IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


නිරිත දිග චීනෙත් කොළඹත් ගුවනින් එක් වෙයි

නිරිත දිග චීනයේ චොන්ග්ක්වින් නුවර සහ කොළඹ  අතර ප්‍රථම නිත්‍ය බලපත්‍රලාභී ගුවන්  සේවාවක් හඳන්වා දෙමින්  චීන ජාතික සංචාරකයෝ 140 ක් රැගත් ප්‍රථම ගුවන් යානය අද කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙන් දිවයිනට ලඟා විය.

කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ සේද මාවතේදී  චොන්ග්ක්වින් සිට මෙරටට පැමිණි ප්‍රථම චීන ජාතික සංචාරක කණ්ඩායම මල් දම් පළඳවා ඉතා උනුසුම් අන්දමින් පිළිගනු ලැබීය.

චොන්ග්ක්වින් හූවාපොන්ට් ජාත්‍යන්තර සංචාරක සේවා සමාගමේ මෙරට එකම නියෝජිතයා වන වෝකර්ස් ටුවර්ස් සමාගම ශ්‍රී ලංකන් ගුවන් සමාගම සමග එක්ව  මෙම නව සේවාව ආරම්භ කර ඇත.

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ඒ 320 වර්ගයේ ගුවන් යානා මෙම නව සේවාව සඳහා යොදා ගැනේ.

මෙම සහයෝගීතාව සීග්‍රයෙන්   ඉහළ යන චීනය හා ශ්‍රී ලංකාව  අතර ගුවන් සේවාවන් සඳහා වන ඉල්ලුම සපුරාලීම සඳහා මනා පිටුවහලක් වන ඇතැයි ශ්‍රී ලංකන් ගුව්න සමාගමේ ප්‍රධාන විධායන නිලධාරී කපිල චන්ද්‍රෙස්න මහතා පැවසීය.

එසේම ජෝන් කීල්ස්  ව්‍යාපාර සමූහයේ ගමනාන්ත කළමනාකරණ අංශ ප්‍රධානී විධායක උප සභාපති වසන්ත ලීලාන්නද මහතා පැවසුවේ  සිවුආන් ප්‍රාන්තය ආවරණය කෙරෙන නිරත දිග චීනයේ ශ්‍රී ලංකාව ප්‍රවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකන් ගුවන් සමාගම හා චොන්ග්ක්වින් හුවාපොන්ට් ජාත්‍යන්තර සංචාරක සමාගම සමග එක්වන්නට ලැබීම ගැන සතුටු වන බව පැවසීය.

මෙම නව සේවාව චොන්ග්ක්වින් වලින් බැහැරව නව කේන්ද්‍රස්ථානයක් විවර කිරීමට අවස්ථාව උදාකර දෙන අතර මේ සඳහා ශ්‍රී ලංකන් ගුවන් සමාගම දක්වන සහයෝගය අගය කරන බවත් පැවසුවේය.

 

 

 

 

 

 



අදහස් (0)

නිරිත දිග චීනෙත් කොළඹත් ගුවනින් එක් වෙයි

ඉසුරන්දි Wednesday, 02 July 2014 10:36 AM

ගුවන් සේවා සේම රටක් සමගම අත්වැල් බැදගෙන වැඩ කලොත් අපේ රටේ සංචාරක කර්මාන්තය ඉබේම දියුණු වේවි. (දී)

:       0       0

සුරාජ් Wednesday, 02 July 2014 05:50 PM

සුභ ආරංචියක්! (නි)

:       0       0

මැණික් Tuesday, 01 July 2014 11:03 PM

හොඳ ආරම්භයක්. සුභ පැතුම්! (නි)

:       0       0

අජිත් Wednesday, 02 July 2014 11:55 AM

ලංකාව චීනය නිසා තමයි ඔලුව උස්සලා තියෙන්නේ (දී)

:       0       0

ගාමිණී - සිරි Tuesday, 01 July 2014 11:12 PM

ඔය සංචාරයේදී චීන ව්‍යාපෘතියක් වන නොරොච්චෝලේ විදුලි බලාගාරයත් දැකබලා ගත්තා නම් ලොකු දෙයක් (නි)

:       0       0

චීන්න Wednesday, 02 July 2014 12:04 PM

අපි කොන්ඩ බැදපු චීන්නු නොවේ! (දී)

:       0       0

රන්ජිත් Tuesday, 01 July 2014 11:34 PM

හොඳ ආරම්භයක්. (නි)

:       0       0

රොහාන් Tuesday, 01 July 2014 11:37 PM

ඒ320 නොනවත්වා චීනය දක්වා පියාසර කරනවාද? (නි)

:       0       0

නාරද Wednesday, 02 July 2014 12:31 PM

මමත් ඔය සමගම පිටරට ඉදන් අාව,බැලුව මොකක්ද වෙන්නේ කියල,මටත් මල් මාලයක් දාල ආයුබෝවන් කිව්වා, ඔය පේලියේම මම එලියට ගියා; (ස)

:       0       0

සන්ජු Wednesday, 02 July 2014 12:33 PM

දැක්කම ආසයි මෙහෙම එනකොට ඇයි ශ්‍රිලංකන් පාඩු කන්නේ? ඒකට හෙතුව ඕකේ ඉන්න අයම තමයි. මම දැක්කා පත්තරේ එක ගුවන් සෙවිකාවක්, එයට රට ගියාම අනික් අයට වඩා හොඳ රෑම් එකක් ඕනාලු ,කාගේ සල්ලිද ? සමහර ගුවන් සෙවිකාවෝ හිතන් ඉන්නෙ අපි එයාලගේ වැඩකාරයෝ කියල. සුදු හමක් දැක්කොත් දත් 32 ම පෙන්නගෙන, සාමාන්‍ය පෙළවත් පාස් නැති අය ඉහල පුටුවල ඉන්නකොට දවසට මේ වගේ සංචරකයො ලක්ෂයක් ආවත් වැඩක් නෑ. අපිට ඉතිං මෙවා බලලා හිත හදා ගන්න තියෙන්නේ "අනේ අපේ රටට සංචරකයෝ ආවා අපේ රටේ ලස්සන බලන්න" කියල තමයි. (ස)

:       0       0

ජයරත්න Wednesday, 02 July 2014 12:50 PM

කුසලාවති,ඒ පොතක් විතර ජංගම දුරකතනයක් නෙවෙයි සාමාන්‍ය දුරකතනයක්. ඒක කේස් එහෙක දාලා තියෙන්නේ.කේස් එක දිග ඇරියහම පොත වගේ තමයි පෙන්නේ. (දී)

:       0       0

සංජු Wednesday, 02 July 2014 01:22 PM

දැක්කම ආසයි මෙහෙම එනකොට. ඇයි ශ්‍රිලංකන් පාඩු වෙන්නේ? ඒකට හේතුව ඕකේ ඉන්න අයම තමයි. මම දැක්කා පත්තරේ එක ගුවන් සේවිකාවක් එයාට රට ගියාම අනික් අයට වඩා හොද රූම් එකක් ඕනාලු ,කාගේ සල්ලිද ? එංගලන්තේ කට්ටියක් එනකම් ඉන්න බැ කියලා කෝල් එකකින් සුද්දො ටික දාලා ගිහින් එතකොට එ් කට්ටිය හෝටලේ දාලා පහුවෙනිදා යවලා හොටෙල් එකට ගෙවන්නේ කාගේ සල්ලිද ? සමහර ගුවන් සෙවිකාවෝ හිතන් ඉන්නෙ අපි එයාලගේ වැඩකාරයෝ කියලා. සුදු හමක් දැක්කොත් දත් 32 ම පෙන්නගෙන, ඕලේවල් වත් පාස් නැති අය ඉහල පුටුවල ඉන්නකොට දවසට මෙ වගේ සංචරකයො ලක්ෂයක් ආවත් වැඩක් නැ . අපිට ඉතිං මෙවා බලලා හිත හදා ගන්න තියෙන්නේ "අනේ අපේ රටට සංචාරකයෝ ආවා අපේ රටේ ලස්සන බලන්න" කියලා (නදී)

:       0       0

ජයසිංහ Wednesday, 02 July 2014 01:50 PM

අතිරේක භාෂාවක් ලෙසට චීන භාෂාව පාසල්වල උගන්නමු .(දී)

:       0       0

සත්‍යා Wednesday, 02 July 2014 05:55 AM

මත්තලින් ආවා නම් තමයි අපිට සතුටු.... (නි)

:       0       0

කුමුදිනි වත්සලා Wednesday, 02 July 2014 02:11 PM

ඔය කහ හැට්ටේ ඇඳලා ඉන්න එක්කෙනා සමදරා ආරියදාස, කැකනදුර ගම (නදී)

:       0       0

උනම්බුව Wednesday, 02 July 2014 02:13 PM

මේ චීන්නු නොවෙයි දෙයියෝ (නදී)

:       0       0

කුසලාවති Wednesday, 02 July 2014 02:18 PM

ජයරත්න ඔයා කවුද මට උගන්නන්න? (නදී)

:       0       0

රංජන් Wednesday, 02 July 2014 02:30 PM

චීනයෙන් මීට පෙර ලංකාවට කට්ටිය ඇවිල්ලා නැද්ද (දී)

:       0       0

ජයරත්න Wednesday, 02 July 2014 02:32 PM

තරහ අවසර කුසලාවති,පොතක් ගැන කියපු නිසයි කිව්වේ....... (නදී)

:       0       0

ප්‍රවීන් Wednesday, 02 July 2014 02:48 PM

කුසලවතීගේ අධ්‍යාපන මට්ටම ගැන මට දුකයි .. ලංකාවේ මිනිස්සුන්ට හොඳ අධ්‍යාපනයක් දිය යුතුයි ..(දී)

:       0       0

කුසලාවති Wednesday, 02 July 2014 07:59 AM

සුද්දෝ වගේ නෙමෙයි, මොවුන් නම් හොඳ පාටයි. සෑහෙන සල්ලිකාරයෝ වගෙයි. බලන්නකෝ පාවිච්චි කරන ජංගම දුරකනයේ ප්‍රමාණය... පොතක් විතර ඇති (නි)

:       0       0

කසුන් Wednesday, 02 July 2014 08:01 AM

අපේ රටට චීන සංචාරකයින් ගෙන්වා ගැනීමට කැපවීමෙන් වැඩකළ අයට මෙහි ගෞරවය හිමිවිය යුතුයි (නි)

:       0       0

චන්ද්‍රා වීරසිංහ Wednesday, 02 July 2014 08:05 AM

දුවේ සත්‍යා, ඔයා තවම මේවා තේරුම්ගන්න ලාමක වැඩියි (නි)

:       0       0

සේරම් පැරිස් Wednesday, 02 July 2014 02:53 PM

තව දශයකින් චීනය ලෝකයේ ආර්ථික බලවතා මෙන්ම . යුදමය බලවතද වනවා . ඔය ඇමරිකානුවන් සහ බටහිර රටවල් පවා දෙනාටම චීනය හමුවේ දන ගසනවා . චීනය අපිට සිටීම ලොකු ආඩම්බරයක් ආසියාවේ රටක් හැටියට (දී)

:       0       0

ඩී.උපුල් Wednesday, 02 July 2014 08:06 AM

ඒ රටවලට යද්දී අපිවත් පිළිගන්නේ ඔය විදිහටමයි. (නි)

:       0       0

ජගත්චන්ද්‍ර Wednesday, 02 July 2014 03:08 PM

කුසලවති නිසා වෙනත් අය ප්‍රතිචාර දමා අකුසල් කර ගන්න එපා . එමෙන්ම කුසලාවති මැතිනියද අකුසල් වලින් වැලකි සිටින්න (දී)

:       0       0

අරෝෂ් Wednesday, 02 July 2014 08:22 AM

සුභ පැතුම්! (නි)

:       0       0

මූනසිංග Wednesday, 02 July 2014 08:28 AM

උයන්ගොඩ මහත්තයට ගොඩාක් සතුටු ඇති (දී)

:       0       0

ප්‍රියංගිකා Wednesday, 02 July 2014 08:31 AM

මට ප්‍රශ්නයක් තියෙනවා මෙතන අහන්න බැහැ (දී)

:       0       0

අකුසලවති Wednesday, 02 July 2014 03:29 PM

කුසලවති වගේ කට්ටිය නිසා තමයි ලංකාවට වැරදිලා තියෙන්නේ (දී)

:       0       0

විශාකා Wednesday, 02 July 2014 03:31 PM

ශා නියමයි නේද (දී)

:       0       0

ඉසුරු Wednesday, 02 July 2014 08:46 AM

චීන ගැහැණු ළමයි ලස්සනයි (දී)

:       0       0

ලුම්බිණි Wednesday, 02 July 2014 08:46 AM

එන කොට එන්නේ මෙහෙම තමයි. (දී)

:       0       0

තිලා Wednesday, 02 July 2014 08:54 AM

කුසලාවති වැස්සකටවත් ඉස්කෝලේ ගිය කෙනෙක් නොවෙයි වගේ (දී)

:       0       0

මොහාන් Wednesday, 02 July 2014 09:23 AM

මෙච්චර කල් නිත්‍ය බලපත්‍රලාභී ගුවන් සේවාවක් තිබ්බේ නැද්ද (දී)

:       0       0

සමන් Wednesday, 02 July 2014 09:23 AM

සංහිදියාව (දී)

:       0       0

වාසනා Wednesday, 02 July 2014 09:38 AM

වැඩේ නම් ඉතා හොදයි සංවර්ධන මාර්ග තවත් වැඩි දියුණු වෙයි (දී)

:       0       0

නානායක්කාරන් Wednesday, 02 July 2014 09:54 AM

චීන භාෂාව ඉගෙන ගන්න චෝන්කින්ග් විශ්වවිද්‍යාලයට කැලණිය විශ්වවිද්‍යාලයෙන් ශිෂ්‍යත්ව සඳහා වාර්ෂිකව ළමයි යනවා. එත් ඒ ළමයි යන්නේ කැන්ටන් ගුවන් තොටුපොල හරහා ගිහින් පැය 28ක් විතර කෝච්චියේ ගිහින්. ඒ ළමයිටත් කෙලින්ම චෝන්ග්කින්ග් වලට යන්න ටිකට් දෙනවනම් ගොඩක් වටිනවා. ඊයේ චෝන්ග්කින්ග් වලින් එනකොට චෝන්ග්කින්ග් විශ්වවිද්‍යාලේ ලංකාවේ ළමයින්ගෙන් සංස්කෘතික උත්සවයක් තිබුණා. එකේ පින්තුරත් දැම්ම නම් ගොඩක් වටිනවා. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ටී පනස් හයක් සමඟ අබාධිත සෙබළා අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 27 234 0

බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයකුවූ බාප්පා විසින් ලබා දුන් බව කියන ටී පනස් හය ගිනි අවියක් විශ්‍රාමික ආබාධිත යුද හමුදා සෙබලෙකු සතුව තිබී අත් අඩ


ජනපති සන්නද්ධ හමුදා කැඳවයි
2024 සැප්තැම්බර් මස 27 1896 0

දිවයිනේ සියලු පරිපාලන දිස්ත්‍රික්කවල මහජන සාමය පවත්වාගෙන යාම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් සන්නද්ධ හමුදා කැඳවීමේ නියෝගයක් නිකුත්


වැස්ස වැඩිවෙයි
2024 සැප්තැම්බර් මස 27 222 0

ශ්‍රී ලංකාව ආසන්න පහල වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් වර්ධනය වීම හේතුවෙන් දිවයින පුරා වැසි තත්ත්වයේ වැඩි වීමක් අද දින සිට (27) ඉදිරි දින කිහිපයේදී බලාපොරොත


දේශපාලකයන් පාසල් උත්සව වලට එපා
2024 සැප්තැම්බර් මස 27 864 0

දේශපාලනඥයන් පාසල් උත්සව සඳහා ගෙන්වීම වහාම නතර කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය අධ්‍යාපන අමාත්‍යංශ නිලධාරීන්ට උපදෙස් දුන්නාය.


ජනපතිට ලෝක බැංකුවේ සහාය
2024 සැප්තැම්බර් මස 27 1000 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ලෝක බැංකු සමූහය සිය උණුසුම් සුබ පැතුම් පිරිනමා තිබේ.


හින්දු ආගමික උත්සවයක් අතරතුරේ 46 ක් ගිලී මරුට
2024 සැප්තැම්බර් මස 27 1223 0

ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ හින්දු ආගමික උත්සවයක් අතරතුරේ ඊට සහභාගී වූ 46 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවත්, එම 46 දෙනාගෙන් 37 දෙනකු කාන්තාවන් සහ කුඩා දරුවන්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37578 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24766 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 214 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 700 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 255 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site