IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


නොර්වේ ජාතික නිවසක් කොල්ලකයි

වැල්ලවත්තේ පීටර්සන් පාරේ නිවසකින් ක්‍රෝනර ලක්ෂයක් (රුපියල් විස් එක් ලක්ෂයක් පමණ) සහ රන් ආබරණ පැහැරගෙන ගියැයි කියන පිරිසක් සොයා පරීක්ෂණ අරඹා ඇතැයි පොලිසිය කියයි.

එම නිවස හිමිකරු නෝර්වේ පුරවැසිකම ලබා සිටින ශ්‍රී ලාංකිකයෙකි.

ඔහු පැවසුවේ වසර නවයකට පසු තම පවුලේ සාමාජිකයන් 13 දෙනකු ශ්‍රී ලංකාවට පැමිණි බවයි.

අද අලුයම තුනට පමණ අවි පෙන්වා කොල්ල කෑ රන් බඩු ඇතුළු භාණ්ඩවල වටිනාකම රුපියල් ලක්ෂ පහනක් පමණ බව ඔහු කියයි.

මෙම කොල්ලය හොඳට සැලසුම් කර ඇති බව පෙනේයැයි ඔහු පවසයි.



අදහස් (0)

නොර්වේ ජාතික නිවසක් කොල්ලකයි

බින්දු Monday, 11 August 2014 11:21 AM

මේ පවුල ගැන යමක් දන්නා අය සම්බන්දයි වාගේ. (නදී)

:       0       0

නීල් Monday, 11 August 2014 11:21 AM

තිරිසනෙකුට උනත් කරදරයක් සිදු උන විට ඒ ගැන සතුටු වන එකා මහම තිරිසෙනෙක්. (නදී)

:       0       0

නිෂේන් Monday, 11 August 2014 11:30 AM

අනේ මන්දා නිවාඩුවකට ලංකාවට එනකොට ඉන්න රටේ තොවිලයක් නටලා ආරක්ෂාවට නුල් බැඳගෙන එන්න වේවි වගේ.(නදී)

:       0       0

ජිලෝ Monday, 11 August 2014 11:39 AM

මමත් කියන්නේ මේ සම්බන්ධව නෑදෑයන් ගැන විශේෂ අවධානයක් යොමු කලොත් හොඳයි කියලා. ඒ මොකද අපි රට ඉඳලා නිවාඩුවට එනවා කිවොත් ඒගොල්ලන්ගේ නිවාස හදා ගැනීමේ ප්‍රශ්න, දරුවන්ගේ දෑවැදි ප්‍රශ්න , වාහනයක් නැති අඩුව ආදී ලක්ෂ ගණන් වැයවෙන අවශ්‍යතා රැසක් එක පාරටම මතු වෙනවා. ඒවා ඉෂ්ඨ කරන්න අපි ජීවිත කාලයම පිටරට කැඹුරුවත් මදි. (නදී)

:       0       0

භානු Monday, 11 August 2014 11:47 AM

අපේ ගමෙත් පිටරට ඉඳලා නිවාඩුවකට ආපු කෙනෙකුගේ ලැප්ටොප් එකේ සිට බැංකු කාඩ් පත් දක්වා සොරාගෙන ගොස් තිබුනා. අන්තිමට බලනකොට එයාගෙම නංගිගේ තරුණ පුත්‍රයා . මාමා පිටරට සිට එන බව දැනගෙන වැඩේ තව දෙන්නෙක් එක්ක සංවිධානය කරලා. හැබැයි ඉතින් නංගි කොහොම හරි කාරනාව ගොඩින් බේරා ගත්තා. උඩ බලාගෙන කෙල ගහන්න බැහැ යන තර්කය අයියාට කියලා. (නදී)

:       0       0

සුගුනවති Monday, 11 August 2014 12:39 PM

මම නම් එන්න බලාපොරොත්තුවක් නැහැ මේ වගේ අය ඉන්න රටකට. (නදී)

:       0       0

ගාමිණි Monday, 11 August 2014 12:52 PM

ස්ත්‍රී දුෂණ ,මංකොල්ල කෑම,සහ මිනි මැරුම් ,පිලිබඳ රජය තවමත් නිහඩ ඇයි ?(දිල්)

:       0       0

සුනිල් විමලසුරිය Monday, 11 August 2014 01:32 PM

අසේල මෝඩ කතාවක් තමයි කිව්වොත් කියන්නේ (නදී)

:       0       0

තරිදු Monday, 11 August 2014 02:50 PM

කුඩු භාවිතය වැඩි වෙන විට අපරාධ වැඩි වෙනවා.(දිල්)

:       0       0

සත්‍යයා Monday, 11 August 2014 04:37 PM

මේ තරම් විදේශ මුදලක් අවසර ඇතුවද රට ඇතුළට ගෙන ආවේ? රත්තරන් මේ තරම් ළඟ තියාගෙන ඉන්නකොට හා නෝර්වේහි පුරවැසිකම දී මෙහාට නිවාඩුවට එවනකොට අපිට යමක් හිතාගන්න පුළුවන් (නි)

:       0       0

ඉසුරන්දි Tuesday, 12 August 2014 08:24 AM

විදේශයකට ගිහින් දහදුක් විදලා යමක් උපයාගෙන ආවම එ්කටත් විදින්න කට්ටිය බලාන ඉන්නවා. ඉතින් කොහොමද ලංකාවේ ජිවත් වෙන්නේ බයෙන් සැකෙන් තොරව. (නදී)

:       0       0

චමින්ද Monday, 11 August 2014 10:23 AM

රට ඉදන් එන බව දන්නා, නෑදෑයන් ගැන පොඩ්ඩක් හොයලා බලන්න. (දී)

:       0       0

පුෂ්පසිරි අල්විස් Monday, 11 August 2014 10:27 AM

ආසියාවේ ආයිශ්චාර්ය කියන්නේ මේවට . නිවාඩුව ගතකරන්න ආවත් . නිවාඩුවක් නොවීම . (දී)

:       0       0

චමින්ද Tuesday, 12 August 2014 08:37 AM

රුපියල් විසි එක් ලක්ෂය පවුලේ සාමාජිකයන් 13 දෙනාගෙන් බෙදුවහම, ගෙනාපු ගාන නීතියට පටහැනි නැහැ. එක්කෙනෙකුට ලක්ෂ දෙකකට කිට්ටු වෙන ගානක් වැටෙන්නේ. (නදී)

:       0       0

ඇසළ Monday, 11 August 2014 10:28 AM

නොර්වේ අපේ හිතවතෙක් නොවේ. අපේ හතුරෙක්. උපන් රට පාවාදීලා ගන්න ඇති එහෙ පුර වැසි භාවය. මංකොල්ලකෑම් අනුමත නොකලත් මේක අනුමත කරමි. (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති කොළඹ පොත් ප්‍රදර්ශනයට යයි
2024 සැප්තැම්බර් මස 28 157 0

කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ 25 වන වරටත් පැවැත්වෙන ’’කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය’’ සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක


පැන්ෂන් ජනපතිලා නඩත්තුවට වසර 3ට කෝටි 27ක් පුදලා
2024 සැප්තැම්බර් මස 28 2047 3

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, මෛත්‍රිපාල සිරිසේන යන හිටපු ජනාධිපතිවරුන් සිවුදෙනා සහ ජනාධිපති රණසිංහ ප්‍රේමදාස ම


ඇමතිවරුන් තිදෙනාට අයිති ආයතන මෙන්න
2024 සැප්තැම්බර් මස 28 2296 2

අමාත්‍යවරුන්ට පැවරෙන ආයතන විෂයන් සහ කාර්යයන් ඇතුළත් ගැසට් නිවේදනය අද නිකුත් කරනු ලැබීය.


හිඟ ආදායම් බදු ගෙවන්න සඳුදා තෙක් කල් දෙයි
2024 සැප්තැම්බර් මස 28 2984 1

2023/ 2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු ගෙවිය යුතු සෑම තැනැත්තෙක්ම එම තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලුම ආදායම් බදු සැප්තැම්බර් 30 දිනට හෝ එදිනට පෙර ගෙවා අ


හමුදා නිලධාරියාගේ රියේ ගැටුනු අයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 28 1306 1

කොළඹ - මහනුවර මාර්ගයේ යක්කල නගරය ආසන්නයේදී සිදුව ඇති රිය අනතුරකින් යතුරු පැදියක ගමන් ගත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව යක්කල පොලීසිය සඳහන් කරයි.


නඩත්තුවකට පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය තාවකාලිකව වැසේ
2024 සැප්තැම්බර් මස 28 281 0

නඩත්තු කටයුත්තක් හේතුවෙන් කැළණිවැලි දුම්රිය මාර්ගයේ පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය හෙට (29) උදේ 8.30 සිට සවස 5.30 දක්වා කාලය තුළ තාවකාලිකව වසා දැමීමට දුම්රි


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37880 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24965 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 233 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 755 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 270 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site