IMG-LOGO

2025 අප්‍රේල් මස 20 වන ඉරිදා


නිලූකගෙන් ඇමෙරිකාවේදී රන් පදක්කමක්

ඇමෙරිකාවේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා බැඞ්මින්ටන් ක‍්‍රීඩක නිලූක කරුණාරත්න මියාමි නගරයේ පැවැති ‘බිල් ග‍්‍රැහැම් මියාමි’ අන්තර්ජාතික බැඞ්මිටන්ටන් තරගාවලියේ (2011) පිරිමි කේවළ ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට සමත්විය. තරගාවලියට සහභාගි වු සෙසු ශ්‍රී ලංකා ක‍්‍රීඩකයා හා කී‍්‍රඩිකාව වු චන්ද්‍රිකා ද සිල්වා සහ ලසිත මේනක මිශ‍්‍ර යුගළ ඉසව්වේ රිදී පදක්කම දිනා ගැනීමට සමත්වුහ. ශී‍්‍ර ලංකාවේ ජාතික බැඞ්මින්ටන් ශූරයා වන නිලූක, මෙවර ඇමරිකානු සංචාරයේදී පිට පිට රන් පදක්කම් දෙකක් දිනාගැනීමට සමත් වී තිබේ. දකුණු ඇමරිකානු රාජ්‍යයක් වන පුවර්ටෝ රිකෝ’හි පසුගිය ඉකුත් දා නිමා වු ‘පුවර්ටෝ රිකෝ’ අන්තර්ජාතික බැඞ්මින්ටන් තරගාවලියේදීද පිරිමි කේවළ ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට නිලූක සමත් විය. ‘පුවර්ටෝ රිකෝ’ තරගාවලිය ජය ගැනීමත් සමග ලෝක බැඞ්මින්ටන් කී‍්‍රඩක ශ්‍රේණිගත කිරීමේ 165 වැනි ස්ථානයේ සිට 112 වැනි ස්ථානය දක්වා ඉදිරියට ඒමටද හෙතෙම සමත්විය. ඉන් අනතුරුව ‘බිල් ග‍්‍රැහැම් මියාමි’ තරගාවලිය ජය ගැනීම නිසා ශ්‍රේණිගත කිරීමේ පළමු 100 දෙනා අතරට ඒමේ අවස්ථාව නිලූකට හිමිවන බවද වාර්තාවේ. ‘බිල් ග‍්‍රැහැම් මියාමි’ තරගාවලියේ පිරිමි කේවළ ඉසව්වේ අවසන් මහා තරගය පෙරේදා (12 වැනිදා) පැවැති අතර එහිදී පේරු රාජ්‍යයේ පචේකෝ රොද්‍රිගෝ (21/12, 21/14) පරදවා නිලූක ජය ලැබීය. තරගාවලියේ කී‍්‍රඩක ශ්‍රේණිගත කිරීමේ දෙවැනි ස්ථානයේ සිටි පචේකෝ ලෝක ශ්‍රේණිගත කිරීමේ (පිරිමි කේවල) කී‍්‍රඩකයන්  64 වැනි ස්ථානයේ සිටින කී‍්‍රඩකයෙකි. නිලූක අවසන් පුර්ව තරගයේදී කැනඩා කී‍්‍රඩක ස්ටෙපාන් වොජෙක්ස්වික් පරදවා (21/16, 21/13) අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්තේය. වොජෙක්ස්වික් ලෝක ශ්‍රේණිගත කිරීම් (පිරිමි) අනුව 70 වැනි ස්ථානයේ පසුවෙයි. ‘බිල් ග‍්‍රැහැම් මියාමි’ තරගාවලියේ මිශ‍්‍ර යුගළ ඉසව්වේ අවසන් මහා තරගයේදී තියුණු තරගයකින් පසුව ශ්‍රී ලංකාවේ ලසිත මේනක සහ චන්ද්‍රිකා ද සිල්වා පරදවා ඇමරිකාවේ පාවුල් ඔබානන් සහ පිලිප් චාව් (21/18, 17/21, 21/10) ජය ලැබුහ. චන්ද්‍රිකා ද සිල්වා කාන්තා කේවළ ඉසව්වේ අවසන් පුර්ව වටය තෙක් ඒමට සමත්වුවාය. ‘බිල් ග‍්‍රැහැම් මියාමි’ තරගාවලියට පුවර්ටෝ රිකෝ, ඇමරිකාව, ස්ලෝවැකියාව, ඊශ‍්‍රයලය,  ඕස්ටි‍්‍රයාව, ඉතාලිය, බ‍්‍රසීලය, පේරු රාජ්‍යය, මෙක්සිකෝව, ඉන්දියාව, ඉරානය, කැනඩාව, ඉන්දුනීසියාව, ග‍්‍රීසිය යන රටවල් රැසකින් ක‍්‍රීඩක කී‍්‍රඩිකාවෝ සහභාගිවුහ. මේ මස 23 වැනිදා ආරම්භවන ස්කොට්ලන්ත අන්තර්ජාතික බැඞ්මින්ටන් තරගාවලියට සහභාගිවීම සඳහා නිලූක, ඇමරිකාවේ සිට ස්කොට්ලන්තය බලා පිටත්ව යාමට නියමිතය. මැක්ෆොයිල් සහ මොබිල්’හි වෙළෙඳ තානාපතිවරයා වන නිලූකට මෙම තරග සංචාරය සඳහා මැක්ලරන්ස් සමුහ ව්‍යාපාරයේ අනුග‍්‍රහය හිමිව තිබේ. නිලූක කරුණාරත්න



අදහස් (0)

නිලූකගෙන් ඇමෙරිකාවේදී රන් පදක්කමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්


සැබෑ මිනිස්සුයි - රොබෝ මිනිස්සුයි මැරතන් දුවයි
2025 අප්‍රේල් මස 20 234 0

මානව රූපී රොබෝවරුන් සහ මිනිස් තරඟකරුවන් කරටකර තරඟ වැදි හාෆ් - මැරතන් තරඟයක් චීනයේ බෙයිජිං නුවරදී පසුගියදා පැවැත්වුණේය.



පාසල් අතර විශමතාවය අවසන් කිරීමේ අරඹනවා
2025 අප්‍රේල් මස 20 182 0

ලබන වසරේ ඇරඹීමට නියමිත නව අධ්‍යාපන ක්‍රමයේ එක් ඉලක්කයක් ලෙස මෙරට පාසල් අතර පවතින විශමතාවයන් අවසන් කිරීමේ වැඩපිළිවෙළ ආරම්භ කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය


දළදා වඳින්න එන අයට පහසුකම් වැඩි කරයි
2025 අප්‍රේල් මස 20 354 0

මහනුවර ⁣ නගරයට ඇදී එන ලක්ෂ සංඛ්‍යාත සැදැහැවතුන්ට ලබා දෙන සහන සහ පහසුකම් වැඩි කිරීම සඳහා විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉ


කැබ් රථයක් පෙරැළී අටක් රෝහලට
2025 අප්‍රේල් මස 20 145 0

රාගල සිට අම්පාර සියඹලාණ්ඩුව දක්වා ධාවනය වූ බොලරෝ වර්ගයේ කැබ් රථයක් අද දින අනතුරට ලක් වීමෙන් එහි ගමන් ගත් 08 දෙනකු තුවාල ලබා නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහල


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 323 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 252 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 408 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site