IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


නූරි පාතාලයේ තවත් ඝාතන

දැරණියගල  නුරියවත්තේ  පාතාලය  මර්දනය වි ඇතැත්  අපරාධකරුවන් යළි පැමිණියහොත්  දරුණු දේ සිදුවිය හැකියැයි  එහි පදිංචිකරුවෝ කියති.

දැරණියගල නුරිවතු යායේ  වතු අධිකාරි නිහාල් පෙරේරා ඝාතනයේ සැකකරුවන් හඳුනාගැනීමේ පෙරට්ටුව ලබන 29 වැනිදාට කල් යෑමත් සමග  ඒ පිළිබද තොරතුරු සොයා බැලීමට හා ගම්මානයන්හි ජනතාව මෙතෙක් මුහුණ දුන් ගැටලු පිළිබදව තොරතුරු සොයා බැලීමට ගිය අපට ඔවුන් පැවසුයේ මෙවැන්නකි.

ඔහු මරා දැමූයේ ජූලි 5 වැනිදාය. හිටපු ප්‍රාදේශීය සභා සභාපති අනිල් චම්පික විජේසේකර නොහොත් අතකොටා ඇතුළු 21 දෙනක් සැකපිට අත්අඩංගුවට ගනු ලැබ සිටිති.

 ‘මේ සියලුදේ සිදුවන්නේ  දැරණියගල රජකරන මැරයන්ගෙන් බවත් නුරිය වත්තේ ගම්වල ජීවත් වන අහිංසක ගැමියන්ට ඔවුන් බොහෝ හිරිහැර කරන බවත්  ග්‍රාම සංවර්ධන සමිතියේ හා කුඩා තේ වතු  සමිතියේ සභාපති  බී එච් සිරිපාල මහතා  පැවසීය.

මැරයන්ගේ තර්ජනයන්ට ලක් වු නුරීවත්තේ   මුනියන්ඩ්  සෙවනම්මා සිය අත්දැකිම් මෙසේ  කීවාය.

 ‘මගේ දරුවන් තුන්දෙනාම මැරුවේ  පාතාලයට සම්බන්ධ මිනිහෙක්. ඉස්සෙල්ලාම මැරුවේ  මගේ දෙවැනි පුතා  මුත්තුකුමාර් ගනේෂ්  එයා ගොළුයි.එයා කොට පටවන්න ගිහින්  හිටියේ, එතැනදී ගහලා මරලා පස්සේ මීනීමරුවා ඇවිත් මට රුපියල් දෙදහක් දීලා කිව්වා  මේ ගෙදරින් යන්න  නැත්තම් මරනවා කියලා.

 ඒ වගේම ලොකු පුතා  විජය කුමාර්වත් එයාලම එක්කන් ගිහින්  කසිප්පු පොවලා හොදටම ගහලා  කොන්ඩෙත් කපලා සමුපකාරේ ලගට ගෙනත් දාලා තිබුණා.දුව මරලා දැම්මෙත් ඒ අයම තමයි. දැන් ඉන්නේ මිනිබිරි මායි විතරයි.

ඔවුන් රෑට ඇවිත්  බය කරනවා මරනවා කියලා තර්ජනය කරනවා නිදා ගන්නවත් නෑ. දවස් ගාණනකින් කෑමත් නෑ . දැන් අපට යන්න එන්න තැනකුත් නෑ’

නුරිය වත්තේ මල්ලි අම්මා  මහත්මිය (31) මෙසේ කීවාය

‘අපේ ජීවිතවලට මොවුන් හරියට කරදර කළා ,එයාලාගේ කසිප්පු පෙරන්න ගියේ නැත්තම්  ගෙදරට කට්ටියටම ඇවිත් ගහනවා .දැන්නම් අපි නිදහසේ ඉන්නවා .අපි ඉල්ලන්නේ  ආපහු නුරි වත්තට ඔවුන් එවන්න එපා.’

 නුරි වතු යායේ කෝවිලේ ප්‍රධාන පුජක කාණ්ඩවල්  පෙවෙන්දු  කුරුක්කල් තුමා (50)  මෙසේ කීය.

 ‘මම මේ වතු යායට ඇවිත් අවුරුදු  11 ක් වෙනවා  ඒ වෙද්දිත් මේ මිනිසුන්ට ටික ටික මේ කරදර තිබුණා.මේ සිදුවීමෙන් පසු ඔවුන් ගමේ නැති නිසා  දැන් තමයි අපි සැනසීමෙන් ගමේ ඉන්නේ .ඔවුන් මටත් පහරදීමි සිදු කරලා තියෙනවා ඔවුන්ගෙන් ලී වගයකත් අරගත්තේ නෑ කියලා.මම පොලීසියේ පැමිණිල්ලකුත් දැම්මා නමුත් නීතීය ක්‍රියාත්මක වුනේ නෑ හරියට.අපි ඉල්ලන්නේ ගමේ ආරක්ෂාවට පොලිස්  හෝ හමුදා ආරක්ෂාව ලබාදෙන්න පිළිවෙලක් යොදන්න කියලා  එහෙම නොවුනොත් නැවතත් අපට මේ කරදර විදින්න සිදු වෙවි ඒ වගේම විසි හතර පැය පුරාම බයෙන් ඉන්න වෙන්නේ ’

 නුරිවත්තේ එම් වී වසන්තා මහත්මිය

‘මගේ මහත්තයා දෙයාවත්තේ 110 ඩී කොටසේ හිටපු ග්‍රාම නිලධාරී වශයෙන් වැඩ කරද්දි  ඒ අයගේ මිනිස්සු දවසක්  හොදටම ගහලා තිබුණා. එයා අසනිප තත්ත්වයෙන් හිටියේ ඒ ගැනවත් බලලා තිබුණේ නෑ. ගමට විශාල කරදරයක් වෙලා තියෙන මොවුන්ට නිදහස ලබා නොදෙනවනම් මේ හැමදෙනාටම සතුටින් තමන්ගේ වැඩක් කැර ගෙන ඉන්න පුලුවන් වෙයි මේ සිදුවීම හරහා ගමේ මිනිසුන්ට ඒ ගැන කතාකරන්න අවස්ථාවක් ලැබී තිවබනවා නැත්තම් හැම කාරණාවක් වගේම මේ සිදු වීමත් වැළලී යන්න  ඉඩ තිබුණා,

 



අදහස් (0)

නූරි පාතාලයේ තවත් ඝාතන

තුෂාර Friday, 26 July 2013 11:57 AM

සබරගමුවේ ඉන්න මහා පාලක කෙනෙක් තමයි අවුරුදු 10ක් මේ පාතාලය ආරක්ෂා කලේ, තමන්ගේ තනතුර රැකගන්න. මේ හැමදේටම වග කියන්න ඕනෑ ඔහුයි. (නි)

:       0       0

බුද්ධික Friday, 26 July 2013 12:40 AM

මුන්ගේ වෙලාවට වාස් මහත්තයත් ඇතුලෙනේ. මේ වගේ වෙලාවට තමයි උන්දැගෙ වටිනාකම තේරෙන්නේ.(නදී)

:       0       0

නිහාල් සමරවික්‍රම Friday, 26 July 2013 01:09 AM

ආරක්ෂක ලේකම් තුමනි, එල්.ටී.ටී පරාජය කළ ඔබ මේ දේශපාලන පාතාලයට යට නොවන්න. ඔබ දේශපාලඥයෙකු නොව රාජ්‍ය තන්ත්‍රෙය් පරණම නිලධාරියෙකි.(නදී)

:       1       0

රොෂාන් Friday, 26 July 2013 12:21 PM

මමත් දියසේනගේ යෝජනාව අනුමත කරනවා. (නි)

:       0       0

රංජන් Thursday, 25 July 2013 05:53 PM

මේ පළාත් වෙනම රටක වගෙයි කියලයි මට නම් හිතෙන්නේ (නි)

:       0       0

රන් හොටේ Friday, 26 July 2013 02:12 AM

මේ සේරම ගෝල බාලයෝ සබරගමුවේ ඉන්න ලොක්කෙක්ගෙලු නේ නේද?(නදී)

:       0       0

රෝහණ සල්ගාදු Friday, 26 July 2013 02:24 AM

එහෙම තමා දුප්පතුන් නැති කරන අලුත් ක්‍රමය.(නදී)

:       0       0

සමන් Thursday, 25 July 2013 05:56 PM

ඔබ හරි රන්ජන්. නැත්නම් මේවා බලන්න අපේ රටේ ආණ්ඩුවක් නැද්ද. (නදී)

:       0       0

උදාර Friday, 26 July 2013 02:32 AM

ඩී.අයි.ජී වාස් ඔබ නැති අඩුව මට දැනේ.(නදී)

:       0       0

සිල්වා Thursday, 25 July 2013 06:01 PM

බලපිටිය රත්ගම හොදයි මීට වැඩිය බලනකොට (නි)

:       0       0

සිසිර Thursday, 25 July 2013 06:06 PM

අත්කොටා ඇතුළු දැරනියගල සියලුම දේශපාලන මැරයෝ මේ මුළු පැත්තම කනවා. (නි)

:       0       0

සිද්දීක් Friday, 26 July 2013 03:13 AM

මලිගාවත්තේ මිනිහෙක්ව පාතාල නායකයා කියලා මරලා දැම්මා නේද? නමුත් ඒ මිනිහටත් වැඩිය සිය ගුනයක් මිනීස්සු මරපු අය ඉන්නේ දැරණියගලනේ. ඒවා මෙච්චර කල් පෙනුනේ නැත්තේ ඇයි? (නදී)

:       0       0

හප්සාල් Thursday, 25 July 2013 06:12 PM

මේ වගේ අය මට්ටු කරන්න නීතිය ක්‍රියාත්මක උනේ නැත්තම් සාමාන්‍ය ජනයා නීතිය අතට ගත්තට කමක් නැහැ. මේ අයට වෙස් මුනක් දාගෙන ගිහිල්ලා දෙන්න තියෙන්නේ අත පය කැඩෙන්න.(නදී)

:       0       0

බමුණු Friday, 26 July 2013 03:35 AM

දේශපාලකයාගේ නම "අත කොටා" ඉතින් තව මොනවද?(නදී)

:       0       0

අප්පු Thursday, 25 July 2013 06:15 PM

මම මුළු කතාවම දැනගත්ත පත්තරෙන්. අපි බලමුකෝ ලංකාවේ නීතිය ක්‍රියාත්මක වෙන හැටි. (නදී)

:       0       0

සචී Thursday, 25 July 2013 06:16 PM

මම නම් කියන්නේ මේකට ලොකු දේශපාලන හස්තයක් තියෙනවා.වහාම මේ ගැන සොයාබලා දඩුවම් දියයුතුයි. (නි)

:       0       0

ටිරෝන් Thursday, 25 July 2013 06:24 PM

අනේ කාලේ වනේ වාසේ! (නි)

:       0       0

ද සිල්වා Friday, 26 July 2013 04:00 AM

මේ අපරාද කාරයෝ ඇප පිට නිදහස් වෙලා ඇවිල්ලා සාකිකාරයෝ මරලා හරි එලවලා හරි දාවී. එතකොට නඩුව නිකම්ම විසි වේවි. මේ ප්‍රශ්නේ විසදන්න පුළුවන් එකම පොලිස් නිලධාරියා තමයි වාස් මහතා. එතුමාට මේ ප්‍රදේශය මාස 3 කට බාර දුන්න නම් , මේ ගම් වැසියන්ව බේර ගන්න තිබුනා.(නදී)

:       0       0

ශානිකා Thursday, 25 July 2013 06:28 PM

මේ පළාත කිසිම පොලිසියකට අයිති නැති පළාතක් වෙන්න ඇති. මේ රටේ බලදාරියෝ මීට වඩා ඇස් කන් විවර කරගෙන වැඩ කලානම් හොදයි නේද? (නි)

:       0       0

පිටිගල Thursday, 25 July 2013 06:32 PM

ප්‍රතිචාර දක්වන්න කාලය වැය කරලා වැඩක් නැහැ.අපි මේවා ගැන කොච්චර කතා කළත් පලක් නැහැ (නි)

:       0       0

ද සිල්වා බෙර්ලින් Friday, 26 July 2013 01:30 PM

ප්‍රසාද් ගේ අදහස සම්පුර්ණ ඇත්ත. අපරාධ කරුවන් තමන්ගේ මිනිස්සු කියමින් නොසලකා හරිනවා නම් එය රට සංවර්ධනය කිරීමක් නොවෙයි. අධිවේගී මාර්ග, වරායවල්, ගුවන්තොටුපොළ වල් කොපමණ තිබුනත් බයක් නැතුව ජනතාවට ජිවත් වෙන්න බැරිනම් වැඩක් නැත.(නදී)

:       0       0

දයාරත්න Friday, 26 July 2013 06:18 AM

මේවට ක්‍රියාත්මක නොවුනු පොලිස් නිලදාරින්ට දඩුවම් කරලා සේවයෙන් නෙරපා දමන්න.(නි)

:       0       0

නිහාල් Thursday, 25 July 2013 06:41 PM

ගරු ආරක්ෂක ලේකම්තුමාගේ අවදානයට යොමු වේවා. (නි)

:       0       0

සාදි Thursday, 25 July 2013 06:40 PM

මට දැනගන්න ඕනෑ මෙන්න මේක විතරයි.දැරනියගලට පොලිසියක් ඇත්තෙම නැද්ද? (නි)

:       0       0

සංජීව Thursday, 25 July 2013 06:48 PM

පොලිස්පතිතුමනි ,ආරක්ෂක ලේකම්තුමනි , මේ අහිංසක මිනිසුන්ට පිහිටක් වෙන්න (නි)

:       0       0

කුමාර Friday, 26 July 2013 07:16 AM

මේ මැරයෝ කාගේ ගෝලයෝද කියලා අපි දන්නවා. (නි)

:       0       0

අජාන් Thursday, 25 July 2013 07:03 PM

අම්මෝ! ‍මේ පැත්ත දැන් එච්චර කරදරකාරි පැත්තක්ද? (නි)

:       0       0

දියසේන Thursday, 25 July 2013 07:43 PM

මේ 21 දෙනාම ආයුධ පෙන්නන්න එක්ක යන්න තියෙන්නේ. (දී)

:       0       0

අනුර Friday, 26 July 2013 08:30 AM

කුමාර, දන්නවනම් කියන්නකෝ ඉතින්. මොකාද උනේ කියලා.(නදී)

:       0       0

වරුණ Friday, 26 July 2013 08:31 AM

දැරනියගලත් දැන් හමබන්තොට වගේනේ චන්ඩි ගොඩයි අපරාද එමටයි ?කොහොම හරි අත කොටා ඇතුලේ ඉදන් ප්ලෑන් හදනවා වගේ හරියට අර කහවත්තේ මිනි මැරුම් කරා වගේ පරීක්ෂණ නොමග යවන්න?(නදී)

:       0       0

තුසි Thursday, 25 July 2013 07:47 PM

මෙයාලට මහා ලොකු කෙනෙක් උදව් කරනවා...ප්‍රාඩෝ පවා දීල තියෙනවා...ඒ ලොක්කගේ නම ගහගෙන පාරේ එහා මෙහා යන්නේ තනි අතින් එලවාගෙන.....ඔහොම තමා වෙන්නේ.. (දී)

:       0       0

ටිකිරි Thursday, 25 July 2013 07:50 PM

ලංකාවෙනම් වෙන්න බැහැ.ඔය කියන්නේ මුදා නොගත් ප්‍රදේසයක් වෙන්න ඇති. (අ)

:       0       0

ටිකිරි Thursday, 25 July 2013 07:51 PM

නිහාල්.හීනයක්වත් දැකල බය වෙලා චොම්මෙන්ට් කරනවද මන්ද. (අ)

:       0       0

රන Thursday, 25 July 2013 07:52 PM

ගරු ආරක්සක ලේකම්තුමාගේ අවදානයට යොමු වේවා .මෙයට පිහිට විය හැකි එතුමාට පමණි..(අ).

:       0       0

ටිකිරි බණ්ඩාර Thursday, 25 July 2013 07:53 PM

රජයට පක්ෂ පුවත් පත් වල පවා මේ ගැන විස්තර සහිතවම ලිපි පල වුනා .එල් ටි ටි.ඊ යෙන් රට නිදහස් කර ගත්තට තවම මිනීමරුවන්ගෙන්,පාතාලයෙන්, රටම පිරිලා. කොහොම කොයි මොහොතක කන්න වෙයිද කියන සැකය තියෙනවා. (දී)

:       0       0

ටිකිරි බණ්ඩාර Thursday, 25 July 2013 07:56 PM

සංජීව ඒ අයත් අපිට වඩා අසරනයිනේ (දී)

:       0       0

ගොඩයා Friday, 26 July 2013 08:50 AM

මේවා දේශපාලන කුමන්ත්‍රණ (නි)

:       0       0

සත්‍යජිත් පෙරේරා Thursday, 25 July 2013 08:18 PM

දැනට මිනි මැරුම් 50 කට වැඩියෙන් වෙලා තියෙනවා පසුගිය අවුරුදු 20 ඇතුලත, ඔය සේරටම අතකොටා සම්බන්ද බව පොලිසියත් ගම්වල සියලු දෙනාත් දේශපාලකයොත් දන්නවා. (දී)

:       0       0

රන්ජිත් සිල්ව Friday, 26 July 2013 09:14 AM

අත්කොට හංගපු ආයු ද බලන්න එක්කන් යන්නකෝ. ඒවා ගොඩක් ඇති. (අ)

:       0       0

රන්ජිත් සිල්වා Friday, 26 July 2013 09:14 AM

එතකොට හංගපු ආයුද බලන්න එක්කන් යන්නකෝ. ඒවා ගොඩක් ඇති. (ස)

:       0       0

නිහාල් ද රොගෝ Friday, 26 July 2013 09:17 AM

මේ අයව ප්‍රසිද්ධියේ එල්ලලා මරන්න එස්.එෆ් ට බලය දෙන්න (අ)

:       0       0

රෝහාන් ගුණරත්න Friday, 26 July 2013 09:19 AM

දියසේන කරන යෝජනාව හරියම හරි. (අ)

:       0       0

ඇසළ Thursday, 25 July 2013 08:31 PM

පොලිසියටත් බැරිනම් නුරි වතුයායේ ගම්වල ඉන්න සේරම එකතු වෙලා 21 දෙනාවම ඇප දීල අවට පස්සේ එකපාරට හංගපු අවි හොයන්න අරන් යන්න තියෙන්නේ. ප්‍රශ්නේ විසදන්න තියන ලේසිම ක්‍රමය. (දී)

:       0       0

දිල්ගා Friday, 26 July 2013 03:57 PM

මේවා දැක්කම ඇහැ පියාගෙන ඉන්න බෑ. ගහෙන් ගහට කොට කොට යන කොට්ටෝරුවාට වුණ වැඩේ තමයි කොටාට උණේ. අහිංසකයන් ඉදිරියේ බල පුලුවන්කාරකම් කර කර හිටියට වැඩ වරදින්නත් බලවතෙක් ඉන්න ඕනි. අනේ නීතිය හරියට ක්‍රියාවට නංවන්න. සමාවක් නම් දෙන්න එපා.(නදී)

:       0       0

දිල්ගා Friday, 26 July 2013 04:01 PM

තුෂාරගේ කතාව දැරණියගල අපි එක හෙලාම පිළි ගන්නවා. මහා පාලකගෙන් තවත් විස්තර අසා දැනගන්න මාධ්‍ය ඔවුන් වෙතටත් යන්න.(නදී)

:       0       0

පිටිගල Friday, 26 July 2013 04:02 PM

මේ වගේ දේවල් අනාගතයේදී සිදුවෙන බව එදා බුදුහාමුදුරුවෝ කොසොල් රජු දුටු සීන 16 විස්තර කරමින් දෙසනා කළා ලු. මේවා අපටද ඉදිරියේදී එකින් එක අත් විදීමට ලැබෙනු ඇත.(නදී)

:       0       0

අර්ෂා Friday, 26 July 2013 10:01 AM

ඇප නම් දෙන්න එපා.අපි පාතාලයක් නැති රටක් හදමු. මොවුන්ගෙන් රටට වැඩක් නැහැ. අපරාධ කරුවන්,එස්.ටී.එෆ්. එකට බාරදෙමු (නි)

:       0       0

බණ්ඩාර Friday, 26 July 2013 04:06 PM

ඔය ඔක්කොම එකයි.(ස)

:       0       0

ඩෙවුඩ් Thursday, 25 July 2013 09:10 PM

ඒ කියන්නේ නූරි වත්ත වෙන රටක ද මේ නිලධාරියෝ (අ)

:       0       0

නීල් Thursday, 25 July 2013 09:16 PM

මෙයාලට ඡන්දෙ දීල පත් කරගත්තෙත් මේ කියන අයම නේද? මින් පස්සේ වත් බුද්දීමතුන්ට ප්‍රතිපත්තියකට ඡන්දෙ දෙන්න රටේම මිනුස්සු දැනගන්න ඕනේ. නැත්නම් අනෙක් ප්‍රාදේශීය සභා 40-50 ටත් පතල නායකයෝම සහාපති වරු වෙයි .(අ)

:       0       0

මොනිතා Friday, 26 July 2013 10:22 AM

බත් පැකට් එකට, අරක්කුකලට චන්දෙ දෙන අය ඉන්නකම් බය වෙන්න දෙයක් නැහැ. (ස)

:       0       0

අශෝක Friday, 26 July 2013 10:26 AM

දැන් කාලේ මිනිස්සු ඡන්දෙ මොන පැත්තට දුන්නත් අන්තිමට අවශ්‍ය ආකාරයට අවශ්‍ය පුද්ගලයෝ කටයුතු සිද්ධ කරන නිසා අපිට කරන්න දෙයක් නැහැ. (නි)

:       0       0

කමල් Thursday, 25 July 2013 09:25 PM

ජනතාවට නීතිය අතට ගන්න වේවි, නිතිය නැතත් අවි ආයුධ පොලු මුගුරු තියාගෙන ඉන්න වේවි. ගැහුවොත් ගහන්න වේවි. මොලය නැති බලය ඇති දේශපාලකයින් සහ නීතිය ක්‍රියාත්මක නොවන තැනක මෙය ඉදිරියේදී මෙවැනි දේ විය හැකියි. දේශපාලකයෙක් උවත් මිනිසුන්ගේ තරහ ඉදිරියේදී දිවංගත වීමට බැරි නැහැ. නියපොත්තෙන් කැඩිය හැකි දේ පොරවෙන් කපන්න තියාගන්න හොද නැහැ.(අ)

:       0       0

ඉශ Thursday, 25 July 2013 09:44 PM

හදුනාගෙනීමෙ පෙරට්ටුවවත් කල් ගිය නිසා.. පීඩනයට ලක් වෙච්ච් ජනතාවගෙ නම් ගම් ප්‍රසිද්ද කරන එක හොද දෙයක් නෙමේ කියල මම නම් හිතන්නෙ..මෙකෙන් ඔව්න්ගෙ ජීවිත අවදානමක් පවතීවි (දී)

:       0       0

ප්‍රසාද් Friday, 26 July 2013 10:42 AM

යුද්දේ ඉවර උනාම හිතුව දැන්නම් අපිට සැනසීමේ ඉන්න පුළුවන් වෙයි කියලා. එහෙත් මේ දේශපාලනයට සම්බන්ද සම හරක්ගේ වැඩ නිසා අපේ රට තවම අනාරක්ෂිත රටක් කියලා ලෝකයා ඉදිරියේ හංවඩු ගැහෙනවා. එකෙන් වෙන්නේ පිට රටවල ඉන්න කොටි ටික ලංකාව කියන්නේ තවම මිනිස්සු මරණ රටක් ජීවත්වෙන්නට සුදුසු නැහැ කියා කියා ඒ රටවල් වලට වෙලා ලංකාවට විරුද්දව වැඩකරන එකයි . අපි රට සංවර්දනය කරනවා කියලා මේ වගේ අපරාද නොසලකා ඉන්නවා නම් ඒක මේ රටේ වෙන ලොකු වැරැද්දක්. (නි)

:       0       0

බංඩා Thursday, 25 July 2013 10:12 PM

අත් කොටා තනි අතින් ප්‍රාඩෝ එලවාගෙන යනවා දැරණියගල පොලිසිය ලගින් අපි දැකලා තියෙනවා. පොලිස් මහත්තුරු බලන්නේවත් නැහැ. තනි අතටත් රියදුරු බලපත් දෙන රටක්නේ ලංකාවේ කියන්නේ. පිස්සු හැදෙනවා මේවා දැකලා.(නදී)

:       0       0

ග න පෙරේරා Thursday, 25 July 2013 10:12 PM

මම නම් කියන්නේ මොවුන් මහා නොහොබිනා මිනිසුන් කොටසක් අහිංසක මිනිසුන්ව පාගල දාන මුන්ට නිදහස නොදිය යුතුයි.(නදී)

:       0       0

රෝහණ Thursday, 25 July 2013 10:15 PM

ආරක්ෂක ලේකම් තුමනි, මේ අහිංසක මිනිසුන්ට සාදාරනය ඉටු කල හැක්කේ ඔබට පමණි . (නදී)

:       0       0

කීරගල Thursday, 25 July 2013 11:27 PM

මේ ප්‍රදේශ කදුකර වතු ප්‍රදේශ. ප්‍රාදේශීය පොලිස් ‍මුරපොළ පවත්වාගෙන යමින් පාලනය කිරීම අවශ්‍යයි (නි)

:       0       0

කුමාර Friday, 26 July 2013 11:51 AM

අපේ රටට වෙච්ච දෙයක්!(නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්


’’රැව්ලත් කැඳත් බේරා ගත යුතුයි’’
2024 සැප්තැම්බර් මස 25 553 1

රටේ ආර්ථිකය බේරන්න ගියොත් මිනිසුන් තරහ කරගන්න සිදුවන බව හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එජාප නිලධාරීන් හමුවේ ප්‍රකාශ කර


අකුරැස්සේ අනතුරින් තරුණ යුවළක් මරුට
2024 සැප්තැම්බර් මස 25 277 0

අකුරැස්ස සියඹලාගොඩ - පිටබැද්දර මාර්ගයේ බෝපගොඩ මංසන්ධිය ආසන්නයේදී අද සැන්දෑවේ සිදුවූ මාරක රිය අනතුරින් පාසල් ගුරුවරියක හා ඔහුගේ සැමියා මියගොස් ඇතැයි


‘‘විවිධත්වය දරා ගන්නා ලස්සන පොහොසත් රටක් හදමු‘‘
2024 සැප්තැම්බර් මස 25 1627 0

ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩ සටහන ඉදිරියට ගෙන යාම සඳහා, අදාල පාර්ශව සමග සාකච්ඡා කර ණය සහන ලබා ගැනීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතිය


නාන්න ගිය පස් දෙනාගෙන් දෙන්නෙක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 25 423 0

පොල්ගොල්ල වේල්ලට පහළින් ජලාශයට බැස දියකෙළියේ යෙදෙමින් සිටි මිතුරන් පස් දෙනකු අතරින් දෙදෙනෙකු ජල පහරේ ගසාගන්න ගොස් අතුරුදන් වී ඇති බව වත්තේගම පොලිසිය


ජාතික-අයි ටී එන් රූපවාහීනි සහ ලක්හඬට නව සභාපතිවරුන්
2024 සැප්තැම්බර් මස 25 2521 0

ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සෙනෙෂ් දිසානායක බණ්ඩාර මහතද , ස්වාධීන රූපවාහිනියේ සහ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37143 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24463 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 187 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 622 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 237 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site