IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


නොරොච්චෝල-ලක්විජය අක්‍රීය වෙයි

( හිරාන් ප්‍රියංකර ජයසිංහ)

නොරෝච්චෝල ලක්විජය බලාගාරයෙ ජනන යන්ත්‍ර වල හදිසියෙ ඇතිවු කාර්මික දෝෂයක් හේතුවෙන් රට පුරා සමස්ථ විදුලි පද්ධතිය නැවති ඇති බව ඉහල නිළධාරීයකු පවසයි.

මේ වනවිට ලක්විජය බලාගාරයෙ විදුලිය නිෂ්පාදනය කරනු ලබන ජනන යන්ත්‍ර තුනෙහිම විදුලිය නිෂ්පාදනය නැවති ඇති බවත් එය කුමන හේතුවක් මත සිදුවුවා දැයි සොයා බලමින් ඇති බව කියයි.

කෙසේ නමුත් නොරෝච්චෝල ලක්විජය බලාගාරයෙ ජනන යන්ත්‍ර තුනම එකවර නැවති ගිය පලමු වතාම මෙය වන බවත් මෙයට පෙර එක් එක් ජනන යන්ත්‍ර පමණක් නැවති තිබු බවද කියයි.

ලක්විජය බලාගාරයෙන් සමස්ථ විදුලි පද්ධතියට මෙගොවට් 900 ක විදුලි ධාරිතාවක් ලබා දීම සිදුවෙති.

කෙසේ නමුත් මෙලෙස ලක්විජය බලාගාරයෙ විදුලිය එකවර නැවති යාමත් සමග රටපුරා සමස්ථ පද්ධතිය නැවති ඇති බවත් එය යථා තත්වයට පත් කිරීම සදහා පැය කිපයක් හෝ එයට වැඩි කාලයක් ගත වනු ඇති බවට පවසන්නට විය.



අදහස් (13)

නොරොච්චෝල-ලක්විජය අක්‍රීය වෙයි

ළමාහේවා Sunday, 09 February 2025 12:36 PM

පුනරුදය...

:       44       29

හසක Sunday, 09 February 2025 01:36 PM

ඔබට වැඩිහිටියෙක් වගේ හැසිරෙන්න කාලේ හරි.

:       7       22

janahitha Sunday, 09 February 2025 01:10 PM

කෙටියෙන් පැවසුවොත් පාලනය කරගන්න බැරිබව පේනවා. පුළුවන් අයත් ඇති... නමුත් ඔවුන්ට නිසි තැන ලැබී නැතිව ඇති. හේතුව හොයාගන්න බැරි ඉංජිනේරුවන්ගෙන් වැඩක් නැහැ... ඉන්දිකලා සමාගම ගෙන්වා පාලනය කරන්නම සිදුවෙනවා...

:       15       18

රුවන් Sunday, 09 February 2025 01:46 PM

ආණ්ඩුවට මාසෙන් දෙකෙන් රට සිංගප්පූරුවක් කරන්න පුළුවන් නම් අවුරුදු 5ක් යද්දි ශ්‍රී ලංකාව ලෝක බලවතා ඇමරිකාවත් ලංකාවෙන් ණය ගන්නවා. ලංකාව ඉන්දියාව පාකිස්තානය ආක්‍රමණ කරලා ශ්‍රී ලංකා අධිරාජ්‍යයක් ගොඩනගනවා. මාර විහිළු කතා තමයි මේවා. ඇත්තටම ලංකාවේ න්‍යෂ්ටිය බලාගාරයක් හදන්න දීපු නැති හිටපු ආණ්ඩුව හින්දා තමයි මේ ඔක්කෝම. ලංකාවේ යුරේනියම් වලට පස්සේ හොඳම අමුද්‍රව්‍ය ත්රෝයිම් ඕනෑතරම් තියෙනවා. පරිසර හිතකාමී න්‍යෂ්ටික බලාගාර තිබ්බා නම් අපිට ඉන්දියාවටත් විදුලිය අපනයනය කරලා ඩොලර් බිලියන ගාණක් හොයන්න තිබ්බා. පොඩි රටවල් කිව්වාට අපිට වඩා කුඩා රාජ්‍යවලත් න්‍යෂ්ටික බලාගාර තියෙනවා.

:       13       9

ගුණරත්නSunday, 09 February 2025 03:45 PM

ඔය යෝජනා කරපු න්‍යෂ්ඨික බලාගාර මෙහෙ හදන ඒවා නොවෙයි, රුසියාවේ කඩා ඉවත් කරන පරණ න්‍යෂ්ඨික සබ්මැරීන සහ නැව් වල ඇති න්‍යෂ්ඨික බලාගාර නැවකින් ගෙනැල්ලා නැවේ තියෙද්දීම කරන්ට් දෙන විදිහක්, ඔය එක බලාගාරයක් මෙගාවොට් 100යි. ඉතින් එහෙම විකාරයක් කියන්නේ තේරුමක් නැහැ.. ඊට වඩා හොඳයි සුළං විදුලි බලාගාර...

:       4       9

ගුණරත්නSunday, 09 February 2025 03:48 PM

ත්රෝයිම් කියන්නේ මොකක්ද? තෝරියම්ද? තෝරියම් තවම න්‍යෂ්ඨික ඉන්ධනයක් විදිහට ලෝකයේ කොහේවත් යොදාගන්නේ නැහැ.

:       0       8

සෙනෙවිරත්න Sunday, 09 February 2025 01:55 PM

මේක වෙච්ච පළමු වතාව නොවෙයි, රට පුරා විදුලිය අක්‍රීය වීම පෙරත් වෙල තියෙනවා. සමහරු අද ඊයේ උපන් අය වගේ අදහස් පලකරන්නේ...!

:       8       20

යෝගා Sunday, 09 February 2025 02:01 PM

බලශක්ති ඇමති හොර ඉංජිනේරුවෙක් කියලයි ආරංචිය. ඒ බොරුව පද්ධතියට දරාගන්න බැරිවෙන්න ඇති.

:       14       16

chamara Sunday, 09 February 2025 03:32 PM

කිසිම වගකීමක් නැති ආණ්ඩුවක්. බොරු මවාපෑමක් විතරයි කරන්න දන්නේ වැඩ හරියට කරන්න දන්නේ නෑ...

:       10       14

Sanju Sunday, 09 February 2025 07:22 PM

දැන් සැපද?

:       7       5

ජිල්බු Sunday, 09 February 2025 08:14 PM

අනේ මන්ද, සංජු! ඔයාට එහෙම එකක්ද ඔය දැනෙන්නේ?

:       5       4

Asanga Monday, 10 February 2025 10:10 AM

කලින් ආන්ඩු කාලේ ජෙප්පො ඕවා උවමනාවෙන්ම අක්‍රිය කරානේ.

:       2       1

LGP. JATHUNARACHCHI. Monday, 10 February 2025 12:56 PM

මාර බොරු!!!

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 786 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 580 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 462 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site