IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


නිලූක ඉන්දිය ක‍්‍රීඩකයාට සටනක්දී පරදියි

ලන්ඩන් ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලේ බැඞ්මින්ටන් තරගාවලියේදී ශ්‍රී ලංකා ක‍්‍රීඩක නිලූක කරුණාරත්න සහ ඉන්දිය ක‍්‍රීඩක කාශ්‍යප පරුපල්ලි අතර අද (1) පැවැති පෙර අර්ධ අවසන් පුර්ව තරගයෙන් (ක‍්‍රීඩකයන් 16 දෙනාගේ වටය) ඉන්දිය ක‍්‍රීඩක කාශ්‍යප පරුපල්ලි ජය ලැබීය. ඒ අනුව නිලූකට තරගාවලියෙන් ඉවත්වීමට සිදුවිය. තරගයේ පළමු වටය ලකුණු 21/14 ක් ලෙස ඉන්දිය ක‍්‍රීඩකයා ජයගත් අතර දෙවැනි වටය 21/15 ක් ලෙස නිලූක පහසුවෙන් ජය ලැබීය. ඒ අනුව නිලූක වට තුනක් දක්වා තරගය ගෙන ගියේය. තෙවැනි වටයේදී ඉන්දිය ක‍්‍රීඩකයා ලකුණු 21/9 ක් ලෙස පහසුවෙන් ජය ලබා අර්ධ අවසන් පුර්ව වටයට සුදුසුකම් ලබා ගත්තේය. කෙසේ වෙතත් මෙවර ලන්ඩන් ඔලිම්පික් උළෙලේදී ශ්‍රී ලංකාවට කීර්තියක් ගෙන දෙමින් නිලූක, පළමු තරගයේදී බැඞ්මින්ටන් ලෝක ශ්‍රේණිගත කිරීමේ අට වැනි ස්ථානයේ සිටි ජපානයේ කිනිචි ටාගෝ පරදවා විශිෂ්ට ජයක් ලැබීය.



අදහස් (0)

නිලූක ඉන්දිය ක‍්‍රීඩකයාට සටනක්දී පරදියි

විභූති Wednesday, 01 August 2012 04:33 PM

මේක අපේ පැත්තෛන් ලොකු ජයග්‍රහණයක්..... නිලූකට සුබ පැතුම්. (ස)

:       0       0

ප්‍රභාත් Wednesday, 01 August 2012 04:57 PM

ඔබට මගේ සුබපැතුම්. (ස)

:       0       0

අනුර Wednesday, 01 August 2012 05:36 PM

ඔයාට අපෙන් සුබ පැතුම් නිලූක. ක්‍රීඩාව ඔහොම තමයි. (ස)

:       0       0

රුවන් Wednesday, 01 August 2012 05:43 PM

නිලූක ඔයා අද පැරදුනාට ලබනසැරේ කොහෙමහරි දිනන්න බලන්න. ඔයාට සුබ අනාගතයක්. (ස)

:       0       0

ජෝන්-ඉන්දියාව Thursday, 02 August 2012 11:24 AM

ඇති යන්තම්!! (නි)

:       0       0

ජනක Thursday, 02 August 2012 11:32 AM

ඔබගේ ධෛර්යවන්ත උත්සාහයට අපගේ ප්‍රණාමය! (නි)

:       0       0

ජයකොඩි Wednesday, 01 August 2012 06:25 PM

ලංකාව වෙන ඕනෑම කෟණඩායමකට පැරදුණාට කමක් නැහැ. ඒත් ඉවසන්න බැරි මේ ඉන්දියන් පන්ඩිත බමුනන්ට පැරදෙන එකයි. (ස)

:       0       0

ඉන්දික Wednesday, 01 August 2012 06:27 PM

ඔහොම යං ඔහොම යං ඔබට හොඳ අනාගතයක් තියෙනවා. (ස)

:       0       0

අමිල කටුනායක Wednesday, 01 August 2012 06:29 PM

මෙවර පරාජය ඉදිරියේදී ජයග්‍රහණයට හරවමු. (ස)

:       0       0

රංජිත් Wednesday, 01 August 2012 07:03 PM

පුහුණු කරුවෙක් පවා ලඟ නැතිව ඔබ කළ වික්‍රමය අපටනම් හරිම ආඩම්බරයක්. (ස)

:       0       0

කසුන්-ලක්සම්බර්ග් Wednesday, 01 August 2012 07:22 PM

පුහුණුකරුගෙන් උපදෙස් පවා නොමතිව තනියෙන්ම සටනක් දුන් ඔබට අපේ ශීර්ෂ ප්‍රණාමය.ක්‍රීඩාවෙන් දේශපාලනය සදහට තුරන් වෙනතුරු ඔබ වෑනි දිරිය දූ පුතුන් දරන් වෙහෙස අපතේ යනු මිස අන් කවර කතාද.( තරඟය පැවැත්වුණු ස්ථානයේ පුහුණුකරු සඳහා වෙන්වුණු අසුනේ නිලූක තරඟ කරන අවස්ථාවේ රැඳී සිටියේ ඔහුගේ පුහුණුකරුවකු නොව වෙනත් අයකු බව ද දැනගන්නට තිබේ.) (ස)

:       0       0

ධනුක Wednesday, 01 August 2012 07:54 PM

දින්නත් පැරදුනත් අපි ඔබ සමගයි. (ස)

:       0       0

සුරාජ් Wednesday, 01 August 2012 08:05 PM

සුබ පැතුම් !!!!!!!!!! ඔහොම යමු ඉදිරිය සුබයි. (ස)

:       0       0

රෝහන Wednesday, 01 August 2012 09:24 PM

ඔහු ළග පුහුණුකරු සිටියානම් අනිවාර්යයෙන්ම මේ තරගය ජයගන්නට තිබුණා... (නි)

:       0       0

කසුනි පෙරේරා Thursday, 02 August 2012 01:50 PM

අයියෝ සල්ලි...!!(නු)

:       0       0

උදය Wednesday, 01 August 2012 09:52 PM

ඔයාට අපෙන් සුබ පැතුම්! (නි)

:       0       0

විරාජ් Thursday, 02 August 2012 02:07 PM

ඔබට ජය නිලුක.. 2016 නම් හරියටම හරි...!!(නු)

:       0       0

සහන් Wednesday, 01 August 2012 11:55 PM

මමත් තරගය බැලුවා. ඔබ හොදට සෙල්ලම් කළා. සුභ පැතුම්! (නි)

:       0       0

වජිර Thursday, 02 August 2012 12:05 AM

නිලූකගේ පරාජය දුකකි. ඊටත් වඩා දුකට කරුණ නම් ඔහුට නිසි සහයෝගයක් සහ අවශ්‍යය පරිසරය අපේ රටේ ක්‍රීඩා බලධාරීන් ලබා දුන්නේ නම් මීට වඩා ජයග්‍රහණයක් ලබාගැනීමට හැකි බව පෙනී යාමයි. ඔලිම්පික් උළෙලට පැමිණ ජය ලබන ක්‍රීඩකයෝ පිටසක්වලින් පැමිණි අය නොවෙති. ඔවුන්ගේ සහ අපේ ක්‍රීඩයන්ගේ දක්ෂතා වලද ලොකු වෙනසක් නැත. වෙනස ඇත්තේ පුහුණුවීම් සදහා ලබාදෙන පහසුකම් සහ ඒ සදහා සකසා දෙන පරිසරය තුළය. අපේ රට ධනවත් නොවන බව ඇත්තකි. නමුත් ක්‍රීඩා ඉසව් මුවාවෙන් බාල් නැටීමට කෝටි ගණන් වියදම් කරනවට වඩා මෙවැනි රටට කීර්තියක් ගෙන දිය හැකි ක්‍රීඩකයන් නගා සිටුවීම වටින්නේය. මෙම සත්‍ය අපේ රටේ නිසි බලධාරීන්ට අවබෝධ වනතාක් අපිට සිදුවන්නේ අපේ රටේ දක්ෂ ක්‍රීඩකයන් පරදිනවා බලාසිටීමය. (නි)

:       0       0

අමිල-ඩුබායි Thursday, 02 August 2012 12:30 AM

ජයකොඩිගේ කතාව හරියට හරි. මේ ඉන්දියන් මලබාරි නෑතිනම් ලෝකය කොච්චර ලස්සනද? අපේ රටේ දේශපාලුවන්ගෙයි මලයින්ගෙයිත් වෙනසක් නෑ.අපරාදෙ. ඒ වුණත් සුභ පතනවා. (නි)

:       0       0

යොහාන් Thursday, 02 August 2012 03:19 PM

පවු . (නි)

:       0       0

සංජු Thursday, 02 August 2012 04:13 AM

අපේ කට්ටිය සේරම ඉන්දියාවට පරදින්නේ ඇයි? (නි)

:       0       0

මතුතන්ත්‍රී Thursday, 02 August 2012 04:26 PM

නිලුක, තමන්ගෙ පුහුණුකරු ළග නැතිව ඔයා ඔය ආපු දුර කාට නැතත් අපට වටිනවා..ඔයාට පදක්කමක් නොලැබුණත් ඔයා ශ්‍රී ලංකා මෑණියන්ගෙ නම ලෝකයට ගෙනිච්චා.. ඔයාට බුදුසරණයි..!!(නු)

:       0       0

නිෂාන් Thursday, 02 August 2012 09:52 AM

පුහුණුකරු නැත්නම් නිලධාරීන් 32ක් මොකටද? (නි)

:       0       0

චමින්ද Wednesday, 01 August 2012 03:37 PM

පදක්කමක් නොලැබුනත් ඔබ සහබාගි වී හොද සටනක් දීම ගැන සතුටි. ලද අත්දැකීමෙන් ලබන ඔලිම්පික් එකදි රනින් පළදින්න ශක්තිය ලැබේව.....

:       0       0

සමන් බහරේන් Wednesday, 01 August 2012 03:43 PM

නිලූක කොල්ලෝ ඔයාලා ලංකාවට ආඩම්බරයක් ලබන සැරේ මීට වඩා හොඳට සෙල්ලම් කරමු. ඔයාට සුබ අනාගතයක්.

:       0       0

නදීක Wednesday, 01 August 2012 04:02 PM

ඔයා පරාජය වුනේනැත. ඔබ සදා අමරණීයයි නිලූක. (ස)

:       0       0

කුමාර Thursday, 02 August 2012 10:46 AM

වජිරගේ අදහස හරියටම හරි. නිලුකගේ දක්ෂකම ඔප්නන්ව ගන්න හැකි පරිසරයක් ඇත්තටම තිබුනෙම නැහැ. මම එය පුද්ගලිකවම දන්නවා. කැපිලි කෙටිලි අනන්තයි. මේ ළමයා ඔය තැනට ආවේ තාත්තගේ උපදෙස් හා මග පෙන්වීමත් දරුවාගේ තිබුණ තනි කැප වීමත් නිසා. බලධාරින්ගේ ඇස් ඇරුණේ පසුගිය මාස කීපයේ ඔහු දක්වපු දක්ෂකම් නිසා, ඔලිම්පික් තේරුණු නිසා. පුහුණු කරුවෙක් නැහැ. පුරුදු වුණේ මල්ලිලා සමග.( ඇත්තටම මල්ලිලා දෙන්නත් අයිය වගේම දක්ෂයි.) මල්ලිලත් ලංකාව අත්හැරලා එංගලන්තෙට ගියා. අනේ ඇත්තටම හරි පුහුණුවක් සහ හොඳ පරිසරයක් තියෙනවනම් නිලුකලා වගේ දහස් ගණනක් දක්ෂයන් අපේ රටේ ඉන්නවා. මෙහෙම බලධාරීන් ඉන්නකොට රටකට කොහොමද හරියන්නේ. මේ සියලු දේ වෙනස් කරන්න කාලේ හරි දැන්. (නි)

:       0       0

සමන් ජයවර්ධන Wednesday, 01 August 2012 04:12 PM

ඔබ අප රටට ආඩම්බරයක්. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආබාධිත දරුවන්ට වධ දුන් පාලිකාව අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 12 58 0

අනුරාධපුර නගරයේ පිහිටි වීශේෂ පාසලේ නේවාසිකාගාරයේ,නේවාසිකව සිටින ශ්‍රව්‍යාබාධිත දරැ දැරියන් පිරිසකට වධ හිංසා කළ බව කියන එම නේවාසිකාගාර පාලිකාව අද(12)ද


වීදුරු ගොඩට යටවී අයෙක් මරුට
2024 ඔක්තෝබර් මස 12 136 0

හුංගම කහඳමෝදර සංචාරක හෝටල් වැඩ බිමක බහලුම් ප්‍රවාහනය කරන රථයකින් වීදුරු බෑමේ නිරතව සිටි කම්කරුවෙක් වීදුරු ගොඩට යටවී අද(12)වැනි දා මියගොස් ඇති බව හුංගම


බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට
2024 ඔක්තෝබර් මස 12 108 0

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් කැළණි ගඟේ ජල මට්ටම ඉහළ යාමත් සමඟ කඩුවෙල ප්‍රදේශයෙන් පිටාර ගැලීමේ අවදානමට ලක්වූ බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට අතුරා ගංවත


මාතර බන්ධනාගාරට තහනම් ද්‍රව්‍ය පියාඹයි
2024 ඔක්තෝබර් මස 12 88 0

මාතර බන්ධනාගාර පිටත මාර්ගයේ සිට බන්ධනාගාර අධිකාරී කාර්යාල ඉදිරිපිටට විසි කළ පාර්සලයක තිබී දුම් කොළ 15ක්, ජංගම දුරකථන 2 ක් සහ ජංගම දුරකථන ආරෝපණ 2ක් භාරයට


ගුරුතුමා පන්ති කාමරයේම මිය ගිහින්
2024 ඔක්තෝබර් මස 12 319 0

සරස්වති පුජාවට සහභාගි වෙමින් සිටි ගුරුවරයකු පාසලේ පන්ති කාමරය තුළදිම ජිවිතක්ෂයට පත් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


පුත්තලම දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය ලුණුවිල දක්වා සීමා කෙරේ
2024 ඔක්තෝබර් මස 12 73 0

අධික වර්ෂාව හේතුවෙන් කොළඹ පුත්තලම දුම්රිය මාර්ගයේ ලුණුවිල හා නාත්තන්ඩිය අතර මාර්ගය ජලයෙන් යටවීම නිසා දුම්රිය ධාවනය අද (12) දහවල සිට ලුණුවිල දක්වා සීමා ක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40212 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26017 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 278 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 412 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1334 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site