IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


නොරටුන්ට උතුරට යන්න අවසර ඕනෑ

උතුරේ යුද්ධය දැඩිව පැවැති ප්‍රදේශයන් වලට ඇතුළුවීමට අපේක්ෂා කරන විදෙස් සංචාරකයින් හා සංවිධානයන් ඒ සදහා ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශයෙන් විශේෂ අවසරයක් ලබා ගත යුතු බව රජය නිවේදනය කරයි.

ඊයේ (15) පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසූරිය පැවසූයේ උතුරේ ක්‍රියාත්මක ඇතැම් රාජ්‍ය නොවන සංවිධානයන් හා සංචාරය සඳහා පැමිණ සිටින ඇතැම් විදෙස් සංචාරකයින් ජනතාව අතර දුර්මතයන් පැතිරවීමට උත්සාහ කරමින් සිටින බවට තොරතුරු ලැබීම නිසා මෙම පියවර ගත් බවයි.

ඒ අනුව තමන් උතුරේ සංචාරයේ යෙදීමට අපෙක්ෂා කරන ප්‍රදේශයත්,තම සංචාරයේ අරමුණත් සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යංශය දැනුම්වත් කිරීමටත් එම කරුණු සළකා බලා අමාත්‍යංශය දෙනු ලබන තීරණය පිළිගැනීමටත් විදෙස් සංචාරකයින්ට සිදුවනු ඇත.

මෙම සතිය මුල යෙදී තිබුණු ජනපතිවරයාගේ යාපනයේ තෙදින නිල සංචාරය අතරතුරදීද විදෙස් සංචාරකයින්ට උතුරට ඇතුල්වීමට ඉඩ නොදී ඕමන්තෙයි හමුදා මුරපොලෙන් ආපසු හරවා යැවීමට ආරක්ෂක අංශ කටයුතු කළහ.

තාවකාලික ආරක්ෂක පියවරක් ලෙස එසේ කටයුතු කළ බව පැවසූ හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා එසේ වුවත් ඉදිරියේදී විදේශිකයින්ට ආරක්ෂක අමාත්‍යංශයෙන් අවසර ලබා ගෙන මිස උතුරට ඇතුල්වීමට ඉඩ නොලැබෙන බව අවධාරණය කළේය.

එල්.ටී.ටී.ය නැවත නැගිටුවීමට තවමත් ඇතැම් කණ්ඩායම් උත්සාහ කරමින් සිටින බැවින් ඉදිරියටත් ආරක්ෂක විධිවිධානයන් ක්‍රියාත්මක කළ යුතුව ඇති බව ආරක්ෂක අංශ වල අදහසයි.



අදහස් (0)

නොරටුන්ට උතුරට යන්න අවසර ඕනෑ

ප්‍රනාන්දු Thursday, 16 October 2014 09:42 PM

ඉතාමත් හොඳ තීරණයක්.ලාංකික පුරවැසියෝ වන අපට කොන්ද කෙළින් තිබෙන නායකයින් තවදුරටත් බලයේ රඳවාගැනීමේ වගකීම ඇත. (නි)

:       0       0

ප්‍රසාද් Thursday, 16 October 2014 10:26 PM

රට දෙකඩවෙලා කියලා නොරටුන්ට හිතෙයිද දන්නෙ නැහැ (නි)

:       0       0

සුරංග Thursday, 16 October 2014 09:06 AM

ඔව් එන්.ජී.ඕ කියන්නේ කුදෙල්ලෝ වගේ අය. අනුන්ගේ ලේ බොන ගමන් ගරහන අට. ලංකාවෙන් එලවන්න ඕනා. ඒ අය නිසා තමයි ලංකාවේ යුද්දේ වවාගෙන කෑවේ. මේක හොඳ වැඩක් හරියට කරනවා නම් (නදී)

:       0       0

සඳුනි Thursday, 16 October 2014 09:14 AM

ගාමිණී සිරිවර්ධනගේ සහ බණ්ඩාරගේ අදහස හරි.(දිල්)

:       0       0

මාලි Thursday, 16 October 2014 12:11 PM

ඉතා හොද තීරණයක් ඒ වගේම එන් ජී ඕ තහනම් කරන්න ඕන. (ස)

:       0       0

සමන් පැරිස් Thursday, 16 October 2014 01:06 PM

ප්‍රමාද වෙලා හරි ගත්තේ හොඳ තීරණයක්. මේක කරන්න තිබ්බේ යුද්ධය ඉවර වුණ ගමන්.(හේ)

:       0       0

මහින්ද Thursday, 16 October 2014 01:20 PM

රටේ ආරක්ෂාවට ගන්නා ලද වැදගත් තීරණයක් .(හේ)

:       0       0

වසන්ත Thursday, 16 October 2014 01:20 PM

ඒකනම් හොදයි.(හේ)

:       0       0

සුමිත් Thursday, 16 October 2014 01:26 PM

ගත්ත තීරණේ හොඳයි.(හේ)

:       0       0

ඉසුරන්දි Thursday, 16 October 2014 01:38 PM

පරක්කු වෙලා හරි ගත්ත මේ තීරණය අගය කරනවා.(හේ)

:       0       0

අකිල Thursday, 16 October 2014 01:38 PM

ඉතා හොද තීරණයක් .(හේ)

:       0       0

ගාමිණී සිරිවර්දන Thursday, 16 October 2014 08:11 AM

කතාවෙත් ඇත්තක් තියෙනවා. මේ වැඩ වලට හවුල් නැති නියම සංචාරකයාද අසීරු තත්වයට පත්වෙන අතර, සංචාරක ප්‍රවර්ධනයට බාධාවක් නොවන ලෙස වගබලා ගන්නේ නම්ද මැනවි ! (නදී)

:       0       0

සම්පත් Thursday, 16 October 2014 08:34 AM

මේක හොඳ වැඩක් (නි)

:       0       0

ශ්‍රීලාල් Thursday, 16 October 2014 08:45 PM

අපි අවුරුදු ගණනාවක් ගුටිකෑවේ ඕනෑම විදේශිකයෙකුට හිස පහත්කොට උතුරට යන්න දුන් නිසයි. නමුත් අදටත් ඒදේම කරනවා. හොඳ අදහස් තියෙනවා. ක්‍රියාත්මක කිරීම තමයි උදාසීන. (නි)

:       0       0

අශෝක Thursday, 16 October 2014 08:37 AM

ලාංකිකයෝ වශයෙන් අප ඍජුව වැඩ කළයුතුයි (නි)

:       0       0

බණ්ඩාර සරත් Thursday, 16 October 2014 08:38 AM

මමත් මෙය අනුමත කරනවා. ලංකාවේ ප්‍රතිරූපය වෙනස්කර වැරදි ප්‍රතිරූප ලොවට දීමට මෙම විදේශික සමහර සංචාරකයන් සහ රාජ්‍ය නොවන විදෙස් සංවිධාන කටයුතු කරනවා. මේවට උල්පන්දම් දීමට යුරෝ වලට හෝ ඩොලර් වලට හෝ විදේශ සංචාරයක් නොමිලේ ගන්නට ලොබින් අපේම අය අතළොස්සක් ක්‍රියාකරනවා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සෞඛ්‍ය ලේකම් මහීපාලට මුහුණු පොතෙන් මඩ ප්‍රහාරයක්
2024 සැප්තැම්බර් මස 30 1645 0

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය පාලිත මහීපාල මහතාට එරෙහිව ඖෂධ මාෆියාව මුහුණු පොත ඔස්සේ දැවැන්ත මඩ ව්‍යාපාරයක් රැගෙන යන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ ස


පොත් මංගල්‍ය ළමා දිනය සමරන්න සූදානමින්
2024 සැප්තැම්බර් මස 30 271 0

කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ මෙම දිනවල පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ පස්වන දිනය වන හෙට (01) දින ජාත්‍ය


ඉන්ධන මිල දැනෙන්න අද අඩුවෙයි ?
2024 සැප්තැම්බර් මස 30 4547 1

ඉන්ධන මිල අද (30) මාධ්‍යම රාත්‍රීයේ සැළකිය යුතු ලෙස පහළ දැමීමට නියමිත බව බලශක්ති අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය.


පස් හැවිරිදි දැරිය පිළිස්සූ මව රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 30 477 0

හැන්දක් රත්කර සිය පස් හැවිරිදි දියණිය පිළිස්සු බවට සැකපිට අත්අඩංගුවට ගත් මව ඔක්තෝබර් මස 04 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහනුවර අතිරේක මහේ


නිලාවේලී මුහුදේ දියවැලකට හසු වූ දෙන්නෙක් බේරති
2024 සැප්තැම්බර් මස 30 632 0

ත්‍රිකුණාමලය නිලාවේලි මුහුදු තීරයට අයත් ඇලස්වත්ත කොටසේ දිය නාමින් සිටි තරුණයන් දෙදෙනෙකු අද (30) දහවල් දියවැලකට හසුව ගසාගෙන යද්දී වෙරළේ රාජකාරී නියුතු


නව ජනපතිගේ පළමු කැබිනට් මණ්ඩලය අද රැස් වෙයි
2024 සැප්තැම්බර් මස 30 2197 3

ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් නව කැබිනට් මණ්ඩලය පළමු වරට අද (30) පස්වරුවේ ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට න


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38256 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25200 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 257 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 852 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 301 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site