IMG-LOGO

2025 අප්‍රේල් මස 27 වන ඉරිදා


නොරොච්චෝලේ පටන්ගන්න දින තුන හතරක් ගතවෙයි

(යොහාන් භාසුර)

ලංකා විදුලිබල මණ්ඩලයට අයත් පානදුර ග්‍රිඩ් උපපොලේ ඇතිවූ දෝෂයක් හේතුවෙන් රටපුරා විදුලි බිඳ වැටීම නිසා අක්‍රීය වූ නොරොච්චෝලේ ගල්අගුරු විදුලිබලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර තුන නැවත ක්‍රියාත්මක කිරීමට දින තුනක් හෝ හතරක් ගතවනු ඇතැයි විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවෝ පවසති.

විදුලි සැපයුම විසන්දිවීමත් සමඟ නොරොච්චෝලේ විදුලිබලාගාරයේ විදුලි ජනන යන්ත්‍රවල ආරක්‍ෂක පද්ධතිය ක්‍රියාත්මක වීමෙන් එම යන්ත්‍ර අක්‍රීය වන බවත් එම යන්ත්‍ර නැවත ක්‍රියාත්මක කිරීමට දීන කීපයක්ගත වන බවත් ඉංජිනේරුවෝ සඳහන් කළහ.

නොරොච්චෝලේ ගල්අගුරු විදුලිබලාගාරය ඉදිකරන අවස්ථාවේදී එම ජනන යන්ත්‍ර පද්ධතිය මෙවැනි අවස්ථාවකට පත්වූ විට සිසිල් කරන ආකාරය පිළිබඳව කටයුතු නොකිරීම මෙයට හේතුව බවත් පසුගිය වසර කීපය තුළ මේ ආකාරයට සමස්ත රටටම විදුලිය විසන්දි වුවද එම එකම අවස්ථාවකදී හෝ නිෂ්චිත පියවරක් නොගත් බවත් ඔවුහු කියති.

නොරොච්චෝලේ විදුලි බලාගාරයේ ජනන යන්ත්‍රයකින් දිනකට මෙගාවොට් 270 ක පමණ විදුලි ප්‍රමාණයක් ජාතික විදුලි පද්ධතියට එකතු කළ හැකි බවත් එම විදුලිබලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර තුනම උපරිම ධාරිතාවෙන් ක්‍රියාත්මක කළ හොත් දිනකට මෙගාවොට් 800 අධික ප්‍රමාණයක් ජාතික පද්ධතියට එකතු කළ හැකි බවත් ඉංජිනේරුවෝ වැඩි දුරටත් සඳහන් කළහ.

මෙම යන්ත්‍ර නැවත ක්‍රියාත්මක කරන තෙක් විදුලි සැපයුම පවත්වාගෙන යෑම සඳහා තාප විදුලිය මේ වන විට ජාතික පද්ධතියට සම්බන්ධ කර ඇති අතර එය තව දුරටත් පවත්වාගෙන යෑම පිළිබඳව බලශක්ති අමාත්‍යංශය සහ විදුලිබල මණ්ඩලය සාකච්ඡා කරමින් සිටියේය.  

තාප විදුලිය පද්ධතියට සම්බන්ධ නොකරන්නේ නම් විදුලි කප්පාදුවකට යෑමට සිදුන බවත් විදුලි කප්පාදුවකට යෑමට කිසිඳු බලාපොරොත්තුවක් නොමැති බවත් බලශක්ති අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය. 



අදහස් (5)

නොරොච්චෝලේ පටන්ගන්න දින තුන හතරක් ගතවෙයි

suhath Monday, 10 February 2025 02:53 PM

කොමිස් කුට්ටියට පාර කපලා දුන්න වඳුරෙක්.

:       3       5

Kamal Koyrala Monday, 10 February 2025 02:53 PM

"මේ උපන් ගෙයි ලෙඩ සුව කරන්න බැහැ , ගල් අඳුරු වලින් සහ විරෝධතාව නොසලා කටයුතු කල උන්ට මේක අකුල ගෙන වෙනත් විකපලයක් සදහා යා යුතුයි

:       2       4

රුවන් Monday, 10 February 2025 08:26 PM

මහින්ද රාජපක්ෂ 2006 ඩොලර් බිලියන 1.3කට එදා නොරොච්චෝලෙ හදනකොට කිව්වා මෙහෙම වෙයි කියලා. ඇහුව්වා ද? එදා ඉදන් අද වෙනකම් හැමදාම කැඩෙනවා. රුසියාවේ නිකං දෙන්නවා කිව්ව න්‍යෂ්ටික බලාගාර තිබ්බා නම් අද ඉන්දියාවටත් විදුලිය අපනයනය කරලා ඩොලර් බිලියන ගානක් හොයාලා. රටේ ණය ටිකත් ගෙවලා ඉවරයි.

:       0       0

Kumar Monday, 10 February 2025 10:09 PM

ලංවිම සිස්ටම් ඔපරේෂන් එක ගැන දන්න අය හිතන්නේ ඇමතිතුමා කාව හරි රකින්න හදනවා කියලා. සම්පූර්ණ බර ක්‍රියාත්මක කිරීමේදී අසාර්ථක වීමට හේතු වූයේ විශාල පරම්පරාවේ බලාගාරයක් නැතිවීමයි. මට ඔයාලට කියන්න පුළුවන් එකම දේ තමයි පානදුරේ බඩු තොගය වැගිරෙව්වා කියලා සම්පූර්ණයෙන් ආපසු හැරවීමක් සිදු නොවුණත්, පීක් ලෝඩ් එකේදී විශාල උත්පාදක කම්හලක් අහිමි වීම විශාල අසාර්ථකත්වයක් ඇති කරන බව. ඉස්සර එහෙම උනොත් පරණ ලක්ෂපාන ස්ටේෂන් එකෙන් නැවත විදුලිය දෙන්න පටන් ගන්නවා.

:       1       0

pj Tuesday, 11 February 2025 08:09 AM

ජනජීවිතයට බලපාන දෙයක් සිදුවීමට පෙර මෙම විදුලිය ප්‍රශ්ණය වැනි ප්‍රශ්ණ හදුනාගෙන. තිරසාර විසදුම් සොයා ක්‍රියාත්මක කිරීමට මහාචාර්ය කට්ටලය අසමත් වීම සම්බන්ධයෙන් දීප ව්‍යප්ත විරෝධතාවක් පැවැත්වීමට ජවිපෙ සහ මාලිමාවට කරන ආරාධනයයි මේ....

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

උසස් පෙළ හපන්නු
2025 අප්‍රේල් මස 26 549 0

2024 උසස් පෙළ විභාගයේ කලා අංශයෙන් ප්‍රථම ස්ථානය ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයේ සෙනලි චමත්කා රණසිංහ සිසුවියත් ගණිත අංශයෙන් දිවයිනෙන්ම ප්‍රථම ස්ථානය ග


’හරක් කටා’ ළඟ දුරකථනයක්
2025 අප්‍රේල් මස 26 406 0

තංගල්ල පැරණි බන්ධනාගාරයේ රඳවා සිටින ප්‍රබල අපරාධකරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කටා සන්තකයේ තිබී ජංගම දුරකථනයක් සොයා ගෙන ඇතැයි බන්ධන


කෝටි 80 ක මත්කුඩු කොටිකාවත්තෙන් අල්ලයි
2025 අප්‍රේල් මස 26 547 0

රුපියල් කෝටි 80කට ආසන්න වටිනා මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙක් ‍‍‍‍කොටිකාවත්ත නාගහ මුල්ල ප්‍රදේශයේ නිවසකදී අත්අඩංගුවට ගත් බව මාලඹේ පොලිසිය කියයි


රජයේ බෙහෙත් තොගයක් තේ වත්තකින් හමුවෙයි
2025 අප්‍රේල් මස 26 284 0

රජයේ රෝහල්වල හාවිතා කරනු ලබන බෙහෙත් තොගයක් හැටන් පුටිහිල් තේ වත්තට බැහැර කර ඇති බව වතු පාලන අධිකාරි හැටන් පොලීසිය වෙත දැනුම් දී ඇත.


චීන පටස් හපන්න ගිය දන්ත වෛද්‍යවරිය රෝහලේ
2025 අප්‍රේල් මස 26 1327 0

අවුරුද්දට පුතා ගෙනා චීන පටස් එකක් දත්වලින් හැපීමට ගිය මවක බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර ඇති බව පානදුර පොලිසිය


උතුරට අහිමි වූ හැම දෙයක්ම ආපහු දෙනවා
2025 අප්‍රේල් මස 26 366 0

යුද්ධය නිසා උතුරේ ජනතාවට අහිමි වූ නැවත ලබා දිය හැකි සෑම දෙයක්ම ජනතාවට ලබා දීමට පියවර ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 881 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 393 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 547 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site