IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


‘නිරුවතින් පාරේ යන්න දෙන්න බෑ‘

දේශීය වටිනාකම් ගැන කථා කළ තමාට අන්තර්ජාලයෙන් දිගට හරහට පහර දෙන නමුත් විජාතික සංස්කෘතියට යටවූ අයට නිරුවතින් මහපාරේ යාමට ඉඩදිය නොහැකි යැයි මෛත්‍රිපාල සිරිසේන ජනපති බත්තරමුල්ල ‘අපේගම‘ දී අද (29) පැවසීය.

ජාතික ශිල්ප සභාවේ ජාතික සම්මාන ප්‍රධානෝත්සවයේදී ඔහු මේ බව කීවේය.

‘දේශීය දේ අගය කරන්නැයි පැවසීම නිසා මට දිගට හරහට පහර දෙනවා. අන්තර්ජාලයෙන් මා පට්ට ගහනවා. පොඩි පට්ටම් කරනවා. හැබැයි එසේ කිරීමෙන් ඇඹරෙන්නේ මම නෙමෙයි. ඒවා කරන අයමයි. මම කුඹුරේ නියරේ ගමේ ඇවිද්ද මිනිහෙක්. අපේ හැදියාව සැකැස්ම හා හොඳ නරක අනුවයි මා වැඩ කරන්නේ. කිසිවකුටත් නිරුවතින් පාරේ යන්න ඉඩදෙන්න බෑ‘

01 RDS_1385 RDS_1431 RDS_1447 RDS_1527 RDS_1571



අදහස් (0)

‘නිරුවතින් පාරේ යන්න දෙන්න බෑ‘

කමල් Tuesday, 29 December 2015 06:08 PM

දැන් කවුද පාරෙ නිරුවතින් ගියේ? අනේ අපිට නම් රුපියල් 35000 ඒවා නැහැ ඕවට යන්න. (නි)

:       0       0

සංජීව Tuesday, 29 December 2015 09:55 AM

දවස ගානේ කී දෙනෙක් අනතුරු වලින් පාරේ ජීවිත හැරයනවද? ඇයි ඒවා ගැන කතා නොකරන්නේ? (නි)

:       0       0

ගුණවර්ධන Tuesday, 29 December 2015 07:08 PM

මම නම් කියන්නේ සීගිරි ලඳුන් ගැනත් අමුතුවෙන්ම සිතාබැලිය යුතුයි (නි)

:       0       0

නිලානි Tuesday, 29 December 2015 10:04 AM

අනේ මන්දා දැන් මේ ප්‍රශ්නයට මොනවා කරන්නද කියලා (නි)

:       0       0

සකුන්තලා Tuesday, 29 December 2015 10:00 AM

ජනාධිපතිතුමනි, ඔබතුමා සංස්කෘතික ප්‍රශ්නයන් ගැනත් අවධානය යොමුකිරීම ගැන සතුටුයි. එහෙත් ඔබතුමා අවධානය යොමු කළයුතු තවත් ප්‍රධාන ප්‍රශ්න රැසක්ම තිබෙනවා (නි)

:       0       0

සමන්ති Tuesday, 29 December 2015 10:06 AM

මෙච්චර රටේ දැවෙන ප්‍රශ්න තියාගෙන එන්රික්ට විසිකරපු යට ඇඳුම ගැනම පමණක් කතාකරලා වැඩක් නැහැ. (නි)

:       0       0

නවරත්න Tuesday, 29 December 2015 10:10 AM

කවුරු මොනවා කිවුවත් මෙතුමා කියන එක හරි (නි)

:       0       0

ප්‍රීතිකා Tuesday, 29 December 2015 10:05 AM

ඔය වැඩේ සංවිධානය කළේත් ඉතින් රජයේ ප්‍රභලයන්ගේ ප්‍රසාදයට ලක්වුණ අයමනේ! (නි)

:       0       0

නදීෂා Tuesday, 29 December 2015 10:06 AM

රටේ තිබෙන ලොකුම ප්‍රශ්යෙ ඕකද දැන්. ඔය යට ඇඳුම විසිකරපු එකද? ඕවා නෙමෙයිනේ අද රටේ තිබෙන ප්‍රශ්න. (නි)

:       0       0

චමිලා Wednesday, 30 December 2015 05:52 PM

අනේ දෙයියනේ! රටේ හැම දවසකම කාන්තාවක්, ගැහැණු දරුවෙක් දුෂණය වෙනවා. නැත්නම් මරනවා. ලංකාවට මරණ දඬුවම ගේනවා කියලා කිවුවත් දැන් ඒවා මතකත් නැහැ (නි)

:       0       0

රෙක්ස් Tuesday, 29 December 2015 10:16 AM

වහාම මේ සම්බන්ධයෙන් නිසි පියවර ගන්න (නි)

:       0       0

රුවනි Tuesday, 29 December 2015 10:11 AM

මේ අද කාලේ සමහර තරුණ ළමිස්සියන් තියා ඒගොල්ලන්ගේ අම්මලාවත් හදන්න බැරි තරමට රට පිරිහිලා. ඒ නිසා ඉදිරියට ඉපදෙන්න ඉන්න දරුවන් ගැනවත් සිතා යමක් කරන්න උත්සාහ කරනු මැනවි. (නි)

:       0       0

අසංග Tuesday, 29 December 2015 10:13 AM

දැන් තිබෙන එකම ප්‍රශ්නය මේකද ඇත්තට? මේවා කොයි කාලේ ඉඳලාද තිබුනේ? (නි)

:       0       0

කුමාර Tuesday, 29 December 2015 10:40 AM

දුමින්ද කියන දේ ගැනත් හිතන්න වෙනවා තමයි (නි)

:       0       0

අනුරාධ Wednesday, 30 December 2015 09:51 PM

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන්නේ මැද මාවතේ ගමන්කළ සහ ගමන්කරන පක්ෂයක් බව බොහෝ දෙනෙකුට අමතකව ඇති හැඩයි (නි)

:       0       0

සේනක Wednesday, 30 December 2015 10:12 PM

අපේ වීරෝධාර රජ පරපුර අපිට දායාද කළ අවුරුදු 2500 ක උදාර වූ ඒ සංස්කෘතික උරුමය හැරුණුකොට අපේ සංස්කෘතිය මේකයි කියලා පෙන්වන්න අපිට මොනවාද තියෙන්නේ? (නි)

:       0       0

නිම්සරා Tuesday, 29 December 2015 10:55 AM

එතකොට ඔබතුමාට විල්පත්තු විනාශය නොපෙනෙන්නේ එය දේශීය වටිනාකම් සහිත කාරණාවක් නොවන නිසාද? (ම)

:       0       0

ලලිත් Tuesday, 29 December 2015 12:26 PM

ඉතින් නිරුවතින් යන්න බැරි එකට නීතිය කොහොමත් තියනවනේ. තනපටි වීසිකරන එකට විරුද්ධව නීති ගෙනෙන්න පුලුවන්ද? (නි)

:       0       0

සංජීව Tuesday, 29 December 2015 12:38 PM

ඔබතුමා හරි. ඕනෑදෙයක් කරගන්න කියලා නිකන් ඉන්න නෙමෙයි රටේ නායකයා ඉන්නේ. බහුතරය ඔබේ තීරණයට එකඟයි. (නි)

:       0       0

මේනක Tuesday, 29 December 2015 01:03 PM

මේවා මහා දේවල් නොවුණත් හැදෙන ගැහැණු ළමයින්ට හොඳ පුර්වාදර්ශ නෙමෙයි. (නි)

:       0       0

මහින්ද සෞදි Tuesday, 29 December 2015 07:00 AM

මුදල් ඉපයීම සඳහා බටහිර රටවලට යන සමහර අපේ අය මව් රටේ සංස්කෘතිය අමතකකර, බටහිර සස්කෘතිය වැළඳ ගැනීම කණගාටුවට කරුණක්. ඔබේ අදහසට ගරු කරමු. (බ)

:       0       0

මාධවී Tuesday, 29 December 2015 06:56 AM

පහුගිය ජනවාරි 8 දා ඔබතුමාගේ පිටිපස්සෙ හිටි අයම තමයි මේ තනපටයක් අල්ලා ගෙන ගහන්නෙ ජනාධිපති තුමා! (බ)

:       0       0

ටෙෂාන් Tuesday, 29 December 2015 01:05 PM

රටේ සංස්කෘතිය රැකගන්න ඔබතුමා ගන්නා මේ වෙහෙසට අපේ ප්‍රණාමය! (නි)

:       0       0

කමනි Tuesday, 29 December 2015 07:07 AM

ඔබතුමාත් දැන් ෆේස්බුක් එකේමද? (බ)

:       0       0

සෙනරත් Tuesday, 29 December 2015 01:11 PM

මේ රටේ සංස්කෘතිය පිරිහිලා ගොඩක් කල් (නි)

:       0       0

ප්‍රෙමිලා ප්‍රනාන්දු Tuesday, 29 December 2015 07:10 AM

ඔව් ඒක හොඳයි. එත් මීට වඩා ලොකු ප්‍රශ්න ගැනත් හිතන්න ඕනේ. (ර)

:       0       0

ඉසුරන්දි Tuesday, 29 December 2015 01:29 PM

කවුද කෙනෙක් කියනවා රටේ නායකයා මෙවැනි දේට අතදාන එක හරි නැතිලු. අතීතයේ සිට වර්තමානය දක්වා මේ සමාජයේ පිරිහීම් දිහා බැලුවොත් මේවට වගකිවයුතු බලධරයෝ තමන්ගේ මුනිවත රැකගන්න අඩනින්දේ හිටියා මිස එයින් රටට වෙන අයහපත ගැන හිතුවේ නැහැ. එහෙව් එකේ රටේ නායකයාවත් මේ ගැන අවදියෙන් ඉන්න එක මුළු ජන සමාජයටම යහපත් වේවි ඉදිරි අනාගතයේදී. (නි)

:       0       0

ගයාන් දිසානායක Tuesday, 29 December 2015 07:15 AM

බටහිර විලාසිතාවන් ඔලුවට ගහපු සුඵ පිරිසක් ලංකාවෙි ජිවත් වෙනවා මෙම පිරිස නිසි මගට ගත්තේ නැත්නමි රටෙි අනාගය භාරගන්න ඉන්න පරපුර බෙිරා ගැනිමට නොහැකි වෙනවා ඒ නිසා ජනපතිතතුමණි ඔබගේ තිරණයට ලංකාවට ආදරය කරන ජනතාව ඔබ සමග ඉන්නවා. (ර)

:       0       0

උපාලි Tuesday, 29 December 2015 07:16 AM

කතාවෙන් නොව ක්‍රියාවෙන් කර පෙන්වන්න. මොකද ඔබතුමා බොහෝවිට කතා කරනවා පමණයි අපි දකින්නේ. (ර)

:       0       0

ආරියපාල හේවගේ Tuesday, 29 December 2015 07:34 AM

අපි ඔබත් සමගයි. (ර)

:       0       0

දහම් Tuesday, 29 December 2015 07:48 AM

රටේ ප්‍රසිද්ධ ධනපතීන් නත්තල් සාද වල අඩනිරුවතින් නලගණන් යෙදවීම නැවැත්විය යුතුය (කෞ)

:       0       0

මනෝජ් Tuesday, 29 December 2015 07:44 AM

නියමයි. හැම දේකම සීමාවක් තියෙනවා. මේ රට පාලනය කල යුත්තේ වල්මත් වූ අය නොවේ. එහෙම අය ඉන්නවානම් වෙන රටකට යන්න කියමු . (කෞ)

:       0       0

විමල් Tuesday, 29 December 2015 07:50 AM

මෙන්න නියම නායකයෙක්! (කෞ)

:       0       0

නිර්මාල් Tuesday, 29 December 2015 07:58 AM

අපේ රටේ සන්ස්කෘතිය ගැන දැන ගන්න මුලින්ම.(කෞ)

:       0       0

සුරියආරච්චි ස්ටැන්ලි Tuesday, 29 December 2015 02:08 PM

ගොඩක් දෙනා මේ අහිංසකයන් සංගීත සංදර්ශනයේ විනෝදවුණ එකට විරුද්ධව කෑ ගසනවා. ඒත් ලොක්කන්ට මැති ඇමතිවරුන්ට එක විදියක්. සාමාන්‍ය ජනතාවට තවත් විදියක් (නි)

:       0       0

විජිත් Tuesday, 29 December 2015 02:20 PM

නිරුවත කියන එක රටින් රටට සාපේක්ෂයි. පැරිසියේ ෂර්ට් එකක් නැතුව උඩුකය නිරාවරණය කරගෙන සිටීම නීතිවිරෝධියි. නමුත් අපේ රටේ ඕනෑතරම් එහෙම ඉන්නවා. ඒ වගේම රජයට විරෝධය දැක්වීම පිණිස සමහර අවස්ථාවල ප්‍රංශ ලඳුන් නිරුවතින් පෙළපාලි යනවා. ඒ සියල්ලම විශේෂ අවස්ථාවල සිදුවන දේවල් මිස සාමාන්‍ය සිවිල් සමාජයේ කිසිම රටක කිසිවෙක් නිරුවතින් මහපාරේ යන බවක් මම නම් අසා නැහැ. පිටරටවල තිබෙන සමහර සංස්කෘතික සාරධර්ම අපිටත් වැඩිය ඉහළ ඒවායි. සමහර ඒවා අපිට නොගැළපෙනවා යැයි අපිම උපකල්පනය කරගන්නා ඒවායි. කෙසේවෙතත් මේ යන විදියට අපේ රට අයාලේ ගියොත් අපි කොහෙන් නවතීවිද කියලා හිතාගන්න අමාරුයි. (නි)

:       0       0

දුමින්ද Tuesday, 29 December 2015 08:03 AM

රටක සියලු දෙයට රාජ්‍ය නායකයා මැදිහත් නොවිය යුතුය (බ)

:       0       0

රොෂාන් කුමාර Tuesday, 29 December 2015 08:04 AM

දෙයක් වුණාට පස්සේ කතා කරනවාට වඩා එහෙම දෙවල් ඇති නොවන්න වැඩ කළොත් තමයි වඩාත් හොද...අපි ඔබතුමාගෙන් බලාපොරෝත්තු වෙන්නෙත් ඒ වෙනසයි (බ)

:       0       0

දුමින්ද Tuesday, 29 December 2015 08:04 AM

සීගිරි ලලනාවන්ට නපුරු කලක් උදා වේවිද (බ)

:       0       0

සමන්ති Tuesday, 29 December 2015 02:23 PM

මේ ගායකයාට ගෙවූ විදේශ මුදලට වඩා විදේශ මුදලක් මෙම ගායකයා ගෙන්වීමෙන් අපට ලැබෙනවාද? (නි)

:       0       0

සේනක Tuesday, 29 December 2015 02:34 PM

ඔය කියන අන්තර්ජාලයම නේද ඔබතුමා ඔතනට ගෙනෙන්න අතහිත සහ ගැම්ම දුන්නේත්. (නි)

:       0       0

ධම්මි Tuesday, 29 December 2015 08:01 AM

ඒ වගේම ගෝනිබිලි ඇඳුමත් තහනම් කරන්න (බ)

:       0       0

යහම්පත් Tuesday, 29 December 2015 02:40 PM

ගමේ ජීවිතයක් ගතකළ අයට, නගරයේ සිදුවන බොහෝ දේ පිළිකුල් වුණත් නගරයේ ඉපිදී හැදී වැඩී, බටහිර සංස්කෘතිය භාෂාව ඉගෙනගත් නගරයේ කෙල්ලන්ට කොල්ලන්ට මේවා ලොකු දේවල් නොවේ. මෙහි හොඳ නරක තිබෙන්නේ බලන්නාගේ මානසික මට්ටම අනුවය. (නි)

:       0       0

චන්දික Tuesday, 29 December 2015 08:09 AM

ඔබතුමා අපට ආඩම්බරයක්. (බ)

:       0       0

පියල් Tuesday, 29 December 2015 08:07 AM

මොකද මේ හැමෝම බටහිර රටවලට බනින්නේ මම ඉන්නෙත් බටහිර රටක (ජර්මන්) වල මෙහේ කවුරුවත් ඇදුම් නැතුව පාර යන්නේ (බ)

:       0       0

සෑම් Tuesday, 29 December 2015 08:17 AM

කොයි කාගේත් කතාව දෝලාවෙන් ගමන පයින්. (ර)

:       0       0

දහම් Tuesday, 29 December 2015 08:19 AM

ඔබේ පුතා සහ බැණ පනස්දාහේ ටිකට් අරන් මේකට ගියද? නැද්ද? කෙලින් උත්තරයක් ඕනේ.(කෞ)

:       0       0

දිල්රු Tuesday, 29 December 2015 03:05 PM

අනේ මන්ද මෙච්චර ලංකාවේ ප්‍රශ්න තියෙද්දී ඔබතුමා මේ බ්‍රෙෂියර් එකක් ඇදගෙන දගලනවා ... (අ)

:       0       0

තුසිත Tuesday, 29 December 2015 08:27 AM

කතාව හොදයි ක්‍රියා කිරීම ගැන තමා ගැටළු තියෙන්නේ.මේ වෙනකන් කිසිම දෙයක් වෙලා නෑ (ම)

:       0       0

ප්‍රසන්න Tuesday, 29 December 2015 08:26 AM

ඔය කිසි දෙයක් ජනතාව විශ්වාස කරන්නේ නැහැ.කෝ ජනතා පොරොන්දු. (ම)

:       0       0

සඳරුවන් Tuesday, 29 December 2015 08:33 AM

රටේ දැවෙන ප්‍රශ්න තියනවා කරුණාකරලා එවට වීසදුම් දීල ඉන්න. (ර)

:       0       0

තිලක් - දී Tuesday, 29 December 2015 08:35 AM

මෙතන පොඩි පරස් පරයක් තියෙනවා. එත් ඇමරිකාව සහ බටහිර පැත්තේ යන විට ඔය දෙය වෙනවා. පිලිපීනයට අද මොකද වෙලා තියෙන්නේ කියලා බලන්න. අපටම කියලා අපිට ගැලපෙන නීති රීති මාලාවක් අපිට නැත්නම් කියලා වැඩක් නැහැ. (ර)

:       0       0

ප්‍රදීප් Tuesday, 29 December 2015 03:43 PM

ඔබතුමන්ගේ කථාව ඇත්ත. නමුත් මිනිස්සුම තමයි හැදෙන්න ඕන. කොහොම වුණත් ඒ වුණ දේ රටට කැලලක් (බ)

:       0       0

දිලුක් ගුණතිලක Tuesday, 29 December 2015 08:32 AM

ඔබතුමා නායකත්වය දෙන ලංකාවේ ,ළමය් ඇඳුම් නැතුව නටුවේ අද විතරද ?....ඔබතුමාට ,ආණ්ඩුවට,බොහොම ආදරය කරන සුනිල් ලොක්කා තමා මේ සංස්කෘතිය පටන් ගත්තේ ...අනෙක සංවිධානය කළාට කව්ද කිව්වේ යන්න කියලා ,බලෙන් කාවවත් ගෙනිහිල්ලා නැහැනෙ ඔබතුමාගේ බැනාවත් ( ඩිෆෙන්ඩර් ) එවලා ද අරන් ගියේ (බ)

:       0       0

චන්දන Tuesday, 29 December 2015 03:47 PM

අත්තිවාරම සහ ගොඩනැගිල්ල අතැර තිබෙන න්‍යායාත්මක බැදීම හා සමාන හැදියාව චාරිත්‍ර මිනිසාගේ උසස් බව සහ පැවැත්ම තිරිසන් සතුන්ගෙන් වෙන්කර ඇත. මේවා නොදත් අන්දව සීමාසහිත අාසාවන්ට වහල්ව ගැතීව සමහර අයට මේවා තේරෙන්නේ නැහැ. ජාතියේ නායක තුමනි ඔබගේ නිවැරදි තීරණයක් උසස් ලෙස අගය කරමි. (බ)

:       0       0

නුවන් Tuesday, 29 December 2015 08:40 AM

ප්‍රසිද්ද තැන්වල මත් වතුර බීම තහනම් නේද? (ර)

:       0       0

බෙනට් Tuesday, 29 December 2015 03:50 PM

මට නම් පෙනෙන්නේ කුඹුරේ නියරේ ඇවිද්ද වගේ නෙමෙයි (බ)

:       0       0

ඉර්ෆාන් Tuesday, 29 December 2015 04:32 PM

මෙතුමා කියන එක හරි. සංස්කෘතිය සදාචාරය නැත්නම් රටක පැවැත්ම මොකක්ද? (නි)

:       0       0

ගයාන් Tuesday, 29 December 2015 04:27 PM

රටක සංස්කෘතියක් තිබිය යුතුයි. ජනාධිපති හෝ මැදිහත් වී සංස්කෘතියට තර්ජනයක් වන පිරිසගෙන් ළමා පරපුර රැකගැනීම පිළිබඳව සතුටු වියහැකිය (නි)

:       0       0

ලක්විදු Wednesday, 30 December 2015 04:07 PM

පුලුවන්නම් රූපවාහිනී නාලිකා වල යන වැඩක් නැති ටෙලිනාට්‍ය ටික නවත්වා දෙන්න. (නි)

:       0       0

මේනක Tuesday, 29 December 2015 04:54 PM

ඔබතුමා හරි (නි)

:       0       0

ශ්‍රීලාල් Wednesday, 30 December 2015 06:33 AM

අපි බලමු කියනවා වගේම කරනවාද කියලා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අමාත්‍යංශ ලේකම්වරු 17ක් පත් වෙති
2024 සැප්තැම්බර් මස 24 208 0

ජනාධිපතිවරයා විසින් අමාත්‍යාංශ ලේකම්වරු දාහත් දෙනෙක් පත් කර තිබේ.


පොලිස් සහතිකයක් දෙන්න අල්ලස් ගත් සැරයන් රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 24 366 0

අධිකරණයේ විභාග වන නඩුව ගැන සඳහන් නොකර පොලිස් සහතිකයක් ලබාදීම සඳහා පුද්ගලයෙකුගෙන් රුපියල් 5000 අල්ලස්සක් ලබාගත්තේ යැයි කියන පොතුහැර පොලිසියේ සැරයන්වරය


ජනපති අද ජාතිය අමතයි
2024 සැප්තැම්බර් මස 24 2488 0

ජනාධිපති අනුර දිසානායක මහතා අද පස්වරු 7ට ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතය.


එජාප සන්ධානයට පොහොට්ටුව නෑ
2024 සැප්තැම්බර් මස 24 2092 0

එක්සත් ජාතික පක්‍ෂය ඉදිරි මහ මැතිවරණය ඉලක්ක කරමින් ගොඩනඟන සන්ධානයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එකතු නොවන බව එම පෙරමුණේ නායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක


සජසයේ අගමැති අපේක්ෂක සජිත්
2024 සැප්තැම්බර් මස 24 1550 0

ඉදිරි මහ මැතිවරණය සඳහා සමගි ජන සන්ධානයේ අගමැති අපේක්ෂකයා ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස නිල වශයෙන් නම් කර තිබේ.


හරිනි අගමැති ලෙස දිවුරුම් දෙයි
2024 සැප්තැම්බර් මස 24 8462 11

ශ්‍රී ලංකාවේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය ජනාධිපති ලේකම් කාර්යාලයේදී මීට සුළු මොහොත


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 34528 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24006 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 159 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 487 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 217 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site