IMG-LOGO

2024 සැප්තැම්බර් මස 26 වන බ්‍රහස්පතින්දා


නුරි වත්තේ කසිප්පු සිරියාට ඇප

දැරණියගල නුරි වත්තේ  මුනියන්ඩ් සෙල්ලම්මා මහත්මියට මරණිය තර්ජනය කළැයි එම වත්තේ කදිර හෙට්ටිගේ ස්වර්ණලතා හෙවත් කසිප්පු සිරියා  රුපියල්  ලක්ෂයක ශරීර ඇප මත මුදාහරින ලෙස අවිස්සාවේල්ල මහෙස්ත්‍රාත්  ඩී එම් ඒ සෙනෙවිරත්න මහතා නියෝග කළේය.

 කසිප්පු සිරියා  සෙල්ලම්මාගේ  ලයිම් කාමරයට සෙනසුරාදා (20) ඇතුළු වි  බැන වැදී මරණිය තර්ජන කළැයි සැරයන් විජේතිලක මහතා අධිකරණයට කරුණු දැක්වීය.

 නුරි වත්තේ අධිකාරී නිහාල් පෙරේරා මහතා පසුගිය ජුලී 05 වැනිදා කපා කොටා මරා දැමීමෙන් පසුව  නුරි වත්තේ  පාලනය බිද වැටුණේය.

පොලිස්  විශේෂ කාර්ය බළකාය මෑතදී එහි ගොස් යළි තත්ත්වය පාලනය කිරීම ඇරැඹ්ය.

 නිහාල් පෙරේරා මහතා මරා දැමී යැයි සැක පිට 19 දෙනෙක් රිමාන්ඩ් කරනු ලැබ සිටිති. ඒ අතර කසිප්පු සිරියාගේ ලොකු පුත් අමිල විජේ සිංහ හා තවත් පුත්තු  දෙදෙනෙක්ද වෙති.

  දැරණියගල ප්‍රාදේශිය සභාවේ හිටපු සභාපති අනිල් චම්පික විජේසිංහ හෙවත් අතකොටාද රිමාන්ඩ් භාරයේ පසු වේ .

 කසිප්පු සිරියා අතකොටාගේ සහෝදරයාගේ බිරිය බවද පොලීසිය අධිකරණයට දැන්විය.

ස්වර්ණලතා (කසිප්පු සිරියා) වෙනුවෙන් නීතීඥ සදලාල් විජේන්ද්‍ර මහතා පෙනී සිටියේය. වතු අධිකාරිවරයා  ඝාතනය  සම්බන්ධ සැකකරුවන් ලබන 24 වැනිදා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.



අදහස් (0)

නුරි වත්තේ කසිප්පු සිරියාට ඇප

කුමාර බස්නා Tuesday, 23 July 2013 01:15 AM

මුළු දැරනියගලම වසාගෙන හිටපු හොරු ටිකට වහාම දඩුවම් දෙන්න. අපිට ඕනෑ සමයෙන් ජීවත් වෙන්න. දැන් ඇති අපි ඉවසුවා (නි)

:       0       0

බන්දුල පෙරේරා Monday, 22 July 2013 05:12 PM

තමන්ගේ දූ පුතුන්ව වැරදි කරන්න පොලඹ වන මේ වගේ අම්මලට කොහොමත් මැරෙන්න කලින් දරුවන්ගේ මලකදවල් දැකල දුක් විදලා තමයි මැරෙන්න වෙන්නේ. මේ පොලිසියේ හිටපු කොන්ද පන නැති නිවට රැලට දඩුවම ස්ථාන මාරුවක් පමණක් නොවිය යුතුය. .අපි එ දඩුවම ගැන බලාගෙන ඉන්නවා.(අ)

:       0       0

ගමගේ Monday, 22 July 2013 05:16 PM

මේ මරණ තර්ජනයට ලක්වෙච්ච කාන්තාව "බැලුම්ගල" වැඩසටහන කට උත්තරයක් දෙනවා අපි අහගෙන හිටියේ. රටට ගිය කලක්. ලංකාවේ ජීවත් වෙන්නත් බය හිතෙනවා. (නි)

:       0       0

උපාලි Tuesday, 23 July 2013 05:11 AM

පිටිගලගේ ප්‍රශ්නය මාත් අහනවා. මේක පිටිපස්සේ දේශපාලන බලවතෙක් ඉන්න බව පත්තරවල තිබුනා. එයා පොලිසියටත් ඇඟිලි ගහල හිටපු ඕ.අයි.සීත් අල්ලාගෙන ප්‍රදේශයම හොල්ලගෙන හිටියලු. කවුද මිනිහා? වසන්ත කියනවා වගේ වැදගත් පාදඩ පරම්පරාව ගැන නම් කියල වැඩක් නැහැ.(නදී)

:       0       0

බන්දුල Monday, 22 July 2013 07:04 PM

මේ තරම් පාතාලයක් මේ ප්‍රදේශයේ ක්‍රියාත්මක වෙන බව මේ මරණය වෙනකම්ම දැනගෙන හිටියේ නැද්ද? (නි)

:       0       0

පිටිගල Monday, 22 July 2013 07:16 PM

දැන් තමයි මේ කට්ටිය ඇහැරිලා තියෙන්නේ, අවුරුදු ගාණකට පස්සේ (නි)

:       0       0

පිටිගල Monday, 22 July 2013 07:49 PM

මේ කේස් එක පිටුපස ඉන්න මහා දේශපාලන බලවතා කව්ද? එහෙම කෙනෙක් නැත්නම් හිටපු ප්‍රාදෙසිය සබාපති කෙනෙකුට මෙච්චර බලයක් කොහෙන්ද. මේවා ජනතාව අසන ප්‍රශ්න. ඒවාට උත්තර තියෙන්නේ කොහෙද? මම මේ නොදන්නා නිසයි අහන්නේ. මට ලංකාවට යන්නත් බයයි බයයි වගේ.(නදී)

:       0       0

අමිල Monday, 22 July 2013 08:00 PM

අත කොටාලට, කසිප්පු සිරියලට මේ විදියට නටන්න බලය දුන්නේ අපිම නේද ? දැන් වත් අපි වගකීමත් අපේ ඡන්දයේ තියන වටිනා කමත් තේරුම් ගත යුතුමයි.(නදී)

:       0       0

සිසිර Monday, 22 July 2013 09:01 PM

අනේ ජනාපතිතුමනි කරුණකර අපිව දැන්වත් මේ නරුම දේශපාලනයෙන් මුදවා දෙන්න. පින් (අ)

:       0       0

බන්ඩාසේන Monday, 22 July 2013 09:19 PM

ඔය තේ වතු අස්සේ ඕන තරම් ආයුධ හංගල ඇති.... ඒව හොයන්න එක්කන් යන්න... ඇයි මෙච්චර පරක්කු.....? කොටි පරදපු අපේ කොල්ලොන්ට මුං මොක්කුද....? (අ)

:       0       0

වසන්ත Monday, 22 July 2013 09:48 PM

පේනවා නේද ලංකාවේ දේශපාලුවෝ කොච්චර වැදගත් පරම්පරා වලින් පැවත එනවද කියල. සුන්දර ලංකාව. (අ)

:       0       0

දුමින්ද Monday, 22 July 2013 03:52 PM

මැරයන්ගේ බලය අවසන් කළයුතු කාලය දැන් ඇවිත්,අප සැමෝම එයට සහයෝගය දක්වමු. (අ)

:       0       0

සඳුනි Monday, 22 July 2013 04:29 PM

දැන්වත් දේශපාලන මර බලයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න.මැරයන්ට කඩේගිය පොලිස් නිලධාරීන්වත් අත්අඩංගුවට ගත යුතුයි.(අ)

:       0       0

වාස් Monday, 22 July 2013 04:48 PM

තුට්ටු දෙකේ දේශපාලන මැර බලය නැවත්විය යුතු අතර කසිඉපු සිරියගේ වෙළදමත් නතර කල යුතුයි. මේ ප්‍රදේශයට පොලිස් විශේෂ කාර්ය බළකායේ කාර්යාලයක් ලබා දෙන්ඩ.(අ)

:       0       0

නුවන් Monday, 22 July 2013 04:46 PM

දැන්වත් දේශපාලන මැර බලයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න.මැරයන්ට කඩේ ගිය පොලිස් නිලධාරීන්වත් අත්අඩංගුවට ගත යුතුයි (අ)

:       0       0

සාදික් Monday, 22 July 2013 04:57 PM

අතකොටා හෙවත් අනිල් චම්පික විජේසිංහ කියන කෙනා ඇමැති කෙනකුගේ නෑයෙක් ද දන්නේ නැති නිසායි අහන්නේ (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්


’’රැව්ලත් කැඳත් බේරා ගත යුතුයි’’
2024 සැප්තැම්බර් මස 25 2341 1

රටේ ආර්ථිකය බේරන්න ගියොත් මිනිසුන් තරහ කරගන්න සිදුවන බව හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එජාප නිලධාරීන් හමුවේ ප්‍රකාශ කර


අකුරැස්සේ අනතුරින් තරුණ යුවළක් මරුට
2024 සැප්තැම්බර් මස 25 1535 0

අකුරැස්ස සියඹලාගොඩ - පිටබැද්දර මාර්ගයේ බෝපගොඩ මංසන්ධිය ආසන්නයේදී අද සැන්දෑවේ සිදුවූ මාරක රිය අනතුරින් පාසල් ගුරුවරියක හා ඔහුගේ සැමියා මියගොස් ඇතැයි


‘‘විවිධත්වය දරා ගන්නා ලස්සන පොහොසත් රටක් හදමු‘‘
2024 සැප්තැම්බර් මස 25 2323 0

ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩ සටහන ඉදිරියට ගෙන යාම සඳහා, අදාල පාර්ශව සමග සාකච්ඡා කර ණය සහන ලබා ගැනීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතිය


නාන්න ගිය පස් දෙනාගෙන් දෙන්නෙක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 25 556 0

පොල්ගොල්ල වේල්ලට පහළින් ජලාශයට බැස දියකෙළියේ යෙදෙමින් සිටි මිතුරන් පස් දෙනකු අතරින් දෙදෙනෙකු ජල පහරේ ගසාගන්න ගොස් අතුරුදන් වී ඇති බව වත්තේගම පොලිසිය


ජාතික-අයි ටී එන් රූපවාහීනි සහ ලක්හඬට නව සභාපතිවරුන්
2024 සැප්තැම්බර් මස 25 3222 0

ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සෙනෙෂ් දිසානායක බණ්ඩාර මහතද , ස්වාධීන රූපවාහිනියේ සහ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37181 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24489 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 189 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 627 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 238 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site