IMG-LOGO

2025 අප්‍රේල් මස 23 වන බදාදා


නිරුවත් ඡායාරූප පෙන්නා ලක්ෂ 26ක් කප්පම් කාලා

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

පදවි ශ්‍රීපුර ප්‍රදේශයේ පදිංචි  රාජ්‍ය නිලධාරිනියකගේ නිරුවත් ඡායාරූප ඇයගේ සැමියාගේ ජංගම දුරකථනයට  සහ අන්තර්ජාලයට එක් කරන බවට පවසා තර්ජනය කර බියට පත්කර රුපියල් ලක්ෂ 26 කට අධික මුදලක් වරින්වර බලහත්කාරයෙන් බැංකු ගිණුමක තැන්පත් කරගෙන ඇතැයි පොලිසිය කියයි

මෙම පැමිණිලිකාර රාජ්‍ය නිලධාරිණිය කුලියාපිටිය නාරම්වල ප්‍රදේශයේ පදිංචි අයකු සමග  අනියම් සම්බන්ධතාවයක් පවත්වාගෙන යන අතර වාරයේ රාජ්‍ය නිලධාරිණිය ගේ නිරුවත් ඡායාරූප අනියම් සැමියා ලබාගෙන ඇතැයි පොලිසිය කියයි.

සැකකරු 2019 වසරේ සිට රාජ්‍ය නිලධාරිණිය බියට පත්කරවරින් වර මෙම මුදල ඔහු විසින් ලබාදුන් බැංකු ගිණුමක තැන්පත් කරවාගෙන කරවා ගෙන ඇතැයි පොලීසිය පවසයි.

රාජ්‍ය නිලධාරිනිය මේ බව ශ්‍රී ශ්‍රීපුර පොලිසියට පැමිණිලි කරනු ලැබුවාය.

රාජ්‍ය නිලධාරිනිය කළ පැමිණිල්ල අනුව සැකකරු අත්අඩංගුවට ගැනීමට ශ්‍රීපුර පොලීසිය පුළුල් පරීක්ෂණ පවත්වාගෙන යයි.

 



අදහස් (29)

නිරුවත් ඡායාරූප පෙන්නා ලක්ෂ 26ක් කප්පම් කාලා

කිරිපුතා Monday, 13 March 2023 10:45 AM

නීතියක් නැති රටක මේ වගේ තිරිසනුන් කරනම් ගහනවා. දැන් කෝට් කාරයින් එයි පොලිමේ ඔහුව බේරන්න. සල්ලි දෙනව නම් අසූචිත් කන මිනිසුන්

:       14       142

සත්‍ය ගවේෂී.Monday, 13 March 2023 07:10 PM

කිරිපුතාගේ මොළයටම ගැලපෙන බාල බොළඳ නම.. නිකං නොදන්නා දේ කියවන්න යන්න එපා. ඔබට කෝට් එකක් දාන්න සුදුසුකම් නැති වුණාට, උගත්කමට අගෞරව කරන්න එපා. පැමිණිල්ල හා විත්තිය දෙපැත්තටම නීතිඥ සහාය ගන්න පුළුවන්. එය දෙපාර්ශවයේම අයිතිය. ඒත්, විත්තිය වෙනුවෙන් නීතීඥ සහාය ලැබුණත්, මේ අපරාධකරු බේරෙන්නේ නැහැ. ඒ නිසා තමන් නොදන්නා දේ ගැන ඉඟි පළකිරීම නොකරන්න. උගත්කමට ගරහන්න එපා. එය ඔබේ නොදැනීම ප්‍රදර්ශනය කරන අතර, එමගින් ඔබගේ පිරිහීමද සිදුවෙනවා.

:       81       34

චිරන්ත Monday, 13 March 2023 01:13 PM

හරිම දුකයි ඇත්තටම මේ කාන්තාව තරමක් මෝඩ කෙනෙක් කියන්න පුළුවන් නැත්නම් වෙනත් අය කරන්නෙ හොර මිනිහ කලදේට අනෙක් පැත්ත තමයි කොහොම වුනත් තමන්ගෙ නීත්‍යානුකූල සැමියා දුබලතා සහිත අයෙක් වෙන්න පුළුවන්

:       3       47

පිටිගල මිලානෝ Monday, 13 March 2023 01:32 PM

හොද වැඩේ… අපේ ගෑණුන්ටත් ඕක ෆොටාේ ගස්සාගන්නකල් ඉවසුමක් නැහැ. ෆොටෝ ගහන්නම අපූරු දේ…

:       14       62

Prase Monday, 13 March 2023 01:55 PM

මෙහෙම යන ගැහැණුන්ට නියම වැඩක් දුන්නු වැඩ්ඩෙක්...

:       23       45

fairoos Monday, 13 March 2023 01:55 PM

අනියම් පෙමට මෙහෙම වෙලා මදි.. දෙන්නටම දෙන්න ඕනේ මඩු වලිගයෙන් තමයි.

:       24       49

Bunny Preena Monday, 13 March 2023 02:02 PM

මහත්තය රෑට ඒ් විදියට දකින්ට කැමති නැති නිසා පිට කෙනෙකුට පෙන්නට ආස හිතිල කර ගත්තු විනාසයක තරම දැන් තේරෙනවා ඇති. හනේ මෙහෙමහ් මෝ ගෑනියක්.

:       11       76

නන්දන පනා-මිලානෝ Monday, 13 March 2023 02:41 PM

පොටෝ එකේ තියෙන්නේ කරත්තෙකට අහුවුන ගොරකා ලෙල්ලක්ලු….

:       9       63

sampath Monday, 13 March 2023 03:29 PM

මෙ වගෙ දෙකඩි කිසිම මුදලක් දෙන්න එපා ලිංගික අල්ලසක් දෙන්නත් එපා මුල් අවස්තාවෙදිම පොලිසියට හෝ අපරාද පරීක්ෂන දෙපාර්තමෙන්තුවට දැනුම් දෙන්න මෙව ලැජ්ජාව නිසා කියල හන්ගගෙන අමාරුවෙ වැටෙන්න එපා අනියම් පෙම ගෙන අනෙක් අය කනගාටු වෙන්න ඔනෙ නෑ එක ස්වාමිපුරුශයට අදාල කාරනයක් පමනයි.

:       1       64

PODDA Monday, 13 March 2023 03:51 PM

තුන්වෙනි ශික්ෂාපදය කඩලා හොර මිනිස්සු පස්සේ ගිය මේ මනමේ බිසවට හොඳ දඬුවම .රජයේ නිලධාරියෙක් කියන්න ලැජ්ජයි

:       11       60

kamalTuesday, 14 March 2023 12:02 PM

හතරවෙනි ශික්ෂාපදේ කඩන රාජ්‍ය ඉස්කාගාර සංස්ථාවටත් එකේ පාරිබෝගිකයන් ගැනත් ලැජ්ජාවක් ඇත්තෙම නැත්තද?.

:       0       9

prasanna Monday, 13 March 2023 04:58 PM

රටේ නීතියට බනින්නේ නැතිව බිරිඳව සහ ළමා පරපුර හදාගන්න. මේ වගේ සිද්ධීන් සෞදිවගේ දැඩි නීති තියෙන රටවලත් වෙනවා. කරුණාකර ලෝක පුවත් බලන්න.

:       3       38

චන්දිම Monday, 13 March 2023 06:48 PM

කාන්තාවන්ගේ හෝ පිරිමින්ගේ හෝ ලිංගික ආශාවන් සහ අභිලාෂයන් එකිනෙකට වෙනස්. විවිධ මට්ටම්වල තියෙන්න පුළුවන්. ලිංගික තෘප්තිය කියන්නේ කාන්තාවකගේ හෝ මිනිසෙකුගේ අවශ්‍යතාවක් මෙන්ම අයිතියක්. විවාහය කරගන්න කොට එවැනි කාරණා සලකා බලන්න ඕනෑ. නැතුව නිකම්ම විවාහ දිවිය පටන් ගත්තාම කලකදී එක අයෙක් අසහනයට පත්වී තෘප්තිය සොයා ගොස් මේ වගේ කපටින්ට අසුවී අකරතැබ්බයන්ට මුහුණ දීමට සිදුවෙනවා.

:       15       24

Buddika Monday, 13 March 2023 06:49 PM

මේවගේ කාලකණ්ණින්ට තියෙන දඬුවම් ලිහිල් වැඩියි. උපරිම දඬුවම් දිය යුතුයි. කාන්තාවන්ගෙන් ප්‍රයෝජන අරන් මදිවට කප්පම් අරන් තියෙන්නේ පාදඩ විදිහට.. අනිත් අතින් මේ කාන්තාවන්ටත් හොඳ පාඩමක්... තමන්ගේ ස්වාමියා තිබ්බ විශ්වාසය මෙයා විශ්වාස කළා මදිවට හොර මිනිහට නිරුවත් පින්තූර ගන්නත් දීලයි ඉල්ලන් කාලා තියෙන්නේ. දැන් විවාහය තියෙයිද?

:       1       49

ක්‍රිශාන්ත Monday, 13 March 2023 06:50 PM

මෙම පැමිණිල්ල කළ රාජ්‍ය නිලධාරිනියට සිදුවීමට අමතරව පොලිසියෙනුත් විශාල අගතියක් වෙලා කියලා හිතෙනවා.. ඇත්තටම මෙම පුවත මාධ්‍ය වෙතට නිකුත් කිරීම යුක්ති සහගතද දන්න කෙනෙක් කියන්න... මට හිතන්නේ තමන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂාව ඉල්ලුවාම මෙවැනි අගතියක් කිරීම හරීද කියලා දන්නා කෙනෙක් කියන්න..

:       0       54

Samitha Senaka Aluthgamage.Monday, 13 March 2023 07:50 PM

ප්‍රශ්නය පොලිසියට හා උසාවියට ගොස් තිබෙනවා. ඒ නිසා පොලිසියෙන් මාධ්‍ය සඳහා තහනමක් පනවන්නට බැහැ. ඒ වගේම තොරතුරු දැනගැනීමේ අයිතිය මහජනතාවට තියෙනවා. මාධ්‍ය සදාචාරය රැකගෙන පුවත පළකොට තිබෙනවා. ඒ නිසා පැමිණිල්ලට අගතියක් වෙන්නේ නැති බව පෙනෙනවා. ඇතැම් දෙනා අනුකම්පා රහිත කතා කියා තිබෙනවා. ඒවායින් නම්, අසරණ වී නීතියේ පිහිට පැතූ ඇයට අගතියක් වෙන බව සිතෙනවා. එක්තරා ගීතයක අඩංගු " කතා කියන අය සේරම බෝසත්ද? " යන වදන් මතකෙට එනවා. සදාචාරයට සංස්කෘතියට වැරැදි යැයි පැවසෙන නමුත්, ආදරයේ නාමයෙන් ඔහු හා විශ්වාසය තැබූ ඇයට එම අකාරුණික පිරිමියා සිදුකළ දේ ඉතාමත් නින්දිතයි.

:       36       13

චින්තක Tuesday, 14 March 2023 03:38 PM

එතකොට අප්‍රසන්න ජයසූරිය වාර්තා ගන්න පොලිසිය ළගට නැත්නම් ඕඅයිසී ළගට වෙලා ඉන්නවා කවුරු හෝ කෙනෙක් පැමිණිලි කලාම ඒ කවුද මොකක්ද පැමිණිල්ල ඇහුවම තොරතුරු දැනගැනිමේ පනත අනුව ලබාදීම සධාචාරවත්ද.මම හිතන්නේ කෙනෙකුගේ පුද්ගලිකත්වය හා මානව හිමිකම් රැකීම තොරතුරු දැනගැනීමේ පනත අභිබවා යන්න ඕන කියලා කොහොම වුනත් මේ කාන්තාව රාජ්‍ය සේවය අපකීර්තියට පත්කිරීම පොලිසිය විසින් තවත් අපකීර්තියට පත්කර තියෙනවා

:       1       2

Dilantha Tuesday, 14 March 2023 03:45 PM

මෑතකදී බ්‍රිතාන්‍ය අගමැතිට පොලිසිය දඩයක් නියම කර තිබුන එම වාර්තාව පොලිසිය විසින් ඉදිරිපත් කර තිබුනෙ අහවල් ප්‍රදේශයේ පදිංචි පිරිමියකු කියලා විතරයි නමක් තනතුරක් මොකුත්ම නැහැ ඒක රටේ හොද නීතියක් තියෙන බවට ඉගියක් කියලා කියන්න පුළුවන්

:       0       3

PODDA Monday, 13 March 2023 09:02 PM

කසාද බැඳපු රාජ්‍ය නිලධාරිනියක් පරපුරුෂයෙක් සමඟ යහන්ගත වෙන්නේ ආදරයේ නාමයෙන්ද උපන් වලත්තකමද ?

:       1       3

Arafath Monday, 13 March 2023 10:04 PM

උඩ ෆොටෝ එකේ ඉන්නේ විදියට දී ගෙන ඉන්නේ හැබැයි කම්ප්ලේන් එක නං දුන්න කියලා දන් ලංකාවේ ආතල් කෝටියයි

:       1       0

Saman Monday, 13 March 2023 10:32 PM

නත්ථී රාගෝ සමෝ අග්ගි . . . . . රාගය තරම් ගින්නක් වෙන නැත

:       0       6

vidya Monday, 13 March 2023 11:45 PM

අභයතිස්සල, කාගම සිරිනන්දල, කොටුවෙල අාදී මෙකී නොකී දේශකයො බන කියන රටක, මෙවා අහලා මේ අම්මන්ඩිලාගෙ කුලප්පුව නැති කරගන්න බැරිවෙලානෙ.

:       1       1

පිටිගල මිලානෝ Tuesday, 14 March 2023 01:58 AM

18000 ක් මෙපුවත බලලා…. හෙලයෝ කුනු රසයට බොහෝම කැමති බව පෙනෙනවා…

:       2       6

kamalTuesday, 14 March 2023 01:46 PM

වෙනප්පුවේ ඉන්න ඔබයි, ගල්කිස්සේ ඉන්න මමයි, නොබලා හිටියනම් ගාන 1798 යි.

:       3       7

පිටිගල මිලානෝTuesday, 14 March 2023 04:49 PM

පොට්ටයෝ විව්ස් 22300 මේක කොටනකොට.

:       1       7

Prase Tuesday, 14 March 2023 09:43 AM

තම කැමැත්තෙන් ෆෙටොස් ගන්න අවසර දුන්නනම් ඔහුට නිතියෙන් දඩුවම් දීම අසාදාරනයි.

:       3       0

kamalTuesday, 14 March 2023 01:14 PM

පොටෝස් ගන්න දුන්නේ පස්සේ ප්‍රාණ ඇපේට තියාන්ගෙන එකෙන් ගසා කන්නද බූරුවෝ?

:       1       4

වජිර අබේවර්ධන Wednesday, 15 March 2023 07:32 AM

කඩල කඩල කඩල... කොමෙන්ට් කියවන ගමන් කමු.. උනු උනු තම්බපු කඩල.. 100/=, 200/=, 300/= . බඩ ඉරිගු එකක් 200/=

:       0       7

prasad Thursday, 16 March 2023 02:33 PM

යකෝ මෙකෙ කමෙන්ට්ස් ගොඩකම ඉන්නෙ සර්ව සාධාරන අය

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

කුඩ්ඩා මාර්ටින් වික්‍රමසිංහ නිවෙසින් ඉස්සූ රනින් කළ රුවල 7000 විකුණලා
2025 අප්‍රේල් මස 22 1499 0

මහ ගත්කරු මාර්ටින් වික්‍රමසිංහ මහතාගේ පුතා ජීවත් වූ කොළඹ 07 නිවසේ තිබූ රන් ආලේපිත මිල කළ නොහැකි කෞතුක භාණ්ඩයක් වූ රුවල් නැවක් සොරකම් කළේ යැයි කියන සැකකර


රන් පවුමක් 255,000 ක් වෙයි
2025 අප්‍රේල් මස 22 628 0

ලෝක වෙළෙඳපොලේ රත්තරන් මිල ඉහළ යෑමත් සමඟ කොළඹ හෙට්ටිවීදිය රත්තරන් වෙළෙඳපොලේ කැරට් 22 ක රත්තරන් පවුමක මිල අද (22) පස්වරුව වන විට රුපියල් 255,000 ක් දක්වා ඉහළ ගිය


ඇමති වාහන දෙකකට සීමා කරයි
2025 අප්‍රේල් මස 22 940 0

අමාත්‍යවරයකුට පාවිච්චි කළ හැකි රජයේ වාහන සංඛ්‍යාව දෙකකට සීමා කරමින් ජනාධිපති ලේකම්වරයා විසින් චක්‍රලේඛයක් නිකුත් කර ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචි ම


සිසුන් පහරදී සිසුවා මරලා
2025 අප්‍රේල් මස 22 2125 0

පූජාවකට සහභාගි වී සිටි සිසුවකු කඩිහාගම ප්‍රදේශයට රැගෙන ගොස් පහරදීමෙන් බරපත තුවාල ලබා කුරුණෑගල රෝහලේ ප්‍රතිකාර ලැබූ සිසුවා අද දහවල් මියගිය බව පොලිසිය


පාස්කු විමර්ශන වලින් මූලික ගැටලු දෙකක් විසඳා ගත්තා
2025 අප්‍රේල් මස 22 1219 0

පාස්කු ප්‍රහාරය සම්බන්ධව විමර්ශනවලදී නිරාකරණය කරගත යුතු ප්‍රධාන ගැටලු හයෙන් දෙකක් මේ වන විට නිරාකරණය කරගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහත


ඩෑන් ප්‍රියසාද්ට වෙඩි තබයි
2025 අප්‍රේල් මස 22 6221 0

සමාජ ක්‍රියාකරුවකු වන ඩෑන් ප්‍රියසාද් නමැත්තාට මීට සුළු වේලාවකට පෙර නාඳුනන තුවක්කුකරුවකු එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ දැඩි


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 607 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 308 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 464 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site