අරුණී ලක්ෂානි යනු නිරූපණයට නවකයකි. මෙම වර්ෂයේ නිරූපණයට පැමිණි ඇය "සාරවිට" සමග එක්වූ මොහොතකි මේ.
ඔයා ගැන කෙටි හැඳින්වීමක් කළොත්?
මම අරුණී ලක්ෂානි. මගේ ගම හික්කඩුව. මම දැනට පෞද්ගලික රෝහලක හෙදියක් විදිහට සේවය කරනවා.
නිරූපණයට එකතු වෙන්නේ මොන කාලේද?
මම මේ ක්ෂේත්රයට ආවේ 2016 ස්වර්ණ කුමරිය තරගයට ඉදිරිපත් වීමෙන් පසුවයි.
දැනට දායක වෙලා තියෙන වැඩ මොනවාද?
දැනට ගීත රූප රචනා දෙකක රූගත කිරීම් අවසන්. ඉදිරියට නිරූපණ කටයුතු සඳහා යොමු වෙන්නේ බලාපොරොත්තු වෙනවා.
මොකද නිරූපණය ගැන හිතෙන්නේ?
නිරූපණ ක්ෂේත්රයට ඇත්තටම සුන්දර කලාවක්.
ගොඩක් අය මේ ක්ෂේත්රය දිහා බලන්නෙ වෙනත් විදිහකට නේද?
ඔව්, ඒක එක එක්කෙනාගේ දෘෂ්ටි කෝණය වෙනස්නෙ.
පොඩි කාලේ හීනයක්ද නිරූපණය කියන දේ?
එහෙම නැහැ. නමුත්, ස්වර්ණ කුමරිය තරගයට සම්බන්ධ වෙනවාත් එක්ක ඒ ක්ෂේත්රයට මට යොමු වෙන්න ආසාවක් ආවා.
නිරූපණය කරනවාට අම්මා තාත්තාගෙන් ප්‍රශ්නයක් නැද්ද?
මුල් අවධියේ නම් අකමැත්තක් දැක්වුවා. ඒත් දැන් හැමදේකටම මට සහයෝගයක් ලබා දෙනවා.
දෙමාපියන්ට මේ ක්ෂේත්රය පිළිබඳව අවබෝධයක් තියෙනවාද?
මම මේ ක්ෂේත්රයට සම්බන්ධ වෙන්න කලින් ඒ ගැන අවබෝධයක් මගේ දෙමවුපියන්ට තිබුණේ නැහැ. නමුත් මම දැන් මේ ක්ෂේත්රයේ ඉන්න නිසා යම්තාක් දුරට ඒ ගැන දැනීමක් තියෙනවා.
ක්ෂේත්රයට එන්න උදව් කරපු පිරිසක් ඇතිනේද?
අම්ම තමයි මගේ ළඟින්ම සෙවණැල්ලක් වගේ හිටියේ. ඒ වගේම මගේ පවුලේ අය, මගේ යාළුවෝ, විශේෂයෙන් මතක් කරන්න ඕනේ %රූප රචනා අධ්‍යක්ෂක චතුර රත්නායක අයියා. ඊට අමතරව මට උදව් කරපු නම් නොකිව්ව ගොඩක් පිරිසක් ඉන්නවා. ඔවුන්ව මේ වෙලාවෙදි කෘතවේදීව මතක් කරන සිටිනවා.
ඩිලාන් ක්‍රිෂාන්ත / ඡායාරූප - කවීත් මිලින්ද
විදේශයන්හි රැකියා කරන රට විරුවන්ට විද්‍යුත් වාහන බලපත්‍ර ගෙන්වීමට අවසර දීමේදී සිදුවී ඇතැයි කියන රුපියල් කෝටි ගණනක දූෂණ වංචා සහ ආක්‍රමිකතා රැසක් පිළ
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
නව ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් පසුව සාම්ප්‍රදායානුකුලව ආරක්ෂක ප්‍රධානීහු සේනාධිනායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති කාර්යාලයේ දී හමු වූ
රජයේ සංස්ථා මණ්ඩල අධිකාරි යනාදී ව්‍යවස්ථාපිත ආයතනවල සභාපතිවරුන් සහ අධ්‍යක්ෂවරුන්ට එම තනතුරුවලින් ඉවත් වන ලෙස රජය දැනුම්දී ඇතැයි වාර්තාවේ.
මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් ඉවත්වන ලෙස එහි පදිංචිව සිටින මන්ත්‍රීවරුන් 108 දෙනාට ලිඛිතව දැනුම් දී ඇත.
ලේකම්වරුන්ගේ ගැටලු ඇති දේශපාලන පක්ෂ පහකට මෙවර මහ මැතිවරණයට තරග කිරීම සඳහා අවසර නොදීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
නිරූපණ ක්ෂේත්රයට ඇත්තටම සුන්දර කලාවක්