IMG-LOGO

2025 අප්‍රේල් මස 28 වන සඳුදා


නරියාකන්ද මෝටර් රථ-යතුරු පැදි තරගාවලිය 21 දා දියතලාවේදී

දියතලාව යුද හමුදා විද්‍යාපීඨය සහ ශ්‍රී ලංකා මෝටර් රථ හා යතුරු පැදි ධාවකයන්ගේ සංගමය එක්ව 20 වැනි වරටත් සංවිධානය කරන නරියාකන්ද (ෆොක්ස්හිල් සුපර් ක්‍රොස්) මෝටර් රථ හා යතුරු පැදි ධාවන තරගාවලිය මේ මස 21 වැනිදා දියතලාවේදී පැවැත්වේ. යුද හමුදා විද්‍යාපීඨයේ පාඨමාලා පැවැත්වීම සදහා අවශ්‍ය වන යටිතල පහසුකම් ලබා ගැනීමේ අරමුදලට ආධාර පිණිස 1993 වසරේ දී මෙම තරගාවලිය ආරම්භ කෙරිණ. වන ගහණයෙන් යුත් පරිසරයක අන්තර්ජාතික මට්ටමින් ඉදි කර ඇති නරියා කන්ද ධාවන පථයේ මුළු දුර ප‍්‍රමාණය කිලෝමීටර දෙකකි. පේ‍්‍රක්‍ෂකයන්ට එකම ස්ථානයක සිට ධාවන පථය සම්පුර්ණයෙන්ම නැරඹීමට හැකිවන පරිදි මෙම ධාවන පථය සකස් කර තිබීම මෙම ධාවන පථයේ විශේෂත්වයවේ. පේ‍්‍රක්‍ෂකයන් 100,000 කට වැඩි පිරිසකට තරගය නැරඹීමට හැකි වීම මෙම ධාවන පථයේ තවත් විශේෂත්වයකි. මෙවර තරගාවලියට මෝටර් රථ ඉසව් 12 ක් සහ යතුරු පැදි ඉසව් 14 ක් ඇතුළත් වේ. ඒ සඳහා ධාවකයෝ 175 කට අධික පිරිසක් ඉදිරිපත්ව සිටිති. මෝටර් රථ ඉසව්වන්ගෙන් කාගේත් අවධානය දිනා ගන්නා ඉසව්ව වන්නේ සුපර් කාර් ඉසව්වයි. ෆොක්ස්හිල් ධාවන පථයේ 10 වරක් දක්‍ෂතම ධාවකයා ලෙස සම්මාන දිනා සිටින අරවින්ද පේ‍්‍රමදාසට මෙවර ද පසුගිය වසරේ පැවැති තරගාවලියේ දක්‍ෂතම ධාවකයා වු පසිඳු පීරිස් ගෙන් අභියෝගයක් විය හැකිය. අශාන් සිල්වා, දිනේෂ් දෙහෙරගොඩ, රියාස් ෆාරොක්, ජනක ඩයස් මෙන්ම ප‍්‍රදීප් ජයවර්ධන ද සුපර් කාර් ඉසව්වේ නම ගිය ධාවකයෝ වෙති. මෝටර්ක්‍රොස් යතුරු පැදි ශුර ගයාන් සඳරුවන් රේසිං 125 සී.සී සහ 250 සී.සී ඉසව් නියෝජනය කරයි. ගයාන්ට අභියෝගයක් වෙමින් ඉන්දීය යතුරු පැදි ධාවකයෝ ද මෙවර තරගාවලියට සහභාගිවෙති. ෂෙහාන් සී. අධිකාරී යොවුන් යතුරුපැදි ධාවකයා ද පසුගිය වසරේ ෆොක්සිල් ධාවන පථයේ දස්කම් අතර සිටියේය. ප‍්‍රවීණ තරගකරුවකු වන ආනන්ද වෙඩිසිංහ 1994 සිට 1999 දක්වා ශූරතා දිනා නරියා කන්ද ධාවන පථයේ විශිෂ්ට වාර්තාවක් තැබූ මෝටර් ක්‍රොස් ධාවකයෙකි. ශ්‍රී ලංකා මෝටර් රථ හා යතුරු පැදි ධාවකයන්ගේ සංගමය වාර්ෂිකව සංවිධානය කරන ‘සියැට් - ස්ලාඩාර්’ මෝටර් රථ හා යතුරු පැදි තරගමාලාවේ (2012) තෙවැනි තරගාවලිය මෙය වේ. 20 වැනි සංවත්සරය නිමිත්තෙන් තරගාවලිය නැරැඹීමට පැමිණෙන පේ‍්‍රක්‍ෂකයන්ට විනෝද විය හැකි අංග රැසක් ද එදින පැවැත්වේ. මේ පිළිබඳ වැඩි විස්තර 0112769734 යන දුරකතන අංක ඔස්සේ ලබාගත හැකිය. තරගාවලියේ ප‍්‍රධාන අනුග‍්‍රාහකයා වන බ‍්‍රවුන්ස් සමාගමේ පණ්ඩුක වීරසිංහ මහතා විසින් යුද හමුදා විද්‍යාපීඨයේ සේනාවිධායක හා තරගාවලියේ සංවිධායක කමිටු සභාපති බි‍්‍රගේඩියර් ප‍්‍රියන්ත ජයසුන්දර මහතාට අනුග‍්‍රහකත්වය පිරිනමන ලද අයුරු. (ඡායාරූපය: ජයමාල් චන්ද්‍රසිරි)



අදහස් (0)

නරියාකන්ද මෝටර් රථ-යතුරු පැදි තරගාවලිය 21 දා දියතලාවේදී

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

යාපනේ නිවුන් සොහොයුරෝ උසස් පෙළින් කප් ගහලා
2025 අප්‍රේල් මස 28 12 0

මෙවර උසස්පෙළ පෙළ විභාගයෙන් ජෙෙව විද්‍යා අංශයෙන් දිවයිනේ තුන්වන සහ පස්වන ස්ථානය හිමිකර ගැනීමට යාපනය හින්දු විද්‍යාලයේ නිවුන් සොහොයුරන් දෙදෙනකු


පළාත් රැසකට මිලි මීටර් 100 ඉක්ම වූ තද වැසි
2025 අප්‍රේල් මස 28 21 0

උතුරු අර්ධ කෝලයේ සහ සහ දකුණු අර්ධ ගෝලයේ සිට පැමිණෙන සුළං හමුවන කලාපය ලෙස හඳුන්වන අන්තර් නිවර්තන අභිසාරි කලාපය නිසා දිවයිනේ කාලගුණයට දැඩි බලපෑමක් ඇති ක


කිලිනොච්චිය ගංවතුරින් යටවේ
2025 අප්‍රේල් මස 28 44 0

කිලිනොච්චි ප්‍රදේශයට ඊයේ (27) කාලයේ හා රාත්‍රී කාලයේ ඇදහැළුණු අධික වර්ෂාව හේතුවෙන් කිලිනොච්චි දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසක ගංවතුර තත්වයක් පවතින බව දිස


මහනුවර ශුද්ධ කරයි
2025 අප්‍රේල් මස 28 86 0



චන්ද්‍රිකාගෙන් මැතිවරණ කොමිසමට පැමිණිල්ලක්
2025 අප්‍රේල් මස 28 128 0

තම නම සහ ඡායාරූපය අනවසරයෙන් භාවිත කරමින් මැතිවරණ ප්‍රචාරක කටයුතු කරන බව හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය මැතිවරණ කොමසාරිස්


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 941 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 417 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 564 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site