IMG-LOGO

2024 නොවැම්බර් මස 15 වන සිකුරාදා


නොර්වුඩ් වතු නිවාස පේළියක් හුදකලා කෙරේ

(රංජිත් රාජපක්ෂ )                   

බගවන්තලාව සෞඛ්‍යය වෛද්‍යය නිලධාරි කාර්යයාලය යටතේ පාලනය වන නොර්වුඩ් ඉන්ජස්ට්‍රි වත්තේ බිරට් කොටසේ පවුල් 10 පදිංචි වතු නිවාස පේලියක් (04)  සිට හුදකලා කල බව බගවන්තලාව මහජන සෞඛ්‍යය පරික්ෂක කදිරවේල් ජේ.ගනේෂ් මහතා පැවසිය.

හැටන් වටවල පෞද්ගලික ඇගළුම් කර්මාන්ත ශාලාවක සේවය කල සේවිකාවන් සිව්දෙනෙකුට කොවිඩ් 19 වෛරසය අසාදනය වි එම අසාදිතයන් නිරෝධායන මධ්‍යස්ථානයක් කරා යොමු කිරිමෙන් පසු එම වතු යායේ පවුල් 12 කට අයත් සමාජිකයන් 47 දෙනෙකු ස්වයං නිරෝධානයට යොමු කර සිදු කල පි.සි.ආර් පරික්ෂණ වාර්තාවක් අනුව ඇගළුම් කර්මාන්ත පෙර අසාදිතයෙකුගේ මවට සහ නැගණියට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට (04) දින තහවුරු වි ඇත.

(04) දින කොවිඩ් 19 වෛරසය අසාදනය වු මව එම වතුයායේ තේ දළු නොලිමේ රැකියාවේ නිරතව ඇති නිසා එම අසාදිතයාගේ ළගම ආශ්‍රිතයන් ගණනාවක් එම වතු නිවාස පේලියේ පදිංචි නිසා එම වතු නිවාස පේලිය හුදකලා කිරිමට පියවර ගත් බවයි මහජන සෞඛ්‍යය පරික්ෂකවරයා කියා සිටියේ.

ස්වයං නිරෝධානයට යොමු කල සෙසු පිරිස සහ හුදකලා කෙරුණු වතු නිවාස පේලියේ පදිංචිකරුවන් පි.සි.ආර් පරික්ෂණයට භාජනය කිරිමට කටයුතු කරන බවද මහජන සෞඛ්‍යය පරික්ෂකවරයා පැවසිය.

මේ අතර බගවන්තලාව කැම්පියන් ලොයිනොන් වතු යායේද කොවිඩ් 19 වෛරසය අසාදනය වු කාන්තාවක් (04) දින හමු වි ඇති බවත් ඇය කොළඹ ප්‍රදේශයේ රැකියාවක නිරතව සිට වතුකරයේ පිහිටි ඇයගේ නිවසට පැමිණෙන අතරතුර ගිනිගත්හේන කළුගල පොලිස් මුරපොලේදි සිදු කල අහඹු ලෙස සිදු කල පි.සි.ආර් පරික්ෂණයක් අනුව ඇයට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට තහවුරු වු බව බගවන්තලාව මහජන සෞඛ්‍යය පරික්ෂක කදිරවේල් ජේ ගනේෂ් මහතා පැවසිය.



අදහස් (0)

නොර්වුඩ් වතු නිවාස පේළියක් හුදකලා කෙරේ

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රත්තොට ආසනය ජාජබට
2024 නොවැම්බර් මස 15 1 0



ගාල්ලම ජාජබට
2024 නොවැම්බර් මස 15 148 0


පස්සර ආසනය ජාජබට
2024 නොවැම්බර් මස 15 60 0



හක්මන ආසනය ජාජබට
2024 නොවැම්බර් මස 15 86 0


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 241 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 562 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1673 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site