒ අනුව උපරිම ධාරීතාවයෙන් විදුලිය නිෂ්පාදනය අද(17) අලුයම වන විට ආරම්භ වු බව විදුලි බල මංඩල උසස් නිළධාරීයකු පැවසිය.
පානදුර විදුලි උපපොලේ ඇතිවු තාක්ෂණික දෝෂයක් හේතුවෙන් රටපුරා පසුගිය 9 දින විදුලිය සම්පුර්ණයෙන් නැවති තිබු අතර එය යථා තත්වයට පත් කිරීමට දිනකට ආසන්න කාලයක් ගතව තිබුණි.
නමුත් පානදුර උප පොලේ සිදුවු කාර්මික දෝෂයත් සමග නොරෝච්චෝල ලක්විජය බලාගාරයෙ ඒ වන විට ක්‍රියාත්මක වෙමින් තිබු ජනන යන්ත්‍ර තුනම එකවර නැවති යාමත් සමඟ රටේ විදුලි අවශ්‍යතාවය නැවති ගොස් තිබුණි.
කෙසේ වෙතත් නැවති ගිය ලක්විජය බලාගාරයෙ ජනන යන්ත්‍ර තුන අතරින් තුන්වන අධියරේ ජනන යන්ත්‍රය පසුගිය 14 දින යථා තත්වයට පත්කරමින් ජාතික පද්ධතියට නැවත එක්කරමින් විදුලි නිෂ්පාදනය ආරම්භ කර තිබුණි.
ඒ සමගම නැවත පලමු ජනන යන්ත්‍රයද 15 දින සක්‍රිය කල ලක්විජය විදුලි ඉංජීනේරුවන් හා කාර්ය මංඩලය ඒ වන විට අක්‍රියව පැවති දෙවන ජනන යන්ත්‍රය ද අද (17 ) අලුයම වන විට ජාතික පද්ධතියට එක්කිරිමට සමත්ව තිබුණි.
ඒ අනුව ලක්විජය බලාගාරයෙන් ජාතික පද්ධතියට මෙගොවට් 900 කට ආසන්න විදුලියක් නිෂ්පාදනය ආරම්භ වි ඇති බව විදුලු බල මංඩල ඉහල නිළධාරීන් පවසයි.
මෑත කාලයෙ ලක්විජය බලාගාරයෙ ජනන යන්ත්‍ර තුන කඩිනමින් ක්‍රියාත්මක කල පලමු අවස්ථාව මෙය බවත් පසුගිය කාලයෙ මෙවැනි නඩත්තු සදහා මාසයකට අධික කාලයක් ගෙවි ගොස් තිබු බවද කියයි.ෙ කෙසේ නමුත් ලක්විජය බලාගාරය යලි ජනන යන්ත්‍ර තුනම සක්‍රිය විමත් සමග විදුලි ගැටළුක් නොමැති බව ඉහල නිළධාරින් පවසති.
සංජීව කුමාර සමරරත්න හෙවත් ගනේමුල්ලේ සංජීව නමැත්තා වෙඩි තබා ඝාතනය කිරීමට ආධාර අනුබල දුන් බව කියමින් සැකපිට අත්අඩංගුවට ගත් මීගමුව පොලිසියේ කොස්තාපල්ව
ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා සහ ශ්‍රී ලංකාවේ වියට්නාම තානාපතිනි ට්‍රින් තී ටැම් (Trinh Thi Tam) මහත්මිය අතර හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලය
මීගමුව වෙළඳසලක හිමිකරුවකු ඉලක්ක කර අද සවස වෙඩි තැබීමක් සිදු කර ඇතත් ගිනි අවිය ක්‍රියාත්මක නොවීම හේතුවෙන් වෙඩික්කරුවන්ගේ උත්සහාය අසාර්ථක වී ඇතැයි මී
පාතාල කල්ලිවලට සමහර රාජ්‍ය ආයතනවල සහාය ලැබෙන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තුවේදී අද (21) පැවසීය
රජයේ ඩිජිටල් ආර්ථික කටයුතු සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන, ඉදිරි වැඩපිළිවෙල පිළිබඳව සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් දැනුවත් කිරීම සඳහා වැඩමුළුවක් මා
රුපියල් කෝටි ගණනින් ජනතා මුදල් වංචා කළ ’’ඔන්මැක්ස් ඩි ටි’’ නීති විරෝධී පිරමීඩ මූල්‍ය සමාගමේ මහමොලකරුවකු ලෙස කටයුතු කර ’’ඔන්මැක්ස්’’ පරිගණක පද්ධතිය න
නව කිලෝ ග්රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස
ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
නොරෝච්චෝල ජනන යන්ත්‍ර තුනම සක්‍රියයි