රූපලාවණ්‍ය ශිල්පිනියක ලෙස කලා ක්‍ෂේත්‍රයට අත්පොත් තබන ඇය නිරූපණය ප්‍රගුණ කරමින් නවක යොවුන් නිරූපිකාව ලෙස ක්‍ෂේත්‍රයට පිවිසෙන්නීය. නමින් තනුලි ලකේෂා වන ඇය, නිරූපණය හා රූපලාවණ්‍ය ශිල්පිනියක ලෙස ඇගේ ඉදිරි කටයුතු පිළිබඳව පැවසීමට ‘සාරවිට’ ආලින්දයට ගොඩවැදුණේ මෙලෙසිනි.
ඔබ ගැන හැදින්වීමක් කළොත්?
මගෙ නම උමේෂා හංෂනී. නමුත් මාව ක්‍ෂේත්‍රයේ හඳුන්වන්නෙ තනුලි ලකේෂා නමිනි. දැනට මම වෘත්තීමය රූපලාවණ්‍ය ශිල්පිනියක විදියට නිරූපණ ක්ෂේත්‍රයේ නියැළිලා සිටිනවා.
ක්ෂේත්‍රයට පැමිණීම?
මම නිරූපණ ක්ෂේත්‍රයට පිවිසුණේ උසස්පෙළ කරන කාලෙදීමයි. ඒ කියන්නෙ දැනට අවුරුදු එකහමාරකට කලින්.
වෘත්තියක් ලෙස රූපලාවණ්‍ය ක්ෂේත්‍රය තෝරාගැනීමට හේතුව?
මම ඒ සඳහා යොමු වෙන්නේ විනෝදාංශයක් ලෙස. නමුත් දැන් ඒක මගේ වෘත්තීය ලෙස කරගෙන යනවා.
සමාජය තුළ නිරූපණ ශිල්පිනියන්ට තියෙන පිළිගැනීම අඩුයි. එහෙම තත්ත්වයක් තියෙද්දිත් මේ ක්ෂේත්‍රයට පෙළඹෙන්න හිතුවෙ ඇයි?
මිනිස්සු හිතන විදිය අපිට වෙනස් කරන්න බැහැ. මිනිස්සු විවිධාකාරයි. විවිධ ක්ෂේත්‍ර ගැන විවිධ කතා කියනවා. ඉතින් ඒ හින්දා මම හිතන්නෙ නෑ මේ ක්ෂේත්‍රය ගැහැනු ළමයෙකුට හොඳ නැහැයි කියලා. ඒ වගේම තමයි ඉතාමත් විනෝදයෙන්, සතුටින් නියැළිලා ඉන්න පුළුවන් හොඳ ක්ෂේත්‍රයක්.
ඔබගේ වෘත්තීයත් සමග කාලය කළමනාකරණය සිදුවෙන්නේ කොහොමද?
පොඩ්ඩක් කාලවේලාව වෙන්කරගන්න අමාරුයි. නමුත් මගේ ආයතනය සහ ආයතනයේ හැමෝගෙම සහයෝගය නිසා මට ඒ සඳහා කාලය වෙන්කරගන්න අවස්ථාව ලබාදීලා තියෙනවා.
ඔබ දායක වුන නිර්මාණ කටයුතු ගැන කතා කළොත්?
නිර්මාණ කීපයකට සහභාගි වුනා ඒ අතරින් හිරු ආයතනයේ ‘සයිබර් ටයිම්’ විශේෂයි. වෙළෙඳ දැන්වීම් ඇතුළු තවත් නිර්මාණ කිහිපයකට මම දායක වුණා. ඒ වගේම විවිධ නිර්මාණ සඳහා ඇරයුම් ලැබෙනවා. ඉදිරියේදී ඒ දේවල් දැකබලාගන්න මගෙ රසික රසිකාවියන්ට පුළුවන් වේවි.
ඔබගේ වැඩි කැමැත්ත නිරූපණයටද? රංගනයටද?
නිරූපණය කියන්නෙ හැමෝටම කළ හැකි දෙයක් වුණත් එය මනාව අවබෝධකරගෙන කළ හැකි පිරිස ඉතා අවමයි. ඒ නිසා මම ගොඩක්ම කැමති නිරූපණයට.
ඒ කියන්නේ රඟපෑමට ඇරයුම් ලැබුණොත් භාරගන්නේ නැද්ද?
මම කැමතියි. ඒ සඳහා ආරාධනා ලැබුණොත් මම අනිවාර්යයෙන්ම භාරගන්නවා.
නිරූපණය සඳහා දායක වෙද්දී ගෙදරින් ලැබෙන සහයෝගය මොනවගේද?
අද මම යම් තැනක ඉන්නවානම් ඒ මගේ අම්මා නිසා. ඒ නිසා මගේ අම්මාව විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ. මගෙ හැමදේකටම ළඟින් ඉඳලා අම්මා මට ගොඩක් ලොකු ශක්තියක් වෙනවා.
ඉදිරි වැඩකටයුතු?
ලංකාවේ තියෙන හොඳම විලාසිතා දැක්මට (Pageant) මුහුණදීලා ඒවෙනුවෙන් කාලය වැයකරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ.
මතක් කළ යුතු පිරිසක් ඇති?
මගේ අම්මාව ගොඩක් මතක් කරන්න ඕන. ඒ වගේම තමයි මේ ක්ෂේත්‍රයට එන්න මගේ යාළුවෝ, මගේ ආයතන ප්‍රධානියා ඇතුළු කාර්යමණ්ඩලයේ සියලුම පිරිස, දර්ශන අයියා, දුමින්ද අයියා මේ සඳහා මට නොඅඩුව ශක්තිය ධෛර්යය දෙනවා. ඒ අයට ගොඩක් ස්තූතිවන්ත වෙනවා.
බස්නාහිර පළාත් දකුණු භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ නිල මුද්‍රා සලකුණ ව්‍යාජ ලෙස යොදා වංචනික ලෙස මුදලට ව්‍යාජ ලිපි ලේඛන සකස් කර වංචනික ලෙස මුදලට අලෙවි
පවුල් ආරවුලක් දුරදග යාමෙන් සිය සැමියාගේ උදරයට බෝතල් කට්ටකින් පහරදී තුවාල සිදුකර ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඔහුගේ බිරිඳ අත්අඩංගුවට ගත් බව උප්පුවෙලී පොල
ස්කොට්ලන්තයේ හිටප්‍ර ප්‍රධාන අමාත්‍ය ඇලෙක්ස් සැල්මොන්ඩ් දේශනයක් පවත්වා මිනිත්තු කීපයකින් රෝගී වී දිවියෙන් සමුගත්තේය.
ටික කලකට දේශපානයෙන් ඈත් වී සිටින බව හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා මහනුවරදී අද ප්‍රකාශ කළේය.
කටුගස්තොට දේවාලයක පවත්වාගෙන යන නිවසකට කඩා වැදුණු පුද්ගලයන් දෙදෙනකු දේව බලයෙන් ශාන්ති කර්ම සිදු කරන්නේ යැයි කියන කාන්තාවක ගේ කට සහ ගෙල ප්‍රදේශය පිහිය
ඊශ්‍රායල හමුදා මධ්‍යම සහ උතුරු ගාසා තීරයේ ප්‍රදේශ ඉලක්ක කර ගනිමින් එල්ල කළ ප්‍රහාරවලින් ගාසා වැසියෝ 29 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
නිරූපණ ක්‍ෂේත්‍රය පිළිබඳ මිනිස්සු හිතන විදිහ අපට වෙනස් කරන්න බෑ