IMG-LOGO

2024 ඔක්තෝබර් මස 14 වන සඳුදා


නිරූපණයට ලස්සන විතරක් නෙවෙයි හැකියාවත් තියෙන්න ඕන

2017-01-11-ent-53

ක්‍ෂේත්‍රයට නවකයෙකු වුවද ඇයව බොහෝදෙනා මේ වනවිට හඳුනන චරිතයක් බවට පත්ව තිබේ. ඒ ලාඕජී වෙළෙඳ දැන්වීම ඔස්සේය. "සෙල්ෆි" සහ "උරුමක්කාරයෝ" ටෙලිනාට්‍යවලින් රසික ආදරය දිනාගත් ඇය සචිනි රුවන්තිකාය. මේ "අද" තරුකතා අතරට ඇය එකතු වූ මොහොතකි.

 

මේ දවස්වල කාර්යබහුලද?

2017-01-11-ent-57එච්චරම කාර්යබහුල නැහැ. එක ටෙලිනාට්‍යයක රූගත කිරීම් කරනවා. ඊට අමතරව වෙළෙඳ දැන්වීම් කිහිපයක් කළා.

 

ක්‍ෂේත්‍රයට පිවිසීම?

මම නිරූපණ කටයුතුවලින් තමයි ඉස්සර වෙලාම ක්‍ෂේත්‍රයට ආවේ. මම මුලින්ම "Models Magazine" එකකට PhotoShoot එකක් කළා. වෙළෙඳ දැන්වීම් සඳහා සම්බන්ධ වුණා. එතැනින් තමයි ක්‍ෂේත්‍රයට පිවිසුණේ.

 

නිරූපණය අතෑරලා රංගනයට පිවිසිලාද?

නිරූපණය නවත්වලා නැහැ. මම "ලාඕජී" වෙළෙඳ දැන්වීමෙන් පසු තමයි රංගනයට එකතු වුණේ.

 

එය ඔබේ පළමු වෙළෙඳ දැන්වීමද?

නැහැ. ඊට කලින් ඉඳන්. ඒ කියන්නෙ පොඩි කාලේ ඉඳන් වෙළෙඳ දැන්වීම්වලට දායක වුණා. මුලින්ම කොමර්ෂල් බැංකුවේ දැන්වීමකට තමයි දායක වුණා.

 

රංගනය පැත්තෙන් වැඩකටයුතු?

මම රංගනයෙන් මුලින්ම දායකත්වය දුන්නෙ ශිවගුරුනාදන් සර්ගෙ "අඟුරු සිත්තම්" නාට්‍යයට. එතුමාගේ නාට්‍යයකින් මම රංගනයට පිවිසීම ගැන මම ගොඩක් සතුටු වෙනවා. ඊට අමතරව "සෙල්ෆි" කියලා නාට්‍යයක් කළා. මම අනිත්මට දායක වුණේ හිරු ටීවී එකේ %උරුමක්කාරයෝ^ ටෙලිනාට්‍යයට. ඉන් පස්සෙ අලුත් නාට්‍යයකට ආරාධනා ලැබුණා. මේ දවස්වල ඒ සඳහා රූගත කිරීම් කරනවා. එය ඉදිරියේදී විකාශනය වෙයි.

 

ක්‍ෂේත්‍රයට පිවිසීමට ගෙදරින් ලැබුණු සහයෝගය කොහොමද?

මුලදිනම් තාත්තා අකමැති වුණා. නමුත් මගෙ ආසාව තිබුණෙ මේ ක්‍ෂේත්‍රයට නිසාත්, තෝරාබේරා ගෙන වැඩකටයුතු බාරගැනීම කරන නිසාත් තාත්තාගෙන් කැමැත්ත ලැබුණා.

 

නිරූපණයට මූලිකව බලපාන කාරණය තමයි ලස්සන කියන දේ. ඒ දේ නැතිව අද කාලයේ මේ ක්‍ෂේත්‍රයේ නියැළෙන්න පුළුවන්ද?

නිරූණයට ලස්සන විතරක් නෙවෙයි හැකියාවත් ඕනෙ. ලස්සන විතරක් තියෙද්දි ගමනක් යන්න බැහැ. විශේෂයෙන් පෞරුෂත්වය සහ දක්ෂකමත් බලපානවා.

 

ඔබ රංගන පිළිබඳ හැදෑරීමක් කරලා තියෙනවාද?

රංගන පිළිබඳ මම රවීන්ද්‍ර විජේරත්න මහතා යටතේ හැදෑරීමක් කළා. ඒ ඩිප්ලෝමාව දැන් අවසන්.

 

අද නවකයන් බොහොමයක් ක්‍ෂේත්‍රයට එනවා. නමුත් ඔවුන් සෑමදෙනාටම ක්‍ෂේත්‍රය තුළ පැවැත්මක් නැහැ. ඔබත් නවකයෙක් විදියට ක්‍ෂේත්‍ර‘යේ රැඳී ඉන්න කළයුතුදේ විදියට ඔබ දක්වන අදහස?

ක්‍ෂේත්‍ර‘යේ රැඳී ඉන්න නම් ජනප්‍රියත්වය පස්සේ දුවන්නෙ නැතිව තමන්ට පුළුවන් හොඳ නිර්මාණවලට, ක්‍ෂේත්‍රය පිළිබඳ හැදෑරීමක් කරලා හෙමින් ගමනක් ගියොත් පැවැත්මක් තියෙනවා.

 

සචිනි කියන්නෙ ජනප්‍රියත්වය පස්සෙ දුවන කෙනෙක් නෙවෙයිද?

නැහැ. මම ජනප්‍රියත්වය පස්සෙ යන්නෙ නැහැ. එහෙම ගියොත් අපි ක්‍ෂේත්‍රය තුළ ඉන්න කාලය කෙටියි කියලා මට හැඟෙනවා.

 

නිර්මාණ සඳහා දායක වීමේදී ඔබත් යම්කිසි රාමුවක් තුළ කොටුවෙලාද?

මම කැමතියි විවිධ චරිත කරන්න. හැබැයි විවිධ චරිත කරද්දි මම තෝරලා, බේරලා තමයි කරන්නෙ. ගෙදර අයගෙත් කැමැත්ත ඇතුව, හොඳ මට ගැළපෙන නිර්මාණ තියෙනවානම් විතරයි මම දායක වෙන්නෙ.

 

වෘත්තිය වශයෙන් තෝරාගන්නෙ රංගනයද? වෙනත් ක්‍ෂේත්‍රයක්ද?

වෘත්තිය වශයෙන් රංගනය කරන්න බලාපොරොත්තුවක් නැහැ. මම කොහොමත් වෙළෙඳ දැන්වීම් සඳහා දායක වෙනවා.

 

නිරූපණයද ඔබේ වෘත්තීය?

නැහැ. එයත් මම වෘත්තීය වශයෙන් කරන්නෙ නැහැ. මම ඉගෙන ගනිමින් තමයි ඉන්නෙ. අනාගතයේදී ව්‍යාපාරික කටයුත්තක් කරන්න බලාපොරොත්තුව තියෙනවා.

 

ක්‍ෂේත්‍රයට පැමිණීමට ගෙදරින් අවසරය නොලැබුණානම් ඔබ අද කුමන ක්‍ෂේත්‍රයක හිඳීවිද?

නර්තනය පැත්තෙන් ඉදිරියට යන්න ඉඩතිබුණා. මොකද පොඩි කාලේ ඉඳන්ම මම චන්න උපුලි රංග ආයතනයේ නර්තනය හැදෑරුවා. තවමත් මම නර්තනය අතෑරලා නැහැ. එහෙමත් නැතිනම් මගෙ තාත්තත් ලංකාවේ නැති නිසා මම විදේශගත වෙන්න ඉඩ තිබුණා.

 

ඔබ දැන් සිටින ස්ථානය ගැන ඔබ තෘප්තිමත්ද?

තවම මම ක්‍ෂේත්‍රයට ඇවිත් වැඩි කාලයක් නැහැ. තවම අවුරුදු එකහමාරක් විතර තමයි වෙන්නෙ. මට ගොඩක් හොඳ නිර්මාණවලට දායක වෙන්න ලැබුණා මේ ටික කාලෙට. ඉතිං මම තෘප්තිමත් මම මේ ඉන්න තත්ත්වය ගැන.

 

ඔබගේ ඉදිරි වැඩකටයුතු සහ බලාපොරොත්තු මොනවාද?

දැනට එක නාට්‍යයක රූගත කිරීම් කරනවා. ඒ වගේම තව වෙළෙඳ දැන්වීම් ලැබිලා තියෙනවා. ඒ වගේම මට ගැළපෙන හොඳ නිර්මාණ ලැබුණොත් අනිවාර්යෙන්ම දායක වෙනවා.

 

මතක් කළ යුතු පිරිසක් ඉන්නවාද?

මගේ අම්මාව, තාත්තාව අනිවාර්යයෙන්ම මතක් කළ යුතුයි. චාමර සමරවික්‍රම මහතා, ඔහු මාව මුලින්ම නාට්‍යයක් සඳහා තෝරාගත්තා. නිරූපණ ක්‍ෂේත්‍රයට පැමිණෙන්න මට අතහිත දුන්න හැමෝවම මතක් කළ යුතුයි. ඒ හැමදෙනාටම ස්තූතියි.

 

ඩිලාන් ක්‍රිෂාන්ත/ඡායාරූප - කවීත් මිලින්ද

 

2017-01-11-ent-56
2017-01-11-ent-55
2017-01-11-ent-54
2017-01-11-ent-52
2017-01-11-ent-51
2017-01-11-ent-49
2017-01-11-ent-50
2017-01-11-ent-48



අදහස් (0)

නිරූපණයට ලස්සන විතරක් නෙවෙයි හැකියාවත් තියෙන්න ඕන

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අදත් මිලි මිටර් 100 ඉක්ම වූ තද වැසි
2024 ඔක්තෝබර් මස 14 208 0

දිවයින ආශ්‍රිත වායු ගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දැනට පවතින වැසි තත්වය තවදුරටත් බලාතොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ඕනෑම තත්වයකට මුහුණ දෙන්න නාවික - ගුවන් සූදානමින්
2024 ඔක්තෝබර් මස 13 1892 0

කඩුවෙල, බියගම, ඉහළගම සහ ජා ඇල යන ප්‍රදේශ ආශ්‍රිතව ගංවතුරට අසුව පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සදහා ආපදා සහන කණ්ඩායමක් 8 ක් ස්ථාපිත කර ඇති බව නාවික හමුදාව පව


මැතිවරණ වියදම් කියන්න 8ක් කර ඇරලා
2024 ඔක්තෝබර් මස 13 3514 0

මැතිවරණ වියදම් වාර්තා බාරදී ඇත්තේ ජනාධිපති අපේක්ෂකයන් 38 දෙනාගෙන් 30 දෙනකු පමණක් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


ගංවතුරට කොටුවූ 50කට යුද හමුදා පිහිට
2024 ඔක්තෝබර් මස 13 568 0

නොකඩවා ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් කොටුගොඩ ගුරුගේවත්ත ප්‍රදේශය ගංවතුරින් යටවීමෙන් අව තැන් වී සිටි පනහකට ආසන්න පිරිසක් ඉන් මුදා ගෙන ආරක්ෂිත ස්


අගුලේ පිහිටෙන් මනාලිය නිවෙසට
2024 ඔක්තෝබර් මස 13 1595 0

දින කීපයක් තිස්සේ පවතින අධික වර්ෂා හේතුවෙන් කුඩා ගඟ පිටාර ගැලීමෙන් කළුතර මාර්ග අවහිර හේතුවෙන් සද්දන්ගොඩ තරුණයකු තම සහකාරිය අගුලක ආධාරයෙන් නිවෙස කැඳ


කටුකුරුන්දේ අනතුරු දිවි නසා ගැනීමක්
2024 ඔක්තෝබර් මස 13 11003 0

කටුකුරුන්ද දුම්රිය ස්ථානයේදී දුම්රියේ ගැටී මියගිය තිදෙනා ගෙන් එක් අයකු සිය සිගිති පුතා රැගෙන දුම්රියට පැන දිවි නසා ගැනීමට තැත්කර ඇති බවත් අනෙක් පුද්


වැඩි දෙනා කියවූ පුවත්






මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 351 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 433 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1378 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site