IMG-LOGO

2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා


නිරූපණය පිළිබඳව සමාජය තුළ තියෙන්නේ වැරදි මතයක්

2016-11-20-ent-36

තවමත් අධ්‍යාපනය ලබමින් සිටින ඇය නිරූපණ ක්ෂේත්‍රයට එක්වී ඉතාමත් කෙටි කාලයක් තුළ වෙළෙඳ දැන්වීම් සඳහාද දායක වීමට අවස්ථාව උදාකර ගත්තාය. ඇය නමින් චලනි නිසංසලා වන අතර, විලාසිතා ක්ෂේත්‍රය තුළ තමන්ගේම වෙළෙඳ නාමයක් ප්‍රචලිත කිරීම ඇගේ සිහිනයයි. මේ ඇය "අද" සමග කරනු ලැබූ කතාබහයි.

 

මුලින්ම ඔබව හඳුන්වා දුන්නොත්?

2016-11-20-ent-41මගේ නම චලනි නිසංසලා. මගේ ගම මැල්සිරිපුර. දැනට පදිංචි වෙලා ඉන්න තලවතුගොඩ.

 

ඉගෙන ගන්නවාද? රැකියාවක් කරනවාද?

තාම ඉගෙන ගන්නවා.

 

එතකොට නිරූපණය කරන්නේ?

ඇත්තටම විලාසිතාවලට තියෙන කැමැත්ත තමයි මං නිරූපණයට එන්න ප්‍රධානම හේතුව වෙන්නේ. අධ්‍යාපන කටයුතු සමග සමබරව නිරූපණ කටයුතු වල නියැළෙනවා.

 

අධ්‍යාපනයේ යෙදෙන ගමන් නිරූපණය කරන්න ගෙදරින් අවස්ථාව ලබාදුන්නාද?

ඇත්තටම ඔව්. ගෙදර අයගෙන් සහයෝගය ලැබෙනවා. තාත්තා තමයි මගේ ලොකුම හයිය. මොකද එයා කියන්නේ කරන ඕනෑම දෙයක් හරි විදිහට නරක පාරේ යන්නේ නැතුව කරන්න කියලයි. තාත්තා තමයි මට හරි වැරදි පාරවල් කියලා දෙන්නේ. මුලදිනම් අම්මත් අකමැති වුණා. දැන්නම් ප්‍රශ්නයක් නැහැ.

 

නරක පාර කියලා ඔයා අදහස් කරන්නේ මොකක්ද? නිරූපණය තුළ නරක පාරක් තියෙනවාද?

නිරූපණය පිළිබඳව සමාජය තුළ තියෙන්නේ වැරදි මතයක්. බොහෝ පුද්ගලයන් නිරූපණය කරන තරුණියන් දිහා බලන්නේ වැරදි කෝණයකින්. ඒ හේතුව නිසාම අමුතු මානසිකත්වයක් තියෙන මිනිස්සු ඒ තුළින් වැරදි ප්‍රයෝජන ලබාගන්න උත්සාහ කරනවා. හරි වැරිදි දේ තෝරා බේරගෙන වැඩකටයුතු කරන එක තමන් සතු දෙයක්. හැමදේම සිදුවෙන්නේ තනි පුද්ගලයෙකුගේ තීරණයක් මත. ඒක ක්ෂේත්‍රයේ වැරැද්ද නෙමෙයි. නමුත් ක්ෂේත්‍රයේ නමයි කැත වෙන්නේ.

 

නිරූපණය සහ නිරූපණය ක්ෂේත්‍රය පිළිබඳව අවබෝධයක් තියෙනවාද?

මං නිරූපණයට එකතු වෙන්නෙ 2016 අයිටීඑන් අවුරුදු කුමරිය තරගයේ අවසාන 15දෙනාට තේරීමත් සමගය. එතනදි තමයි මම පළවෙනියෙන්ම නිරූපණය පිළිබඳව හදාරන්නේ. ඒ පූර්ණිමා මුහන්දිරම් මිස්ගෙන්. ඉන්පසුව නිලූ සේනානායක මිස්ගෙන් (හිටපු ආසියානු විවාහක රූ රැජින) හා අර්ජුන සේනානායක සර්ගෙන් නිරූපණය පිළිබඳව හැදෑරීමක් ලැබුවා. ඕනෑම ක්ෂේත්‍රයක් පිළිබඳව අවබෝධයක්, ඉගෙනීමක් නැතුව පටන්ගන්න දේවල් ඉක්මනින් අවසන් වෙනවා කියල මම විශ්වාස කරනවා. ඒ නිසා නිරූපණය පිළිබඳව මං හදාරනවා. ක්ෂේත්‍රය පිළිබඳවත් ඇත්තටම මම හොඳ අවබෝධයකින් තමයි වැඩ කරන්නේ. ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් පිළිබඳව වගේම ක්ෂේත්‍රයේ අලුත් වැඩකටයුතු පිළිබඳවත් සොයා බලනවා.

 

නිරූපණයෙන් දායක වූ වැඩ තිබෙනවාද?

ඔව්, මම ක්ෂේත්‍රයට තාම අලුත්. මම අලුතින් වෙළෙඳ දැන්වීමක් දෙකක් සඳහා දායක වුණා. ඒ දෙක එළිදක්වන්න තියෙනවා. ඒ වගේම ෆැෂන් ෂෝ, බ්‍රයිඩ්ල් ෂෝ, ෆොටෝ ෂූට් කරලා තියෙනවා. තව බාරගත්ත වැඩ කිහිපයකුත් ඉදිරියේදී කරන්න බලාපොරොත්තු වෙනවා.

 

වෘත්තීය වශයෙන් ඉගෙනීම පැත්තෙන් ඉදිරියට යන්නද හිතන්නේ? නැත්නම් නිරූපණය පැත්තෙන්ද?

ඇත්තටම මගේ අරමුණ වෙන්නේ ඉගෙනීම අවසානයේ විලාසිතා නිර්මාණය ක්ෂේත්‍රයේ මගේම වෙළඳ නාමයක් හදාගන්නයි. ඉතිං මගේ ක්ෂේත්‍ර දෙකම එකිනෙකට සම්බන්ධ නිසා සමබරව ක්ෂේත්‍ර දෙකේම කටයුතු කරගෙන යාමට බලාපොරොත්තු වෙනවා. නමුත් ඇත්තටම මූලිකත්වය දෙන්නේ මගේ විලාසිතා නිර්මාණකරණ ක්ෂේත්‍රය පැත්තටයි.

 

ඉදිරි බලාපොරොත්තු ගැන කිව්වොත්?

ඉදිරියේදී නිරූපණ ක්ෂේත්‍රයෙන් ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා. නමුත් හෙමින් හෙමින්. හදිස්සියේ දුවලා හති වැටෙන්න ආස නැහැ මං. ඒ වගේම විලාසිතා නිර්මාණකරණ ක්ෂේත්‍රය තුළ මගේම වෙළෙඳ නාමයක් වන "loretho" හැමෝම කැමති වෙළෙඳ නාමයක් බවට පත්කරන්න බලාපොරොත්තු වෙනවා. තාම අධ්‍යාපන කටයුතු කරගෙන යන නිසා ඒ සම්බන්ධ කටයුතු තව අවුරුද්දක් විතර පහුවෙයි. අනාගතයේදී රංගන ක්ෂේත්‍රයටත් එක්වීමට බලාපොරොත්තුවක් තියෙනවා. ඒ දේත් දැන්ම නෙමෙයි

 

කවුරු හරි මතක් කරන්න පිරිසක් ඉන්නවාද?

මගේ තාත්තයි, අම්මයි. දුක් මහන්සිවෙලා අද මට මගේම දෙයක් කරගන්න පුළුවන් තැනට ගෙනාවේ ඒ දෙන්නා. මගේ ආච්චි, මගේ නෑදෑයෝ, මගේ යාළුවෝ හැමෝමත් මේ වෙලාවේ මතක් කරන්න ඕන. ඒ වගේම මගේ හොඳම යෙහෙළිය හැමදේකදිම මාත් එක්ක හිටියා. එයාගෙ නම ගයානි. පූර්ණි මිස්, නිලූ මිස් හා අර්ජුන සර් ඇතුළු මගේ ගුරුවරු, ජයම්පති සර්, නලීන් සර්, නම් කියපු නොකියපු හැමෝම මං මේ වෙලාවේ ගොඩක් ආදරෙන් මතක් කරනවා.

 

ඩිලාන් ක්‍රිෂාන්ත / ඡායාරූප - කවීත් මිලින්ද

 

2016-11-20-ent-42
2016-11-20-ent-40
2016-11-20-ent-39
2016-11-20-ent-38
2016-11-20-ent-37
 



අදහස් (0)

නිරූපණය පිළිබඳව සමාජය තුළ තියෙන්නේ වැරදි මතයක්

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 1512 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


ගම්පහට මහ ගංවතුර තත්වයක්
2024 ඔක්තෝබර් මස 11 155 0

දින කිහිපයක සිට පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම මහ ගංවතුර මට්ටමකට පත්ව ඇති බව ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ


පුත්තලමට අපේක්ෂයන් 429ක්
2024 ඔක්තෝබර් මස 11 52 0

පුත්තලම දිස්ත්‍රික්කයෙන් මෙවර පිළිගත් දේශපාලන පක්ෂ 24 ක් හා ස්වාධීන කණ්ඩායම් 15 ක අපේක්ෂකයන් 429 දෙනෙක් තරග බිමට එක්ව සිටිති.


මාතලේට 24ක් තරඟ බිමට
2024 ඔක්තෝබර් මස 11 113 0

මෙවර මහ මැතිවරණය සදහා මාතලේ දිස්ත්‍රික්කයෙන් පිළිගත් දේශපාලන පක්ෂ 17ක් සහ ස්වාධීන කණ්ඩායම් 07ක් සමග නාම යෝජනා පත්‍ර 24ක් ලැබුණූ බවත් ඉන් එක් පිළිගත් දේශප


නුවරඑළියට 308ක් තරඟ බිමට
2024 ඔක්තෝබර් මස 11 63 0

2024 මහ මැතිවරණය සදහා පිලිගත් දේශපාලන පක්ෂ 20 කින් සහ ස්වාධින කණ්ඩායම් 15 කින් නාම යෝජනා පත්‍ර ඉදිරිපත් කළ බව නුවරඑලිය දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරි නන්දන


වන්නියට කණ්ඩායම් 47ක්
2024 ඔක්තෝබර් මස 11 50 0

වන්නි මැතිවරණ කොට්ඨාසය සඳහා පිළිගත් පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් 47 තරඟ කිරීම සඳහා සුදුසුකම් ලබා අ‍ැතැයි වන්නි මැතිවරණ කොට්ඨාස තේරීම්භාර නිළධාරි පි.ඒ.සරත්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39978 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25935 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 217 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 402 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1296 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site