(විනීතා එම්. ගමගේ)
මහජන සෞඛ්‍යය පරීක්ෂකවරුන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් නිරෝධායනය වන පවුල්වල ඡන්ද අයිතිය අනතුරේ වැටෙන්නට ඉඩ ඇතැයි නිරීක්ෂණ සංවිධාන පෙන්වා දෙති.
ස්වයං නිරෝධායනය වන පවුල් පිළිබඳ සියලු තොරතුරු දන්නේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් බවත් ඒ අනුව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ගේ වර්ජනය හේතුවෙන් මෙම පවුල් පිළිබඳ තොරතුරු ලබා ගැනීම පවා ප්‍රශ්නකාරී වනු ඇතිිි බවත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයේ ජාතික සම්බන්ධීකාරක මංජුල ගජනායක මහතා ලංකාදීපයට පැවැසීය
නිරෝධායනය වන පවුල්වල සාමාජිකයන්ට ඡන්දය භාවිතා කිරීමට අවශ්‍ය පහසුකම් සැලසීමේදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සහාය නොමැතිව එම කටයුතු සිදු කළ නොහැකි බවද ගජනායක මහතා කීය
ස්වයං නිරෝධායනය වන ඡන්ද ඡන්දදායකයින්ගේ ඡන්ද අයිතිය ලබාදීම ඇතුළු කරුණු ගැන සලකා බැලීම සඳහා මේ වන විට කමිටුවක් පත් කොට ඇති අතර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු ද එම කමිටුව නියෝජනය කරන බව හෙතෙම සඳහන් කළේය.
එකී කමිටුවට මැතිවරණ නිරීක්ෂණ සංවිධාන වෙනුවෙන් තමන් සහභාගි වූ බැවින් මේ තත්ත්වය වඩාත් පැහැදිලි වූ බවද බවද ගජනායක මහතා කීය.
අදාල සියලු අංශ මැදිහත් වී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ගය අවසන් කොට ඔවුන්ට යළි රාජකාරි ආරම්භ කිරීම සඳහා අවශ්‍ය පසුබිම සකස් කළ යුතු යැයි ද ගජනායක මහතා කියා සිටියේය.
ඡායාරූපය - ගයාන් අමරසේකර (පුස්තකාල ඡායාරූපයකි)
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වෙනුවෙන් විරෝධතාවක්...
මැතිවරණ නීතිය උල්ලංඝනය කළ පළාත් පාලන මැතිවරණ අපේක්ෂකයෝ 30 දෙනෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ සිටිති.
ත්‍රිරෝද රථ රියදුරන් කුලී ගමන් යන මුවාවෙන් රැගෙන ගොස් තියුණු ආයුධ පෙන්වා , යකඩ පොලු වලින් පහරදී ත්‍රිරෝද රථ සහ රන් භාණ්ඩ කොල්ලකෑමේ යෙදුණු සංවිධානාත්මක
උසස් පෙළ විභාගයේ (2024) ප්‍රතිඵල නැවත සමීක්‍ෂණය සඳහා ලබන මැයි මස 2 වැනිදා සිට 16 වැනිදා දක්වා අයදුම් කළ හැකි බව විභාග දෙපාර්තමේන්තුව පැවසීය.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැය තුනකට ආසන්න කාලයක් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ දී ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව මීට සුළු මොහොතකට පෙර පි
අනුරාධපුර වන්දනාවේ පැමිණ බසවක්කුලම (අභය ) වැවේ දිය නාමින් සිටි පිරිසකට අකුණු සැර වැදීමෙන් පුද්ගලයන් පස් දෙනෙකු අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බ
දළදා දැක්මෙන් පසු මහනුවර නගරයට කිසිදු ආකාරයක රෝග බෝවීමේ අවදානමක් නොමැතිි බව මහනුවර නාගරික ප්‍රධාන වෛද්‍ය නිලධාරී වෛද්‍ය පසන් පැරකුම් ජයසිංහ මහතා කිය
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
නිරෝධායනය වන පවුල්වල ඡන්ද අයිතිය අනතුරේ
LIYANAGE Saturday, 25 July 2020 12:18 PM
COVID -19 වෛරසයේ පළමු රැල්ල අවසාන වීමට පෙර දෙවන රැල්ල මේ වනවිට පටන්ගෙන ඇත. ලෝකයේ දියුණු රටවල PCR පරීක්ෂණ දහස් ගණනක් දිනපතා කරනු ලැබේ. අමෙරිකාව, ඕස්ට්‍රේලියාව සහ යුරොපයේ සහ වෙනත් රටවල තරුණ ප්‍රජාවට COVID -19 පැතිරයාමේ විශාල වැඩිවීමක් දක්නට ඇත.
Rata Perata Saturday, 25 July 2020 12:38 PM
මෙය මූලික අයිතිවාසිකම් කඩකිරීමක් වියහැකියි.