IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


නොර්වේ කුණු මාළු ලංකාවට ගෙනල්ලා

නෝර්වේ සිට ශ්‍රී ලංකාවට ආනයනය කළ කල් ඉකුත් වූ ලින්නා මසුන් කිලෝ 18480ක තොගයක් රේගු මධ්‍යම විමර්ශන අංශය මගින් ඔරුගොඩවත්ත රේගු අංගනයේ දී අද අත්අඩංගුවට ගනු ලැබීය.

මට්ටක්කුලියේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු විසින් ගෙන්වන ලද මිනිස් පරිභෝජනයට නුසුදුසු මාළු තොගයේ ප්‍රකාශිත වටිනාකම රුපියල් ලක්ෂ 13ක් පමණ වෙතැයි රේගුව කියයි.

මේ පිළිබඳව එම ව්‍යාපාරිකයාගෙන් හා වාප්පු ලිපිකරුගෙන් ප්‍රශ්න කිරීමට නියමිතය.

DSC_0019 DSC_0041 DSC_0051



අදහස් (0)

නොර්වේ කුණු මාළු ලංකාවට ගෙනල්ලා

ලක්ෂි Friday, 28 October 2016 10:55 AM

අපේ මුහුදේ මාළු නැතුවද පිටරටින් ගෙන්වන්නේ...? (නි)

:       0       0

මේනු Sunday, 30 October 2016 03:45 AM

ඒගොල්ලන්ට අලුත් මාළු යවන්න. අපිට පරණ මාළු කවන්න. තව කොච්චර කාලයක් ඔලුවට අත හෝදන එක නතර වෙනකන් බලන් ඉන්න වෙයිද? ජාතික ගීය භාෂා දෙකකින් ගායන කරන මානසිකත්වය තියෙන රටකට කුණු මාළු කැව්වට මොකද වෙන්නේ කියල හිතනවා ඇති?(බ)

:       0       0

උපුල් Friday, 28 October 2016 11:02 AM

මේක මොන වගේ රටක්ද? රට වටේම මුහුද (නි)

:       0       0

ඉසුරන්දි Sunday, 30 October 2016 04:43 AM

රටේ වටේ මාළු තිබ්බයි කියලා අඩුම තරමේ අපිට අඩු මිලකට මාළු කෑල්ලක් මාළු ලෑල්ලකින් ගන්න පුළුවන්ද. මෙතන මාළු ගෙන්නන එක නෙමෙයි ප්‍රශ්නේ. කුණු කොල්ලෙට ජරාව රටතුලට ගෙන්වන එකයි ප්‍රශ්නේ. (බ)

:       0       0

රවී Friday, 28 October 2016 11:09 AM

රට වටේට මුහුද තියාගෙන කොමිස් ගන්න මන්ත්‍රීලා ව්‍යාපාරිකයෝ අල්ලාගෙන රටේ බදු ගෙවන මහජනතාවට කවන්න කුණුමාළු ගෙන්වන අයට හොඳක් නම් වෙන්න එපා (නි)

:       0       0

සුසන්ත Friday, 28 October 2016 11:12 AM

කින්බෙනට් කියන දේ තමයි කරන්න ඕනෑ (නි)

:       0       0

කමල් Saturday, 29 October 2016 03:05 AM

කුඩු, එතනෝල් ගෙන්වනකොට නම් කවුරුත් සද්ද නැහැ (නි)

:       0       0

ලංකා Friday, 28 October 2016 11:32 AM

මොනවාද මේ විහිළු? යුරෝපයට අපේ හොඳ මාළු අඩුගානට විකුණලා එහෙ කුණුමාළු අපට කවන්නේ? (නි)

:       0       0

Friday, 28 October 2016 11:37 AM

අපරාදේ! උන්ට උන්ගේ ජීවිතත් නැහැ (නි)

:       0       0

ශාන්ත කටාර් Saturday, 29 October 2016 04:16 AM

ලංකාවට පිටරටින් මාළු ගේනවා කියලත් දන්නේ අදයි, පත්තරේට පින්සිද්ධ වෙන්න (නි)

:       0       0

පිටබැද්දර ජයා Friday, 28 October 2016 11:46 AM

රට වටේම මුහුද වෙලත් පිටරටින් මාළුත් ගෙන්වනවද? (නි)

:       0       0

අශෝක Friday, 28 October 2016 12:52 PM

මෙච්චර මාළු පිටරට වලටත් යවන රටට මෙහෙමත් මාළු පිටරටින් ගේනවද? ජයසිරි, ඇපල් විතරක් නෙමෙයි, අර්තාපල් පවා මෙහෙ අවුරුද්දක් පමණ ශීතකරණවල තියලා තමයි වෙළඳ පොළට දාන්නේ. (නි)

:       0       0

කාමිණි කෞශල්‍යා Friday, 28 October 2016 12:59 PM

ඔය අධ්‍යක්ෂ ජෙනරාල්ව පොදු අපේක්ෂකයා කරලා දාමුකෝ (නි)

:       0       0

රොකී Friday, 28 October 2016 01:06 PM

ඕවා ටින් වල අහුරලා `ප්‍රොඩියුස් ඔෆ් ශ්‍රී ලංකා` කියල ලේබල් ගහලා ඒ රටටම අපනයනය කළොත් නරකද? ඒ රටෙත් අපේ වගේ ලෝක හොරු හිටියොත් යමක් කරගන්න බැරිවෙන එකක් නැහැ. (නි)

:       0       0

පෙරේරා Friday, 28 October 2016 01:18 PM

ලංකාවේ මාළු පිටරට යවනවා නේද කිව්වේ? දැන් පිටරටින් ලංකාවට ගේන්නද යුරෝපා මත්ස්‍ය තහනම ඉවත් කළා කියලා බෙරිහන් දුන්නේ. (නි)

:       0       0

ප්‍රසන්න Friday, 28 October 2016 02:31 PM

ශ්‍රී ලංකා රේගුවේ වැඩ ඇත්තෙන්ම ප්‍රශංසනීයයි (නි)

:       0       0

උදාර Friday, 28 October 2016 02:46 PM

අපේ ලංකාව නම් කවදා ගොඩයයිද දන්නෙ නැහැ (නි)

:       0       0

බමුණුඅාරච්චි Saturday, 29 October 2016 06:59 AM

කමල් කුඩු, එතනෝල් කව්රුහරි පාවිච්චියට ගන්නවා කුනුමාලු ගන්නේ කව්ද? ඔබ ගන්නවද? (අ)

:       0       0

ප්‍රසන්න Saturday, 29 October 2016 09:43 AM

රට වටේටම මුහුද තියාගෙන මාළු රටින් ගෙන්න අපේ වගේ රටක් ලෝකේ කොහෙවත් නෙටුව ඇති (අ)

:       0       0

ජයසිරි Friday, 28 October 2016 08:00 AM

නැවත අසුරන්න විතරනේ තියෙන්නේ, ඇයි අැපල් ගැන හොයන්නේ නැත්තේ, අවුරුද්දක් විතර වෙළද පොලේ තියෙනවා, ගහෙන් කැඩුවට පසු. මාස තුනයි උපන්න රටේ , මාස 12 ක් අනිත් රටවල වෙලදපොලේ. (බ)

:       0       0

අබේරත්න Friday, 28 October 2016 08:13 AM

ඕවා ගෙන්නපු ව්‍යාපාරිකයාගේ පවුලටම ඕවා කවන්න තියෙන්නේ....(බ)

:       0       0

අජන්ත Friday, 28 October 2016 06:51 PM

අපි මේවා කරවල කරලා පාවිච්චියට ගනිමු (නි)

:       0       0

ඉසුරු Friday, 28 October 2016 08:43 AM

රේගුව මේ වගේ වැඩ වලට ගොඩක් මහන්සි වෙනවා. ඔබතුමන්ලගේ සේවයට ස්තුතියි (බ)

:       0       0

කින් බෙනට් Friday, 28 October 2016 07:15 PM

පුළුවන්නම් කරන්න තියෙන්නේ ව්‍යාපාරිකයාගේ බිරිඳට කියා ඔය මාළු තොගයම උයවා ව්‍යාපාරිකයාට සහ වාප්පු ලිපිකරුට කන්න සළස්වන එකයි (නි)

:       0       0

ලංකා Saturday, 29 October 2016 12:10 AM

අපිට ලැබුනොත් ඉතින් ඔහොම දෙයක් තමයි (නි)

:       0       0

බමුණු ආරච්චි Saturday, 29 October 2016 12:26 AM

නෝර්වේ රට අපිට දුන්නොත් කුණු මාළුම තමයි (නි)

:       0       0

රූබි Friday, 28 October 2016 10:13 AM

දන්නේ නැති නිසා අහන්නේ. රට වටකර මුහුද තිබෙනකොට මන්ද පිටින් මාළු ගෙනෙන්නේ. (නි)

:       0       0

පීරිස් Friday, 28 October 2016 10:36 AM

රට වටේම මුහුද. පිටරටින් මාළු. කාට කියන්නද මේවා. අපේ මාළුයි හරි නම් නෝර්වේ රටට විතරක් නෙමෙයි මුළු යුරෝපයටම යැවිය යුත්තේ. (නි)

:       0       0

සකුන්තලා Friday, 28 October 2016 10:49 AM

රට වටේට මුහුද තිබුණට ඒවායේ ඉන්න මාළු ඉන්දියාවට පිනට අල්ලගන්න දීලා, අපි නෝර්වෙන් මාලු ගෙන්නමු. (නි)

:       0       0

ප්‍රදීප් Friday, 28 October 2016 10:51 AM

රේගුව මේ වගේ වැඩ වලට හරියට මහන්සිවෙනවා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ගුරුසෙතට විද්ද ගුරුවරියක මාට්ටු
2024 ඔක්තෝබර් මස 10 562 0

මහජන බැංකුව මගින් හඳුන්වා දී ඇති ‘‘ගුරු සෙත‘‘ ණය යෝජනා ක්‍රමයෙන් අවස්ථා 26 දි රුපියල් 42,055,000/= මුදල වංචා කිරීමේ සිද්ධියේ මහා මොලකාරිය බව කියන කොළඹ බාලිකාව


එජාප අපු‘ර සංවිධායක හදිසියේ මිය යයි
2024 ඔක්තෝබර් මස 10 1118 0

එක්සත් ජාතික පක්ෂ අනුරාධපුර දිස්ත්‍රික් ප්‍රධාන සංවිධායක හිටපු අමාත්‍ය ඩබ්ලිව්. බී.ඒකනායක මහතා නිවසේ නාන කාමරයේ වැටී ජීවිතක්ෂයට පත්ව සිටි බව අනුරාධ


කන්තලේ ’’සීනි ඉඩම්’’ අක්කර 11000ක් ගොවීන්ට
2024 ඔක්තෝබර් මස 10 719 0

කන්තලේ සීනි සමාගමට අයත් ඉඩම් කොටස්වලින් අක්කර 11,000ක් කෙටිකාලීන බෝග වගාවන් සඳහා ගොවි ජනතාවට ලබා දෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට අද (


පොලිස් නිලධාරියෙක් - සිවිල් ආරක්ෂකයෙක් දඩයමේ ගිහින් මාට්ටු
2024 ඔක්තෝබර් මස 10 249 0

මාදුරුඔය ජාතික වනෝද්‍යානය හේනානිගල සිට දෙහිඅත්තකණ්ඩි දක්වා අද සවස 6.30 ට වෑන් රථයකින් මස් තොගයක් ප්‍රවාහනය කරමින් සිටි දෙහිඅත්තකන්ඩිය පොලිසියේ නිලධාර


අහන්නෙ නැතුව ජනපති ඡායාරූප පාවිච්චිය තහනම්
2024 ඔක්තෝබර් මස 10 1186 0

විවිධ උත්සව සඳහා සමරු ඵලක හා විශේෂ සමරු කලාප සඳහා ජනාධිපතිවරයාගේ ඡායාරූප මෙන්ම පණිවිඩ පළ කිරීමට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලිඛිත අවසරයක් ලබා ගන්


පලස්තීන වීසා සීමා ලිහිල් කරන්නැයි තානාපති ජනපතිගෙන් ඉල්ලයි
2024 ඔක්තෝබර් මස 10 810 0

ලංකාව සහ පලස්තීනය අතර වීසා සීමාවන් ලිහිල් කිරීමට කටයුතු කරන්නැයි ලංකාවේ පලස්තීන තානාපති හිෂාම් අබු තාහා මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39780 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25847 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 80 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 387 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1253 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site