IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


නිර්මාල් රංජිත්ගේ බෙල්ලෙන් අල්ලා එළියට දමලා

දුරකතන පෙර ගෙවුම් කාඩ්පත් දෙකක් මිලදීගෙන ඉතිරි රුපියල් දෙක ඉල්ලූ විට ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරිමහතාගේ බෙල්ලෙන් අල්ලා එළියට දමා ඇතැයි ඔහු පොලිසියට පැමිණිලි කර ඇත.

තමා මුහුණ පෑ සිද්ධිය විස්තර කරමින් දේවසිරි මහතා සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් දමා තිබේ.

‘අද උදේ ටෙලිපෝන් සහ ඉන්ටනෙට් කාඩ් කීපයක් ගැනීමට පන්නිපිටිය හන්දියේ වෙළදසැලකට ගියෙමි. රු. 49ක් හා 99 ක් වටිනා ඉන්ටනෙට් කාඩ් වල ඉතිරි රුපියල් දෙක නොලැබුණි. ඒ පිළිබද විමසූ විට රුපියල් දෙක කව්රුත් නොඉල්ලන බව කියමින් ඔහු මගේ ඇගට ආවේය. රුපියල් දෙක මට වැදගත් බැවින් එය අවශ්‍ය බව කී පසුව පසුව ඔහු චණ්ඩි ස්වරූපයක් ආරෝපණය කරගෙන මට රුපියල් දෙක දුන්නත් මා ඔහුට පාරිභෝභික අයිතිවාසිකම් ගැන දේශනයක් දීමට ගිය නිසා ඔහුට නැවතත් මල පැන්නේය. මට වෙළද සැළෙන් පිටවන ලෙස තර්ජනය කළේය. මම වෙළදසැළ ප්‍රසිද්ධ ස්ථානයක් බවත් මාව බලෙන් එළියට දැමීමට ඔහුට අයිතියක් නැති බවත් ඔහුට මතක් කර දුනිමි. පසුව ඔහු මගේ බෙල්ලෙන් අල්ලා එළියට දැමීය. මම මහරගම පොළිසියේ පැමිණිල්ලක් දැමුවෙමි. පොලීසියේදී ඔහු හමු වීමට බලා සිටිමි.‘



අදහස් (0)

නිර්මාල් රංජිත්ගේ බෙල්ලෙන් අල්ලා එළියට දමලා

නිලන්ත Wednesday, 23 December 2015 04:26 PM

වෙළඳසැල් හිමියාට පාඩමක් ඉගැන්විය යුතුයි (නි)

:       0       0

නිමල් Wednesday, 23 December 2015 04:26 PM

හැබැයි වෙළඳසැළ කියන්නේ නම් ඔහුට අයිති ස්ථානයක් (නි)

:       0       0

නඩරාජා Wednesday, 23 December 2015 04:21 PM

පොලිසියේදී ඔබට සාධාරණයක් ඉටුවේවි (නි)

:       0       0

උපුල් Wednesday, 23 December 2015 04:35 PM

ඉතිරි මුදල අරගෙන ආවා නම් ඉවරනේ! (නි)

:       0       0

යටවත්ත Wednesday, 23 December 2015 04:45 PM

ඇත්තනේ! ඉතිරි මුදල් දුන්නට පස්සේ මොකට දේශනා තියන්න ගියාද? (නි)

:       0       0

ලලිත් Wednesday, 23 December 2015 04:45 PM

ආචාර්යතුමාට කරලා තියෙන වැඩේ වැරදියි. ඒ වුණත් ඒ මිනිහා රුපියල් දෙක දුන්නට පස්සේ මොකට දේශනා තියන්න ගියාද? අනික මහාචාර්යතුමා වුණත් කඩේ මුදලාලිට ඔබතුම තවත් පාරිභෝගිකයෙක් විතරයිනේ. කඩේ ප්‍රසිද්ධ ස්ථානයක් නෙමෙයි, ඒක මුදලාලිගේ දේපළක්. ඔන්න පාරට ඇවිල්ලා ඔය දේශනය තියලා මිනිහා බෙල්ලෙන් අල්ලලා තල්ලු කළා නම් හරි. මොකද මහපාර කියන්නේ ප්‍රසිද්ධ ස්ථානයක්.ඔබතුමාට ඒ මුදලාලි වෙනුවෙන් අපේ කණගාටුව! (නි)

:       0       0

කෝනාර Wednesday, 23 December 2015 04:42 PM

මෙතුමා කළ දේ හරි (නි)

:       0       0

සිල්වා Wednesday, 23 December 2015 04:57 PM

ලංකාවේ සදාචාරය මේකද? විනය, සදාචාරය, එකිනෙකා අතර ගරුකිරීම් මෙකී නොකී හැම දෙයක්ම ලැබෙන්නේ ගෙදරින් සහ පාසලෙනි. කොන්ක්‍රීට් බිල්ඩින්, යකඩ කණු දියුණුවේ ප්‍රතිඵල මේවද? මුදල් පමණක් සොයායන නව සමාජය මනුස්සයා මායිම් කරන්නේ නැත. අහෝ රටකට ගිය කල! (නි)

:       0       0

සුබසිංහ Wednesday, 23 December 2015 05:07 PM

වෙළඳසැල් හිමියන් කවදාවත් ඉතිරි රුපියල දෙක දෙන්නේ නැත. එක සැරයක් හරි පාඩමක් ඉගැන්වීම හොඳයි (නි)

:       0       0

ආනන්ද Wednesday, 23 December 2015 05:20 PM

නිර්මාල් රංජිත් කළ දෙය නිවැරදිය. මම හිතන්නේ එවැනි චෝදනා වලට කටයුතු කිරීමට පොලීසියට බලය තිබිය යුතුබවයි. එය සිවිල් කරුණක් නිසා පොලීසියට කළහැකි දෙයක් නැත කියා නොසිට එවැන්නන් උසාවි ගෙනයාමට මඟක් ඇත්නම් එය කිරීම සදාචාරාත්මක වනු ඇත. (නි)

:       0       0

මනෝජ් Friday, 25 December 2015 06:19 AM

ගැලපෙන වචනය පාවිච්චි කිරීම ගැන කන්නන්ගරටත්, එය පල කිරීම ගැන ලංකාදීපයටත් ස්තුතියි. (කෞ)

:       0       0

ඔලිවර් Wednesday, 23 December 2015 05:30 PM

මදැයි ඔයින් ගියා! (නි)

:       0       0

සේරම් පැරිස් Thursday, 24 December 2015 11:20 AM

මේ වෙළඳසැල් හිමියා , ලබන වර පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා අවශ්‍ය සුදුසුකමක් කරා , මේවා සුළු දේවල් අද කාලයේ , ඩිෆෙන්ඩර් එකකින් නොඋස්සා එලියට දාපු එක ලොකු දෙයක්. (ස)

:       0       0

කපිල Wednesday, 23 December 2015 05:33 PM

ඉතුරු සල්ලිත් දුන්නා නම් තවත් දේශන පවත්වන්න යන්න ඕනෑ නැහැනේ (නි)

:       0       0

කවින්ද Wednesday, 23 December 2015 06:16 PM

ඉතුරු සල්ලි නොදීම නම් බොහොම වැරදියි (නි)

:       0       0

කරුණාරත්න Wednesday, 23 December 2015 06:21 PM

අද කාලේ රුපියල, රුපියල් දෙක දෙන්නෙම නැහැ (නි)

:       0       0

සේන Wednesday, 23 December 2015 07:28 PM

මටත් ඔයවගේ සිද්දියක් උනා. කැම්පස් යන කාලේ. සීසන් ටිකට් එකෙන් බස් එකේ යන්න නැග්ගම කොන්ද මාව එලියට ඇදල දැම්ම. මාර ලැජ්ජාවක් තමයි මට උනේ දෙනෝ දාහක් ඉදිරියේ. (ස)

:       0       0

ජයනාත් Wednesday, 23 December 2015 07:42 PM

නිර්මාල් ..! මා ඔබගේ මතවාද නොපිළිගත්තත්, ඔබ ගේ ඒ විශිෂ්ට පෙනී සිටීම අගය කරමි.ඔබ පෙනී සිටියේ තමාට හිමි ඉතිරි මුදල් රුපියල ,දෙක වෙළෙන්දාටම අතහැර එන සමස්ත ලංකා නිවට පාරිභෝගිකයන් වෙනුවෙන්ය. ඔබට මගේ උපහාරය ..! පාරිභෝගික අධිකාරියේ ඇස් ඇරේවා ..! (ස)

:       0       0

මෙරන්ස් Wednesday, 23 December 2015 08:13 PM

ඔය කරපු දේ හරි.... " නිර්මාල්" ..තැන්ක්ස් බලමු , මොකද වෙන්නේ කියල... පරිබෝගිකයෝ සත්තු නොවෙන බව මේ මිනිස්සු දන ගන්න ඕනේ...අපි ලංකාව ට ආපු වෙලාවට මේවා ගොඩක් අත් දැකල තියෙනවා. (ස)

:       0       0

මනෝ Wednesday, 23 December 2015 08:29 PM

මහත්තයෝ මේක ලංකාව. ඔබතුමාලා ප්‍රර්ථනා කරන සාධාරණ, නීතිගරුක සමාජය තව බොහොම දුර. ලංකාව කාලයක් මැරයන්ට යටත්වුන රටක් බව අමතක කරන්න එපා. බලන්න මෙතන තව ටිකකින් ලියන අදහස්. කොම්පියුටරයක් තියෙන අය මෙහෙමනම්, කඩකාරයෙක්ගෙන් මොනවද බලාපොරොත්තු වෙන්න පුළුවන්? (ස)

:       0       0

අබරන් Wednesday, 23 December 2015 09:16 PM

එතුමා ආචාර්යවරයෙකු නිසා එම සිදුවීම ප්‍රසිද්ධ උනා. ඔය වාගේ සිදුවීම් තව කොපමණ පාරිභෝගිකයන්හට සිදුවනවා ඇද්ද.? (ස)

:       0       0

සුජාතා Wednesday, 23 December 2015 09:36 PM

සිදුවියයුතු දෙයක්. (ස)

:       0       0

නන්දලාල්-ප්‍රංශය Saturday, 26 December 2015 12:02 AM

මටත් දවසක් ඔහොම වැඩක් වුණා. කඩකාරය මාරු සල්ලි නැහැ කියලා ටොෆියක් දුන්නා. එදා ඉඳලා මම කඩේ ඇතුළෙදීම ගණන් හදලා අතේ තියෙන ගානට බඩු ගන්නවා. එතකොට මට ඉතුරු සල්ලි දෙන්න කඩකාරයට ඕනෑ නැහැනේ. අපේ ආචාර්යතුමාත් ඕක කළා නම් බෙල්ල බේරාගන්න තිබුනා. රුපියල් දෙක සාක්කුවේ දාගෙන, කඩේ දේශනා ශාලාව කියලා හිතන්නේ නැතුව දොට්ට බහින්නයි එතුමාට තිබුනේ. එයාගේ දේශනයෙන් කඩකාරයා පාඩමක් ඉගෙනගත්තා කියලා එතුමා හිතනවද? (නි)

:       0       0

ෂෙහාන් Wednesday, 23 December 2015 09:47 PM

බෙල්ලෙන් නෙවෙයි අල්ලලා එලියට දාන්න තිබුනේ. (ස)

:       0       0

කෝසල Wednesday, 23 December 2015 11:58 PM

මේකට තමා ඉල්ලගෙන කනවා කියන්නේ. කොහොම උනත් ආචාර්යතුමා කියන දේ හරි. (ස)

:       0       0

සමන්ති Thursday, 24 December 2015 12:16 AM

මෙය මත්තේගොඩ සිට පිටකොටුව දක්වා දුවන බසයකි. බුලත් කහට පුරවාගත් කට සමග ඔහුගේ පිළිවෙලකට රැවුල වවා නැත. නමුත් නත්තල් තොප්පියක් මේ දිනවල පළඳියි. හැබැයි ඉතුරු කාසි නොදෙමින් යයි. හැබැයි නත්තලට පැමිණෙන ශාන්ත නිකොලොස් තුමාගේ තොප්පිය පළඳිමින් එතුමාටත් නිග්‍රහ කරයි. (ස)

:       0       0

පිටබැද්දර ජයා Thursday, 24 December 2015 01:30 AM

කඩහිමියා එකහෙළාම වැරදිය. ඔහුට නීතිය අතට ගත නොහැක. ඔහු කළයුතුව තිබුනේ මෙතුමාට විරුද්ධව පැමිණිලි කිරීමය. (නි)

:       0       0

විජිත් Thursday, 24 December 2015 01:53 AM

සමහර දියුණු රටවල ඒ ඒ ප්‍රදේශවල "පාරිභෝගික කමිටු" තිබෙනවා. සතියකට වරක් ඒ අය එක තැනකට රැස්වෙලා පසුගිය සතියේ තම බල ප්‍රදේශයේ වෙළඳ පොළවල්,කඩ සාප්පු ආදියේ සිදුවුණ අකටයුතුකම් ගැන සමාලෝචනය කරනවා. ඉන්පසු ඒ අය ඒ වැරදි කරන වෙළෙන්ඳාට විරුද්ධව යම් යම් ක්‍රියාමාර්ග ගන්නවා. පළමු වතාවට අවවාද කරනවා. අවසානයේ ප්‍රදේශයේ පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා සිටිනවා අහවල් වෙළෙන්දාගෙන් භාණ්ඩ නොගන්නා ලෙස. අවසානයේදී වෙළෙන්ඳාට සිදුවෙනවා පාරිභෝගිකයා ඉදිරියේ සමාව ඉල්ලන්න තමන් කළ වැරැද්දට. අපිටත් කරන්න පුළුවන් නම් හොඳයි. ඒත් මේ ශ්‍රී ලංකාව! (නි)

:       0       0

රොක්සි Thursday, 24 December 2015 02:12 AM

වෙළෙන්ඳාට ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීකමක්, එහෙම නැත්නම් ප්‍රාදේශීය සභා සභාපතිකමක් ලබාදී හිතේ හැටියට පිල්ලි ගැසීමට ලයිසන් දීම සුදුසුයි කියා සිතමි (නි)

:       0       0

චානක Thursday, 24 December 2015 02:19 AM

වෙළෙඳසැල් හිමියා දේශපාලඥයෙකුගේ ආරක්ෂකයෙක් වෙන්න බැරිද? (නි)

:       0       0

සුදත් Thursday, 24 December 2015 02:38 AM

ඉතුරු සල්ලි දුන්නා නම් තවත් දේශන පවත්වන්න යන්න ඕනෑ නැහැනේ (නි)

:       0       0

මුදිත Thursday, 24 December 2015 03:30 AM

ශිල්ප දැනගත්තට මදි, ශිල්ප පෙන්වන්න ඕනෑ තැන ගැන අවබෝධයක් තිබෙන්න ඕනෑ (නි)

:       0       0

සංජීව Thursday, 24 December 2015 03:14 PM

මම දවසක් සුපර් මාකට් එකට ගිහිල්ල බඩු අරගෙන රුපියල් 1500 දුන්න.. ඉතිරි රුපියල් 5 දෙන්න ඕනේ මට. එත් 5ක් තිබුනේ නැති නිසා මට ටොෆි එකක් දුන්න.. මම කිවුව මට රුපියල් 5 ඕනේ කියල එත් උන්ට තිබුනේ නැහැ.. මම හොඳ වැඩක් කෙරුව.. ඊලග දවසේ වෙනින් කඩේකට ගිහිල්ල රුපියල් 5 ටොෆි 11ක් අරගෙන මාකට් එකට ගියා.. ගිහිල්ල පාන් එකක් අරගෙන ටොෆි 11 දුන්න.. කැෂියර් ට හොල්මන් .. මැනේජර් ට මම අභියෝග කෙරුව පුළුවන් දෙයක් කරන්න කියල.. ඌත් සද්ද නැතුව හිටිය.. පස්සේ මම කිව්වා මේක ගත්තේ නැත්තම් මම රිපොර්ට් කරනවා කියල.. අන්තිමට මම දිනුව. (ස)

:       0       0

සංජීව Thursday, 24 December 2015 03:09 PM

මම දවසක් සුපර් මාකට් එකට ගිහිල්ලා බඩු අරගෙන රුපියල් 1500ක් දුන්නා. ඉතිරි රුපියල් 5 දෙන්න ඕනෑ මට. ඒත් 5ක් තිබුනේ නැති නිසා මට ටොෆි එකක් දුන්නා. මම කිවුවා මට රුපියල් 5 ඕනෑ කියලා. ඒත් තිබුනේ නැහැ. මම හොඳ වැඩක් කෙරුවා. ඊළඟ දවසේ වෙන කඩේකට ගිහිල්ලා රුපියල් 5 ටොෆි 11ක් අරගෙන මාකට් එකට ගියා. ගිහිල්ලා පාන් එකක් අරගෙන ටොෆි 11 දුන්නා. කැෂියර්ට හොල්මන්. මැනේජර්ට මම අභියෝග කළා පුළුවන් දෙයක් කරන්න කියලා. සද්ද නැතුව හිටියා. පස්සේ මම කිව්වා මේක ගත්තේ නැත්නම් මම රිපොර්ට් කරනවා කියලා. අන්තිමට මම දිනුවා (නි)

:       0       0

කුරුප්පු Thursday, 24 December 2015 03:53 AM

දුප්පත් අපිට උනානම් මෙලහට අත පය එල්ලන් රෝහලේ (කෞ)

:       0       0

කුසල් Thursday, 24 December 2015 03:55 AM

කඩ හිමිය හරි කියල ඒ පැත්තට කතා කරන මිනිස්සු ඉන්න රටක් මේක. ඉතින් කොහෙද මේ රට හැදෙන්නේ. හැබැයි එයාලගේ බෙල්ලෙන් අල්ලපු දාට තේරෙයි. (කෞ)

:       0       0

ජනහිත Thursday, 24 December 2015 04:05 AM

මේ ආචාර්යතුමා පහුගිය කාලෙ ටිකක් කතාකරපු කෙනෙක් වගේ මතකයි. ඔය රුපියල දෙක නම් මට බස් එකේදිවත් ලැබුනෙම නැහැ. කාරණය ඒක නොවෙයි,ඒ අය මාරු සල්ලි නැහැ කියලාවත් කියන්න තරම් කරුණාවන්ත වෙන්නේ නැති එකයි. මම නිකමට ගණන් බැලුවා මේ අය දවසකට ඔයවගේ කීයක් එකතු කරනවද කියලා. අනෙක, කඩකාරයෝ කරන එකක් තමයි සීනිබෝල ටොෆි දෙන එක. දවසක් ගිරිඋල්ලේ "කෝප්සිටි" එකකින් මට රුපියල් 5 ක් වෙනුවට දුන්නේ ටොෆියක්.මම කිවූව ටොෆි කන්නේ නැහැ කියලා. එතකොට තමයි කිව්වේ මාරු නැහැ කියලා. කතාව දිග නිසා ඉතුරුටික නවත්වනවා. (නි)

:       0       0

සේපාල Thursday, 24 December 2015 04:18 AM

මම දන්නා හැටියට වෙළඳ ආයතන පුද්ගලික ස්ථාන නොවේ. පර්බෝගිකයාට ගණුදෙනුව අවසනවෙන තෙක් එම ස්ථානයේ සිටීමට අයිතිවාසිකම් තිබෙනවා.එලියට දමන්න බැහැ.කඩයේ බලපත්‍රය දින කිහිපයකට අත් සිටුවීම් වැනි දඬුවම් දිය යුතුයි .(කෞ)

:       0       0

තරුෂි Thursday, 24 December 2015 04:22 AM

මහපාරේ යද්දී හොඳටම අවබෝධවෙනවා කිසිම විනයක් නැති ජන කොටසක් ඉන්න රටක් කියලා. හැබැයි ලොකු වාහනයකින් බැස්සොත් එහෙම දෙකට නැමෙනවා. කඩකාරයෝ ගැන නම් කියලා වැඩක් නැහැ. ආත්මාර්ථකාමී ජාතියක්. කොච්චර ගත්තත් සමහරුන්ට වගතුවක් නැත්තේ ඒකම වෙන්න ඇති. (නි)

:       0       0

රොෂාන් Thursday, 24 December 2015 04:36 AM

වැඩිදෙනෙක් මෙතන තිබෙන යථාර්ථය තේරුම් ගන්න නොහැකිව මෝඩ කතා කියනවා. (නි)

:       0       0

නාමල් Thursday, 24 December 2015 04:52 PM

ආචාර්යතුමා බස් එකේ යන්නේ නැහැ වගේ (නි)

:       0       0

සේන Thursday, 24 December 2015 05:06 AM

කඩකාරයාට හොඳ පාඩමක් උගන්වන්න ඕනෑ (නි)

:       0       0

ඇලෙක්ස් Thursday, 24 December 2015 06:06 AM

රුපියල් දෙක වගේද දැන් කරදර වෙන්න වෙන තරම? (නි)

:       0       0

පුෂ්පකුමාර Thursday, 24 December 2015 06:50 AM

මාළුවා නහින්නේ කට හින්දලු. රුපියල් දෙකට අදකාලේ ඇමට දාන්න පණුවෙක් වත් ගන්න බැහැ. මැරුණම ගෙනියන්න පුළුවන් කියලනේ සමහරු හැසිරෙන්නේ. (කෞ)

:       0       0

කන්නංගර Thursday, 24 December 2015 06:45 AM

සේපාල, රොෂාන්, හරි අපේ කට්ටිය කොච්චර ගොන් ද කියල හිතෙනවා. දාල තියෙන අදහස් බැලුවාම. කඩය පුද්ගලික ස්ථානයක් වෙන්නේ වහල තියෙනකොට විතරයි . ඇරියට පස්සේ එක පොදු තැනක්. මුදලාලියාට වැරදි කරන්න පුළුවන් නම්, එ්ක වැරද්දක් කියල පෙන්නන්නත් අපිට කොන්දක් තියෙන්න ඕනේ. මෙතන ඉන්න ගොඩක් අය නිසා තමයි මුදලාලිලා කොන්දොස්තරලා අපේ කරේ යන්නේ. (ස)

:       0       0

මොරිස් Wednesday, 23 December 2015 03:59 PM

අයියෝ! මේ මොකද වුණේ? (නි)

:       0       0

රිචි බාලසුරිය Wednesday, 23 December 2015 04:04 PM

නීතිය දන්නා නිසාත්, රටේ නම් දරාසිටින මහතෙකු නිසාත් ඔය වගේ නීතියෙන් කටයුතු කිරීමට ඉඩතිබුනත්, දුප්පත් කෙනෙක් රුපියල් 2 ඉල්ලුවොත් ගුටි කා හෝ එළියට ඇදදමා යන්න වෙනවා මිස වෙන නීතිමය පියවරක් නැත. (නි)

:       0       0

ටෙරන්ස් Wednesday, 23 December 2015 04:20 PM

මේක ඉතින් ලංකාවනේ රංජිත් මහත්තයෝ (නි)

:       0       0

උදයානි Wednesday, 23 December 2015 04:21 PM

එහෙම ඉතිරි මුදල් නොදී සිටීම නම් වැරදියි තමයි (නි)

:       0       0

අනුර Thursday, 24 December 2015 08:44 AM

නිර්මල්ට පොඩ්ඩක් වැරදිලා වගේ.ඔය යහපාලන කතා මුදලාලිගේ කඩේ ඇතුලේ නොවේ කඩයෙන් එලියට බැහැල තමා කොරන්න ඕන. (කෞ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බිත්තර මිළ පහළට
2024 සැප්තැම්බර් මස 24 540 0

වෙළඳපොලේ බිත්තරයක සිල්ලර මිල විශාල වශයෙන් පහල ගොස් තිබේ.


උඩරට දුම්රිය ගමනාගමනයට බාධා
2024 සැප්තැම්බර් මස 24 152 0

බදුල්ලේ සිට මහනුවර බලා ධාවනය වු දුම්රියක් දෙමෝදර දුම්රිය ස්ථානය ආසන්නයේදී අද (24) දහවල් පීලි පැනීමකට ලක්ව ඇතැයි නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසය


රනිල් නැවත මැතිවරණ වලට එන්නේ නෑ
2024 සැප්තැම්බර් මස 24 1925 1

රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා නැවත මැතිවරණ වලට ඉදිරිපත් වන්නේ නැතැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය.


සජබ ආසන සංවිධායකවරුන් කොළඹට කැඳවයි
2024 සැප්තැම්බර් මස 24 1285 1

ඉදිරි මහමහැතිවරණයේ දී කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා සියලුම ආසන සංවිධායකවරුන් අද (24) කොළඹට කැඳවා ඇතැයි සමගි ජන බලවේගය පවසයි.


ලංකා සභාවෙන් ජනපතිට සුභ පැතුම්
2024 සැප්තැම්බර් මස 24 567 0

ශ්‍රී ලංකාව නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතුම් එක් කරන බවත් මෙරට බහුතරයක් අනුර කුමාර දිසානායක මහතා වෙත තැ


කොට්ටාවේදී දුම්රිය ඇන්ජිම තනිවම ගිහින්
2024 සැප්තැම්බර් මස 24 1354 1

කැළණි වැලි දුම්රිය මාර්ගයේ කොළඹ කොටුව දක්වා ධාවනය වූ දුම්රියක ඇන්ජිම කොට්ටාව දුම්රිය ස්ථානය ආසන්නයේ දී දුම්රිය මැදිරි වලින් වෙන් වී ඉදිරියට ධාවනය වූ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 33294 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23892 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 144 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 462 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 211 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site