IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


නිරූපණය හදාරන්නට මගපෙන්විමට නිසි ගුරුවරු ඇත්තේ අතලොස්සයි

2016-10-17-ent-46

නවක නිරූපිකාවක වන හිරෝෂිණි ගුණසේකර, නිරූපණය පිළිබඳ හදාරමින් නිරූපණ ක්‍ෂේත්‍රයේ දිගු ගමනක් යෑමට සැරසෙන්නිය. ඒ පිළිබඳව ඇගේ අත්දැකීම් අප හා බෙදාහදාගැනීමට ‘සාරවිට’ සමගින් මෙලෙසින් සම්බන්ධ විය.

 

ඔබේ නම කිව්වොත්?

2016-10-17-ent-50නම හිරෝෂනි රසාංගි සමරසිංහ ගුණසේකර. ඒ නම දිග වැඩිනිසා හිරෝෂිනි ගුණසේකර කියලා භාවිත කරනවා.

 

රැකියාවක් කරනවාද?

කළා. ඒත් දැන් නිරූපිකාවක් විදිහට කටයුතු කරනවා.

 

දැන් රැකියාව නිරූපණයද?

නිරූපණය රැකියාව කරගන්නවා කියලා අදහසක් නැහැ. මගේ කැමැත්ත එයාර් හොස්ටර් කෙනෙක් වෙන්න.

 

නිරූපණය කරන්න පටන් ගත්තේ කොයි කාලේද?

හරියටම පටන් ගත්තේ මේ ජනවාරි මාසයේ.

 

මොකද හිතෙන්නේ නිරූපණය ගැන?

හිතෙන හැමදේම කියන්න ගියොත් ඉවර වෙන එකක් නැහැ. මගේ අදහස නම් අපේ රටේ නිරූපණයට නිසි වටිනාකමක් තාමත් ලැබිලා නැහැ.

 

ඇයි එහෙම කියන්නේ හේතුව මොකක්ද?

එහෙම කියන්න හේතු විදිහට ගත්තොත් විශේෂයෙන් මෝස්තර නිරූපණය සඳහා පුළුල් මාවතක් විවර වෙලා නැහැ කියල මට හිතෙනව. ඒ වගේම නිරූපණය හදාරන්න කැමති අයට මගපෙන්වීමට ඉන්න නිසිපරිදි දැනුමක් ඇති ගුරුවරුන් අතළොස්සක් තමයි ඉන්නේ. ඔවුන්ට වුණත් අපේ රටේ ලොකු දෙයක් කරන්න හැකියාවක් නැහැ. මොකද අපේ රටේ දෙයක් කරන කෙනෙක්ට උදව් කරන අයට වඩා ඔවුන්ව අවහිර කරන අය තමයි වැඩිපුර ඉන්නේ. ඉතින් කොහොමද තනි පුද්ගලයෙක් දෙයක් කරන්නේ. ඕනෑම දේකට අන්‍යයන්ගේ සහයෝගයක් අවශ්‍යයි. හැමෝම එකතුවෙන් ස්ථාවර තත්ත්වයක් ගොඩ නගනවනම් නිරූපණයෙන් ඉදිරියක් දකින අයට අමතර රැකියාවක් අවශ්‍ය වෙන එකක් නැහැ කියල හිතෙනව.

 

එයාර් හෝසටර් කෙනෙක් වීමට සූදානම් වෙනවාද?

විශේෂ සූදානමක් නැහැ. වරක් උත්සාහ කළා. කාලයක් පුරා හිතේ තිබුණ අසාවක් නිසා අවස්ථාවක් ලැබුණොත් දෙපාරක් හිතන්නේ නැහැ.

 

ඉදිරි බලාපොරොත්තු?

තවමත් මම නවක නිරූපිකාවක්. මෙරට නැත්නම් විදේශ ගතවෙලා හරි තවත් නිරූපණය හදාරන්න කැමැත්තක් තිබෙනවා. ඒ වගේම සිනමාව පැත්තෙන් කලා ක්ෂේත්‍රයට පිවිසෙන්න බලාපොරොත්තුවක් තිබෙනවා. හැමදෙයකම ඉගෙනගන්න වෙනස් අත්දැකීම් ලබන්න කැමති කෙනෙක් මං. මට හැකියාව තියෙන හැමදෙයක්ම ටික ටික හරි කරන්න කැමතියි මැරෙන්න කලින්.

 

කවුරු හරි මතක් කරන්න පිරිසක් ඉන්නවාද ඔයාට අත හිත දුන් අය?

ඔව්. මගේ පවුලේ අය. යහළුවන්. ගුරුවරුන්. විශේෂයෙන් ස්තූතිවන්ත වෙනවා මූලික මගපෙන්වීම ලබාදුන් Brian kerkoven මගේ ගුරුතුමාට. fb එකේ මගේ යහළුවන්ට හා වචනෙකින් හරි මාව දිරිමත් කළ සියලු දෙනාට.

 

ඩිලාන් ක්‍රිෂාන්ත

 

2016-10-17-ent-49
2016-10-17-ent-48
2016-10-17-ent-47



අදහස් (0)

නිරූපණය හදාරන්නට මගපෙන්විමට නිසි ගුරුවරු ඇත්තේ අතලොස්සයි

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හරිනිගේ - විජිතගේ මුද්දර සිහිවටන තිළිණ පමණයි
2024 ඔක්තෝබර් මස 10 1 0

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවියට සහ අමාත්‍ය විජිත හේරත් මහතාට තැපැල් දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරන ලද්දේ ඔවුන්ගේ රුව සහිත සිහිවටන තිලිණයක් පමණක


සටන් විරාමයකට හිස්බුල්ලා කැමතියි
2024 ඔක්තෝබර් මස 10 49 0

ලෙබනනයේ සටන් විරාමයකට, තමන් කැමැත්ත පළ කරන බව එරට ක්‍රියාත්මක හිස්බුල්ලා සංවිධානය පවසයි. විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් හිස්බුල්ලා සංවිධානයේ නියෝජ්‍ය


දිස්ත්‍රික්ක තුනකට නාය යාමේ අනතුරු ඇඟවීම්
2024 ඔක්තෝබර් මස 10 84 0

දිවයිනේ ඇතැම් ප්‍රදේශවල පවතින අධික වැසි තත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක තුනකට නිකුත් කර ඇති නාය යෑමේ අනතුරු ඇඟවිමේ නිවේදනය අද (10) පස්වරුව දක්වා බල පැවැත්


වැඩබලන අගවිනිසුරු දිවුරුම් දෙයි
2024 ඔක්තෝබර් මස 10 1853 0

වැඩබලන අගවිනිසුරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මූර්දු නිරූපා බිදුශිනී ප්‍රනාන්දු මහත්මිය අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර ද


සයිබීරියාවට පනින්න ගිය බංගලදේශ ජාතිකයන් 08 ක් අල්ලයි
2024 ඔක්තෝබර් මස 10 498 0

කූඨ ලෙස සකස් කර සර්බියානු වීසා බලපත්‍ර භාවිතා කරමින් කටාර් රාජ්‍යයේ දෝහා නුවර ඔස්සේ සර්බියාව වෙත පළා යාමට තැත් කළ බංගලදේශ ජාතිකයන් 08 දෙනෙකු අද(10 ) උදෑසන


තැපැල් ජන්ද අයදුම්පත් භාර ගැනීම අදින් අවසන්
2024 ඔක්තෝබර් මස 10 85 0

මහමැතිවරණයේ තැපැල් ජන්ද අයදුම්පත් භාර ගැනීම අද (10) මධ්‍යම රාත්‍රී 12 න් අවසන් වන බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39702 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25813 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 8 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 372 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1230 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site